ජාත්‍යන්තර_ප්‍රතිරූපය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ජාත්‍යන්තර_ප්‍රතිරූපය

ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනැඟීමට ආණ්ඩුව සමත් වුණා



Mangala-Samaraweera.jpg


නව රජය රට තුළ නව දේශපාලන සංස්කෘතියක් බිහිකරමින් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් නිවැරැදි ප්‍රතිරූපයක් ගොඩනැඟීමට සමත්ව ඇති බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (2) ප්‍රකාශ කළේය. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (2) රැස්විය. ලිපි‍ ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු ඇසූ ප්‍රශ්න වලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.
විසර්ජන පනත් කෙටුම්පත (2016) හෙවත් අය වැය දෙවනවර කියවීමේ විවාදයේ නවවැනි දින විවාදය ආරම්භ කෙරිණි.
නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා - වසර 1948 සිට 1977 දක්වා කාලය පුරා ධනවාදය මෙරට තිබුණා. මුළු වෙළඳපොළම රජය සතුයි. රාජ්‍ය මැදිහත් වූ ධනවාදයක් එවකට තිබුණා. 1977 දී විවෘත වෙළඳපොළ ඇති කළා. එය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ හපන්කමක් නොවේ. බ්‍රිතාන්‍යයේ බලපෑම මත තමයි විවෘත ආර්ථික වෙළඳපොළේ ඇති කළේ. ප්‍රේමදාස, චන්ද්‍රිකා ජනාධිපතිවරුන්ගේ කාලයේ රාජ්‍ය ආයතන විකුණුවා. රජයේ සේවකයකු ගෙදර සිටිනවා නම් ගන්න වැටුප ප්‍රමාණවත් නැහැ ජීවත්වීමට. ආර්ථික වශයෙන් බංකොළොත් රටක් බවට පත්වෙලා. සමාජීය වශයෙනුත් බංකොළොත් රටක් බවට පත්වෙලා.
රටේ කිරි නිෂ්පාදනය ඇතුළු නිෂ්පාදන කඩා වැටිලා. අසාර්ථක වූ අය වැයක් මේ තිබෙන්නේ. ලෝකයේ කිසිම රටක ඒ රටේ පුරවැසියකුට හෝ රටට පැමිණෙන විදේශිකයකුට සමාන ලෙස ඉඩම් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. යම් යම් බාධාවන් දාලා තිබෙනවා. අනෙක් ආණ්ඩු නොකළ දෙයක් මේ. ආනයන අපනයන පනත සංශෝධනය කරමින් විදේශිකයන්ට සහන දෙනවා. මේ ආණ්ඩුව තේරුම් ගත යුතුයි ආණ්ඩුව පත් කිරීමට ඡන්දය දුන්නේ මේ රටේ ජනතාව කියලා.
සුද්දන් නොවේ මේ ආණ්ඩුව පත් කළේ. ක්‍රමෝපායික සංවර්ධන පනත මඟින් වටිනා ජාතික සම්පත් පෞද්ගලික අංශයට පැවැරුවා. ඒ පනතේ බද්ද අයින් කරලා. දැන් මේ පනත අයින් කරනවා කියලා ආණ්ඩුව කියනවා. ඒ විනාශකාරි වූ පනතට ව‍ඩා දෙගුණයකින් විනාශකාරි පනතක් ගෙන ඒමට තමා ඒක අයින් කරන්න හදන්නේ. මේ රටේ කම්කරු නීති සංශෝධනය කර තිබෙනවා. ආයෝජකයාට පැමිණ කම්කරුවා තවත් පීඩනයට පත් කරන විදියට තමා මේ පනත සංශෝධනය කර තිබෙන්නේ. උදාහරණයක් විදියට මාස හයක් කොන්ත්‍රාත් පදනමේ සිටි කෙනාට ස්ථිර කර ගැනීමට තිබූ අයිතිය ‍මේ ආණ්ඩුව යටතේ අවුරුද්ද දක්වා දීර්ඝ කර තිබෙනවා.
මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.
දිසානායක මහතා - වාහන පර්මිට් එක රාජ්‍ය සේවකයන්ගේ අයිතියක්. සමහර අය වාහන පර්මිට් එක විකුණුවා. ඇත්ත. විකුණන්නේ කීයටද ලක්ෂ 10 කට පහළොවකට. විකුණලා ඉතිරි මිලට හරියන්න වාහනයක් ගන්නවා. අනික් ටිකෙන් ගේ හදා ගන්නවා. ලබන වසර වෙනුවෙන් පාසල් දරුවන්ගේ නිල ඇඳුමට වවුචරයක් දෙනවා. ඊළඟ වසරේදී මේක කප්පාදු කරනවා.
සභානායක කිරිඇල්ල මහතා - අපි විශ්‍රාම වැටුප අහෝසි කර නැහැ. ජනවාරි සිට රාජ්‍ය සේවයට බැඳෙන අයට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් අපි ඇති කරනවා.
දිසානායක මහතා - මුදල් ඇමැතිවරයාට වාහන එක්ක තිබෙන්නේ තරහක්. රත්තරන් වෙළඳපොළ ජාවාරම්කරුවන් පිරිසකගේ අතට පත් කරනවා. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් කාර්වල බදු වැඩි කළේ මරුති වැනි පොඩි කාර්වලට වෙළඳපොළ හදන්න. මේ අය වැය පරාජය කළ යුතුයි.
රවුෆ් හකීම මහතා - අනුර දිසානායක මහතා ආවේගශීලි කතාවක් කළා.එතුමා ට පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා කළා.ආණ්ඩුවට කඩේ යනවා කියලා.එතුමා එහෙම කඩේ යන්නේ නැහැ කියල පෙන්වීම වෙනුවෙන් වෙන්නට ඇති මේ වගේ ආවේගශීලි කතාවක් කළේ.‍
විදේශ ඇමැති මංගල සමරවීර මහතා -
අවුරුදු 10 ක් පුරා රාජපක්ෂගේ චෞර පාලනය යටතේ සිදු කරන්නට නොහැකි වූ අපි දින සියය යටතේ සිදු කළා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා තමන්ගේ පපුවට ගසා ගනිමින් කිව්වා අපේ හාමුදුරුවනේ මම රාජ්‍ය සේවකයන්ට රුපියල් 2,500කින් වැටුප් වැඩි කරනවා කියා. වැඩි කළාද? අපගේ රජයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැ‍ඩි කරන තෙක් කිසිදු වැටුප් වැඩිකිරීමක් කළේ නැහැ. ඒ වගේම අද පූර්ණ මාධ්‍ය නිදහසක් තිබෙනවා. අද සුදු වෑන් එන්නේ නැහැ. මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ නැහැ. ආරක්ෂක ලේකම් කතා කරලා මාධ්‍යවේදීන්ට කුණුහරුපෙන් බනින්නේ නැහැ. අදවන විට ජනාධිපතිතුමාට අගමැතිතුමාට සමහර වෙබ් අඩවිවලින් අසීමාන්තික ලෙස පහර දෙනවා. නමුත් යහපාලන රජය යටතේ එවැනි මාධ්‍ය ආයතවලට මාධ්‍යවේදීන්ට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. පසුගිය දිනක විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය පරණ පුරුද්දට පහර දුන්නා. අගමැතිතුමා ඒ වෙනුවෙන් මැදිහත් වුණා. අද මේ ආණ්ඩුව විවේචනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය කියා තැනකට එකතු වූ අවතැන් පිරිසක්. මාගේ විදේශීය මිත්‍රයෙක් පසුගිය දිනක මා හට සඳහන් කළා ‘ඔබගේ රටට අද ලී ක්වාන්යූ හා නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් බිහිවී ඇත’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ සංහිඳියාව ඇති කරමින් සිටිනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් නිවැරැදි ආර්ථික රාමුවක් යටතේ රටේ ආර්ථිකය කළමනාකරණය කරනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ රැසක් අපගේ රජය යටතේ සිදු කරනවා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය යටතේ ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීකරණයට ලක්වුණා. නමුත් 2015 -2016 වකවානුවලදී මෛත්‍රීපාල සිරිසේන රජය යටතේ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරමින් නව දේශපාලන රාමුවක් රටතුළ ඇති කරනවා. ඒ වගේම නිවැරැදි ‍විදේශ ප්‍රතිප්තියක් ක්‍රියාත්මක කරමින් අප ජාත්‍යන්තරය ජය ගනිමින් සිටිනවා. ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්නට ඉඩනොදී ජාත්‍යන්තරයේම කැමැත්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත්තා. නමුත් පසුගිය රජය යටතේ මේවා‍ කරන්නට පුළුවන් වුණාද?
