ජාත්‍යන්තර වී ගබඩාව

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජාත්‍යන්තර වී ගබඩාව

    ඉන්දියාව ජාත්‍යන්තර වී ගබඩාවක්‌ මිලදී ගනී

    තිබෙන ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉදිරියට යනවා වෙනුවට එම ප්‍රශ්න තොරොම්බල් කරමින්, කාලය කා දැමීමත්, රටේ ජාතික ධනය විනාශ කර දැමීමත් බොහෝ ආණ්‌ඩුවලට වැළඳෙන බෝවන රෝගයකි. මත්තල වී ගබඩාව (කලින් ගුවන් තොටුපළක්‌ ලෙස භාවිත කරන ලදුව 2015 වර්ෂයේ දී සිට වී ගබඩාවක්‌ බවට පත්කරන ලද්දේය.) ගැන කතාබහ තුළත් ඇතිවී ඇත්තේ ඒ බෝවන රෝගය උත්සන්න වී ඇති නිසාය.

    මේ දිනවල මේ රටේ ඇතිවී තිබෙන අලුත් කතාබහ ගැන වඩාත්ම සතුටු වන්නේ ඉන්දියානු ජනතාව බව සහතිකය. තමන්ගේ රටෙන් පිටත ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ මිලදී ගන්නා රටක්‌ ගැන උදම් නොඅනන ජනතාවක්‌ ගැන අප අසා නැත. ඉන්දියාව සිටින්නේ එවැනි තැනකය. නිවැරැදිව මේ කතාව කිව්වොත්, ගුවන් තොටුපළවල් 18 ක්‌ හිමි ඉන්දියාව, ශ්‍රී ලංකාවේ මත්තල (ගුවන් තොටුපොළ) වී ගබඩාව මිලදී ගෙන තමන්ගේ වපසරිය 19 ක්‌ දක්‌වා පුළුල් කර ගැනීමට නියමිතය. දැනට ගණන් බලා ඇති පරිදි මත්තල ගුවන්තොටේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 325 කි. එම වටිනාකමින් සියයට හැත්තෑවක කොටසක්‌ ඉන්දියානු ගුවන්තොටුපළ අධිකාරියට විකුණා දැමේ. හරියටම කිව්වොත් මේ 70% ට පාලන බලය සහිත වැඩි කොටසක්‌ හිමිවේ. මෙරටට අයත් වන්නේ ඉතිරි 30% ක කොටස්‌ය. මෙය කිරිවැස්‌සිය බෙදාගත් දෙදෙනාගේ කතාව වැනිය. ඉන්දියාව කිරි ටික දොවා ඉන් ප්‍රයෝජන ගන්නා විට අපට සිදු වන්නේ වැස්‌සියගේ මුහුණ සිඹිමින් සිටින්නටය. මත්තල විකුණන්නට උත්සාහ දරන බොහෝ දෙනකු කියන්නේ එය සුදු අලියකු බවය. මත්තල ඉදිකරන විට ඒ ආණ්‌ඩුවේ සිටි බොහෝ දෙනෙක්‌ වත්මන් ආණ්‌ඩුවේද ඇමැතිකම් දැරුවෝය. එදා පාර්ලිමේන්තුවේ සිටි බොහෝ දෙනෙක්‌ අදටද සනීපයට පාර්ලිමේන්තු සභා ගැබට පිවිස සිටිනු දක්‌නට හැකිය. එහෙත් ඒ කිසිවෙකුත් ඒ දිනවල මත්තල සුදු අලියෙකු බව කීවේ නැත. ඒ උදවිය මත්තල වී ගබඩා කරන කාලයේ ඊට විරෝධය දැක්‌වූයේද නැත. ඒ නිසාම මත්තලට මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක්‌ උදාවීම ගැන අප අමුතුවෙන් පුදුම වන්නේද නැත.

    නැව් නැතැයි කියන, පාඩුය කියන වරාය විකිණීමත්, සුදු අලි යෑයි කියා ගුවන්තොටුපළවල් විකිණීමත් ඉහළ කළමනාකරණ ශක්‌තියක්‌ ඇතැයි කියන රටකට තරම් නොවේ. වගකිවයුතු උදවිය මත්තල ගුවන්තොට විකුණන්නට උත්සාහ දරන්නේ "පාඩු වෙනවා" යෑයි කියන සුපුරුදු මන්තරය ජප කරමිනි.

    තත්ත්වය හරි හැටි පැහැදිලි කර ගැනීමට අපි පහත සඳහන් ගණන් හිලවු ඉදිරිපත් කරමු.

    2013 වර්ෂයේ එනම් මත්තල ගුවන්තොට ස්‌ථාපිත කළ වර්ෂයේ ගුවන් ගමන් 1520 ක මගීන් 36137 ක ගුවන් මෙහෙයුම් සිදුකර තිබේ. ඉන් අනතුරුව 2014 වර්ෂයේ ගුවන් ගමන් 2984 ක්‌ද, මගීන් 40,396 ක්‌ද, 2015 වර්ෂයේ ගුවන් ගමන් 1044 ක්‌ද, මගීන් 6291 ක්‌ද, 2016 වර්ෂයේ ගුවන් ගමන් 1317 ක්‌ද, මගීන් 6207 ක්‌ද, 2017 වර්ෂයේ ගුවන් ගමන් 2984 ක්‌ද, මගීන් 52448 ක්‌ද වශයෙන් ගුවන් මෙහෙයුම් සිදුකර තිබේ. ජාත්‍යන්තරය අප සමගයි කියන ආණ්‌ඩුවකට ඒ ඒ රටවල් සමග කතාබහ කර ගුවන් ගමන් කළමනාකරණය කරගන්නවා වෙනුවට තකතීරු ආකාරයට මත්තල ගුවන්තොට විකුණන්නට හිතුණේ ඇයි දැයි යන ප්‍රශ්නය අප අසන්නේ නැත. ලෝකයේ බොහෝ රටවල් ගුවන් තොටුපළක්‌ ඉදිකළ සැණින් ඉක්‌මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැත. කොටින්ම කීවොත් අප කොයි දේටත් පූර්වාදර්ශ හැටියට ගන්නා මැලේසියාව, සිංගප්පූරුවවත් ඒ ආකාරයේ කටයුතු කළේ නැත. ඒ රටවල දුර දුටු නායකයන්ට ඒවා දිගුකාලීන ආයෝජනයන්ය.

    රටකට වටිනාකමක්‌ ලබාදෙන ආයතන දේපළ විදේශීය සමාගම්වලට පවරා (විකුණා දැමූ) දෙනු ලැබූ පසු ඒවා දියුණු වන බවත්, එය මෙරටට විශාල වාසි අත්පත් කරදෙතැයි සිතීමත් වත්මන් ආණ්‌ඩුවේ සිහින සිතුවිල්ලකි. ඒ නිසාම නිසි කළමනාකරණයකින් පසු දියුණු කළ හැකි මට්‌ටමේ සියලු දේ පැවරීමට, විකිණීමට ආණ්‌ඩුව පැකිලෙන්නේ නැත. A 380 වර්ගයේ ගුවන් යානා නොව ලොව විශාලතම භාණ්‌ඩ ප්‍රවාහන ගුවන් යානාව වන Aබඑදබදඩ-Aභ 225 යානය පවා ගොඩ බැස්‌සවිය හැකි මත්තල ගුවන් තොට ජාත්‍යන්තර ගුවන් සේවාවන් සඳහා අලුත් ප්‍රවේශයකින් හඳුන්වාදීමට පියවර ගැනීමට හැකියාවක්‌ තිබිය යුතුය. දැන් අපට පෙනෙන්නේ ඒ හැකියාව හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජය නොව ඉන්දියානු රජය බවය.
     
