ජාතික ස්වයංවින්දන මාසයයි….
ජාතික ස්වයංවින්දන මාසයයි….
අවවාදයයි ! මෙහි ඇති සමහර කරුණු, පිරිසිදු යැයි ඔබම කියාගන්නා ඔබගේ මනසට ගෝචර නොවනු ඇත…. කියවන්න අකමැති අය කියවන්න එපා….කියවලා මට බනින්නත් එපා….
අද උදේ නැගිටලා ඇල්කෙමියාගේ රසායනාගාරයට මානව ලිංගිකත්වය (ඉදිරියේදි බලාගන්න ලැබෙයි) ගැන ලිපියක් කෙටුම්පත් කරන වෙලාවේ කියවපු ලිපියක තිබිලා දැනගන්නට ලැබුණ කරුණක් නම් මැයි මාසය ඇමරිකාවේ ජාතික ස්වයං වින්දන මාසය කියලා නම් කරලා තියෙන බවයි. ඇත්තෙන්ම මෙම නම් කිරීම පිටුපස බොහොම වටිනා විස්තරයක් තියෙනවා.
මෙය ඇත්තටම පටන් ගත්තේ 1995 දී ඇමෙරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරිය (Surgeon General) වූ ජැකලයින් එල්ඩර්ස් සේවයෙන් පහකිරීමට විරෝධතාවය දැක්වීමක් ලෙසින්. සිද්ධිය මෙසේයි. 1994 දි ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති දේශනයක් අවසානයේ සභාවේ සිටි අයෙක් විසින් අසන ලද ලිංගික කටයුතුවලට ස්වයං වින්දනයෙන් සිදු වන අහිතකර බලපෑම සම්බන්ධයෙන් ඇය දුන් පිළිතුර මත ඇයව ඉල්ලා අස් වීමට යොමු කළා. ඇය පැවසුවේ ඈ සිතන පරිදි ස්වයංවින්දනය යනු මානව ලිංගිකත්වයේ කොටසක් බවත් එය සමහරවිට ඉගැන්විය යුතු දෙයක් බවත් ය. මේ පිළිතුර නිසා අපහසුතාවයට පත් ඇමරිකානු රජය ඇයට ඉල්ලා අස්වන්නට බල කළා… එයින්ම ඇමරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරියගේ සේවාව අවසන් වුනා. මෙයට ප්‍රතිචාර දැක්වීමට සැන් ෆ්රැන්සිස්කෝ හි ලිංගික උපකරණ සමාගමක් වන Good Vibrations විසින් මැයි මාසය ස්වයං වින්දන මාසය බවට නම් කෙරුවා.. මේ අනුව ඔවුන් ස්වයං වින්දනය පිළිබඳ ජනතාව දැනුවත් කළ අතර විවිධ මාධ්‍ය මගින් එය අධ්‍යාපනිකව පවා ඉදිරියට ගෙන ගියා. ඔවුන් පවසන්නේ 99% ක් ස්වයං වින්දනය ලබන බවත් ඉතිරි 2% බොරුකාරයන් බවත්ය….