ජාතියේ නියමුවා

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ජාතියේ නියමුවා

presidentslfpwinatcrowd.jpg


හෙජ්මන් නම් වූ ග්‍රීක වචනයක් තිබේ. එම වචනයෙහි අර්ථය වන්නේ මාර්ගෝපදේශකයා හා සැබෑ නායකයා යන්න ය. එබඳු නායකයන් ඉබේ පහළ වන්නේ නැත. නායකයන් යුගයේ අවශ්‍යතාව අනුව නිර්මාණය වන බවට මතයක් තිබේ. ශ්‍රී ලංකාවේ ද යුගයේ අවශ්‍යතාව අනුව අභීත හා දූරදර්ශී නායකයෙක් පහළව සිටී. ඔහු මැදමුලනේ මහින්ද රාජපක්ෂ ය. දැන් අප ගෙවන්නේ මහින්ද රාජපක්ෂ යුගය යි. මේ යුගය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් බව සටහන් ව තිබේ.

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු ව වසර හාරසිය ගණනක් ගෙවා ඇත. ඊට පෙර විවිධ කොල්ලකාරයන් විසින් අපේ රට යටපත් කරගෙන තිබේ. බ්‍රිතාන්‍ය කිරීටයෙන් රට නිදහස් වනවිට ස්වාධීන ආර්ථිකයක් අපට නො තිබිණි. සම්පූර්ණ දේශපාලන නිදහසක් ද අපට නො තිබිණි. මෙරට ජනතාව පරාධීන චින්තනයෙන් යුක්ත පසුගාමී ජාතියක් වූහ. ඒ අනුව අපි විදේශවලින් යැපෙන ජාතියක් ලෙස අසාර්ථක රාජ්‍යයක ජීවත්වීමු.

රාජ්‍ය පාලනයේ දී මහින්ද රාජපක්ෂ මහතා වැදගත් වන්නේ ප්‍රධාන කරුණු දෙකක් මුල්කරගෙන ය. පළමුවැන්න පරිපූර්ණ දේශපාලන නිදහසක් රටට ලබාදීම ය. දෙවැන්න ස්වාධීන ආර්ථිකයකට ජාතිය යොමු කිරීම ය. චීනය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රාජ්‍යයන් ගොඩ නැගුණේ ද දේශපාලන හා ආර්ථික වශයෙන් ස්වාධීන මාර්ගයක ගමන් කිරීමෙන් ය. එම මාර්ගය උදාවූයේ එම රාජ්‍යයන්හි බිහිවූ ශ්‍රේෂ්ඨ නායකයන් නිසා ය. ශ්‍රී ලංකාව ස්වර්ණමය යුගයකට ප්‍රවේශ වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ය.

දැන් මෙරට වාර්ෂික ආර්ථික වෘද්ධිය 8.5% කින් යුක්ත ය. ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා ගමන්මඟ පිළිගෙන තිබේ. සංචාරක කර්මාන්තය, වරාය කටයුතු ආයෝජන ක්ෂේත්‍රය ඉතා ශීඝ්‍රයෙන් ඉදිරියට යයි. ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු ම රාජ්‍යයන් කිහිපය අතරට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එය අපට ලැබුණු විශිෂ්ට තත්ත්වයෙකි. මේ විශිෂ්ටත්වය අප වෙත උදාවූයේ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ ය.

2005 සිට ශ්‍රී ලංකාවේ ගමන් මඟ ශීඝ්‍රයෙන් වෙනස් වන්නට පටන් ගැනිණි. ඒ සුබදායි ලෙස ය. ධනාත්මක ලෙස ය. සියලු ජාතීනට සමාන ලෙස සලකන නිදහස් දේශපාලන පසුබිම හා දර්ශනයක් සහිත දූරදර්ශී ආර්ථික වැඩපිළිවෙළ එහි කැපී පෙනෙන ලක්ෂණ දෙක ලෙස සැලකිය හැකි ය. නිදහසින් පසු ගෙවී ගිය වසර හැට ගණන තුළ සිදුවූ නායකයන්ගේ වැරැදි නිසාම ජාතීන් අතර සමගිය හා සහජීවනය බිඳ වැටී තිබිණි. දැන් එය නිමාවට පත්ව ඇත. දැක්මක් නැති ආර්ථික සැලැසුම් නිසා අනුකාරක දුර්වල ජාතික ආර්ථිකයක් අපට හිමි වී තිබිණි. දැන් එය වෙනස් වී ඇත.

කුමන දේශපාලන විග්‍රහයකට අනුව විමර්ශනය කර බැලුව ද නිදහසින් පසු බිහි වූ විශිෂ්ට නායකයා ලෙස සැලැකිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතා ය. ඉතිහාසයේ වසර හයසිය ගණනකට පසු ශ්‍රී ලංකාව එක්සේසත් කළ නායකයා ඔහු ය. වසර හැට ගණනකට පසු ස්වාධීන හා ශක්තිමත් ආර්ථිකයක් වෙත රට ගෙන ගිය නායකයා ඔහු ය. සදාචාරය, දේශාභිමානය නැවත පණගැන් වූ නායකයා ද ඔහු ය.

