ජාතියට මේ තරම්ම බය කවුද?

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ජාතියට මේ තරම්ම බය කවුද?

    2016 ජනවාරී 1 වෙනිදා ලෝකේ හැමෝම ෆුල් ආතල් එකේ ගත් කරපු දවසක් වුනාට ජර්මනියේ කොලෝන් නගරයේ ජර්මන් ජාතික තරුණියන්ට නම් ඒක එහෙම වුන වුනේ නෑ. අළුත් අවුරුද්ද ලැබීම නිමිත්තෙන් ලොකේ හැම ප්‍රධාන නගරයකම වගේ කොලෝන් නගරයේදීත් උත්සව සංවිධානය කරලා තිබුනා. වෙන අවුරුදු වල වගේම මේ අවුරුද්දේත් මේ උත්සව වලට සහාභාගී වෙච්ච ජර්මන් ජාතික තරුණියන්ට මේ අවුද්දේ මුහුණ දෙන්න වුනේ වෙන අවුරුදු වල තිබුණු සතුටුදායක අත්දැකීම් වලට නෙමෙයි. ජර්මනියට 2015 අවුරුද්දෙදී ගාල කඩාගෙන වගේ ආපු සරණාගත්‍යන්ගේ ලිංගික අතවර වලට. ඇතැම් තරුණියන්ගේ අත්දැකීම් වලට අනුව නම් ඔවුගේ ශරීරයේ සෑම සිදුරක්ම මේ පාපතරයන්ගේ අත්වලින් කෙලෙසිලා තිබුණා. ඇතැම් සරණාගත්යෝ ජර්මන් ජාතිකයන් ඉලක්ක කරලා මල් වෙඩි පත්තු කිරීම් ද වාර්තා වෙලා තිබුණා. මේ ලිංගික අතවරයන්ට තමන්ගේ රටේ අහිංසක තරුණියන් ගොදුරු වෙද්දී ජර්මන් පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමද විශේෂත්වයක් වුනා.
    Koln-crowd-01.jpg


    නමුත් මේ ඛේදවාචකයේ අපූරුම පැත්ත තමයි මේ සිද්ධිය මාධ්‍යයෙන් යට ගැසීමට ජර්මන් රජය අරගෙන ගිය වැඩ පිළිවල. මේ සිද්ධිය නිසා සරණාගතයන්ට තමන්ගේ රටට ඇතුල් වීමට ඉඩ දීමේ ජර්මන් රජයේ ප්‍රතිපත්තියට ජනතා විරෝධය එල්ල වීම වැලක්වීම තමයි මේ ක්‍රියාමාර්ග වල අරමුණ වුනේ. මේ සිද්ධීන් වලට වගා කිව යුත්තේ අප්‍රිකානු සම්භවයක් සහිත සරණාගතයින් බව සක්සුදක් සේ පැහැදිලිව තිබියදීත් මාධ්‍ය එය ඒ අකාරයට වාර්තා නොකිරීමද කැපී පෙනුනා.

    මේ සිද්ධියෙන් පසුව අදහස් දැක්වූ කොලෝන් නගරයේ නගරාධිපතිනිය වරදකරුවන්ට දඩුවම්දීම වෙනුවට ජර්මන් තරුණියන්ට සරණාගතයන්ගෙන් ඈත්වී සිටින ලෙසට අවවාද කිරීම ලෝකෙම අවධානයට ලක් වුණා.
    මේ සිද්ධියෙන් පසුව ජර්මනියේ සරණාගත් පරතිපත්තිය විවේචනය කරමින් අදහස් පළකරපු අයව Neo-Nazi වාදීන් ලෙස හංවඩු ගසනු ලැබුවා.

    මේ සිද්ධි හරියට විග්‍රහ කර ගන්න අපිට ටිකක අතීතයට යන්න වෙනවා. යුරෝපා ආණ්ඩු ජාතිය පදනම් කරගෙන ගෙන යන දේශපාලන ව්‍යාපාර වලට මේ තරමටම බය වන්නේ ඇයි? ලෝක ඉතිහාසයේ රාජ්‍යයන් ගේ නැගීමට හා දියුණුවට විශාල මෙහෙයක් කර ඇති ජාතිය කියන සාධකය ගැන අමතක කරලා 19 වන සියවසේ නිර්මාණයක් වෙන ජාතිකත්වයක් කියලා එකක් රටවල් වල මූලික පදනම විදිහට උලුප්පලා දක්වන්න හදන්නේ ඇයි?

    ඇංගලෝ ඇමරිකානු ඉතිහාසඥයන්ට අනුව නම් i හා ii වන ලෝක යුද්ධ දෙකටම හේතුව ජර්මනිය. ජර්මනියේ ජාතියේ නැගිටීම. ඒ මගින් ඇති ලෝක බලසමතුලිතතාවයට ඇති වෙච්ච බලපෑම. II ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය නැවත නැගිටිම වැලැක්වීම සඳහා ජර්මනිය දෙකට බෙදනු ලැබුවා. නමුත් බර්ලින් තාප්පය පෙරෙලිලා සෝවියට් රුසියාවේ වැටීමත් සමගම ජර්මනිය අයෙ එකතු වුණා. ඔවුන් දැන් යුරෝපයේ බලවත්ම රජ්‍යය වශයෙන් ආර්ථික වශයන් විශාල බලයක් ඇති තැනක පසු වෙනවා. නමුත් ඒ අර්ථික බලයට සෑහෙන දේශපාලන බලයක් ජර්මනිය භුක්ති විඳින්නේ නෑ. ලෝකය තාමත් පසු වෙන්න ඇංගලෝ ඇමරිකන් ආධිපත්‍යය යටතේ. ජර්මන් ජාතිකත්වයේ යලි පිබිදීම කියන්නේ ජර්මන් ජාතිය ලොක භූ දේශපාලන වේදිකාව තුළ තමන්ට හිමි තැන නැවත ඉල්ලා සිටීම. මේක නැවැත්වීම මේ සිද්ධි පිටුපස ඇති යටිපෙළ වෙනවා.
    රුසියාවද සෝවියට් යුගයෙ අළු ගසා නැගිටිමින් තමන්ට හිමි තැන ඉල්ලා සිටිනවා. Crimea ව යලි රුසියාව ඈදා ගැනීම බටහිර මාධ්‍යය යුක්‍රේනයේ ස්වාධිපත්‍යය බලය උල්ලංගනය කරමින් කරපු ආක්‍රමණයක් විදිහට පෙන්වන්න උත්සාහ කරද්දී, රුසියානුවෝ
    Crimea වෙනුවෙන් හැලුණු රුසියන් ලේ ගැන බටහිරට මතක් කර දෙමින් Crimea ව රුසියාවේ කෑල්ලක් කර ගන්නවා. මේ විදිහට ලොකේ පුරාම මතු වෙමින් යන ප්‍රවනතා දිහා බැලුවහම අනාගතයේදී ලෝක දේශපාලනයේ වැදගත් කර්‍යය ඉටු කරන්නේ ජාතිය කියන සාධකය මිසක් ඊනියා ජාතිකත්වය නොවෙන බව පෙනී යනවා. මේ භූ දේශපාලන පෙරළියට අකමැති ඇංගලෝ ඇමරිකන් දේශපාලන Establishment එක හා ඔවුන්ගේ පදයට නැටවෙන ලෝකය පුරා විසිර ඇති දේශපාලන රූකඩ හැතිකරේ මේ මතු වෙන ජාතිය පිළිඹඳ හැඟීම් යට ගහන්න හැම උත්සාහයක්ම දරනවා.
    අවුරුදු 500 ගණනක යටත්විජිත සපත්තුව පැගී සිටි සිංහල ජාතියට අළු ගසා නැගී සිටින්න හඳන කොට ඒ සිංහල ජාතිය නියෝජන කරපු දේශපාලන නායකයා වුණු මහින්දව බටහිරට හතුරෙක් වන්නෙත් ඊනියා ජාතිකත්වය හා සංහිදියාවක් ගැන මන්ත්‍රයක් ජප කරමින් සිටින, රට රටවල සංචාර ගසමින් රටට අවැඩදායක ගිවිසිම් අත්සන් කරන සිරිසේන ප්‍රමුඛ වික්‍රමසිංහ ආණ්ඩුවට විදේශ සහයෝගය ඇතිබව දක්වමින් ජාත්‍යන්තර Legitimacy එකක් ලබා දීමට කටයුතු කරන්නේත් අර පෙර කියූ ජාතිය යටගැසීමට ඇති අවශ්‍යතාවයටමයි.
    මේ තියරිය සනාථ කිරීමට ඇති තවත් එක සාක්ෂියක් නම් ජාතිය මත පදනම් වී මතු වීමට වෙර දරන දේශපාලන ව්‍යාපාර වල අංකුර දැක ගැරඩියාට භූමිතෙල් ගෑවී මෙන් දඟලන රනිල් ගේ ප්‍රකාශ වලින් හා ජාතිය පදනම් කරගෙන් බිහිවන දේශපාලන පක්ෂ තහනම් කළ යුතු යයි කතෝලික සභාවේ රදගුරු තුමා ප්‍රකාශ කර ඇති දේවල් වලින්. රදගුරු තුමා ප්‍රකාශ නිකුත් කරන්නේ ලංකාව තවමත් යටත් විජිතයක් ලෙස සලකා ගෙනය. යටත් විජිත පාලන සමයේදී නම් මිෂනාරි වරුන් ලංකාවේ නැගී එන ජාතික හැඟීම් හා ආගමික ව්‍යාපර වලට එරෙහිව සුදු ආණ්ඩුවට ඉදිරිපත් කල අදෝනා වලට ඇහුම් කම් දීමට ඉඩ තිබුනා. නමුත් දැන් එලඹී ඇත්තේ සිංහල ජාතියේ වාරයයි.

    මේ භූ දේශපාලන යතාර්ථය වටහා ගෙන 'යහපාලනය', ' ප්‍රජාතන්ත්‍රවාදය', 'විනිවිදභාවය' වගේ බටහිර දේශපාලන ශබ්දකෝචයේ සීනි බෝල අමු අමුවේ ලංකාවේ ජනතාවට ගිල්වීමමට උත්සාහ දරන මේ කාලය පිළිඹද හොඳින් සිතා බැලිය යුතුව තියනවා.
     
    Last edited: