ජාතියේ අනාගතය

aruna47

Well-known member
  • 993512_342187159241002_2019851951_n.jpg


    13 වන සංශෝධනය අහෝසි කරන්නැයි රජයට බලකර සිටින්නට ජාති හිතවාදී සංවිධාන 37ක් එකට එකතු වී ඇත. මේ සියල්ලම සිංහල බෞද්ධ සංවිධානය. සිංහල බෞද්ධ සංවිධාන සියල්ලම මේ මොහොතේදී එකට එකතු වීම සිංහල බෞද්ධයින් වන අප හට ඇත්තෙන්ම සතුටු වන්නට කාරණාවකි.
    ඇත්තය. මේ රට කෑලි වලට කඩන්නට ඉඩ නොදී එක්සේසත්ව තබා ගන්නට උවමනා සිංහල අපටය. මේ භූමිය එදා සිටම බිදෙන්නට නොදී රැකගත් සිංහල බෞද්ධයාටය. මේ සිංහල දේශය රැක ගැනීම සිංහල බෞද්ධයාගේ යුතුකම හා වගකීම වන බැවිනි.
    සිංහල බෞද්ධයින්ට පැවරී ඇත්තේ සිංහල රට රැක ගැනීමේ යුතුකම පමණක්ම නොවේ. බුදු දහම, බෞද්ධකම, හා බෞද්ධ උරුමයන් රැක ගැනීමත් සිංහල බෞද්ධයාගේ යුතුකමකි. මේ රට තුළ බෞද්ධකම රකින්නට බුරුමයෙන්වත්, තායිලන්තයෙන්වත්, කාම්බෝජයෙන්වත්, චීනයෙන්වත් බෞද්ධයන් එන්නේ නැත. එනිසා මේ රට තුළ බුදු දහම ආරක්ෂා කරගත යුත්තේ අප අපමය. මේ රටේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කරගත යුත්තේද අපමය. ඒ හැමටම වැඩියෙන් බුදු දහම රකින්නට මේ රට තුළ සිංහල ජාතිය ආරක්ෂා කරගත යුත්තේද සිංහල බෞද්ධයින් වන අප විසින්මය.
    මෑත කාලීනව සිංහල රාවය, බොදු බල සේනා වැනි ජාතික සංවිධාන බිහිවී ඉටු කරන්නට උත්සාහ ගත්තේ ඒ යුතුකමය.
    මේ ජාතික සංවිධාන විසින් අන්‍යාගම්කරණයට එරෙහිව හඞ නැගුවේ ජාතික සංවිධාන වල සිටිනා බෞද්ධයින් පමණක් ආරක්ෂා කර ගන්නට නොවේ. රට තුළම විශාල වශයෙන් බෞද්ධයින්ව අන්‍යාගම් වලට හැරවීමට එරෙහිවය. මුළු රටේම බෞද්ධයින් හා බෞද්ධකම ආරක්ෂා කරන්නටය. එසේම රටේ බොදු උරුමයන් ආරක්ෂා කරන්නට ජාතික සංවිධාන හඞ නැගුවේ ඒ උරුමයන් තමන්ට පමණක් උරුම වූ බොදු උරුමයන් නිසා නොවේ. මුළු ජාතියටම ආරක්ෂා කර දිය යුතු වූ උරුමයන් නිසාය.
    එලෙසින්ම මේ ජාතික ව්‍යාපාර විසින් ආගමික ත්‍රස්තවාදයට එරෙහිව කතා කළේ ආගමික අන්තවාදයෙන් හා ආගමික ත්‍රස්තවාදයෙන් වැනසෙන්නේ ජාතික සංවිධාන වල සාමාජිකයින් පමණක් වන නිසා නොවේ. මේ ගොඩ නැගෙමින් පවතින ත්‍රස්තවාදයෙන් මුළු රටම ආරක්ෂා කරගන්නටය. මේ බිම පුරාම පැතිරී තිබිය යුතු බුදු දහම හා අවිහිංසා වාදය වෙනුවෙන් පෙනී සිටින්නටය.
    එහෙත් මෑත කාලයේ සිදුවූ හැම සිදුවීමකදීම මෙම ජාතික සංවිධාන කොතරම් හුදකලා වූවාද, අසරණ වූවාද යන්න ඔබ දකින්නට ඇත. එබදු තැන් වලදීත් මෙම ජන බලය ජාතික සංවිධාන වටා එකතු වූවානම්..?
    මේ ඒකරාශී වී සිටින සියළුම සිංහල බෞද්ධ සංවිධාන වලට කිව යුතු යමක් ඇත.
    සිංහල බෞද්ධ සංවිධාන සියල්ලටම සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නට, සිංහල ජාතිය රැක ගැනීම වෙනුවෙන් හඞ නගන්නට එක වැනිම වූ යුතුකමක් ඇත. එමෙන්ම බුදු දහම, බොදු උරුම හා බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටින්නටද ඔවුන්ට යුතුකමක් ඇත.

    මේ යුතුකම වෙනුවෙන්, ඒ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් ද මේ අයුරින්ම එකට එකතු වෙන්නැයි කියා සිංහල බෞද්ධ අපි සියළුම සිංහල බෞද්ධ සංවිධානයන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමු. ඒ එකමුතු කම එලෙසින්ම රැදෙනවා නම් සිංහල අප මෙයට වඩා බෙහෙවින් වාසනාවන්ත ජාතියක් වනු ඇත.


    Info: FB​
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලියන්න පටන් අරගෙන තියෙන්නෙ හොඳ තැන්කින් ඒත් ලිපියෙ අන්තිමට තේරුනා මේකත් ගොන් මුග්ධ වැඩක් කියන දේ, 13 සන්ශෝධනය කරන්න කියල ඉල්ලන එක හොඳයි, ඒත් පඩ ශෝ දාලා සන්විධාන දෙක තුනක් පොර වෙන්න දඟලන එක තමයි ප්‍රශ්නෙ. අපේ මිනිස්සුන්ගෙ ආරක්ෂාව වැඩිවෙලා එකපාරක් සියමෙන් උපසම්පදාව ගෙනාව එක අමතකවෙලාද? අමතක කරලද? මේ අය අඩුගානෙ 13න් වෙන්නෙ මොකක්ද කියලවත් දන්නවද දන්නෙ නෑ, හැබැයි 13 අහෝසි කරන එක හොඳයි:cool:
     
    Jun 8, 2013
    297
    22
    0
    අන්තිමට එකෙක් දෙන්නෙක්ව මෙහෙටත් එවපල්ලා.. ඔය පාරට බහිනවා කියන්නෙ අන්තිමට පුකට පොලිසියෙන් වෙඩි කාලා අපේ දිහා එන එකටනෙ.. වරෙව්.. වරෙව්.. මම නාවන්න ලොදිය එහෙම උනු කරලා තියන්නම්..

    images
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සාතන්;15112757 said:
    අන්තිමට එකෙක් දෙන්නෙක්ව මෙහෙටත් එවපල්ලා.. ඔය පාරට බහිනවා කියන්නෙ අන්තිමට පුකට පොලිසියෙන් වෙඩි කාලා අපේ දිහා එන එකටනෙ.. වරෙව්.. වරෙව්.. මම නාවන්න ලොදිය එහෙම උනු කරලා තියන්නම්..

    images

    :lol::lol::lol: