ජාතික ආරක්ෂාව අනතුරේ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ජාතික ආරක්ෂාව අනතුරේ

    ආරකෂාව විකුනගෙන සහරාන් දෙයියට පින් සිද්ද වෙන්න බලේ ගත්තට රටට කැබිනට් ආරක්ෂක ඇමති කෙනෙක් නෑ. ආරක්ෂක රාජ්‍ය ඇමති විදිහට වයස 80ක නාකි මනුස්සයෙක් වෙන චමල් මුත්තා දිවුරුම් දීලා.මුන්ට තරු පෙන්න චන්දෙ දුන්න එවුන්ටත් එක්ක තව අන්තවාදීන් ටීකක් ගහලා ගියොත් එතකොට කරපු මෝඩකම මිනිස්සුන්ට තේරෙයි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ආරකෂාව විකුනගෙන සහරාන් දෙයියට පින් සිද්ද වෙන්න බලේ ගත්තට රටට කැබිනට් ආරක්ෂක ඇමති කෙනෙක් නෑ. ආරක්ෂක රාජ්‍ය ඇමති විදිහට වයස 80ක නාකි මනුස්සයෙක් වෙන චමල් මුත්තා දිවුරුම් දීලා.මුන්ට තරු පෙන්න චන්දෙ දුන්න එවුන්ටත් එක්ක තව අන්තවාදීන් ටීකක් ගහලා ගියොත් එතකොට කරපු මෝඩකම මිනිස්සුන්ට තේරෙයි



    ජාතික ආරක්ෂාව ඇමති ගෝටාභය....ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න...එහෙම එකෙක් ආයි බෝම්බ ගහන්න හිතනවා නම් මුන් දෙන්නගෙන් අහලා තමයි ගහන්න වෙන්නේ ....

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    වැට් බද්ද 8% දක්වා අඩු කෙරේ : පනවා තිබු බදු රැසක් ඉවතට.



    වැට් බදු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවති කැබිනට් හමුවේදී මේ සම්බන්ධයෙන් වන තීරණය ගෙන ඇත.

    ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව දැනට සියයට 15 ක් වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද වන සියයට 2ක් වන බදු සියල්ලේ එකතුව වන සියයට 17 ක් වන මුළු බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. එය ලබන දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

    මිට අමතරව විදුලි සංදේශන බද්ද සියයට 25ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ කර ඇත. විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් සඳහා පනවා තිබෙන සම්ප්‍රේෂණ සඳහා පනවා තිබු බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර ඇත.

    එමෙන්ම ආර්ථික සේවා බද්ද, කොටස් වෙළදපලේ ආදායම් මත පනවන ප්‍රාග්ධන ආදායම් බද්ද, උපයන විට ගෙවීම් සඳහා වන බද්ද, පොලී මත පනවා තිබෙන බදු අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.




    🚨 ගෘහස්ත නිශ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි

    🚨 ආර්ථික සේවා ගාස්තු අහෝසියි

    🚨 බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද අහෝසියි

    🚨 කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු අහෝසියි

    🚨 උපයන විට ගෙවන බදු අහෝසියි

    🚨 පොලී මත අයකරන රැඳවුම් බදු අහෝසියි

    🚨 ණ්‍ය සේවා බදු අහෝසියි

    🚨 ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා හැරෙයි

    🚨 ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු අහෝසියි

    🚨 ආගමික ස්ථාන මත අයකරන සියලු බදු අහෝසියි

    🚨 විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු අහෝසියි

    🚨 විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුකරනවා

    🚨 වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස්

    http://www.elakiri.com/forum/showthread.php?t=1920884
     
    Last edited: