ජාතිකවාදය_තහනම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජාතිකවාදය_තහනම්

සුදු ජාතිකවාදය සහ බෙදුම්වාදය තහනම් කිරීමට ෆේස්බුක් පියවර ගනියි.



_105268575_facebook.jpg



ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා 'සුදු ජාතිකවාදය සහ බෙදුම්වාදය අගය කිරීම්, ඊට සහය පළ කිරීම සහ එම මතවාදය නියෝජනය කිරීම' අවහිර කරන බව ෆේස්බුක් සමාගම පවසයි. "ත්‍රස්තවාදී කණ්ඩායම්" විසින් පළ කරනු ලබන අදහස් හඳුනා ගැනීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීමට සහ ඒවා අවහිර කරන බවට සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෆේස්බුක් සමාගම ප්‍රතිඥා දී ඇත. ප්‍රකෝපකාරී යෙදුම් සොයන (Search) ෆේස්බුක් භාවිත කරන්නන් අන්ත දක්ෂිණාංශිකත්වයට එරෙහිව සටන් කරන ස්වේච්ඡා සංවිධානයක් වෙත යොමු කිරීමට මේ අනුව පියවර ගනු ඇත. නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකක් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාර සජීවීව විකාශය කිරීමත් සමග ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත වෙත පීඩනයක් එල්ල විය. ජාතිවාදී අදහස් යැයි තමන් විසින් නොසලකනු ලබන ඇතැම් සුදු ජාතිකවාදී අදහස් ප්‍රකාශ කිරීමට ෆේස්බුක් මීට ඉහතදී අවස්ථාව දී තිබිණි.


_106212098_9cf13a02-0361-40f1-9402-b2421480a605.jpg




"ඇමරිකානු අභිමානය (American pride) සහ බස්ක් බෙදුම්වාදය (Basque separatism) වැනි ජනකොටස්වල අනන්‍යතාවයේ වැදගත් කොටසක් වන" පිළිගත හැකි සුදු ජාතිකවාදයේ ප්‍රකාශනයක් ලෙස තමන් සැලකු බව එහෙත්, බදාදා (මාර්තු 28) එම ආයතනය බ්ලොග් පිටුවක සඳහන් කර තිබුණේ, "සිවිල් සාමාජිකයින් සහ විද්වතුන්" වෙතින් මාස තුනක් තිස්සේ ලත් උපදේශන අනුව සුදු ජාතිකවාදය යන යෙදුම, සුදු ආධිපත්‍යය සහ සංවිධානාත්මක වෛරී කණ්ඩායම් යන අරුත්වලින් වෙනස් නොවන බව හඳුනා ගත් බවය.


'හුදු තැපැල්කරුවෙකු නොවේ'

නවසීලන්තයේ සිදුවූ වෙඩි තැබීම්වලින් පසු ඉදිරියට ආ ලෝක නායකයින් සමාජ මාධ්‍ය සමාගම්වලින් ඉල්ලා සිටියේ, ඒවායේ පළ කෙරෙන අන්තවාදී අදහස් පිළිබඳව මීට වඩා වගකීමක් ගන්නා ලෙසය. සමාජ මාධ්‍ය යනු "ප්‍රකාශකයෙකු මිස හුදු තැපැල්කරුවෙකු නොවන" බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් පවසා තිබිණි.


_106207753_66842ead-44d4-487f-8a9f-0c86d5d833de.jpg


නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න්


50 දෙනෙකුට මරු කැඳවූ වෙඩි ප්‍රහාරයේ වීඩියෝ දර්ශන ඉවත් කිරීමට පෙර 4000කට වැඩි වාර ගණනක් එය නරඹා තිබූ බව ෆේස්බුක් සමාගම පිළිගෙන තිබිණි. එම සමාගම පැවසුවේ, පැය 24ක් ඇතුළත එම වීඩියෝවේ පිටපත් මිලියන 1.2ක් 'අප්ලෝඩ්' කෙරෙමින් පවතින අතරතුර අවහිර කළ අතර, තවත් පිටපත් 300000ක් මකා දැමූ බවය.මේ අතර, එම වීඩියෝව පළ කිරීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් ෆේස්බුක් සහ යූටියුබ් සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට ප්‍රංශයේ මුස්ලිම් ප්‍රජාව පියවර ගෙන ඇත.


_106209444_a15d2aab-0747-42f5-b4da-276c10b2bee5.jpg



නවසීලන්තයේ සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

තවත් තාක්ෂණික ක්ෂේත්‍රයේ කණ්ඩායම් කිහිපයක් වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තේය. Reddit සමාගම නවසීලන්ත ප්‍රහාරයේ වීඩියෝ දර්ශන පළ වීම හේතුවෙන් සිය "watchpeopledie" නමැති මණ්ඩපය (forum) අත්හිටුවීමට පියවර ගෙන තිබිණි. 'Steam' පරිගණක ක්‍රීඩා ජාලය අයත් 'Valve' සමාගම පැවසුවේ, නවසීලන්තයේ වෙඩි ප්‍රහාරකයා අගයමින් පළ කර තිබූ අදහස් 100කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කළ බවය.


BBC-World-News.png

images
 
Last edited:

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    එතකොට ඕකෙ අනිත් පැති ටික black අයගේ, Arabic අයගේ racist අදහස්? මේ කියන එක වැරදියට ගන්න එපා white උන් තමයි ගොඩක් ම racist හැබැයි අනිත් අයත් එහෙම අඩුවක් නැ.

    මන් මේ ලඟදි දැක්ක black producers කෙනෙක් කියනවා එයා එයාගෙ film වලට ගන්නේ black අය විතරයි ලු. ඕක වෙන race එකක කෙනක් කිව්වා නම් උට Twitter එක දිහා ආයේ නොබලන්න වැඩ කරන්වා කට්ටිය. හැබැයි black කෙනක් නිසා racist උනාට අවුලක් නැ.

    Racist එකටත් පාට තියෙනව. :P

    America වගේ රටවල් community එක balance කරන්න කියලා කරන දේවලින් එක කලින් ටත් වඩා unbalanced වෙලා.