වැට් බද්ද 8% දක්වා අඩු කෙරේ : පනවා තිබු බදු රැසක් ඉවතට.
වැට් බදු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවති කැබිනට් හමුවේදී මේ සම්බන්ධයෙන් වන තීරණය ගෙන ඇත.
ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව දැනට සියයට 15 ක් වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද වන සියයට 2ක් වන බදු සියල්ලේ එකතුව වන සියයට 17 ක් වන මුළු බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. එය ලබන දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.
මිට අමතරව විදුලි සංදේශන බද්ද සියයට 25ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ කර ඇත. විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් සඳහා පනවා තිබෙන සම්ප්‍රේෂණ සඳහා පනවා තිබු බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම ආර්ථික සේවා බද්ද, කොටස් වෙළදපලේ ආදායම් මත පනවන ප්‍රාග්ධන ආදායම් බද්ද, උපයන විට ගෙවීම් සඳහා වන බද්ද, පොලී මත පනවා තිබෙන බදු අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ගෘහස්ත නිශ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි

ආර්ථික සේවා ගාස්තු අහෝසියි

බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද අහෝසියි

කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු අහෝසියි

උපයන විට ගෙවන බදු අහෝසියි

පොලී මත අයකරන රැඳවුම් බදු අහෝසියි

ණ්‍ය සේවා බදු අහෝසියි

ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා හැරෙයි

ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු අහෝසියි

ආගමික ස්ථාන මත අයකරන සියලු බදු අහෝසියි

විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු අහෝසියි

විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුකරනවා

වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස්
http://www.elakiri.com/forum/showthread.php?t=1920884