රාජපක්ෂ පාලන යටතේ තිබුණේ ගජමිතුරු දේශපාලනයක්. රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ වාංචා දූෂණ අක්‍රමිකතා 725ක් සම්බන්ධයෙන් මේවන විට පරීක්ෂණ සිදු කරනවා. රාජපක්ෂ පවුලේ අයට පිටරට බැංකුවල ගිණුම් තිබෙනවා. මේ අයගේ පොඩිම වංචාව කෝටි 6.2යි. ඩී ඒ රාජපක්ෂ මහතා කෘතහස්ත දේශපාලකයෙක්. නමුත් එතුමා‍ගේ ස්මාරකයක් ඉදිකිරීම සඳහා මේ අය රජයේ මුදල් කෝටි 6.2ක් වැය කර තිබෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබු වටිනා ගල් ලක්ෂ 10ක් මේ වෙනුවෙන් අරගෙන.එහි වටිනාකම ලක්ෂ 3,000ක්. රාජපක්ෂ පවුලේ අය සොරකම් කර ඇති මුදල් සම්බන්ධයෙන් රටවල් හයක් ආශ්‍රිත පරීක්ෂණ සිදු කරනවා. එංගලන්තය, යුක්‍රේනය, ඩුබායි, සිංගප්පූරුව, සීෂෙල්ස් වැනි රටවල් ආශ්‍රිතව මේ පරීක්ෂණය සිදු කරනවා.
මේ පරීක්ෂණ එක දවසින් අවසන් කරන්නට බැහැ. ඒ නිසා රටින් ගෙන ගොස් වෙන රටවල සගවා ඇති මේ මුදල් කොපමණ කාලයක් ගතවුවත් මෙවා පිළිබඳ පරීක්ෂණ කර නැවත රටට ගෙන එනවා.
දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක සිහිනයෙන් පෙළෙනවා. ඔහු සිදු කරන ප්‍රකාශ විහිළු සහගතයි. ඔහු කිනවා අමෙරිකාවත් චීනය ඉදිරියේ දණ ගහනවා කියා. මම මගේ මිත්‍රයාට එකක් කියනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය ජාත්‍යන්තරය හෝ වෙනත් අය ඉදිරියේ කිසිවිටකත් දණ නමන්නේ නැහැ. අපි කාටවත් දෙක වෙන්නේ නැහැ. නැමෙන්නේත් නැහැ. අපි සියලුදෙනා සමඟ එක පෙළට සිට ගන්නවා. අපට චීනය සමඟ කිසි ප්‍රශ්නයක් නැහැ.
අතීතයේ සිට චිනය සමඟ මිත්‍ර සබඳතා අපි පවත්වා තිබෙනවා. කොන්ද කෙලින් තබාගෙන රට ඉදිරියට ගෙනයා හැකි විදේශ ප්‍රතිපත්තියක් අපගේ රට යටතේ ක්‍රියාත්මකයි. මහින්ද රාජපක්ෂ එල්ටීටීඊ සංවිධානයේ ධර්මලිංගම්, කේපී සමඟ ගත් ඡායාරූප මම දිනේෂ් ගුණවර්ධනට එනවා. ගෙර තිබෙන මහින්ද රාජපක්ෂ දේවාලයේ එවා ගසා ගන්නවා. එක පැත්තකින් දේශප්‍රේමය ගැන කතා කරනවා.
තව වේලාවකට කොටි සංවිධානයේ අයත් එක්ක ඡායාරූප ගන්නවා. ඉතිහාසයේ කිසිදු දිනය නොලැබුණ ස්වර්ණමය අවස්ථාවක් අපට ලැබී තිබෙනවා. ඒ ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත යුතුයි. එජාපය ශ්‍රීලනිපය එක්ව යන ගමනේදී අකුල් හෙළන්නේ නැතිව අද හවසට අයවැයට සහාය දෙන ලෙස ඉල්ලා සිටිනවා.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (එජනිස) - මේ අයවැය ගැන අංශ කිහිපයක් යටතේ කතා කළ යුතුයි. පිටරට අය මෙහේ ඇවිත් පාඩු ලබන ආයතන ගන්නේ නැහැ. මේ රජය පෞද්ගලීකරණයට යෝජනා කර තිබෙන්නේ ලිට්රෝ, ලංකා හොස්පිටල්, හිල්ටන් වගේ ආයතනයි. මේක අපට විරුද්ධයි. ඒවගේම විදේශිකයන්ට ඉඩම් විකිණීමට අපි විරුද්ධයි.ජනාධිපතිතුමා පිටරට ගිහින් පරිසරය ගැන කතා කරනවා. නමුත් මෙහේ විදුලි කාර්වලට සිය ගුණයකින් බදු ගහනවා. ඒ වගේම ආර්ථිකය සීමාවකින් තොරව විවෘත කළාම අපේ සාමාන්‍ය කර්මාන්තකරුවාට මොකද වෙන්නේ. නමුත් සිදු කළ යුත්තේ කර්මාන්තකරුවා ආරක්ෂා කිරීමයි. යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන නැවත ගෙන ඒමට උත්සාහ කරන ආකාරයි අපට පේන්නේ. යළි පුබුදමු වැඩසටහන සඳහා එදා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් විරුද්ධ වුණා. යළි පුබුදමු ශ්‍රී ලංකා අය වැයකට ශ්‍රීලනිපයට සහාය දෙන්න පුළුවන්ද කියා මම අහනවා.
විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා - අපගේ රජයේ ආර්ථික පිළිවෙත විවචෙන කළ ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුට විකල්පයක් යෝජනා කළේ නැහැ.
අදට ගැළපෙන, රටට ගැළපෙන මනා ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.නව උත්පදනයේ දී වඩාත් හොඳ කොන්දේසි මත පෞද්ගලික ව්‍යවසායන්ට ඉඩ සැළසීමට අවශ්‍යයිඑදා ජනතාව බුක්තිවින්දේ නැති අයිතිවාසිකම් අද බුක්තිවිදිනවා. ජනාධිපතිතුමා කැපවීමක් කරල, අවධනමක් අරගැනීමේ ප්‍රතිඵලය උදාවන්නේ, ආර්ථිකය සංවර්ධනය කර නවෝත්පාදන ආර්ථිකයක් තුළ රට සංවර්ධනය කරන ඉලක්කය ශක්තිමත් කළ හොත් පමණයි.
අපේ රට එදා තිබුණාට වඩා අද සංවර්ධනයක්,ගුණාත්මකභාවයක් ඇති වී තිබෙනවා.ඒ විජයග්‍රහණයේ අයිතිකරු ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියයි.අදට ගැළපෙන, රටට ගැළපෙන මනා ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නවෝත්පාද සමාජ වෙළඳපොළ ආර්ථිකයක්, අපි අලුත් අත්හදා බැලීමක් කරන්න සූදානම්.අද එජාපය ශ්‍රීලනිප ය එකඟතාවයට ඇවිත් තිබෙනවා.
මේ සභාවේ විවේචන තිබුණා. ඒ විවේචන කොපමණ සාධාරණ ද කියල බලන්න ඕන.පුනර්ජනනීය බලශක්තියට ආයෝජන බලාපොරොත්තු වෙනවා. රජය තමයි, විදුලිය සැපයුමට හොඳම ආකාරයේ සේවයක් ලබාදෙන්නේ. වඩාත් හොඳ කොන්දේසි මත පෞද්ගලික ව්‍යවසායන්ට ඉඩ සළස්වන්න අවශ්‍යයි විදුලිය උත්පාදනය කිරීම සඳහා රජයේ ඉඩම් විදේශිකයන්ට විකුණනවා කීම අසත්‍යයක්.
පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආෂු මාර සිංහ මහතා(එජාප) - කතානායකතුමනි මට වෙල්ගම මහතා බලපෑම් කළා. එළියට එන්න මම බලාගන්නම් කියා. එතුමාගේ ප්‍රකාශයක් සමඟ මට අවදානමක් දැනෙනවා. ඒ නිසා මා‍ගේ ආරක්ෂාව තහවුරු කරන්න.
අජිත් පී පෙරේරා මහතා - මාරසිංහ මහතා අසුන්ගෙන සිටින්නේ විපක්ෂය පැත්තේ. එතුමාට ගමන් කරන්නට සිදු වන්නේ විපක්ෂයේ ලොබිය හරහායි. ඒ නිසා මාරසිංහ මහතාගේ ශාරීරික ආරක්ෂාව තහවුරු කරන්නට පියවර ගන්න. මූලාසනය‍ මේ පිළිබඳ කතානායකවරයාගේ අවධානයට යොමු කරනවා. දිවා විවේකය සඳහා පස්වරු 12.30ට කල් තැබූ සභාව නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 යළි රැස්විය.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා (එජනිස)-
මේ අය වැය සහන අයවැයක් නොවෙයි. ආණ්ඩුව බිහිකළ අයත් අද අසහනයෙන් ඉන්නේ. අද පුවත්පත් බැලූ විට මේ අය වැය ගැන හිතාගන්න පුළුවන්. අය වැය සහන කප්පාදුව නිසා වැඩවර්ජන ගැනයි සඳහන් වෙන්නේ. යහපාලන රජයේ පළමු අය වැයෙන් රාජ්‍ය සේවකයාට කනේ පහරක්. වැනි ශීර්ෂපාඨයි අද පුවත්පත්වල තිබෙන්නේ. 2001 - 2004 ආණ්ඩුවේ අය වැය වගේමයි මෙවරත් වැඩියෙන්ම වැඩවර්ජන තිබෙන අයවැය මෙයයි. එදා වෘත්තීය සමිති 98ක් වර්ජනය කළා. එය මේ අයවැයේදී වැඩිවේවි.
සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන ඇමැති එස්.බී. දිසානායක මහතා- ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් පිළිබඳව පළමු වරට විශේෂ අවධානයක් මෙවර අය වැයෙන් යොමු කර තිබෙනවා. මේ අය වැය පිළිබඳ ඇතැම් ගැටලු තිබෙනවා. මේ ගැටලු විසඳාගෙන ඉදිරියට යා යුතුයි. මූලික ජාතික කාරණා ඉලක්ක කරගෙන ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් සකසා ගත්තා. මේ අය වැයේ විශේෂ කාරණය තමයි,අපේ සුළු,කුඩා, මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබීම. පුංචි ව්‍යවසායකයන් අද මේ රටේ සියයට අනූ නවයක් වන ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් පිළිබඳව පළමු වරට විශේෂ අවධානයක් මෙවර අය වැයෙන් යොමු කරලා තිබෙනවා. ඒ හරහා ඇප නොමැතිව ණය දීමට අරමුදලක් සඳහා යෝජනා කර තිබෙනවා.දිවිනැගුම, සමෘද්ධි ව්‍යාපරය ලෙස ඉදිරියට ගෙනියනවා.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා - සමෘද්ධි හා දිවිනැඟුම බැංකු ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පවර ගන්න යෝජනා කර තිබෙනවා. ඔබතුමා ඊට එකඟද?
දිසානායක මහතා - ඊට එකඟ නෑ එය පවර ගන්න දෙන්නෙත් නැහැ.ඊට අමතරව විදුලි කාර් බද්ද ගැන සලකා බැලිය යුතුයි, පොහොර සහනාධාරය නැවත ලබාදීම, පොල් ආනායනය නොකිරීම කටයුතු කළ යුතුයි. සේවක අර්ථ සාධක අරමුද පිළිබඳ නැවත සලකා බැලිය යුතුයි. සංචාරක බද්ද සංචාරක මණ්ඩලයට ලබාදිය යුතුයි.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප) - රටට සහන මල්ලක් දී තිබෙන මේ වෙලාවේ කුහක දේශපාලනඥයන් දේශපාලන වාසි ලබාගන්න හදනවා. දින සියයේ වැඩපිළවෙළේදී අපි රාජ්‍ය සේවකයාට විශ්‍රාමිකයාට කොතරම් සහන දුන්නද? ශ්‍රීලනිප හා රාජප එකඟත්වය මුළු රටටම සුබවාදීයි.
යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී මාවෙයි සේනාධීරාජා මහතා (දෙජාස) - මේ අය වැය මඟින් උතුරේ ජනතාව‍ගේ ප්‍රශ්න දිහා නිසි අයුරින් බලා නැහැ. වත්මන් රජයත් උතුරේ සංවර්ධනය සඳහා වෙනත් මන්ත්‍රීවරු එක්කරගෙන යන වැඩපිළිවෙළක් පෙනනවා.
ඇයි අපේ මන්ත්‍රීවරුන් අදහස් ගන්න නැත්තේ. ජනාධිපතිවරයෙක් බිහිකරන්න උතුරේ ජනතාව කටයුතු කළා. ඒ අය වෙනුවෙන් විශේෂ සහන ලබාදිය යුතුයි.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය.
ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා - වසර 2020 වන තුරු මේ ආණ්ඩුව පෙරළීමට කිසිම ජගතෙකුට ඉඩක් තබන්නේ නැහැ. මේ ආණ්ඩුවෙන් මොනවත් වන්නේ නැහැ කිව්වට පසුගිය ආණ්ඩුව වගේ උද්දච්ච විදියට හැසිරෙන්නේ නැහැ.
අඩුපාඩු අප හදා ගන්නවා. එය නිවටකමක් කියා හිතනවා නම් අපි ඒකටත් උත්තර දෙනවා. රතුපස්වල ජනතාව පිරිසුදු වතුර ඉල්ලුවා. ජීවිත තුනක් නැති කරලායි ඒවාට පසුගිය ආණ්ඩුව පිළිතුරු දුන්නේ.
නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී.බී. රත්නායක මහතා (එජනිස) - අය වැය පියවා ගැනීම සඳහා ආර්ථිකය උපයා ගැනීමට කර තිබෙන්නේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීමයි. තාර පාර වෙනුවට කාපට් පාර, අඩි පාර වෙනුවට කොන්ක්‍රීට් පාරවල් ලබාදෙමින් රට සංවර්ධනය කිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළා. මේ ආණ්ඩුවට සැලැස්මක් නැහැ. මේ දිනවල ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා - මේ රට එක්සේසත් වූ රටක් බවට පරිවර්තනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වුණා. නොබෙදුණු රටක් විදියට පැවතුණත් බෙදුණු හදවත් ඇති සමාජයක් බවට රට පත්වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා නොවුණා නම් ජිනීවා තීන්දුව කොයිවාගේ එකක් වෙයිද? සුබවාදී දේ සුබවාදී විදියට බැලිය යුතුයි. සියයට 95ක් ආදායම් ලබාගන්නේ බදුවලින්.
ජනතාවගේ සාක්කුවෙන් තමයි මේ බදු අය කර ගන්නේ. බදු ආදායම වැඩි කිරීම විවේචකයන්ට හොඳ මාතෘකාවක්ව තිබෙනවා. එහෙත් රටේ සංවර්ධනය වෙනුවෙන් තමයි එසේ බදු ආදායම වැඩි කරන්නේ. මේ අය වැයේ කතා කිරීමට බොහෝ දේවල් තිබෙනවා. ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් විදියට මේ අය වැයේ වෙනස් විය යුතු දේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ජනතා නියෝජිතයන් වන අපගේ කාර්යභාරය අප තේරුම් ගත යුතුයි.
පත් කළ මන්ත්‍රී හෆීස් අබ්දුල් මහතා (එජාප) - රටේ දුක් විඳින ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීම සඳහා වන සාර්ථක අය වැයක් මේ. මාධ්‍ය නිදහස හා ආපදා කළමනාකරණය ගැන කතා කිරීමට මා අපේක්ෂා කරනවා. මෙරට මිනිසුන්ට දැනෙන වෙනසක් ලෙස යහපාලන ආණ්ඩුව කටයුතු කරනවා. ස්වාභාවික විපත් සිදුවෙනවා.
රජයක් විදියට එයට සාර්ථකව මුහුණ දිය යුතුයි. සුනාමිය නිසා බහුතරයක් ජනතාව අපහසුතාවට පත් වුණා. අදවනතුරුත් එනම් වර්ෂ 11ක් පිරෙන විටදීත් සුනාමියෙන් විපතට පත් ඇතැමුන්ට සහන ලබාදීමට පියවර ගෙන නැහැ.
පළාත් සභා හා පළාත් පාලනඇමැති ෆයිසර් මුස්තෆා මහතා - ඉකුත් මාස දහය තුළ දී මේ රජය කිසිදෙයක් කර නැහැ කියා ඇතැම් අය දොස් කියනවා. අපි එදා යුද්ධය ජයගත්තා. එහෙත් උතුරේ සහ දකුණේ ජනතාවගේ හිත් ඒකාබද්ධ කිරීමට ඉකුත් රජය කටයුතු කළා ද කියා මං මේ සභාවෙන් අසා සිටිනවා. මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට වඩා රට පෙරට තබා ගත් නායකයෙක්. සාමූහික ලෙස එක්ව මේ අය වැය යෝජනාව අප ඉදිරිපත් කළා. මිලියනයක් රැකියා අවස්ථා ලබාදෙමින් ග්‍රාමීය සංවර්ධන කටයුතු කිරීමට මේ අය වැයෙන් කටයුතු කරනවා. ආයතනික බද්ද අඩු කර පෞද්ගලික අංශයට සහන ලබාදී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත මහතා (එජනිස) - ජනතාව සූරාකන මේ අයවැයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස මා විරුද්ධ වෙනවා. මේ අය වැය ගැන කිසිවෙකුත් ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ නැහැ. එහෙම කතා කරනවා නම් කතා කරන්නේ රටට ආදරේ නැති අයෙක්.
සංවර්ධන උපයමාර්ග සහ විදේශ වෙළඳාම් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා - සහනාධාර අවශ්‍ය තැනට සහනාධාර ලබාදිය යුතුයි. දුප්පත් ජනතාවට සහන දෙනවා වගේම රට සංවර්ධනය කරන වැඩපිළිවෙළකුත් අපි ක්‍රියාත්මක කළ යුතුයි. හැමෝම සතුටු කරන්න පුළුවන් විදියේ අය වැය යෝජනාවලියක් ගේන්න බැහැ.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මුලසුනට පැමිණියේය.
සුජීව සේනසිංහ මහතා - මේ රටේ ඉදිරි අනාගතය සකස් කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ වෙනස ඇති කරන්න අපේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට හැකියාව තිබෙනවා. එතුමන්ලා කෑදර නැහැ.
අධිකරණ නියෝජ්‍ය ඇමැති දුෂ්මන්ත සාරථිමිත්‍රපාල මහතා - එජනිස ආණ්ඩුව කියන්නේ යුද්ධයෙන්, සුනාමියෙන් බැට කාපු රටක් ඉදිරියට ගෙනා ආණ්ඩුවක්. ඒ නිසා මේ අය වැය යෝජනාවලියත් සාර්ථක කර ගෙන අපි ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා. මේ අය වැය විදේශ ආයෝජකයන්ට විවෘත කරන අය වැයක්.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (එජනිස) -
අපේ සහෝදර මන්ත්‍රීවරුන් ගෙනා ඇතැම් යෝජනා පිළිබඳ ඇහුන්කන්දී ඒවා සංශෝධනය කරමින් කටයුතු කිරීම ගැන සතුටුවෙන්න පුළුවන්. ශ්‍රීලනිප ඇමැතිවරුන්ට එවැනි යෝජනා කර තිබෙනවා.
නමුත් මේ අය වැයට අපි කොතරම් සංශෝධන ගෙනාවත් මේ අයවැය නිවැරදි දිහාවට ගෙනියන්න පුළුවන්ද කියන ගැටලුව මට තිබෙනවා. මේ අය වැයේ යෝජනා තිබුණාට ඒවාට ප්‍රතිපාදන ලබාදී ඉලක්කගත වැඩපිළිවෙළක් තිබෙනවාද.
විදුලි සංදේශ හා ඩිජිටල් තාක්ෂණ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා - අද රටේ විනිවිධභාවය තිබෙනවා. ආයෝජයන් පැමිණීමට නම් රට වෙනස් කළ යුතුයි.ආයෝජකයන් නොමැතිව ආර්ථිකය දියුණු
කරන්නේ කොහොමද? ඉතිහාසයේ පළමුවරට වැඩපිළිවෙලක්,දැක්මක් ආර්ථිකයක්, ගමනාන්තයක් ඇතුළත් කර තිබෙනවා.
ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා අතර සුසංයෝගයක් ඇති කර රට දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. මෙය යහපලන ආණ්ඩුවේ පළමු අයවැයයි. අපි ආයෝජකයන් ගෙන්වා ගන්නවා. ඉන්පසු රට දියුණු කරගන්නවා.මධ්‍යම පන්තියට සළක තිබෙනවා. ආයෝජකයන් නොමැතිව ආර්ථිකය දියුණු කරන්නේ කෙසේ ද? අද රටේ විනිවිධභාවය තිබෙනවා. මාධ්‍ය නිදහස තිබෙනවා. ඒකයි රටේ ඇතිව තිබෙන වෙනස. ජනධිපතිතුමා, අගමැතිතුමා අලුත් මාවතකට රට ගෙන යනවා.
මුදල් ඇමැති රවී කරුණානායක මහතා-
මෙය රටේ අය වැයයි.අපි මේ රටේ ආර්ථිකය හදනවා. ඒ සඳහා සියලු දෙනා එකතු කර ගන්නවා. දේශීය ව්‍යවසායකයට දිරිගැන්වීම් කරනවා. මේ රටට තාක්ෂණය ගේනවා. රටේ ඉලක්ක සපුරා ගන්නයි ආයෝජකයන් ගෙන එන්නේ. අය වැයේ අවශ්‍යතාව පරිදි නම්‍යශීලීව කටයුතු කරනවා. අපි අලුතින් ම ආර්ථිකය ගොඩනඟන්න සිතුවා.ඇතැමුන් සංවිධායකව අදහස් ඉදිරිපත් කළා. ඇතැමුන් කුහක කමින් ඉදිරිපත් කර තිබෙනවා.
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    වේලෙන ත්‍රෙඩ් දන්නා එපා නොට්ටිගේ පුතෝ


    ජාත්‍යන්තර ප්‍රතිරූපය කියන්නේ පිටරට ගිහින් සුද්දට පුක දීල අත ඉම්බින එකටද?
     
    • Like
    Reactions: kaveezh