ජාතිකවාදය ද ගෝලීයවාදය ද?
මේ ලෝකේට මිනිසා පහල වෙලා දැන් වසර ලක්ෂ 2ක්. පරිණාමවාදයට අනුව චිම්පන්සියෙකුගේ සිට අද දක්වා ආපු ගමන දිහා හැරිලා බැලුවොත්, අප රාජ්‍යයන් ලෙස සංවිධානය වෙන්නේ මීට අවුරුදු 5000කට පමණ පෙර. ඊට කලින් කුඩා රැළක්, ගෝත්‍රයක්, සමූහයක් විදියට ජීවත් උනත්, රාජ්‍යයන් ලෙස මුලින්ම Sumer වල ( දැන් ඉරානය තියෙන කිට්ටුව) මිනිසුන් සංවිධානය උනා. මේ රාජ්‍යයන් ඉන්දියාවේ පහළ වෙන්නේ මීට අවුරුදු 3000 කටත් පෙර.
හැබැයි මීට වසර 40,000 කට පෙර සිටම මිනිසුන් ලංකාවෙත් වාසය කලා. කළුතර පාහියන්ගල ලෙන, බලංගොඩ බටදොඹ ලෙන වගේම කිතුල්ගල බෙලිලෙන ආශ්‍රිතව හමුවන ගල් යුගයේ මිනිස්සු ඒ කාලය පුරාවටම ලංකාවේ මානව ජනාවාස තිබූ බවට ඔප්පු කරනවා. දඹදිව බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ මීට අවුරුදු 2600කට පෙර. උන්නාන්සෙත් රජ පවුලක කුමාරයෙක් නේ. බුදු හාමුදුරුවෝ උන්නාන්සේ ගේ ජීවිත කාලය තුල 3 පාරක් ලංකාවට වැඩම කරනවා. එතකොට අපේ රටේ රාජ්‍යයක් පිහිටුවලා නෑ. හිටියේ කුල ගෝත්‍ර වලට සංවිධානය උන මිනිස්සු. හැබැයි තපස්සු භල්ලුකලා ඇවිත් ගිරිහඬු සෑය හදන්නෙත් ඒ කාලේ. ඔය ත්‍රිකුණාමලයට උඩින් යාං ඔය අසබඩ තවමත් නටබුන් තියෙන ශිෂ්ඨාචාරය ආන්න ඒ කාලෙම හදපුවා.
විජය කුමාරයා එන්නේ සම්බුද්ධ පරිනිර්වාණයට පස්සේ. ඇවිත් කුවේණිත් එක්ක හැදෙන සම්බන්ධයෙන් පසුව ලංකාව රාජ්‍යයක් බවට සංවිධානය වෙන්නේ වසර 2500 කට පෙර. මේ තියෙන්නේ එතැන් පටන් ආපු ගමන.
හැබැයි ලෝකයවත් , මිනිසාවත් පරිණාමනය වෙන එක නතර උනේ නෑ. පසුගිය වසර 500 ගත්තාම ටික ටික මුළු ලෝකයම එකම යායක් වෙන්න ගත්තා. අපි ඒකට ගෝලීයකරණය කිව්වා. රාජ්‍යයන් හැදුනා, අධිරාජ්‍යයන් හැදුනා. ඒවා බිඳ වැටුනා, ආයෙත් හැදුනා, මිශ්‍ර උනා, කළවම් උනා. ඉතිං ඒ පරිණාමනය තුල ලෝකයේ රාජ්‍යයන් ටික ටික කුඩා වෙන්න ගත්තා. දැන් මේ වෙනකොට රටවල් 200 ක් පමණ තිබුණත්, ඒවා එක එක ආර්ථික කලාප වලට එකතු වෙලා. යුරෝපා සංගමය, අප්‍රිකානු සංගමය ආදිය ඒ අතර.
මේ ආකාරයෙන් සන්නිවේදනයෙන්, ප්‍රවහනයෙන්, වෙළඳාමෙන් පමණක් නොවෙයි සංස්කෘතියෙන් පවා මිනිස්සු මිශ්‍ර වෙන්න පටන් අරගෙන. මේ ගමන රාජ්‍යයන් ගෙන් , අධිරාජ්‍යයන්ගෙන්, ආර්ථික කලාප වලින්, ගෝලීය ඒකකය දක්වා පත් වෙමින් යනවා.
මේ ගෝලීයකරණය සිදු වෙන කොට සමහර කෙනෙකුට හිතෙනවා අපි රාජ්‍යයක් ලෙස අපේ අනන්‍යතාවය නැති කර ගෙන කියලා. අපේ කම, අපේ උරුමය ගැන බියක් ඇති කර ගන්නවා. එහෙම වෙන කොට අපේ රට, අපේ කම ආරක්ෂා කර ගන්න ඕනේ කියලා ස්වදේශිකත්වය පිළිබඳව ආරක්ෂණවාදී තැනකට තල්ලු වෙනවා. ආන්න එතකොට තමයි 'ජාතිකවාදය' කියන දේශපාලන මතවාදය ගොඩ නැගෙන්නේ. ඒක ලෝකයේ ඕනේම රටක වෙන්න පුළුවන්. ඇමෙරිකාවේ ට්‍රම්ප් ජනාධිපති වෙන්නෙත්, බ්‍රිතාන්‍යයේ Brexit එක ඇති වෙන්නෙත්, ඉන්දියාවේ BJP එක බලයට එන්නෙත් ඒ ස්වදේශිකත්වය ආරක්ෂා කර ගැනීමේ වුවමනාව මත. ගෝලීයකරණයට මුහු වෙලා , තමන්ගේ කම , තමන්ගේ අනන්‍යතාවය අහිමි වෙනවට මිනිස්සු අකමැතියි.
හැබැයි ලෝකය නතර වෙන්නේ නැ. ගෝලීයකරණය කියන්නේ ලෝකයේ ස්වාභාවික ගලා යෑම. ඒක යුගයකින් යුගයකට මාරු වෙනවා. කුල ගෝත්‍ර වල සිට රාජ්‍යයන් බවටත්, රාජ්‍යයන් අධිරාජ්‍යයන් බවටත්, අධිරාජ්‍යයන් ආර්ථික කලාප බවටත් වෙනස් උනා වගේ, ලෝකයේ ඊළඟ යුගය ගෝලීයවාදය. ගෝලීය රාජ්‍යය.
අපිට එයට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි එතකොට පස්සට යනවා. මොකද අපි කරන්නේ ආපහු ආපස්සට යන්න හදන එක. දෙමළ මිනිසුන් ඉන්දියාවට යවන්න, මුස්ලිම් මිනිස්සු අරාබියාවට යවන්න කියලා කිව්වට , කිසිම රටකට එහෙම කරන්න බෑ. රිවස් ගියර් ලෝක සමාජයට නෑ. වෙන්නෙම මුහු වීම, වෙන්නෙම රාජ්‍යය සීමාවන් බොඳ වෙලා ගෝලීය පරිපාලන යාන්ත්‍රණයක් බිහි වීම. අපි ඒ රටාවට විරුද්ධ වීම කියන්නේ දිය ඇල්ලක් පල්ලෙහාට ගිහින් වතුර වල එල්ලිලා උඩට නගින්න හදනවා වගේ. ගැටුම්, යුද්ධ, විනාශ විතරයි අපිට ලැබෙන්නේ.
ඒ නිසා සාමකාමී , ප්‍රජාතන්ත්‍රවාදී , සුභවාදී රාජ්‍යයක් නිර්මාණය කරනවා නම්, අපිට සිදු වෙනවා මේ යුග පෙරළියට හැඩ ගැහෙන්න. වෙනස් වීමම තමයි ලෝකයේ නොවෙනස් එකම ධර්මය.
ඒ නිසා ඔබට ජාතිකවාදය අල්ලගන්න පුළුවන්. හැබැයි ඒක ඔබට සාර්ථකත්වය අරගෙන එන එකක් නෑ. රට සාර්ථක වන්නේම ගෝලීයකරණය හා මුහු වීමෙන්. විශේෂයෙන් අපි වගේ පුංචි ජාතියක්. තේරීම ඔබ සතු නෑ. එහෙත් Early adopter කෙනෙක් හෝ late resistor කෙනෙක් වෙන එක ඔබට බාරයි.
පැතුම් කර්නර්