    • Like
    Reactions: KavinduDD

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    "ඉන්දියාව ජාත්‍යන්තර වී ගබඩාවක්‌ මිලදී ගනී"
    Their going to buy it From China, Not From Sri Lankan government... because this is not fully owned by Sri Lankan government ;);)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    දෙයක් කරනකොට මගේ ගමට කියන එකට වඩා මගේ රටට කියන දේට ප්‍රමුඛතාව දුන්න නම් ඕක එදා මත්තල හදන්නෙ නෑ. ඕක පාඩු උනේ අද ඊයේ නෙවේ. අපේ රටට තවත් එයාර් පෝර්ට් එකක් අවශ්‍යව තිබුනත් ඒ මත්තල වගේ ඩොටේ කැලෑවකට නෙවේ. ඕකට ආපු ෆ්ලයිට් වලින් බහුතරයක් කටුනායකින් හරවපුවා මිසක් අලුතින් ආපු ඒවා ගොඩක් අඩුයි. ඒ කියන්නෙ අළුතින් එකතුවීමක් නෑ එහෙන් මෙහට මාරු කරපු අංක සෙල්ලමක් විතරයි තිබිලා තියෙන්නෙ. මත්තල ආදායමක් එනකොට කටුනායක ආදායම බහිනවා. මත්තලට මිනිස්සු යනකොට කටුනායක මිනිස්සු අඩු වෙනවා. මත්තලට ප්ලේන් එනකොට කටුනායකට ප්ලේන් අඩු වෙනවා. කටුනායක අවට මිනිස්සුන්ගෙ වෙලඳාම් අඩුවෙලා මත්තල අවට මිනිස්සුන්ට වෙලඳාම් එනවා. එතනත් උනේ වැඩි තැනින් අඩු තැනට ගලා යෑමක් මිසක්. වැඩි තැනේ ස්තාවර භාවය පවත්ව ගනිමින් අතිරික්තය අඩු තැනට ගලා යෑවීමක් සිද්ද උනේ නෑ. අනික ඕකේ වටිනාකම ගැන කතා කරලා වැඩක් නෑ මොකද ආණ්ඩු දෙකටම ඕකෙන් වැඩක් ගන්න බැරි උනා. ඕක මාකට් කරලා දියුණු කරන්න ආණ්ඩු දෙකටම හැකියාවක් නැති බව දැන් ඔප්පු වෙලා ඉවරයි. අනාගතයෙත් ගොබ්බයෝ දෙදෙනෙකුගෙ සටනකින් තවත් එක ගොබ්බයෙක් පත්වෙන එක මිසක් වෙන දෙයක් නොවෙන එකත් දැන් හොඳටම විශ්වාසයි. ඒ නිසා පුළුවන් එකෙකුට කරගන්න බදු දීලා ඒකෙන් කීයක් හරි හොයාගන්න එක හැර වෙන දෙයක් ඉතිරිවෙලත් නෑ. සුදු අලි නඩත්තු කරන්න තරම් අපි පෝසත් රටක් නෙවේ. ඒ වගේම ඒවට බදු ගෙවන්නත් අපිට පුළුවන් කමක් නෑ. ලංකාවට ඕක දියුණු කරන්න පුළුවන් මට්ටමට දියුණු වෙච්ච දවසක අපිට ඕක ආයිත් පවරගන්න පුළුවන්.
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    "ඉන්දියාව ජාත්‍යන්තර වී ගබඩාවක්‌ මිලදී ගනී"
    Their going to buy it From China, Not From Sri Lankan government... because this is not fully owned by Sri Lankan government ;);)

    :rofl::rofl::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    දෙයක් කරනකොට මගේ ගමට කියන එකට වඩා මගේ රටට කියන දේට ප්‍රමුඛතාව දුන්න නම් ඕක එදා මත්තල හදන්නෙ නෑ. ඕක පාඩු උනේ අද ඊයේ නෙවේ. අපේ රටට තවත් එයාර් පෝර්ට් එකක් අවශ්‍යව තිබුනත් ඒ මත්තල වගේ ඩොටේ කැලෑවකට නෙවේ. ඕකට ආපු ෆ්ලයිට් වලින් බහුතරයක් කටුනායකින් හරවපුවා මිසක් අලුතින් ආපු ඒවා ගොඩක් අඩුයි. ඒ කියන්නෙ අළුතින් එකතුවීමක් නෑ එහෙන් මෙහට මාරු කරපු අංක සෙල්ලමක් විතරයි තිබිලා තියෙන්නෙ. මත්තල ආදායමක් එනකොට කටුනායක ආදායම බහිනවා. මත්තලට මිනිස්සු යනකොට කටුනායක මිනිස්සු අඩු වෙනවා. මත්තලට ප්ලේන් එනකොට කටුනායකට ප්ලේන් අඩු වෙනවා. කටුනායක අවට මිනිස්සුන්ගෙ වෙලඳාම් අඩුවෙලා මත්තල අවට මිනිස්සුන්ට වෙලඳාම් එනවා. එතනත් උනේ වැඩි තැනින් අඩු තැනට ගලා යෑමක් මිසක්. වැඩි තැනේ ස්තාවර භාවය පවත්ව ගනිමින් අතිරික්තය අඩු තැනට ගලා යෑවීමක් සිද්ද උනේ නෑ. අනික ඕකේ වටිනාකම ගැන කතා කරලා වැඩක් නෑ මොකද ආණ්ඩු දෙකටම ඕකෙන් වැඩක් ගන්න බැරි උනා. ඕක මාකට් කරලා දියුණු කරන්න ආණ්ඩු දෙකටම හැකියාවක් නැති බව දැන් ඔප්පු වෙලා ඉවරයි. අනාගතයෙත් ගොබ්බයෝ දෙදෙනෙකුගෙ සටනකින් තවත් එක ගොබ්බයෙක් පත්වෙන එක මිසක් වෙන දෙයක් නොවෙන එකත් දැන් හොඳටම විශ්වාසයි. ඒ නිසා පුළුවන් එකෙකුට කරගන්න බදු දීලා ඒකෙන් කීයක් හරි හොයාගන්න එක හැර වෙන දෙයක් ඉතිරිවෙලත් නෑ. සුදු අලි නඩත්තු කරන්න තරම් අපි පෝසත් රටක් නෙවේ. ඒ වගේම ඒවට බදු ගෙවන්නත් අපිට පුළුවන් කමක් නෑ. ලංකාවට ඕක දියුණු කරන්න පුළුවන් මට්ටමට දියුණු වෙච්ච දවසක අපිට ඕක ආයිත් පවරගන්න පුළුවන්.

    කථාව ඇත්ත. දෙවැනි ගුවන්තොටුපල හදන්න තිබුණේ අනුරධාපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගෙනයි. අනුරාධපුර හරි හිගුරක්ගොඩ දැනට තියෙන එකක් වැඩි දියුනුකරා නම් ඔච්චර වියදමක් යන්නෙත් නැ. හැම දේම හම්බන්තොටට කොරන්න ගිහිල්ල තමයි රට ණය උගුළක හිර කර ගත්තේ. ඔකේ රාජපක්ෂ පාලනය කාලේ මාසික අදායම 16000 යි. ඕක විතරද අර හදලා තියෙන අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව, රංගන ශාලාව. ඒවායේ ලගින්නේ හරක් විතරයි. අපරාදේ සල්ලි. තම තමන්ගේ ප්‍රතිරුප පුම්බන්න ගිහින් රටම අගාදේ.
     
    අනිවා බන්. මගෙත් අදහස අළුතින් හදනවට වඩා තියෙන එකක් ලොකු කරලා හැදුව නම් අඩු පිරිවැයකින් ඉක්මනටම කරන්න පුළුවන්. ඒ වගේම ඒකට යට වෙන ණයත් අඩුයි. හැබැයි ඉතින් එහෙම හැදුව නම් තමන්ගෙ නමට දෙයක් නෑ, ගමට හුලං, සාක්කු හිස්. වැඩේ ෆේල් උනොත් වෙන ඩැමේජ් එකත් අඩුයි. මොනා උනත් අපේ රටේ මෝඩ දේශපාළුවන්ට පොදු දෙයක් තියෙනවා. ඒ තමයි දෙයක් හැදුවට ගොඩනගන්න දියුණු කරන්න ප්ලෑන් එකක් නෑ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දෙයක් කරනකොට මගේ ගමට කියන එකට වඩා මගේ රටට කියන දේට ප්‍රමුඛතාව දුන්න නම් ඕක එදා මත්තල හදන්නෙ නෑ. ඕක පාඩු උනේ අද ඊයේ නෙවේ. අපේ රටට තවත් එයාර් පෝර්ට් එකක් අවශ්‍යව තිබුනත් ඒ මත්තල වගේ ඩොටේ කැලෑවකට නෙවේ. ඕකට ආපු ෆ්ලයිට් වලින් බහුතරයක් කටුනායකින් හරවපුවා මිසක් අලුතින් ආපු ඒවා ගොඩක් අඩුයි. ඒ කියන්නෙ අළුතින් එකතුවීමක් නෑ එහෙන් මෙහට මාරු කරපු අංක සෙල්ලමක් විතරයි තිබිලා තියෙන්නෙ. මත්තල ආදායමක් එනකොට කටුනායක ආදායම බහිනවා. මත්තලට මිනිස්සු යනකොට කටුනායක මිනිස්සු අඩු වෙනවා. මත්තලට ප්ලේන් එනකොට කටුනායකට ප්ලේන් අඩු වෙනවා. කටුනායක අවට මිනිස්සුන්ගෙ වෙලඳාම් අඩුවෙලා මත්තල අවට මිනිස්සුන්ට වෙලඳාම් එනවා. එතනත් උනේ වැඩි තැනින් අඩු තැනට ගලා යෑමක් මිසක්. වැඩි තැනේ ස්තාවර භාවය පවත්ව ගනිමින් අතිරික්තය අඩු තැනට ගලා යෑවීමක් සිද්ද උනේ නෑ. අනික ඕකේ වටිනාකම ගැන කතා කරලා වැඩක් නෑ මොකද ආණ්ඩු දෙකටම ඕකෙන් වැඩක් ගන්න බැරි උනා. ඕක මාකට් කරලා දියුණු කරන්න ආණ්ඩු දෙකටම හැකියාවක් නැති බව දැන් ඔප්පු වෙලා ඉවරයි. අනාගතයෙත් ගොබ්බයෝ දෙදෙනෙකුගෙ සටනකින් තවත් එක ගොබ්බයෙක් පත්වෙන එක මිසක් වෙන දෙයක් නොවෙන එකත් දැන් හොඳටම විශ්වාසයි. ඒ නිසා පුළුවන් එකෙකුට කරගන්න බදු දීලා ඒකෙන් කීයක් හරි හොයාගන්න එක හැර වෙන දෙයක් ඉතිරිවෙලත් නෑ. සුදු අලි නඩත්තු කරන්න තරම් අපි පෝසත් රටක් නෙවේ. ඒ වගේම ඒවට බදු ගෙවන්නත් අපිට පුළුවන් කමක් නෑ. ලංකාවට ඕක දියුණු කරන්න පුළුවන් මට්ටමට දියුණු වෙච්ච දවසක අපිට ඕක ආයිත් පවරගන්න පුළුවන්.

    කථාව ඇත්ත. දෙවැනි ගුවන්තොටුපල හදන්න තිබුණේ අනුරධාපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගෙනයි. අනුරාධපුර හරි හිගුරක්ගොඩ දැනට තියෙන එකක් වැඩි දියුනුකරා නම් ඔච්චර වියදමක් යන්නෙත් නැ. හැම දේම හම්බන්තොටට කොරන්න ගිහිල්ල තමයි රට ණය උගුළක හිර කර ගත්තේ. ඔකේ රාජපක්ෂ පාලනය කාලේ මාසික අදායම 16000 යි. ඕක විතරද අර හදලා තියෙන අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව, රංගන ශාලාව. ඒවායේ ලගින්නේ හරක් විතරයි. අපරාදේ සල්ලි. තම තමන්ගේ ප්‍රතිරුප පුම්බන්න ගිහින් රටම අගාදේ.

    both you better read this article and it's having all drawbacks plus points and recommendations for what to do besides this is audit report done under this government

    http://www.auditorgeneral.gov.lk/web/images/audit-reports/upload/2015/peformence_report_2015/MATTALAS.pdf

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හම්බන්තොට සහ මත්තල වට්ටන ජාත්‍යන්තර මෙහෙයුම්

    හම්බන්තොට වරාය හෝ මත්තල ගුවන්තොටුපල තරම් නිශේධාත්මක විවේචන වලට ලක්වූ සංවර්ධන ව්‍යාපෘතියක් මෙතෙක් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වී නැතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. එහෙත් ප‍්‍රසිද්ධියේ එම ව්‍යාපෘති වලට එරෙහිව එල්ල වූ අවලාද වලට සාධාරණ යයි පෙනෙන හේතු තිබෙන බවද පිළිගැනීමට සිදුවේ. එම ප‍්‍රසිද්ධ අවලාද වලට එරෙහිව පිළිගත හැකි මට්ටමේ පිළිතුරු රජයේ පැත්තෙන්ද ඉදිරිපත් නොවිනි. නමුත් රටේ අනාගතය පැත්තෙන් ගත් විට බරපතලම ගැටළුව වන්නේ එම ව්‍යාපෘති වලට එරෙහිව තිරය පිටුපස සිට දියත්වන ආර්ථික ඝාතක කුමන්ත‍්‍රණ එළිදරව් නොවීමය.

    හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල එකිනෙක මත වානිජ වශයෙන් සෘජු බලපෑම් සහිතව ක‍්‍රියාත්මක විය යුතු ව්‍යාපෘති දෙකකි. ඇත්තවශයෙන්ම මත්තල ගුවන්තොටුපල ආර්ථික සහ භූ දේශපාලන උපායමාර්ගික වශයෙන් ඵලදායී වන්නේ වරාය එහි උපරිම ධාරිතාවෙන් ක‍්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන විටය. නමුත් වරාය පියවර කිහිපයකින් ක‍්‍රියාත්මක වන දිග් ගැසුනු ව්‍යාපෘතියක් බවට පත්වන තත්වයක් තුල තුවන්තොටුපල නොවැදගත් ආයෝජනයක් ලෙස විවේචනයට ලක් වේ. හම්බන්තොට වරාය එහි උපරිම විභවය අත්පත් කර ගතහොත් එය ලෝකයේ වැදගත්ම වරායවල් 10 ට අයත්වනවා පමණක් නොව කලාපයේ ප‍්‍රධානතම වරාය බවටද පත්වනු ඇත. ඊට අමතරව ඉදිරි වසර 50 කට පසුව බල ශක්ති අර්බුදයට මුහුණදීම සඳහා නිර්මාණය වන මහා පරිමාන නාවික යාත‍්‍රා ඇතුල්විය හැකි කලාපයේ එකම වරාය හම්බන්තොට බවට පත්වනු ඇත. එවිට ජාත්‍යන්තර නාවික මාර්ගයේ නාවික සැතපුම් 12 ක් ඈතින් පිහිටා ඇති පුංචි කොළඹ වරාය එම මාර්ගය ඇසට පෙනෙන දුර පිහිටි හම්බන්තොට යෝදයා අභියස අඟුටු මිට්ටකු බවට පත්වනු ඇත.

    එපමණක් නොව හම්බන්තොට ලෝකයේ අඩුම වියදමකින් ඉදිකෙරෙන වරාය බවට පත්වන්නේ එය ගොඩබිම කපා ඉදිකිරීම නිසාය. නමුත් එය පියවර කිහිපයකින් ඉදිකිරීමට යාම නිසා පිරිවැය ඉතා විශාල වශයෙන් ඉහළ යන අතර තාක්‍ෂණික ගැටළු වලටද මුහුණ දීමට සිදුවේ. ඊට අමතරව වරායට අදාල මහා පින්තූරය නිමකොට එය ලෝක නාවික ක්‍ෂේත‍්‍රයේ අලෙවිකිරීමට නොහැකි වීම නිසා වරාය ආශ‍්‍රිත අනෙකුත් කර්මාන්ත සහ සේවා සඳහා ආයෝජන අද්දවා ගැනීමටද නොහැකි වී ඇත. දැන් එම දිග්ගැසුනු ක‍්‍රියාවලියේ නිශේධාත්මක බලපෑම මත්තල ගුවන් තොටුපල මත පැටවී ඇත. ඒ නිසා මත්තල ගුවන්තොටුපලේ ඇත්ත විභවය සලකා අනාගත ආයෝජන සැලසුම් සකස් කිරීමටද නොහැකි වී ඇත. මෙම ක‍්‍රියාවලිය දැන් වරාය සහ ගුවන්තොටුපල අතර නිශේධාත්මක බලපෑම් සිදුකෙරෙන විෂම චක‍්‍රයක් බවට පත්වී ඇත.

    එම නිසා හම්බන්තොට සහ මත්තල ව්‍යාපෘති ඝාතනය කිරීම කාගේ අවශ්‍යතාවයක්ද යන්න සහ එම ඝාතක ක‍්‍රියාවලිය කුමක්දැයි හඳුනාගැනීම අද අන්තිම පැයේදී වූවද ජාතියට ඉතා වැදගත් වනු ඇත. මෙම වරාය සහ ගුවන්තොට ඒවායේ උපරිම විභවය අත්පත්කර ගතහොත් එක් පැත්තකින් සිංගප්පූරුව බරපතල ආර්ථික අර්බුධයකට ලක්වේ. එයට හේතුව එම රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ වරායේ සහ ගුවන්තොටුපලේ ක‍්‍රියාකාරීත්වය සමඟ ගැටගැසී තිබීමය. අනෙක් පැත්තෙන් චීනය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින දැඩි ආර්ථික සබඳතා හේතුකොට ගෙන කලාපයේ නාවික සහ ගුවන් බලය ඉන්දියාවට සහ ඇමෙරිතාවට අහිතකර ලෙස කේන්ද්‍රගත වේ. එම නිසා මෙම වරාය සහ ගුවන්තොටුපල වැට්ටවීම සිංගප්පූරුව, ඉන්දියාව සහ ඇමෙරිකාව යන තුන් ඈදුතු බල කේන්ත‍්‍රයට උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් වේ.

    හම්බන්තොට වරායේ තාක්‍ෂණික සක්‍යතාවය පිළිබඳව මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සභාපති, නාවික විශේෂඥ ආරියශීල වික‍්‍රමනායක මහතා විසින් අධ්‍යනයක් සිදු කළේ වරාය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර වසර 12 කට පෙරය. එදා එම අධ්‍යනය සඳහා ඒ මහතා තම පුද්ගලික ධනය මිලියන 02 කට අධික මුදලක් වියදම් කලත් ඊට රාජ්‍ය අනුග‍්‍රහය ලැබුනේ නැත. වසර 12 ක් තිස්සේ එම අධ්‍යන වාර්තාව නොසලකා හරිමින් හැංඟි මුත්තන් කෙළියේ කවුද?

    විශේෂයෙන්ම භාණ්ඩාගාර නිළධාරීන් එම ව්‍යාපෘතිය ණය ලැයිස්තුවෙන් ඉවත්කොට තැබීම සඳහා කළහැකි සෑම දෙයක්ම කළ බවට චෝදනා එල්ල වී ඇත. කෙසේවෙතත් පසු කාලීනව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කුමන හෝ හේතුවක් මත ඊට දැක්වූ උනන්දුව නිසා එම ආර්ථික ඝාතකයින්ට තාවකාලිකව පසු බැසීමට සිදුවිය.

    එහෙත් මෙම ඝාතකයින් ඉතා සූක්‍ෂම ලෙස වරාය ව්‍යාපෘතිය පියවර දෙකකින් ඉදිකරන තැනට තල්ලූ කිරීමට සමත් විය. එපමණක් නොව ඔවුන් ආර්ථික හා භූගෝලීය වශයෙන් වැදගත්කමේ අනුපිළිවෙල අනුව ලැයිස්තුවේ පහලින්ම ඇති කොළඹ උතුර වරාය ඉදිරියට ගෙන ඒමට ක‍්‍රියා කළේය. නමුත් නාවික විශේෂඥයින්ට අනුව කොළඹ උතුර වරායේ විභවය හම්බන්තොට වරායේ විභවයෙන් 10% කටත් අඩු ප‍්‍රමාණයකි. ඇත්තවශයෙන්ම කොළඹ උතුර වරායට වැයකළ ඇමෙරිකානු ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලද හම්බන්තොට සඳහා යෙදවූවා නම් එම වරාය අංග සම්පූර්ණ ලෙස නිම කිරීමට වැයවන්නේ තවත් ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලකි. පළමු අධියර සඳහා වැයකළ ඩොලර් මිලියන 350 මුදල යනු කිරිපිටි ආනයනය සඳහා පමණක් වසරකට වැය කරන මුදලට ආසන්න වශයෙන් සමාන ප‍්‍රමාණයකි. ඊට අමතරව කටුනායක අධිවේගී මාර්ගයේ පිරිවැය ඩොලර් මිලියන 350 කි. ඒ අනුව හම්බන්තොට සඳහා මුදල් යෙදවීම ඝාතකයින්ගේ උවමනාව මත පියවර තුනකින් සිදුකලත් එය එකවර සම්පූර්ණයෙන්ම නිම කිරීම යනු ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට දරාගත නොහැකි ආයෝජනයක් නොවේ.

    ඒ සියළු වැරදවීම් වලට අමතරව අදවන විට කොළඹ උතුර වරායේ අධික පිරිවැය කොටස වන ‘‘දිය කැඩුම’’ සහ ඒ ආශ‍්‍රිත ඉදිකිරීම් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ වියදමින් සිදුකොට අඩු වියදම් ජැටිය ඉදිකරන සමාගමට වරායේ ආර්ථික ප‍්‍රතිලාභ ලබාගැනීමට ඉඩ සලසා ඇත. එම ක‍්‍රියාව අර්ථ දැක්විය හැක්කේ ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීමක් ලෙසය. එපමණක් නොව හම්බන්තොට වරාය පළමු පියවර සඳහා ජලය ඇතුල්කිරීම නිසා දෙවන පියවර සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවේ. ඊට අමතරව පළමු අදියරේ වැඩ සම්පූර්ණයෙන්ම නිම කිරීමට පෙර විවෘත කිරීම සඳහා ජලය ඇතුල්කිරීම නිසා වරාය මුවවිටේ පතුලේ කළුගල කැඞීම සඳහාද අමතර පිරිවැයක් යෙදවීමට සිදුවිය. ඒ සඳහා අමතරව ඩොලර් මිලියන 138 ක් වැය කිරීමට සිදුවිය. එම ප‍්‍රමාණය දළ වශයෙන් පළමු පියවර සඳහා වැයකළ මුදලින් භාගයකි. එම ගල අවශ්‍ය ප‍්‍රමාණයට කඩා වරාය විවෘත කළානම් ඒ සඳහා වැය වන්නේ ගොඩබිම ගල් කොරියක ගල් කඩන වියදම පමණි.

    කෙසේවෙතත් කොළඹ වරාය මීටඒ 07 සිට මීටර් 15 දක්වා ගැඹුර කිරීම සඳහා වතුර යට ගල කැඞීමට ඉදිරිපත් වු ලංකාවේ මාස්ටර් ඩයිවර්ස් ආයතනය කියන්නේ තමාට හම්බන්තොට වරායේ වතුර යටදී ගල කැඩිීම යනු මීයකු චීස් කනවා වැනි වැඩක් බවය. අවසානයේදී මහා ගාම්භීර උත්සවයක් පැවැත්වුවත් වරාය විවෘත කළේ 1950 දශකයේ කොළඹ වරායේ භාණ්ඩ ගොඩබෑම සිහිපත් කරන පින්තූරයක් නිර්මාණය කරමිනි. මීට පෙර සඳහන් කළ ආකාරයට වරායේ මහා පින්තූරය අලෙවි කිරීමට අප රටක් ලෙස අසමත් වීම තුළ වරාය ආශ‍්‍රිත කර්මාන්ත සහ සේවා සඳහා අයෝජනය කිරීමට ආයෝජකයින් ඉදිරිපත් වන්නේ නැත. ඒ නිසා දැන් ආර්ථික ඝාතකයින් උත්සාහ කරන්නේ ’’ සීනි සේදීම’’ වැනි ‘‘ලෝකයේ අපත කර්මාන්ත’’ ලෙස හැඳින්වෙන ආයෝජනයක් හම්බන්තොට වරාය පරිශ‍්‍රයට ගෙන ඒමටය. ඒ මගින් මුහුදට සල්පියුරික් අම්ලය මුදා හැරීම හරහා වරායේ පාරිසරික ප‍්‍රමිතීන් පහල වරටීම තුළ අර්බුදය තවත් උග‍්‍රවනු ඇත. එපමණක් නොව ඒ මගින් දේශීය සීනි කර්මාන්තය වලපල්ලට යනවාට අමතරව මහා පරිමාන විදේශ විනිමය සහ තීරු බදු වංචා වලටද ම`ග පෑදෙනු ඇත. ලෝකයේ වෙනත් රටවලින් පිටමන් කරන එවැනි කර්මාන්ත අප වැනි රටවලට ගෙන එන්නේ එවැනි මහා පරිමාණ වංචා සඳහා ඉඩ ලබා ගැනීමටය.

    දැන් වරාය ව්‍යාපෘතිය ආර්ථික ඝාතකයින්ට සතුටුවිය හැකි තරමට අඩපණ කොට ඇතත් ඔවුන් ඊට සමගාමීව මත්තල ගුවන්තොටුපල අඩපන කිරිමේ මෙහෙයුම නවත්වා නැත. පළමුවෙන්ම ණය දෙන ආයතන මත්තල විවෘත කිරීමටත් පෙර කටුනායක දෙවන ගුවන් පථයක් ඉදිකිරිම සඳහා ණය දීමට ඉදිරිපත් විය. නමුත් ඔවුනට එය තාක්‍ෂණිකව සාධාරණීකරනය කළ නොහැකි විය. උදාහරණයක් ලෙස කටුනායක ගුවන්තොටුපලලේ ‘‘ වැඩිම මෙහෙයුම් සහිත පැය’’ තුළ සේවා සපයන්නේ ගුවන්යානා 10 කට පමණි. (පැමිණීම් සහ පිටත්වීම් දෙකම ඇතුළත්ව* අන්තර්ජාතික ගුවන් ප‍්‍රවාහන සංවිධානයට අනුව ගුවන් ගමන් වල කලාපීය වර්ධනය 6‍්‍ර කි. එමෙන්ම අප රටේ 2000 වසරේ සිට 2010 දක්වා ගුවන් ගමන් ඝනත්වය විමසා බැලීමේදී පෙනී යන්නේ එහි වර්ධනය 8‍්‍ර පමණ බවය. ඒ අනුව 2025 දී අප රටේ වැඩිම මෙහෙයුම් සහිත පැය තුළ සේවා සැපයීමට පහසුකම් අවශ්‍ය වන්නේ ගුවන්යානා 20 කට පමණී.

    එසේවූවත් අප රටේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්‍ෂකවරයාගේ ගුවන් නාවික තොරතුරු ප‍්‍රකාශණයට අනුව අප රටේ දැනටමත් වැඩිම මෙහෙයුම් සහිත පැය තුල ගුවන් යානා 25 ක් හැසිරවීමට ධාවන පථයේ ධාරිතාව ඇත. ඒ අනුව අප රටේ දැනටමත් 2025 අවශ්‍යතාවයට වඩා 25% කට වැඩි ධාරිතාවක් ඇත. ඊට අමතරව මත්තල ගුවන්තොටුපල ආරම්භවීමත් සමඟ එම ධාරිතාව දෙගුණයක් වේ. එසේම ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීනයන්ට අනුව කටුනායක ගුවන් පථය සහ ‘‘ටැක්සි මාර්ගය’’ සම්බන්ධවන කොටසේ ආනතිය අංශක 90 සිට 30 දක්වා අඩු කල හොත් එම පැයේදී හසුරුවන ගුවන්යානා ප‍්‍රමාණය කිසිඳු ගැටළුවකින් තොරව 25 සිට 35 දක්වා වැඩිකළ හැක. එසේම එය ගමේ පාරක් කාපට් කරනවා වැනි සුළු දෙයක් බව ඔවුන්ගේ මතයයි. එසේ නම් දෙවැනි ගුවන් පථයක් යෝජනාවන්නේ මුදල් වැයකිරීම මඟින් කොමිස් ගැසීමේ සහ මත්තල අවතක්සේරු කිරීමේ ද්විත්ව උවමනාව මත බව පැහැදිලි වේ.

    දැන් දෙවන ගුවන් පථයක් ඉදිකිරීමේ යෝජනාව අත්හැර දැමුවත් ඊට වඩා වියදමක් දරමින් තිබෙන ගුවන් පථය පළල් කිරීමට උත්සහයක් ආරම්භ කොට ඇත. ඒ සඳහා මෙම ආර්ථික ඝාතකයින් ගෙන එන තර්කය වන්නේ එයාර් බස් 380 ගොඩබෑමට පහසුකම් සැලසීමයි. මෙම තර්තයද කිසිදු ආර්ථික හෝ තාක්‍ෂණික පදනමක් නොමැති දුප්පත් එකකි. මේ වන විට මේ වසරේ කටුනායකට එම යානා එකක්වත් පැමිණ නැත. එම ගුවන්යානා භාවිතා වන්නේ ඉතා දුර ගමන් සඳහා පමණී. අප රටේදී එවැනි ගමන් ආරම්භ වන්නේ හෝ අවසාන වන්නේ හෝ අතරමැදි නැවැත්වීමක් කරන්නේ නැත. දැනට එම යානා අප රටට උඩින් පියාසර කරයි. එම යානා සේවයට යොදවා ඇත්තේ එම්රේට්ස්, ක්වාන්ටාස්, සිංග්පූර් සහ කැතේ පැසිෆික් යන ගුවන් සේවා විසිනි. නමුත් එම ගුවන්සේවා වල ඉදිරි වසර 10 ක සැලසුම් තුළ කටුනායකට එවැනි යානා ගොඩබෑමට ඉල්ලූම් කොට නැත.

    කෙසේ වෙතත් එම යානා හදිසි තත්වයන් මත ගොඩබෑමට කරන ලද ඉල්ලීම් කටුනායක ගුවන් තොටුපල විසින් කිසිඳු ගැටළුවකින් තොරව ඉටුකර ඇත. අවස්ථා 3 කදී එවැනි ඉල්ලීම් ඉටුකර ඇත. ඒ සියල්ලටම වඩා ජාත්‍යන්තර ගුවන්සේවා ප‍්‍රමිතීන් වලට අදාලව 4එෆ් ඛේතය යටතේ එයාර් බස් 380 හදිසි ගොඩබෑම් සඳහා කටුනායක ගුවන්තොටුපල සුදුසු බවට නිර්දේශ කොට ඇත. එසේ නම් නැවත ඇසිය යුතු ප‍්‍රශ්නය ගුවන් පථය පුළුල් කිරීම සඳහා වළිකන්නේ ඉහත සඳහන් ද්විත්ව අරමුණ සඳහා නොවේද යන්නයි. ඔවුන්ගේ එම කූඨ අරමුණු ඉතා සරලව තහවුරු කල හැක. පළමු වැනි තර්කය ඒ සඳහා දැරීමට යෝජනා වන අතිමහත් පිරිවැයයි. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 70 ක් පමණ වේ. ඊට අමතරව ඉදිකිරීම් කාලය තුළ ගුවන් පථයේ ධාරිතාව අඩුවීම නිසා වන පිරිවැය සහ වෙනත් පාරිසරික පිරිවැය ඊට එකතු කල විට තත්වය තවත් බරපතල වනු ඇත.

    දෙවැනි තර්කය මත්තල ගුවන්තොටුපලේ දැනටමත් එයාර් බස් 380 ගොඩබෑම සහ පිටත්වීම සඳහා පහසුකම් තිබීමය. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ධාවන පථය මීටර් 60 ක් පළල වන අතර දිග මීටර් 3500 කි. ඒ අනුව ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව එම ගුවන්යානා සඳහා ඕනෑම තත්වයකට අදාලව එහි පහසුකම් ඇත. ඇත්ත වශයෙන්ම එම ප‍්‍රමිතීන්ට අනුව මත්තල කටුනායකට වඩා ඉදිරියෙන් සිටියි. කටුනායක ගුවන් පථය මත්තලට වඩා මීටර් 450 ක් දිගින් අඩු වන අතර පළල මීටර් 45 කි. දැන් එම ප‍්‍රමිතීන්ද මත්තල මෙන් උපරිම මට්ටමට නොමැති වූවත් හදිසි ගොඩබෑම සහා ප‍්‍රමාණවත් බව තහවුරු වී ඇත. තුන්වන තර්කය වන්නේ අවශ්‍ය උපරිම පළල මීටර් 60 ක් ලෙස හඳුනාගෙන තිබියදී දිගින් අඩු කටුනායක ගුවන් පථය මීටර් 75 ක් දක්වා පළල් කිරීමට යෝජනා වන්නේ කුමක් නිසාද යන්නය. පාර්ලිමේන්තුවේ පඹයින් මේ තර්ක මතුකරන්නේ නැතිනම් මහජනයාවත් එම අඩුව පිරවිය යුතු නොවේද?

    ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාවේ ගුවන් සේවා ක්‍ෂෙත‍්‍රය දීර්ඝකාලයක් තිස්සේ ආර්ථික ඝතකයින්ගේ ග‍්‍රහණයට ලක්වූවකි. එයට හේතුව අපේ රටට එය වැදගත් නැතත් සිංගප්පූරුව සහ ඉන්දියාව නිරතුරුව ඒ දෙස ඇස ගසාගෙන සිටීමය. මත්තල ගුවන්තොටුපල ජාත්‍යන්තරව ප‍්‍රචලිත වීම වැලැක්වීම සඳහා ඔවුන් බොහෝ පියවර ගෙන ඇත. ඔවුන්ගේ පළමු උත්සාහය එය කටුනායකට වඩා දෙවැනි කිරීමය. ඊට හේතුව කටුනායක තවදුරටත් මහා පරිමාන තත්වයකට ගෙන ඒමට විභවය නැති ගුවන්තොටුපලක් බැවින් එය සිංගප්පූරුවට තර්ජනයක් නොවීමය. මත්තල ඉදිකිරීමේදී වියදම් කපාහැරීම ඉදිරියට දමා ගුවන්පථයේ ප‍්‍රමිතීන් සහ ගුවන් පාලන කුළුණේ ප‍්‍රමිතීන් අඩු කිරීමට ඔවුන් උත්සාහයක් ගත් බව දැන් රහසක් නොවේ. එම උත්සාහය යම් පමණකට සාර්ථක වී ඇති බව විශ්වාස කිරීමට සාක්‍ෂි ඇත.

    රේඩාර් පහසුකමට අදාලවද එම ඝාතක මෙහෙයුම් දියත් වූ බවට සාක්‍ෂි ඇත. පිදුරුතලාගල තිබූ රේඩාර් යන්ත‍්‍රය සැක කටයුතු ලෙස ඉතා අධික වියදමක් දරමින් වෙනස් කිරීමේදී මත්තල ගුවන්තොටුපල ප‍්‍රමිතීන් වර්ධනය කිරීම සඳහා එය මොණරාගල ප‍්‍රදේශයේ සවිකළ යුතු බවට යෝජනා විය. නමුත් ඔවුන් විද්වත් උපදෙස් නොසලකා හරිම්න් එය පිදුරුතලාගලම සවිකළේය. ඊට අමතරව එම යන්ත‍්‍රයේ ප‍්‍රමිතීන්ද අවශය මට්ටමට නොමැති බව ඔප්පු වී ඇත. එම යන්ත‍්‍රය මඟින් මීටර් 10000 ට පහළ සහ මීටර් 40000 ට ඉහළ ආවරණය වන්නේ නැත. එම නිසා ඊට පහළින් එන සිවිල් සහ සතුරු යානා ඒ මඟින් හඳුනාගත නොහැක. එය ජාත්‍යන්තරව පිළගත හැකි තත්වයක් නොවේ. ඊට අමතරව එම මට්ටමට ඉහලින් ගමන්කරන ගුවන්යානා වලට සේවා සැපයීමට අවස්ථාව මත්තලට අහිමි වේ. ඒ මඟින් අනාගතයේදී එම සේවා සැපයීමේ අවස්ථාව වෙනත් සමාගමකට හිමි වීමට ඉඩ ඇත. ඉන්දියාව යෝජනා කරන සීපා ගිවිසුමට ගුවන්සේවා ක්‍ෂෙත‍්‍රය ඇතුල් කරන්නේ එම ආර්ථික ඉඩප‍්‍රස්ථා ලබාගැනීමට යයි පැහැදිලි සැකයක් මතුවේ. එසේ වන්නේ ඊට පෙරද ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට අයත් ඊසාන දිග ගුවන් තොරතුරු කලාපයක් ඉතා කූඨ ලෙස අත්පත්කර ගැනීම තුලය. එම කලාපය හොර රහසේම කිසිදු කොන්දේසියකින් තෙරව ඉන්දියාවට පවරා දෙන්නේ අප රටේ සිවිල් ගුවන්සේවා බලධාරීන් විසින්මය. ඒ මඟින් දැනට ශ‍්‍රී ලංකාවට සිදුවන පාඩුව රුපියල් මිලියන 2000 ක් පමණ වේ යයි ඇස්තමේන්තු කළ හැක.

    මෙම ගුවන්සේවා ඝාතක ක‍්‍රියාවලියට අදාල ලැයිස්තුව තව බොහෝ දිගු කළ හැක. ඒ අතුරින් හාස්‍ය, කණගාටුව සහ කෝපය මුසු හැඟීමකින් කථා කළයුතු ඝාතනයක් රත්මලාන ගුවන් තොටුපලේ සිදුවේ. එම ගුවන් තොටුපලේ පුද්ගලික ගුවන්සේවා සමාගමක් විසින් ඉඳිකළ ගුවන්යානා නැවතුම් පියසක් නිසා ගුවන් පාලක කුළුණට ගුවන් පථයේ දෙකළවර නිවැරිදිව නොපෙනේ. එයට ඇති විසදුම සමාගම විසින් සුළු පිරිවැයක් දරමින් එම පියස නැවත ස්ථානගත කිරීමය. නමුත් යෝජනා වන්නේ රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන ලෙස ගුවන් පාලක කුළුන උස් කිරීමයටය. එහෙත් අවසානයේදී මහදැන මුත්තාගේ වෙස්ගන සිටින ඝාතකයින් උපදෙස් දෙන්නේ ඒ දෙකම නොකර ගුවන් පථය කෙටි කිරීමය. ඒ මඟින් ගුවන් තොටුපලට සිදුවන හානිය දැන් ගණන් බැලිය යුතව ඇත.

    අප රටට අයත් ගුවන් තොරතුරු කලාපය වර්ග කිලෝ මීටර් දශ ලක්‍ෂයකට ආසන්න වේ. වෙනත් කිසිදු රටකට නොමැති එම වාසිය අපට ලැබී ඇත්තේ අප රටේ ස්වාභාවික පිහිටීම නිසාය. සිංගප්පූරුව විසින් අප එම විභවය ප‍්‍රයෝජනයට නොගන්නා තැනට තල්ලූ කිරීම සඳහා කළ හැකි සියළු දේ කරමින් සිටින බවට කිසිදු සැකයක් නැත. එසේම ඉන්දියාව කෙළ හලමින් සිටින්නේ ඒ මහා සම්පතින් කොටසක් හෝ සීපා ගිවිසුම හරහා සූරා කෑමටය. ආර්ථික ඝාතකයින් උත්සාහ කරන්නේ එම සම්පත් හැකිතාක් අවතක්සේරු කිරීමටය. ඉතින් මෙවැනි රටක් ලෝක සිතියමේ තවත් තිබිය හැකිද?

    වෛද්‍ය කේ.එම්.වසන්ත බණ්ඩාර,
    මහ ලේකම්,
    දේශහිතෛශී ජාතික ව්‍යාපාරය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙයක් කරනකොට මගේ ගමට කියන එකට වඩා මගේ රටට කියන දේට ප්‍රමුඛතාව දුන්න නම් ඕක එදා මත්තල හදන්නෙ නෑ. ඕක පාඩු උනේ අද ඊයේ නෙවේ. අපේ රටට තවත් එයාර් පෝර්ට් එකක් අවශ්‍යව තිබුනත් ඒ මත්තල වගේ ඩොටේ කැලෑවකට නෙවේ. ඕකට ආපු ෆ්ලයිට් වලින් බහුතරයක් කටුනායකින් හරවපුවා මිසක් අලුතින් ආපු ඒවා ගොඩක් අඩුයි. ඒ කියන්නෙ අළුතින් එකතුවීමක් නෑ එහෙන් මෙහට මාරු කරපු අංක සෙල්ලමක් විතරයි තිබිලා තියෙන්නෙ. මත්තල ආදායමක් එනකොට කටුනායක ආදායම බහිනවා. මත්තලට මිනිස්සු යනකොට කටුනායක මිනිස්සු අඩු වෙනවා. මත්තලට ප්ලේන් එනකොට කටුනායකට ප්ලේන් අඩු වෙනවා. කටුනායක අවට මිනිස්සුන්ගෙ වෙලඳාම් අඩුවෙලා මත්තල අවට මිනිස්සුන්ට වෙලඳාම් එනවා. එතනත් උනේ වැඩි තැනින් අඩු තැනට ගලා යෑමක් මිසක්. වැඩි තැනේ ස්තාවර භාවය පවත්ව ගනිමින් අතිරික්තය අඩු තැනට ගලා යෑවීමක් සිද්ද උනේ නෑ. අනික ඕකේ වටිනාකම ගැන කතා කරලා වැඩක් නෑ මොකද ආණ්ඩු දෙකටම ඕකෙන් වැඩක් ගන්න බැරි උනා. ඕක මාකට් කරලා දියුණු කරන්න ආණ්ඩු දෙකටම හැකියාවක් නැති බව දැන් ඔප්පු වෙලා ඉවරයි. අනාගතයෙත් ගොබ්බයෝ දෙදෙනෙකුගෙ සටනකින් තවත් එක ගොබ්බයෙක් පත්වෙන එක මිසක් වෙන දෙයක් නොවෙන එකත් දැන් හොඳටම විශ්වාසයි. ඒ නිසා පුළුවන් එකෙකුට කරගන්න බදු දීලා ඒකෙන් කීයක් හරි හොයාගන්න එක හැර වෙන දෙයක් ඉතිරිවෙලත් නෑ. සුදු අලි නඩත්තු කරන්න තරම් අපි පෝසත් රටක් නෙවේ. ඒ වගේම ඒවට බදු ගෙවන්නත් අපිට පුළුවන් කමක් නෑ. ලංකාවට ඕක දියුණු කරන්න පුළුවන් මට්ටමට දියුණු වෙච්ච දවසක අපිට ඕක ආයිත් පවරගන්න පුළුවන්.

    ළමයෙක් හදාගන්ඩ බැරි එකෙක්ට නායකය කියන උබලට ඕව තේරෙන් නැ බන්..උබලට තියෙන්නෙ මොකක් හරි හදනව දැක්කම කුහකම ඇතිවන සහ පොන්න රනිල ඒක විකුනගෙන කාපුවම සතුට ඇතිවෙන විකෘති මනසක්..එහෙම විකෘති මනසක් උබලට දීල තියෙන්නෙ පොන්න රනිල..රටේ මහ බැකුව කඩපු පොන්නය රටේ ගුවන් තොටුපලක් පිට රටකට විකුනද්දි සතුටු වෙන්නෙ උබලගෙ තියෙන කාලකන්නි කමට වෙන මොකේටවත් නෙමේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කථාව ඇත්ත. දෙවැනි ගුවන්තොටුපල හදන්න තිබුණේ අනුරධාපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගෙනයි. අනුරාධපුර හරි හිගුරක්ගොඩ දැනට තියෙන එකක් වැඩි දියුනුකරා නම් ඔච්චර වියදමක් යන්නෙත් නැ. හැම දේම හම්බන්තොටට කොරන්න ගිහිල්ල තමයි රට ණය උගුළක හිර කර ගත්තේ. ඔකේ රාජපක්ෂ පාලනය කාලේ මාසික අදායම 16000 යි. ඕක විතරද අර හදලා තියෙන අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව, රංගන ශාලාව. ඒවායේ ලගින්නේ හරක් විතරයි. අපරාදේ සල්ලි. තම තමන්ගේ ප්‍රතිරුප පුම්බන්න ගිහින් රටම අගාදේ.

    දැන් ඕක ඉන්දියාව අරගෙන පාඩුපිට පවත්වාගෙන යනව...ලමයෙක් හදාගන්ඩ බැරි පොන්නයෙක් අගමැති කරපුව ඔහොම තමයි බන්..ඌට කිසිම දෙයක් හරියට කරගන්ඩ බැ..මොනාද අද වෙද්දි පොන්න රනිල හරියට කරල තියෙන්නෙ????? මොනවද බන් කතා කරන්නෙ තොපි ගාල්ල ක්‍රිකට් පිටියත් විකුනගෙන කන්ඩ හදන පොන්න අගමැතියෙක් ගැන..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොන් රාජපක්ෂයා දෙවැනි කාර්තුවේ කරේ ණයට අට්ටාල ගහල නම ගහගත්ත එක විතරයි. යුද්දේ ඉවරකරලා උක නොදී හිටියනං රට මෙච්චර හිරවෙන්නේ නෑ......... යුද්දෙට පුච්චපු සල්ලි වලින් රට ගොඩදාන්න තිබුනා...... කොහෙද...... යුද්දේ දින්න එකෙන් මහින්ද හිතුවේ රජෙක් වගේ මැරෙනකන් රජකරන්න. අන්තිමට රාජ ඌස්නෙ ඔළුවට ගහලා පඹයෙක්ට කිචවුනා....... ඌ බේරපු රට ඌම කෑවා........:eek::eek::eek:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ සැරේ නම් වික්කාමසිංහ මහත්තය ඕක ඉන්දියාවට දෙන්න ඇත්තේ කුරුදු වවන්න මයේ හිතේ. 2050 වෙද්දී පරාක්‍රමබාහු යුගයක් උදා කරගන්නත් ඕනේ නේ.:yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොද වැඩේ ඉන්දියාවට

    කුරුල්ලෝ ඉගිලෙන වී පුරවන්න විගබදාවයි ගලක් තියෙන තඩි වරායයි අක්කර දහස් ගානකුයි රනිල ඉන්දියාවට දුන්නේ නිකන් නෙමේ .බලහල්ලකෝ ඉතින් ඔව්ව් අරන් මොදියට කෙළවෙන කෙළවිල්ල:rofl:

    මොදියට අගමැතිකමත් නැතිවෙන වැඩක් වෙන්නේ මේකෙන් :rofl::rofl:

    රනිල් හමු නළුවෙක් නෙමේ මොලයක් කියන්නේ නිකන්ද ?

    හෙට අනිද්දා කටුනායකයි කොලබ වරායයිත් මොදියටම දුන්නම තමයි තවත් තේරෙන්න ගන්නේ හාමුගේ මොලේ තරම :love::love:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කථාව ඇත්ත. දෙවැනි ගුවන්තොටුපල හදන්න තිබුණේ අනුරධාපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගෙනයි. අනුරාධපුර හරි හිගුරක්ගොඩ දැනට තියෙන එකක් වැඩි දියුනුකරා නම් ඔච්චර වියදමක් යන්නෙත් නැ. හැම දේම හම්බන්තොටට කොරන්න ගිහිල්ල තමයි රට ණය උගුළක හිර කර ගත්තේ. ඔකේ රාජපක්ෂ පාලනය කාලේ මාසික අදායම 16000 යි. ඕක විතරද අර හදලා තියෙන අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව, රංගන ශාලාව. ඒවායේ ලගින්නේ හරක් විතරයි. අපරාදේ සල්ලි. තම තමන්ගේ ප්‍රතිරුප පුම්බන්න ගිහින් රටම අගාදේ.

    මත්තල මෙච්චර ලොකුවට දැන් හදපු එක නම් බන් බොරු වැඩක් , හැබැයි හම්බන්තොට වගේ වරායක් ලග ගුවන් තොටුපලක් ඕනේ , ඔක්කොම හබක් වුනේ හම්බන්තොට ගොඩ දාන්න වුනු එකෙන් ,
    ආණ්ඩු දෙකටම අනිත් රටවල් එක්ක තරග කරන්න බැරි වුනා ,

    මත්තල ඉන්දියාවට දුන්නත් එකේ ආරක්ෂාව ගැන ආණ්ඩුව ලග තියාගන්න ඕනේ වුන්ට ඕන විදියට නටන්න දෙන්නේ නැතිව , එකේ ස්කෑනර් එකත් ගලවන් ගිය කතාවක් ,

    හැබැයි මොනා වුනත් රනිල් ගේ මාකටින් ගැන අදහන්න ඕනේ , මොනරු ඉන්න වී ගබඩාවක් ඉන්දියාවේ ඇගේ ගැහුවට :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයො රජ උනාම ඔහොම තමයි රටේ සම්පත් විකුනගෙන කනව..පොන්න රනිල වගේ සක්කිලි තිරිසනෙක් ලොවෙත් නැතුව ඇති..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මරුසිරා;23458986 said:
    හොද වැඩේ ඉන්දියාවට

    මොදියට අගමැතිකමත් නැතිවෙන වැඩක් වෙන්නේ මේකෙන් :rofl::rofl:

    හෙට අනිද්දා කටුනායකයි කොලබ වරායයිත් මොදියටම දුන්නම තමයි තවත් තේරෙන්න ගන්නේ හාමුගේ මොලේ තරම :love::love:

    :rofl::rofl::rofl: