ජාතික ගැටලුවට

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    ශ්‍රී ලාංකික සමාජවාදී දේශපාලන පක්ෂ ධනපතියන්ට කඩේ යන මොහොතක එක් තරුණයෙකු , නව සමාජවාදී පක්ෂයක් මෙරට තුල බිහි කිරීමට මූලිකත්වය ගත්තේය.එම පක්ෂය අන් කිසිත් නොව ජනතා විමුක්ති පෙරමුණයි. එය බිහි කල පුද්ගලයා රෝහණ විජේවීර නම් විය. ලංකා ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ,දුර දක්නා නුවණින් යුතු වූ නායකයා ඔහු විය.එය අදටද එසේමය.

    පක්ෂයේ ආරම්භයේ පටන්ම එය ධනපතීන්ට වහ කදුරු මෙන් විය. පක්ෂය පිට බොරු චෝදනා පටවා තහනමට ලක් කල අතර, එය තහනමින් මුදවා ගැනීමට ඉඩක් ලබා නොදුනි. එයට එරෙහිව සටන් වැදීමට පක්ෂයට සිදු විය. එහිදී 60000 කට අධික පිරිසක් ඝාතනයට ලක් විය.ලෙයින් මර්ධනය කිරීමට උත්සාහ කලද, ධනපති ආණ්ඩුවල එම උත්සාහයද අසාර්ථක විය.එදා සිට අද දක්වා ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන හැසිරවීම රටට උවමනා අයුරින් සිදුකරනු ලබන අතර,එය දෙස බලා සිටීම, ධනපතීන් විසින් කා විසි කරන කටු ලොවන සුනඛයන්ට අදද ගැරඩියාට භූමිතෙල් දැම්මා වැනිය.අප එයට අනුකම්පා කරන්නෙමු.

    රෝහණ විජේවීරයන් ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට අති සාධාරණ හා චිරාත්කාලීන විසදුමක් ඉදිරිපත් කරන ලදී.එම වැඩපිලිවෙල දෙමළ ඊලාම් අර්බුදයට විසදුම කුමක්ද? යනුවෙන් පක්ෂයේ අධ්‍යපන අංශය විසින් පොතක් ලෙස නිකුත් කරන ලදී.එහි ඉතා නිවැරදි ලෙස ජාතික ගැටලුව හදුනාගෙන ඇති අතර එයට නිවැරැදි විසදුමද ඉදිරිපත් කර ඇත. එහිදී අනෙකුත් දේශපාලන පක්ෂ ජාතික ගැටලුව හා සම්බන්ධ එකල භාවිතාවන් පිලිබදවද සදහන් වේ. එම භාවිතාවන් අදද මහා වෙනස්කමක් නොමැතිව එලෙසම පවතී..ඔවුන්ට ජාතික ගැටලුවට විසදුමක් නැත.කිසිදාක ඔවුන්ගේ දේශපාලන භාවිතාවන් තුල ජාතික ගැටලුව තව තවත් සංකීර්ණ වූවා මිසක එය විසදුනේ නැත.

    ජාතික ගැටලුවට විසදුමක් ඉදිරිපත් කල එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වේ.එකම නායකයා රෝහණ විජේවීර නම් වූ ශ්‍රේෂ්ඨ මිනිසාය... බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන අන්තවාදී වාමාංශික ව්‍යාපාර වලට යන එන මං නොමැති වූ කල, ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කිරීම විලාසිතාවක් බවට පත් වී ඇත. ධනපතීන් ඔවුන්ට අවශ්‍යය පොහොර සපයයි. අවසාන ලෙස යමක් කිව යුතුය.
    අප වැඩපිලිවෙලක්,ප්‍රතිපත්තියක් ඇති පක්ෂයක් වන අතර එය තුල ප්‍රතිපත්ති රැකිය නොහැකි පුද්ගලයින්ට රැදිය නොහැකි වනු ඇත.එමෙන්ම ලෙයින් මර්ධනය කල නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණ, සුනඛයන්ගේ උඩු බිරීම් වලට තම ගමන වලකා ලීමට කිසි සේත්ම ඉඩ නොතබනු ඇත..

    (දිනූෂ පරණවිතාන)