ජාතික_ගීය

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    දෙමළ භාෂාවෙන් ශ‍්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමට අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊට අනුමැතිය ලබා දුන් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කළේය.

    මේ අතර ඉන්දියාවේ New Indian Express පුවත්පත වාර්තා කරන්නේ ඊයේ පැවැති ජාතික විධායක සභාවේදී ජනාධිපතිවරයා විසින්ද මේ බව පවසා ඇති බවයි. ඒ සඳහා වන නව චක්‍රලේඛය නිකුත් කිරීමටද සභාවේදී එකඟ වී ඇතැයි එම වාර්තාවල දැක්වේ.

    මෙන්න දැනටම දෙමළ ජාතික ගීය හදලා ඉවරයි. http://youtu.be/Uz5TepKaNmI

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන ව්‍යවස්ථාවේ මෙලෙස සඳහන් වෙනවා.
    "ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වැනි උපලේඛනයෙහි දැක්වෙන්නේය"

    ඒ අනුව "ශ්‍රී ලංකා තායේ" නැමැති දෙමළ ගීතය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නකි. එම ගීතයට අවසර දීම හරහා මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා.

    එකම රටකට ජාතික ගීත කීපයක් කුමකටද? ජාතීන් හැට ගානක් ඉන්න ඉන්දියාවේ තියෙන්නේත් එකම ජාතික ගීතයයි. දැනටම අරාබි බසිනුත් ජාතික ගීය ගයන්න ඕනයි කියල නැගෙනහිර අන්තවාදීන් කියන්න පටන් අරන්.

    මේ යන්නේ රට බෙදෙන්නයි කියලා හෘද ස්පන්දනයක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා. එනිසා දේශපාලන දෘෂ්ඨිකෝණයෙන් මිදිලා මේකට එරෙහි වෙමු. අපේ කොල්ලෝ දස දාස් ගාණක් දිවි පුදලා රට නිදහස් කර දුන්නේ, යුද්ධෙන් බැරි වුණ දේ දේශපාලනිකව කරන්න නෙමෙයි.

    මෙන්න මූලාශ්‍රය: http://www.newindianexpress.com