ජාතියට අහිමි කළ ආහාර රටාව

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජාතියට අහිමි කළ ආහාර රටාව

ජාතියට අහිමි කළ ආහාර රටාව නැවත ගොඩනගමු​

ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය වසර 50,000 ක්‌ දක්‌වා ඈත අතීතය තෙක්‌ දිව යන බව පුරාවිද්‍යාත්මකව මේ වන විට තහවුරු වී තිබේ. එය ආසියාවේ ඉපැරණිම ස්‌ථානය බවටත් තීන්දු වී හමාරය. එම යුගයේ දී පවා විවිධාකාර ශිලා මෙවලම් පරිහරණය කර ඇති බවත් එම පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. ආචාර්ය ප්‍රේමතිලකයන් හෝර්ටන්තැන්න ආශ්‍රිතව සිදු කළ පර්යේෂණ වලදී ක්‍රි. පූ. 20,000 එපිටදී ධාන්‍ය වග_ හඳුනා ගෙන සිටි මානව සමාජයක්‌ අප රට තුළ සිටි බව තහවුරු වී ඇත. එය ඉන්දු නිම්න නාගරික ශිෂ්ටාචාරයට පවා තදබල අභියෝගයකි.

මෙතරම් දුරාතීතයේ සිට කිසියම් ආකාරයකට දඩයම් හා එෙŒර යුග ඉක්‌මවමින් දිවි ගෙවූ ජන කණ්‌ඩායම් අප රට වාසභූමි කොටගෙන ගොවිතැන් හඳුනා ගනිමින් සිටි බවට එම සාධක දෙස්‌ දෙයි. ක්‍රි. පූ. අට වැනි සියවස තුළ දී අනුරාධපුරයේ නගරයක්‌ තිබූ බවට අනාවරණය කළේ ආචාර්ය ශිරාන් දැරණියගල සූරීන් විසිනි. විජයාවතරණය වනවිට කුවේණිය කපු කටිමින් සිටි බවට මහාවංශ කතුවරයා කරන හෙළිදරව්වෙන් වුව තහවුරු වනුයේ ඒ. ක්‍රි. පූ. හය වැනි සියවස වනවිටදීත් ශිෂ්ටාචාරවත් වූ සමාජයක්‌ අප රට තුළ දිවි ගෙවූ බවය. ඒ වාගේ ම ගැටුම් සමථකරණයට සමත් අයකු වශයෙන් බුදුන්වහන්සේ හඳුනාගෙන සිටීම මගින් ද ඔප්පු කරනුයේ එම ශිෂ්ටාචාරයේ පවුරු පදනම්වල ශක්‌තිමත්භාවයයි.

එයටත් සියවස්‌ 20 කට වත් වඩා පෙරදී රාවණ, තාරක යුග පිළිබඳ පුරාවෘත්තගත කරුණු සේම, භෞතික දෑ ද කියා සිටිනුයේ අපගේ කෘෂි යුගය කෙතරම් දුරාතීතයකට නෑකම් කියන්නේද යන්නයි. හෙළ වෙදකමේ පුරෝගාමියා රාවණා රජු බවට පැරණි වෙද පරපුරුවල මතය වී ඇත්තේ ද රාවණයන් රචනය කළ බව කියන වෛද්‍ය ග්‍රන්ථ ගණනාවක්‌ ම පාදක කර ගනිමිනි.

හෙළයාගේ වෙදකම ගැන සඳහන් කිරීමට අප පෙළඹුණේ ද හෙළ ඖෂධ හා ආහාර අතර විශාල වෙනසක්‌ නොතිබුණු බවත් ප්‍රකට කාරණයක්‌ හෙයිනි. වසර දහස්‌ ගණනක්‌ කුඩා දිවයිනක්‌ තුළ කෘෂිකර්මය දායක කරගෙන නොනැසී පැවතීමට විශාල වශයෙන් දායක වී ඇත්තේ ද හෙළයාගේ මෙම සුවිශේෂ ආහාර රටාවම බවට විවාදයක්‌ නැත. ක්‍රි. ව. දහනව වැනි සියවසේදී තෝමස්‌ ස්‌කිනර් වැනි සුදු ජාතික වියතකු ශ්‍රී ලංකාව ආදම්ගේ උයනට සමාන කර ඇත්තේ ද මෙරට තුළ වගා කෙරුණු එළවළු, පළතුරු, අල, ධාන්‍ය හා වී වග_ සංඛ්‍යාවත්, මිහිමත පවතින සෑම සියලු දෙයම ඖෂධ වශයෙන් භාවිත කිරීමට සමත් හෙළ වෙදකමත් සැලකිල්ලට ගෙන බවට විවාදයක්‌ තිබිය නොහැකිය.

ශරීරයේ සෙම, පිත වාතය ඇතුළු සෙසු මූලිකාංග සමතුලිතව පවත්වා ගෙන යැමට සමත් ඖෂධීය ගුණයෙන් පිරිපුන් ආහාර රටාවක්‌ හෙළයා සමාජානුයෝජනයෙන් හෙවත් පරපුරෙන් පරපුරට රැකගෙන ඒමට සමත් වීම සිංහල ජන සමාජය මේ සා දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ නොනැසී පැවැතීමට ලබාදී ඇති දායකත්වය සුළුපටු නොවේ. රෝගයට පිළියම් කරනවාට වඩා රෝග නිවාරණයට ප්‍රමුඛත්වය දීමේ පිළිවෙතක්‌ අනුගමනය කිරීමට හෙළයාගේ ආහාර රටාවත්, ජීවන රටාවත්, සොබාදහම හා අනුගත වීමත් සෘජුවම බලපා තිබේ.

ක්‍රි. ව. 1505 දී ප්‍රථම යුරෝපීය ආක්‍රමණිකයාගේ සංක්‍රමණයේ සිට 1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට
"රැවටීම" දක්‌වාත්, අධිරාජ්‍යවාදී පාලන සමය තුළදී පවා අපගේ මුතුන්මිත්තන්ගේ ආහාර රටාව හෝ ජීවන රටාව වෙනස්‌ කිරීමට අසමත්වීම කියාපාන්නේ අපගේ මුතුන්මිත්තන් සේම, අපගේ මව් දෙමවුපියන්ගේ යුගය දක්‌වාම මාතෘභූමියටත් ජාතියටත්, ආගමටත්, අව්‍යාජව ආදරය කළ බවයි. අව්‍යාජ අභිමානයකින් යුතුව ජාතියේ බහුතරය දිවි ගෙවූ බවයි. එහෙත් අධිරාජ්‍යවාදී පාලන සමයේ සිට ම ඔවුන්ගේ තාන්න මාන්න, වරප්‍රසාද උදෙසා හෙළයාගේ වටිනාකම් පාවාදුන් පිරිසක්‌ සිටි බවත්, සුද්දාගේ අවශ්‍යතා ඔවුන්ටත් වඩා හොඳින් ඉටු කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත්තේද එම වරප්‍රසාදලාභී පිරිස්‌ විසින් ම බවත් නොරහසකි.

1815 සිට 1948 දක්‌වා වසර 133 ක්‌ රට පාලනය කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමත් වුවත්, අපගේ ජීවන රටාව, ආහාර රටාව, භාෂාව, හෙළ වෙදකම වනසාලීමට ඔවුන් සමත් නොවූ බව තර්කානුකූල සත්‍යයකි. පනහේ දශකය වන විටත් බටහිර වෙදකමේ ප්‍රතිකාර ලබාගැනීමට රෝහලකට යාම අගෞරවයක්‌ ලෙසට සැලකීමට අපගේ මවු පිය පරපුර පවා පෙළඹීම තුළින් ඔප්පු කරනුයේ අපගේ ජනතාව හෙළ වෙදකම කෙරෙහි තැබූ අචල විශ්වාසයත්, ඔවුන්ගේ නිරෝගීභාවයත් ය.

මේ සියල්ල උඩු යටිකුරු කිරීම ඇරඹෙනුයේ හැටේ දශකයේ මැද භාගයේ දී ඇමෙරිකා එක්‌සත් ජනපදය ලොවට හඳුන්වා දුන් හරිත විප්ලවය මගිනි. 1965 දී බලයට පත් බටහිර ගැති එක්‌සත් ජාතික පක්‍ෂ රජය සියවස්‌ සිය ගණනක්‌ මුළුල්ලේ අප අනුගමනය කළ කෘෂිකාර්මික පිළිවෙත් සියල්ල පාවාදෙමින් ඇමරිකානු හරිත විප්ලවයට අනුගත වූ වී වග_ අපගේ කුඹුරු වෙත ළඟා විණි. කෘෂිකර්ම නිලධාරීන් මැනිලා නුවර පුහුණුව ලබා ගොවි ජනයාට බලපෑම් කරමින් ඊට ගොදුරු කිරීම සිදු කළහ. ඒ අනුව ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට කෘෂි රසායන, කෘමි නාශක, රසායනික පොහොර අපගේ කුඹුරු වෙතට ළඟා වූයේ එම වී වග_ හා එම ද්‍රව්‍යය නිවුන් දරුවන් මෙන් වූ හෙයිනි. ඒ හා සමගම ට්‍රැක්‌ටරයත් කුඹුරට සේන්දු විනි. කුඹුරේ නියරේ පලා ටිකත්, ඇලේ මාළුවනුත්, ලස්‌සන, ජනහිතකාමී පරිසරයත් අපට අහිමි කෙරිණි. තෙල්, පොහොර, ට්‍රැක්‌ටර් කුලී සඳහා විශාල වැයක්‌ ගොවියාගේ පොකට්‌ටුවෙන් බටහිරට ගලා යැම ඇරඹිණි. ගොවියා ආර්ථික වශයෙන් බිඳී වැටීමත්, ගොවි නිෂ්පාදන වල රසය සේම ගුණයන් අහිමි වීම සිදු කෙරිණි.

1977 වෂ_ය අප රට වෙත ළඟා වනුයේ මෙවැනි පසුබිමක ය. විවෘත අර්ථ ක්‍රමය හෙවත් ලිබරල් අර්ථ ක්‍රමය ලොවට හඳුන්වා දුන් ඇමෙරිකා එක්‌සත් ජනපද රජයවත් සිදු නොකළ ආකාරයට අපගේ ආර්ථිකය ලොවට විවෘත කළේ මෙම තත්ත්වය තුළය. කෙළින් කටින් සිට ගැනීමට නොහැකිව සිටි අපගේ ගොවි ජනතාවත්, හස්‌ත කර්මාන්තකරුවනුත්, වනසාලීම ඇරඹෙනුයේ මේ ආකාරයට හඳුන්වා දුන් විවෘත අර්ථ ක්‍රමය තුළිනි. මෙරට ගොවියා වගා කළ දේත්, ඊට ආදේශකයනුත් හිතූ මතේ ආනයනය කරමින් මෙරට වෙළඳපොළ පුරවද්දී, ජනමාධ්‍ය තුළින් බටහිර ජීවන රටාවත්, ආහාර රටාවත් මෙරට තුළට හිතුමතේ රැගෙන ආවේ "නවීනFවය" හෝ "නූතනFවය" ලේබලයට මුවාවෙමිනි.

ඒ හා සමගම ආහාර ක්‍ෂේත්‍රයේ දී ගුණයට වඩා රසය හා විචාරයකින් තොරව නූතනFවය වැළඳගත් තරුණ පරපුර හා විශේෂයෙන්ම නාගරිකව වධ_නය වීම ඇරඹුණු මධ්‍යම පංතිය ඊට යොමු විණි. සුපුරුදු පාරිසරික පහස ලත් ආහාර රටාවෙන් මිදී කෘතිම රසකාරකවලින් රස කළ "වස විස වන්" බටහිර ආහාර රටාවත්, කය වෙහෙසවීමෙන් තොර ජීවන රටාවත් ආදරයෙන් වැළැඳ ගත් මේ පරපුර දශක කීපයක්‌ ඇතුළත දීම රෝගී සමාජයක්‌ බවට පත් කිරීමට සමත් වූහ.

රෝග නිවාරණයට මුල් තැන දුන් ජීවන රටාවක්‌ හා ආහාර රටාවක්‌ අනුගමනය කරමින් වසර දහස්‌ ගණනක්‌ මුළුල්ලේ ලොව මවිත කළ විස්‌කම් දැක්‌ වූ අතිශයින් ම නිරෝගී ශක්‌තිමත්, බුද්ධිමත් ජාතියක්‌ රෝහල් පුරවන, වෛද්‍යවරුන් එන තෙක්‌ පෝලිම් ගැසී බලා සිටින, මීටර් සියයක්‌ පා ගමනින් යා නොහැකි, කැත්ත උදැල්ල ඇල්ලීම සිංහල කථා කිරීම, හෙළ වෙදකම් ගැනීම මහත් බාල්දුවක්‌, අගෞරවයක්‌ ලෙසට සිතන මතන ජාතියක්‌ බවට පත් කිරීමට මේ අපගේ සමාජ දේහයට හලා හළ විසක්‌ බඳු වූ විවෘත අර්ථ ක්‍රමය සමත් වී ඇත.

කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යංශය මගින් "අපි වවමු රට නගමු" දේශීය ආහාර නිෂ්පාදනය හා පරිභෝජනයට දිරි දෙමු මැයෙන් ජාතික ආහාර සතියක්‌ ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරනුයේ මෙවැනි අඳුරේ අත පත ගානවාට වඩා ඉටි පන්දමක්‌ හෝ දැල්වීම බුද්ධිගෝචර වන හෙයිනි.

