ජාතික රෝහල ලෝක වාර්තාවක් තබයි : කැපුණු ජනන#

A cut off genitals successfully rejoined in the colombo national hospital at the first time
පුත්තලම 27 හැවිරිදි එක්දරු පියකුගේ කැපී ගිය ජනනේන්ද්‍රිය පැය 12ක සැත්කමකින් පසු බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පිරිසක් සමත් වූහ. මෙවැනි සැත්කමක් ලෝකයේ සිදු කළ මුල් අවස්ථාව මෙය බව වෛද්‍ය මතයයි. බ්ලොග්ගල් නිෂ්පාදකයකු වන ඔහුගේ ජනනේන්ද්රියට වක් පිහියකින් මේ අනතුර සිදුව ඇත. ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වෙතියි වෛද්‍යවරු විශ්වාස කරති.
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ උප ප්‍රධානී ශල්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මික දිසානායක මහත්වරුන්ගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීවරුන් වන කපිල මෙන්ඩිස්, අරුණජිත් අමරසිංහ, කේ කෙලින්, ලේඛකාධිකාරී වෛද්‍ය කුමාරන්, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රවීන්ද්‍ර රාජපක්ෂ මහත්වරු ශල්‍යකර්මය සිදු කළහ.
මෞත්‍ර ලිංගික ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා මහතාගේ සහ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලලන්ත අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් ද ඒ සඳහා ලැබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ධම්මික දිසානායක මහතා මෙසේ ද පැවසීය.
‘මෙම රෝගියා කොළඹ ජාතික රෝහලට එවා තිබුණේ පුත්තලම රෝහලෙන්. ජනනේන්ද්‍රිය වෘෂණ කෝෂ සමගින් සම්පූර්ණයෙන් ශරීරයෙන් වෙන් වී තිබුණා. පාන්දර හතර හමාරට පමණ සිදු වූ කැපුම් තුවාල වලින් පසු පැය හතරක් ඇතුළත රෝගියා රෝහල් ගත කර තිබුණා.
සැත්කම සාර්ථකව නිමකිරීමට රෝගියා රෝහලට ගෙන ඒමට ගත වූ කාලය සහ ලිංගේන්ද්‍රය රෝහලට ගෙන ආ නියම ක්‍රමයත් වැදගත් වුණා.
විශේෂයෙන් මතක් කළ යුතුයි අවයවයක් කැපී ගියහොත් එම අවයවය පිරිසිදු බෑගයක දමා අයිස් දැමූ බෑගයක බහා හැකි ඉක්මණින් රෝගියා රෝහලට ගෙන ආ යුතුයි.
කැපීගිය අවයවය සම්පූර්ණයෙන් සේලයින් ජලයේ දමා ගෙන ඒම හා තනිකරම අයිස්වල බස්සවා ගෙන ඒම වැරදි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා මෙසේ ද පැවසීය.
‘මෙම අවයව බද්ධ කිරීම මේ ආකාරයෙන් සිදු වන්නේ ලොව ප්‍රථම වතාවට. මෙය කොතරම් තියුණු ලෙස කැපී තිබුණාද කිව්වොත් එකවර කැපී ගිහින් තිබුණා. වන් ෂොට් කැපුම් ලෙස අප හඳුන්වනනේ මෙවැනි කැපුම් වලටයි
අප මෙහිදී මුලින්ම සම්බන්ධ කළේ ජනනේන්ද්‍රියේ මුත්‍රා මාර්ගය. ඉන් අනතුරුව ලිංගය ප්‍රාණවත් වීමේ පටක සම්බන්ධ කළා. රුධිර ධමනි, ශිරා, කෝෂ වලට සම්බන්ධ පටක, ධමනි සම්බන්ධ කළා. මෙය පහසු කටයුත්තක් නොවේ.
මා මගේ වෛද්‍ය කණ්ඩායම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. මට අවශ්‍යයි විශිෂ්ඨ වෛද්‍ය කණ්ඩායමක් බිහිකරමින් මගේ රටට සේවය කරන්න. අපි මේ රටේ ඉපදුන මිනිස්සු. අපේ වෛද්‍යවරුන් දක්ෂයි. ඔවුන්ගේ දක්ෂතා මගේ රටේ මිනිස්සුන්ට ලබා දෙන්නයි මට අවශ්‍ය. ඒ සඳහා අපට පහසුකම් අවශ්‍යයයි.‘
තුවලකරුගේ බිරිඳ ලබා දුන් ප්‍රකාශයට අනුව මෙය ඔහු විසින්ම කරගත් අනතුරක් බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

... මාර සීන් එක ... ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනව .. ශල්‍යකර්මය කරපු ඩොක්ටර්ස්ලටත් ස්තුතියි ... 