ජාතක පොත Mp3 කර රට පුරා බෙදයි
බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශ විසින් පන්සිය පනස් ජාතක පොත් වහන්සේ පටිගත කර බෙදා හැරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බව එම අමාත්‍යංශ ලේකම් එම්.කේ.බී දිසානායක මහතා පවසයි.
බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය හා පෞද්ගලික අංශය එක්ව සිදු කරන ලද මෙම පටිගත කිරීම සදහා ස්වාමීන් වහන්සේලා සිය නමකට වැඩි පිරිසක් සහභාගී වූ බවත් මෙය ඉදිරියේදී රාජ්‍ය ආයතන හා සමාගම් වලට බෙදා හැරීමට කටයුතු කරන බවත් දිසානායක මහතා පැවසීය.
මෙම පටිගත කරන ලද පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ජනවාරි මාසය වනවිට නිකුත් කිරීමට නියමිත බවත් සමාජය තුළ පොත් කියවීමේ අඩුවක් පවතින බැවින් මේ සදහා නවීන තාක්ෂණය යොදා ගැනීමට තීරණය කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.