නමුත් එම උත්සාහය යථාර්ථයක්‌ කරගැනීමට නම් මෙරට ජනයාගේ ජීවන රටාවත්, ආහාර රටාවත් උඩු යටිකුරු කළ සාධක අපගේ සමාජයෙන් පළවා හැරීමට අව්‍යාජ වූත්, යථාර්ථවාදී වූත් ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ ඇරඹීම අත්‍යවශ්‍යය. දේශීය ආර්ථිකයක්‌ ගොඩනැඟීමේ ජනාධිපතිතුමාගේ සංකල්පය යථාර්ථයක්‌ කරගැනීමටත් එය අත්‍යවශ්‍යය. ඊට යෝග්‍යම වූත්, සවර්ණමය වූත් යුගය ද මෙය ම බව දේශමාමක ජාතික බලවේගයේ අපගේ විශ්වාසයයි.

ඌවතැන්නේ සුමන ස්‌ථිවිර

කියවලා බම්පියක් දාන්න අමතක කරන්න එපා
 
මේ සියල්ල උඩු යටිකුරු කිරීම ඇරඹෙනුයේ හැටේ දශකයේ මැද භාගයේ දී ඇමෙරිකා එක්‌සත් ජනපදය ලොවට හඳුන්වා දුන් හරිත විප්ලවය මගිනි. 1965 දී බලයට පත් බටහිර ගැති එක්‌සත් ජාතික පක්‍ෂ රජය සියවස්‌ සිය ගණනක්‌ මුළුල්ලේ අප අනුගමනය කළ කෘෂිකාර්මික පිළිවෙත් සියල්ල පාවාදෙමින් ඇමරිකානු හරිත විප්ලවයට අනුගත වූ වී වග_ අපගේ කුඹුරු වෙත ළඟා විණි. කෘෂිකර්ම නිලධාරීන් මැනිලා නුවර පුහුණුව ලබා ගොවි ජනයාට බලපෑම් කරමින් ඊට ගොදුරු කිරීම සිදු කළහ. ඒ අනුව ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට කෘෂි රසායන, කෘමි නාශක, රසායනික පොහොර අපගේ කුඹුරු වෙතට ළඟා වූයේ එම වී වග_ හා එම ද්‍රව්‍යය නිවුන් දරුවන් මෙන් වූ හෙයිනි. ඒ හා සමගම ට්‍රැක්‌ටරයත් කුඹුරට සේන්දු විනි. කුඹුරේ නියරේ පලා ටිකත්, ඇලේ මාළුවනුත්, ලස්‌සන, ජනහිතකාමී පරිසරයත් අපට අහිමි කෙරිණි. තෙල්, පොහොර, ට්‍රැක්‌ටර් කුලී සඳහා විශාල වැයක්‌ ගොවියාගේ පොකට්‌ටුවෙන් බටහිරට ගලා යැම ඇරඹිණි. ගොවියා ආර්ථික වශයෙන් බිඳී වැටීමත්, ගොවි නිෂ්පාදන වල රසය සේම ගුණයන් අහිමි වීම සිදු කෙරිණි.

රෙප්5+
 
  • Like
Reactions: Lewke

Athugala

Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    සුද්දෝ අපිට නොදැනිම කරලා තියෙන විනාශ ගොඩ&#3482

    සුද්දෝ අපිට නොදැනිම කරලා තියෙන විනාශ ගොඩක් විශාලයි.
    අපේ දේවල් වලට වඩා වෙන දෙවල් වලට වටිනා කමක් දීම පිටරට දෙවල් භාවිතය තමන් සුපිරි ජීවිත ගත කරන බව පෙන්වීම යන දේවල් තුලින් අපේ දේවල් අඩුවීම පසුව එම දේවල වටිනා කමක් තිබුනත් එවා භාවිතා කිරීමට තිබෙන හීනමානය තුලින් තවදුරටත් මෙම විනාශ වැඩි වීම සිදුවේ.
     
    පිට රටවල් වලින් දේවල් අපි ගන්න ඕන තමයි. ඒත් ඒව කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව, පිටරටින් ආව නිසාම තමන්ගේ රටේ දේවල් වලට වඩා ඉහළින් ගන්න ගිහින් කරගෙන තියෙන වින්න්නැහියක් අප්පච්චියේ.. දැන්වත් කල්පනා කරලා වැඩකරමු. පිටරට දේවල් එහ්මම බදාගන්නෙ නැතුව අපිට ඕන දේ, අපේ විදිහට හදලා ගමු.