ජහුටා

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ජරාහුටා

    මේක උනේ ඒ ලෙවල් කාලේ. අපේ ඒ ලෙවල් කාලේ සෙට් උනා පේරාදෙනියේ මෙඩිකල් එකිසිබිසන් එක. අපිටත් ඕක බලන්ඩ යන්ඩ හෙන ආසාව. අපේ පන්තියෙ හිටියා එකෙක් ,ඌට සෑහෙන වාහන ගොඩක් තිබ්බා. ඌ උගෙ තාත්තට කියලා ඩ්‍රයිවරයෙක් එක්ක ඉල්ලගත්තා වැන් එකක්.සං සං ගාලා අපි කොල්ලො දහයක් විතර සෙට් උනා.නුවර යන්ඩ පිටත් උනා මෙඩිකල් එක්සිබිසන් එක බලන්ඩ.
    ඩ්‍රැවත් අපිටම හරියන එකා. නුවරට යනකන් කුනුහරුප විමානයයි. ඒ අස්සෙ එක එකා ප්‍රදර්ශනේ ගැන අතුරු කතා පවත්වනවා.
    “යකෝ ඕකෙ මළමිනීත් තියනවලු බං”
    තව එකෙක් කියනවා
    “ඕක කියනතරම් ගතියක් නෑලු බං. ඕකෙ වැඩකට තියෙන්නේ අර ලිංගික එකයි අපරාද අල්ලන එකයි විතරලු බං”
    එතකොට වෑන් එක අයිතිකාර බුවා කියනවා
    “එහෙනම් ඔන්න ඔහෙ කොහාට හරි ගිහිල්ලා ශොට් එකක් දාමු බං”
    “මේ මේ එව්වා එච්චර හොඳවැඩ නෙවේ” කැම්පස් එනකන් අරක්කු ලුණු රහද ඇඹුල් රහද කියල දැනගෙන හිටපු නැති මම ඒ කාලෙ හෙන අමද්‍යප කාරයා.
    කොහොම හරි ආවා පේරාදෙනියට.බුදු අම්මේ පෝලිම.
    පැය බාගයක් විතර හිටියා පෝලිමේ.
    “මේක හරියන්නේ නෑ බං. වරෙන් යන්ඩ ඇතුලට යන්ඩ විදියක් බලන්ඩ” කියලා සූටියා මාව පොලිමෙන් ඇදගෙන ආවා.
    “කොහෙද යන්නෙ?” මම ඇහුවා.
    “උඩ පේරාදෙනියට”
    “මොකටද?”
    “වරෙන්කො”

    කොහොමහරි අපි හතරදෙනෙක් මෙඩිකල් ෆැකල්ටිය වටේ කැරකිලා ආවා උඩ පෙරාදෙනිය පැත්තට.
    “මේ හරියෙ සද්දයක් බද්දයක් නෑ. තාප්පෙ බොතල් කටුත් නෑ. පයින්ඩ තමා තියෙන්නේ. නැත්නම් පැය දෙක්කට වත් ඇතුලට යන්ඩ වෙන්නැ” චූටියා උගෙ ප්ලෑන විස්තර කලා.
    ඕන මඟුලක් කියලා පැන්න තාප්පෙන්.
    තාප්පෙන් පැන්න විතරයි “කවුද කවුද තාපෙන් පැන්නෙ” කියාගෙන ආවෙ නැද්ද මෙඩිකල් අයිය කෙනෙක්.අපිට කට උත්තර නෑ.
    ඒ උනාට සූටිය මොල කාරයා.
    “අනේ අයියේ අපි මේ පැන්නෙ පෝලිමේ ඉන්ඩ බැරි හින්දා නෙවේ.බොකක් සෙට් උනා අයියේ. ඇත්තමයි ඉක්මනට ටොයිලට් එක පෙන්නඩකෝ.”සූටියගෙ කටට කොහෙන් එන බොරුද දන්නැ.
    “මල්ලි බොරු විතරක් නම් කියන්ඩ එපා” ඒ අයියත් ලේසියෙන් ඇන්දෙන පාටක් නෑ.
    අපේ බුවා ඊට වඩා මරියා.
    “අනේ ඉන්ඩ බෑ” කියාගෙන ඌ උගෙ කලිසම ගලවල ලැට් යන්ඩ වගේ එතනම බිම ඇණ තියාගත්තා.
    “මේ මල්ලි ජෝක් කරනඩ එපා යකෝ. අන්න අතන ටොයිලට් එක තියනවා. පලයන් ඒකට.අනිත් උන් උඹ ගිහිල්ල එනකන් මමත් එක්ක මෙතන ඉඳියි” සූටියගෙ අන්තිම තුරුම්පුවත් වැඩ කලෙ නෑ. මෙඩිකල් අයියා අන්දන්ඩම බෑ.චූටියා ටොයිලට් එකේ ඉන්නකන් විනාඩි දහයක් විතර අපි අර මෙඩිකල් අයියට රටේ නැති බොරු කිය කියා හිටියේ.චූටියා ලැට් එකට ගිහිල්ලා ආවට පස්සෙ. ආපහු අර අයියා අපිව තාප්පෙන් මෙහාපැත්තට පැන්නුවා.
    ආයෙ පොලිමට සෙට් වෙලා පැය දෙකක් විතර ඉඳලා යාන්තම ඇතුලට පැනගත්තා.
    “මචන් මේ මේක ඔක්කොම බැලුවොත් වෙන මොකුත් කරන්න වෙන්නෙ නෑ. ලිංගික එකයි අපරාධ පරීකසන එකයි බලල ඉක්මනට යමන්” අරූට ඕන ඒ දෙක බලන්ඩ විතරයි.
    කොහොමහරි ඔය දෙක හොයාගෙන බලල එලියට ආවා.අන්තිමේට ලිංගික එක බලලා එදිදි කොල්ලො ටිකට විරිත්තිලා හිටියේ. ඒ ඒකෙ තිබ්බ සමාජ රෝග පොටෝ හින්දවත් නොමිලෙ පෙන්නපු චිත්‍රපටි කෑලි ටික හින්දවත් නෙවේ, ඒකෙ හිටපු අක්කලා කිසී ගානක් ලැජ්ජාවක් නැතුව ලී මෙව්වා වලට කොන්ඩම් දාන විදිය විස්තර කරලා දෙනහැටි බලන් ඉඳලා.
    “අඩෝ ඒ අක්කලට ගානක්වත් නෑ බං”
    “ඔව් බං.ලැජ්ජාව කියල නාමයක් නෑ”
    කොහොම හරි එදා එක්සිබිසන් එකෙන් එලියට එද්දි අපේ හැම එකාගෙම ඒ අක්කල ගැන ආදර බර රෙස්පට් එකක් හිතේ ඇතිවෙලා තිබ්බ කිව්වොත් ඒක බොරු නෙවේ.
    පදර්ශනේ බලල ඉවරවෙලා කෑමත් අරන් වෑන් එකේම හන්තාන කන්ද පැත්තට ඇල්ලුවා.
    සෙට් එකෙන් බාගයක් විතර අමද්‍යප. අනිත් උන් මොනවද බියර්ද මන්දා කියල ජාතියකුත් බිව්වා.
    කාලා බීලා ඉවරවෙලා හවස්වෙනකොට ආවා නුවර ටවුන් එකට.කොල්ලන්ගෙ කතාව තාමත් අර මෙඩිකල් අක්කල ගැන.
    නුවර ටවුමට ආවට පස්සේ එක එකාට බඩු ගන්ඩ කියලා වෑන් එක නැවැත්තුවා නුවර.
    “කසුනා වරෙන්කො යන්ඩ” සූටිය අනික් උන්ට හොරෙන් මට ශේප් එකේ කතා කලා.
    “මොකෝ?”
    “වරෙන්කො වැල පත්තරයක් ගන්ඩ යන්ඩ”
    “උඹ ගන්ඩ පොට් එකක් දන්නවද?”
    “මම දන්න නුවර පොරක් මට පොට් එකක් කිව්ව. වරෙන්කො බලන්ඩ යන්ඩ”
    කොහොමහරි අපි ආවා දලදාමාලිගාව ඉස්සරහට. එතන Queens හෝටලේ පැත්තෙ තිබ්බ පත්තර තට්ටුවක්.(මතක විදියට දැන් Pizza-hut එක තියන බිල්ඩිමට ඉස්සරහින් පාරෙන් එහාපැත්තෙ වගේ)
    සූටියා හිමීට පත්තර තට්ටුව ලඟට ගිහිල්ල පත්තර පොරගෙන් ශේප් එකේ මෙහෙම ඇහුවා.
    “අංකල් ජරාහුටා තියනවද?”
    “මොකක්” නාකිපොර අන්දොස්
    “ජරාහුටා ජරාහුටා. අර සෙක්ස් පත්තර කියන්නේ”
    අන්කලයට මල පැන්නා අසූහාරදාහට.
    “තොපෙ අම්මලාට…. යකෝ වයසටද වල්කම.තොපි හිතුවද මේ දලදාහාමුදුරුවො ඉස්සර මම කුණුහරුප පත්තර තියාන විකුනනවා කියලා ” පොර වටේටම ඇහෙන්ඩ සද්දෙට බනින්ඩ ගත්තා.
    අපි දිව්වා දිවිල්ලක්. ආයෙ ජීවිතේට දන්නැති ටවුන් වල “ජරාහුටා” නං ඉල්ලන්ඩ ගියෙ නෑ.


    ඉස්සුවෙ මෙතනින්................
    http://www.thelastrow.net/2011/11/26/හන්තානේ-කතාවක්/
    සම්පූර්ණ අයිතිය මොවුන් සතුයි.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මැක්සා ලෝකයක් මචෝ!! සුපිරි!!!
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මැක්සා ලෝකයක් මචෝ!! සුපිරි!!!

    “අනේ ඉන්ඩ බෑ” කියාගෙන ඌ උගෙ කලිසම ගලවල ලැට් යන්ඩ වගේ එතනම බිම ඇණ තියාගත්තා.

    :D:D:D:D