ජාතික කොඩිය

MassCha

Member
Jan 14, 2016
159
69
0
Minneriya
:):)අපේ ජාතික කොඩිය ගැණ මම දැනගෙන හිටියෙන් ටිකයි. පොඩි එකෙක් අහපු ප්‍රශ්ණයක් නිසා ලෙල්ලටම ඇනගත්ත නිසා පොඩ්ඩක් හොයල බැලුව උඹලටත් වටිනවයි කියල හිතුනා. හැබැයි මචං මෙික උපුටා ගැණීමක් OK....:nerd::nerd:

ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි.ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත.ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි. ජාතික කොඩියේ හැඩය ඍජුකෝනාඝ්‍රයකි.





එහි දිග පළ‍ලෙහි අනුපාතය 1.2 වේ.එනම් උස/පළල ඒකක 1ක් වන විට දිග ඒකක 2ක් චන පරිදි ය.


ජාතික කොඩියේ චිචිධ චර්ණ ,කොටස් හා සංකේතචලින් නිරූපිත අදහස්

01.කහ පාට සිංහයා- සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව , නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.
02.කහ පැහැ අසිපත- ධාර්මිකච ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මව් බිමේ ආරක්‍ෂාච උදෙසා නැගී සිටීම.
03.බෝපත් හතර- මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුලු සියලු ආගම්චලට ගරු කිරීමේ උතුම් ගුණය.
04.තද රතු/මෙරුන් පාට කොටස-ශ්‍රී ලාංකික සියලු ජනතාචගේ ජිව රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය.
05.කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක-දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ,ජා,වතු දෙමළ යනාදි සියලු සුළු ජාතීන් නියෝජනය.
06.එක සමාන පළලකින් වු කහ පටිය-ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී ති‍බේ.සියලු ජාතීන් අතර එකමුතුච. සාමය,ප්‍රඥාව හා අන්‍යෝන්‍ය අවබෝධය පැහැදිලි කරයි.
07.සිංහයාගේ හිසේ කේශර හා වලිගයේ නැවුණු ඉහල කොටස- මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැවතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාච පැවතීම සහ මැදි පිලිවෙතට ගරු කිරිම.
1948 නිදහස ලැබෙන විට අප භාචිත කළේ පැරණි රාජකීය සිංහ ධජයයි.1948 පෙබරචාරි 4 චැනිදා නිදහස ලැබු දිනයේ ඔසචනු ලැබුචේ ද මේ පැරණි ජාතික කොඩියයි.මෙම පැරණි ජාතික කොඩිය වෙන‍ුවට සංශෝධිත ‍කොඩියක අවශ්‍යතාච ප්‍රබලව මතු විය.
මේ අනුව 1948 මාර්තු 06 වැනිදා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් නිල වශයෙන් ජාතික කොඩියක් සකස් කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කළ අතර එම කමිටුව මෙසේය,

  • එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති)
  • ශ්‍රීමත් ‍ජෝන්.එල්. කොතලාවල මහතා
  • ජේ.ආර්. ජයවර්ධන මහතා
  • ආචාර්ය ලලිත් අභය රාජපක්‍ෂ මහතා
  • ටී.බී. ජයා ම
  • සෙනට් සභික එස්. නඩේසන් මහතා
  • ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා (ලේකම්)
ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි 13 චෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කොට .1951 ‍පෙබරවාරි27 චෙනිදා පාර්ලිමේන්තු‍වේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත වී 1951 මාර්තු 31 වෙනිදා පැරණි පාර්ලිමේන්තවෙ ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නව ජාතික ‍කොඩිය ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ඔසචන ලදි.නව ජාතික කොඩිය සම්මත වීමෙන් අනතුරුව ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා ය.1972 දී කොඩියේ රතු කොටුවේ මුළු හතරේ වූ පුටු කකුල් හතර ඉවත් කර බෝපත් හැඩ 4 ක් එකතු විය.ඉන් පසු නව ජාතික කොඩිය ප්‍රමිති කාර්යාංශය මගින් පළ කළ පොතක් මගින් නියම ප්‍රමාණ සහිතව සම්මතයන් ඉදිරිපත් කෙරිණි.


නව ජාතික ධජයේ චිත්‍ර නිර්මාණ භාරව කටයුතු කළේ එවකට රජයේ කලායතනයේ විදුහල්පතිවරයා වූ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා ය. කලාශූරී එස්. පී. චාල්ස් මහතා එම නිර්මාණ කටයුතුවල සහායක ලෙස කටයුතු කළේ ය. නිදහසෙන් පසු නිර්මාණය වූ ප්‍රථම ජාතික කොඩියේ ප්‍රධාන ලක්‍ෂණය වූයේ පැරණි සිංහල ධජයට වම් පසින් කොළ යා රඹ පැහැ සිරස් පටි දෙකක් යා කොට එක් කිරීම ය.තවද ඒ පටි දෙක හා රතු ඍජුකෝනාඝ්‍රය අතර කහ පටියක් ද සමස්ත කොඩිය වටේම කහ පැහැ පටි සිරස්ව හා තිරස්ව යෙදීමද සිදු විය.මෙම කොඩියේ කොළ හා තැඹිලි (රඹ) පැහැති සිරස් පටි සමාන පළලකින් යුක්ත ය. සමස්ත කොඩියේ තිරස් පළලට,මෙම එක් සිරස් පටියක පළල දරන අනුපාතය 1.7 වේ. එනම් මුළු කොඩියේ තිරස් පළල කොටස් 7ට ‍බෙදු විට (කොළ පැහැති පටියට බාහිරව ඇති කහ පාට තිරස් පටියේ පළල කොටස අතහැර) 1/7 පළල ප්‍රමාණයක් තිරස් කොළ හා තැඹිලි පටිවල වෙන වෙනම තිබිය යුතු ය. ප්‍රදර්ශනයට යොදා ගනු ලබන ජාතික කොඩිය, එහි සැලැස්ම,දිග පළල, වර්ණය ආදිය සම්බන්ධයෙන් S.L.S 693-1985 අංක දරණ ශ්‍රි ලංකා ජාතික කොඩිය සදහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූල විය යුතු ‍වේ.


ජාතික කොඩි‍ය භාවිත කළ යුතු ආකාරය

1. ජාතික ‍කොඩිය කිසිදු විටක පොළවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැ‍ගෙන නොයා යුතු අතර සෑම විටම යෂ්ටිය ඍජුව සිටින සේ ගෙන යා යුතුය.

2. ජාතික කොඩිය ,වෙනස් කොඩි සමග පෙරහැරක ගෙන යන විට එය තිබිය යුත්තේ පෙළපාළියේ දකුණු පසින් වන අතර වෙනත් කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙ‍ළේ මැදට ජාතික කොඩිය ගෙන ආ යුතුය.

3. කිසිවක් හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් නොකළ යුතු ය.

4.කිසිදු අවස්ථාවක ජාතික කොඩිය බිම නොතැබිය යුතුය.

5. ජාතික කොඩිය ඔසවන අවස්ථාවක දී සීරුවෙන් සිට එස විය යුතු අතර සියලු දෙනාම නැගී සිටිය යුතුය.

6. ජාතික කොඩිය එස වූ විගස ජාතික ගීය වාදනය හෝ ගායනය සිදු කළ යුතු අතර වෙනත් කිසිදු සංගීත භාණ්ඩයක් වාදනය නොකළ යුතුය.

7.හානියට පත් වූ හෝ අවල‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂණ වූ ජාතික කොඩියක් ප්‍රදර්ශණය නොකළ යුතු අතර ජාතික කොඩියට ඉහළින් වෙනත් කිසිදු ධජ ,පතාක හෝ සැරසිලි නොතිබිය යුතුය.

8.ජාතික කොඩිය කිසිදු අවස්ථාවක අදින ඇදුමක් ,ඇතිරිල්ලක් ලෙස භාවිත කළ නොහැකි අතර රාජ්‍යය / හමුදා අවමංගල්‍යයවල දී ආස්තරණයක් ලෙස භාවිත කළ හැකිය.

9.ජනපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට සිදු කරන ජනපති වර්ණ ප්‍රදානයක දී හැර කිසිම සලකුණක් ,ලාංජනයක්,වචනයක්,රූපයක් ජාතික කොඩිය මත නොතැබිය යුතුය.

10.ජාතික කොඩියේ කුමන හෝ නිරූපනයක් අවසර රහිතව භාවිත කිරීම ද තහනම් වේ.

:nerd::nerd:





 
Last edited:

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
11.gif
11.gif
11.gif
11.gif