මහින්ද රාජපක්ෂ මහතා 2005 දී බලයට පත් වූයේ මෙරට පොදු ජනයාගේ අතිමහත් වූ බලාපොරොත්තුවක් ලෙස ය. එතුමාගේ පළමු පදවිප්‍රාප්තියදා මෙරට දොරින් -දොර කිරිබතක් පිසුණු හැටි අපට මතක ය. නැවත දොරින් - දොර කිරිබතක් පිසුණේ 2009 මැයි 18 දා ත්‍රස්තවාදය පරාජය කළ දිනයේය. ශ්‍රී ලංකාවේ පොදු ජනයාගේ ප්‍රාර්ථනයක් ඉටුවූ දිනයක් සේ එම අවස්ථාව ඉතිහාසයට එක් ව තිබේ. යළිත් කිරිබතක් පිසුණේ මාගම්පුර මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික වරාය විවෘත වූ ඊයේ දිනයේ ය. අද අප කිරිබත් පිසිණුයේ ජාතියේ නායකයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන්ය.

විවිධ දේශපාලන කුමන්ත්‍රණ පැවැතිය ද පොදු ජනයාගේ අභිමතය පරිදි මහින්ද රාජපක්ෂ මහතා දෙවන වරටද ජනාධිපති පදවිය සඳහා තේරීපත්විණි. ලෝක නාට්‍ය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවකු ලෙස සලකනු ලබන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වරක් ප්‍රකාශ කළේ දෙයක් වේ නම් යම්; සුදුස්සාටම ලැබිය යුතු බව ය. ඒ කියමන සනාථ කරමින් රට එක්සේසත් කළ නායකයාට තවත් පාලන කාලයක් ලැබී තිබේ. ජනාධිපතිවරයාගේම අදහසට අනුව පැමිණ ඇත්තේ ආර්ථික යුගයයි.

ජනාධිපතිවරයාගේ ආර්ථික යුගය ආරම්භ වූයේ මාගම්පුර අන්තර්ජාතික වරාය විවෘත කිරීමත් සමඟ ය. මේ වරායත් සමඟ ශ්‍රී ලංකාවේ සාගර ආර්ථිකය ආරම්භ වන බව කියැවේ. ඉතිහාසයේ ද අප සතු සාගර ආර්ථිකයක් තිබිණි. එය සේද මාවත හා යාවී තිබුණු බව ද කියැවේ. මාගම්පුර වරාය ඉදිවී ඇත්තේ ලෝකයේ ප්‍රධාන ම නාවුක මාර්ගය සම්බන්ධ කරමින් ය. මේ වරාය ආසියාවේ හොඳම වරාය හා කාර්යක්ෂම වරාය බවට පත්වනු ඇතැ’යි අනාගත වාක්‍ය සටහන් වී ඇත.

ලෝකය පුදුම කරවන ජයග්‍රහණ සහිතව සාර්ථක දේශපාලන ගමනක් සටහන් කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට හා එහි පුරවැසියාට අලුත් ගමන් මඟක් දායාද කර තිබේ. එය ජීවයෙන් පිරී ඇත. මේ ගමන්මඟ ආපසු හැරවීම සඳහා ක්‍රියාත්මක වූ සියලු සතුරු බලවේග පරාජය වී ඇත. එම පරාජයට හේතුව පොදු ජනයාගේ ශක්තිය යි. පොදු ජනයාගේ ශක්තිය හා අභිමතය අද මෙන් ම හෙට ද මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටිනු ඇත.
 
  • Like
Reactions: Mal Bada

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
ලක්දව දිනවු දියසෙන් ‍දෙවියෝ මිනිසත් වෙස් ගෙන නිසිකල වැඩියෝ මහින්ද ජනපති දියසෙන් විරැවෝ රැපු ඔද පරදා දෑය ඔප කෙරැවෝ
 
  • Like
Reactions: windows8

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ලක්දව දිනවු දියසෙන් ‍දෙවියෝ මිනිසත් වෙස් ගෙන නිසිකල වැඩියෝ මහින්ද ජනපති දියසෙන් විරැවෝ රැපු ඔද පරදා දෑය ඔප කෙරැවෝ

:yes:

Ela
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    කියවන්න කම්මැලියි බන්:dull:
    දැන් මම ජය වෙවා කියලා කියන්නද ? නැත්තන් චිරං ජයතු කියලා කියන්නද?
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    කියවන්න කම්මැලියි බන්:dull:
    දැන් මම ජය වෙවා කියලා කියන්නද ? නැත්තන් චිරං ජයතු කියලා කියන්නද?

    චිරං ජයතු කියලා කියන්න :D
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙවර අය වැයෙන් ජනතාවට දැනෙන්න සහන රැසක් දෙන්න යනව කියල විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් පවසනවා එහෙම උනොත්නම් ගොඩ:dull::dull::dull::dull:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    rata karanna puluwan ekek kiyapan puluwannam
    ponilla mangalala ponsekala somawansala wage parada wela anatha wechcha untada denna kiyanne

    Lankawa diyunu karanna puluwan ekama nayakaya Mahinda Janadipathithuma


    ඒ කියන්නෙ නිදහස් පක්ශෙත් මීට පස්සෙ එකෙක්වත් නෑ.. :frown::frown:

    ඇයි ඉතින් ඔක්කොම පුලුවන් ඈයො පාගගෙන නෙ ඉන්නෙ.. එකෙකුටවත් පක්ශෙන් උඩට එන්න දෙන්නෙ නෑ.. හිතාගෙන ඉන්නෙ අර පො... නාමල් ට රට බාර දෙන්න වෙන්න ඇති....:rofl::rofl:

    කරයි කියල තමයි බය ඌ...
    :P:P