ජාතික විධායක

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සහ යහ පාලනය පිහිටුවීමට අදාළව ක්ෂණිකව ඉටුකරගත යුතු කටයුතු කර ගැනීම සඳහා පිහිටුවන ලබන ජාතික විධයාක සභාව අද 15 සවස 5.00ට ප්‍රථම වරට රැස්වීමට නියමිතය. [FONT=&quot]දින සියයේ වැඩපිළිවෙල තුළින් ඉටුකරගත යුතු මෙම හදිසි ප්‍රතිසංස්කරණ ඉලක්ක කොටගනිමින් ක්‍රියාකිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික විධායක සභාවක් පිහිටුවන ලෙස යෝජනා කළ අතර අනිකුත් පක්ෂ සියල්ල එයට එකඟවීම මත එම සභාව පිහිටුවීය.[/FONT]
[FONT=&quot]සියලුම පක්ෂ නියෝජනය කරමින් එම පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින්ද මෙයට සහභාගී වීමට නියමිතය.[/FONT]
[FONT=&quot]මෙට මූලික වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන[/FONT][FONT=&quot], හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පුජ්‍ය අතුරලියේ රතණ හිමි, ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. සුමන්ධිරන්, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝගනේෂණ් ඇතුළු නායකයින් රැසක් සහභාගී වීමට නියමිතය.[/FONT]
[FONT=&quot]පසුගියදා පැවති ජවිපෙ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා පැවසූවේ මෙම ජතික විධායක සභාවේ යෝජනාව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙලට තම පක්ෂය විසින් ලබා දුන් යෝජනාවක් බවයි.[/FONT]
[FONT=&quot]
[/FONT]