Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ජාතියේ පියා ඩී. එස්. මද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම ලිපියක් ලියන්න හිතුනේ කිරියෙ කට්ටියක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකව ආයි උපද්දවලා පන පිටින් බාබකිව් කරන්න වගේ සීන් එකක් යන නිසා. මේකට ප්රධාන හේතුව වෙන්නෙ බණ්ඩාරනායක අමු ගොන් වැඩක් කලාය කියන හේතුව. විශේෂයෙන් අවුරුදු 33ක් පුරා පැවති ත්රස්ථවාදී යුද්ධයට මුල් පදනම දැම්මේ බණ්ඩාරනායකය කියන ආකල්පය. මගේ දැනීමේ හැටියට ලංකාවේ හිටපු සියළු දේශපාලකයින් අඩු වැඩි වශයෙන් ගොන් වැඩ කරලා තියෙනවා. ඉතින් බණ්ඩාරනායකත් එහෙමයි. අනික ඉතින් බණ්ඩාරනායකව පත් කලෙත් මේ ලංකාවේ අපිමනෙ. මොකෝ එංගලන්තෙ මහ රැජින උන්දැව අගමැති කරලා ලංකාවට එව්වයෑ. ඉතින් අපිට වගේම උන්නැහේටත් ගොන් වැඩ කිරීමේ හැකියාව උපතින්ම ලැබිලා තියෙන්න ඇති. අපරාදේ කියන්න බෑ බණ්ඩාරනායක විතරක් නෙවෙයි, ලංකාවේ බිහිවූ සියළුම නායකයින්ට ගොංකම හොදටම තිබිලා තියෙනවා ඈ. ඒකට පක්ෂ පාට භේදයක් නෑ. වෙලාවකට හිතෙනවා අපි මේ මැතිවරණවලින් කරන්නේ ලංකාවේ හොදම ගොනා හෝ ගොන්නු ටික තේරීම නේද කියලත්.

බණ්ඩාරනායකත් ඉතින් ඕම ඕම ගොන් වැඩ කලාට ඔය ත්රස්ථවාදී යුද්දෙට මුල් වැලි ඇටේ තිබ්බේ උන්දැය කියන එකනම් පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි ඉතින් ඒ මට ඈ. අපේ බයි ටොයි මහත්තුරු කැමති විදියකට වෙනස් කරගත්තට කමක් නෑ.

මට අනුව නම් ත්රස්ථවාදී යුද්දේට මුල්ම වැලි ඇටේ තිබ්බේ ඩී. එස්. සේනනානයක මිසක් බණ්ඩරනායක නෙවෙයි. ඒ කොහොමද කියන කථාව තමයි මේ කියන්න යන්නේ.

හැමෝටම මතක ඇතිනේ අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තා සුද්දො මේ රට අල්ල ගත්තා කියලා. ඉතින් එහෙම සුද්දො රට අල්ල ගත්තා කියලා අපේ යක්ඛ පුත්තු නිකන් හිටියේ නෑ. ආයි සුද්දො පන්නලා දාලා මේ රටේ සිංහල රජෙක් පත් කරගන්න සෑහෙන්න උත්සහ කලා. හැබැයි වැඩේ හරි ගියේ නෑ. සුද්දො ටික කොහොම හරි අල්ලන් හිටියා. ඔහොම ඉන්න අතරේ සුද්දො කරපු එක එක වෙනස් කම් වලින් රට සම්පූර්ණයෙන්ම වෙනස් උනා. භෞතික වශයෙන් විතරක් නෙවෙයි. සමාජීය වශයෙනුත් රට වෙනස් උනා. ඉස්සර හිටපු පාරම්පරික නිලමක්කරයින්ටත් වඩා පොහොසත්, දනවත් වගේම උගත් ඉඩම් හිමි රදල පන්තියක් මේ රටෙ බිහිවෙන්නෙ ඔය සුද්දො කරපු එක එක වෙනස් කම් හින්දා තමයි.

ඉතින් ඔය වෙනස් කම් දිරව ගන්න වඩාත්ම අමාරු උනේ ඒ කාලේ ඉදලම තමන් උසස්ය, ඉහලය, ධනවත්ය කියාගෙන හිටපු කට්ටියකට තමා. දැන් ඉතින් අලුත් ධනපති පන්තියක් බිහිවෙමින් තියෙන නිසා මේ කට්ටියත් බැළුවේ වැල යන අතට මැස්ස ගැහීම වගේ දෙයක්. ඒ කියන්නෙ තමන්ගේ බලවත්කම්, උසස් කම් දිගටම තියාගන්න නම් අළුතින් ඉහල යන අයට කලින් තමුන් ඉහල යන්න ඕනේ කියලා. ඕන් ඔය විදියට තමා අපේ රටේ කළු සුද්දෝ බිහි උනේ. ඒ වගේම මේ කළු සුද්දෝ ටික තේරුම් අරගෙන තිබුනුනා ඉස්සරහටත් තමන්ගේ ලොකුකම රැක ගන්න නම් සුද්දොත් එක්ක හෝ සුද්දො යනකොට තමන් දේශපාලන බලය තමන්ගෙ අතට ගන්න ඕනෙය කියලා. ඉතින් ඒ වෙනුවෙන් මේ කළු සුද්දො ටික බොහොම වෙහෙස උනා. තමුන්ගේ සිංහල ඇදුම අත ඇරලා බැස්සා යුරෝපීය ඇදුමට. ආගම කතෝලික හෝ ක්රිස්තියානි බවට පරිවර්ථනය කරගත්තා. යුරෝපීයයන් වගේම වැවිලි ක්ශේත්රයටත් යොමු උනා. ඊට අමතරව ඉතින් තව තව ව්යාපාර වලටත් යොමු උනා. ඒ අතරින් රේන්ද ව්යාපාරය සහ මිනිරන් කැනීම විශේෂ උනා. ආයි කියන්න ඕනේ නෑනේ. කොහොමින් හරි සල්ලි ටිකක් අතපත ගාන්න ගත්තට පස්සෙ කට්ටිය ඔය මුහන්දිරම් පට්ටම්, මුදලි පට්ටම් පස්සෙ යන්න ගත්තා. ඔය විපරියාසේ හොදට පැහැදිලි කරලා තියෙනවා මාටින් වික්රමසිංහගේ ගම්පෙරලිය, යුගාන්තය සහ කලියුගය කියන තුන් ඈදුතු නවකතාවේ.

ඕන් ඔය වකවනුවේ තමා අපේ කථානායකයො ටිකත් සීන් එකට එන්ටර් වෙන්නෙ. ඔය අළුතින් බිහිවෙච්ච ධනපති පන්තිය දැනගෙන හිටියා හොද අධ්යාපනයක් ලැබුනොත් රාජ්යය පාලනයට ඇතුළුවෙලා දේශපාලන බලය ලබ ගැනීම පහසු වෙන බව. ඒ නිසා තමන්ගේ ලමයින්ට හොද අද්යාපනයක් ලබා දෙන්න කතෝලික ඉස්කෝල වලට විතරක් නෙවෙයි, වියදම් කරලා එංගලන්තෙට යවලා ඉගැන්නුවා. ඒ කට්ටියත් එංගලන්තෙන් ඉගෙනගෙන ආයි ලංකාවට ආවේ "කෙදිනක හෝ ලංකාව පාලනය කරමි" යන තිර අදිටනින් යුතුවයි.

ඔය විදියට හැමදේම සිද්දවෙන අතරේ මෙහේ හිටපු කට්ටියත් ෆුල් ට්රයි එක දුන්නා දේශපාලන බලය තමන්ගෙ අතට ගන්න. කට්ටියගේ ට්රයි එක වැඩ කරමින් එංගලන්තේ රජතුමා තීරණය කරනවා මුන්ට පොඩි සීනී බෝල ටිකක් දෙන්න ඕනේ කියලා. ඒ පාර තමයි ඔය 1833 ඉදන් සැරින් සැරේ ව්යවස්ථා වෙනස්කම් කරන්න පටන් ගන්නේ.

කට්ටිය ඉගෙන ගත්ත ඉතිහාසේ මතක නම් දන්නවා ඇතිනෙ 1833 ආණ්ඩුක්රම ප්රතිස්ංස්කරන එහෙම. කෝල්බෲක් ප්රතිසංස්කරණ වලින් ව්යවස්ථා සභාවක් පිහිටෙව්වා. හරියට දැන් අප පාර්ලිමේන්තුව වගේ තමයි. සාමාජිකයෝ ගනන 15යි. නිල බලයෙන් 9ක් පත් වෙනවා. නිල නොවන 6 දෙනෙක් ආණ්ඩුකාරයා විසින් පත් කරනවා. නිල බලයෙන් පත් වෙනවා කිව්වෙ රජයේ යම නිලයක් දැරීම නිසා නිකන්ම ව්යවස්ථාදායක සභාවට පත් වීම. උදාහරණයක් විදියට යටත් විජිත ලේකම් අනිවාර්යෙන් ව්යවස්ථාදායක සභාවේ ඉන්නවා. අර නිල නොවන 6 දෙනෙක් ආණ්ඩුකාරයා විසින් පත් කරනවා කිව්වා නේද. ඔන්න ඔතන තමයි කොස්ස හිටියේ. ඔය 6 දෙනා පත් කරද්දි කෝල්බෲක්ගේ නිර්දේශය උනේ යුරෝපීයයන් තුන්දෙනෙක් සහ සිංහල, දෙමළ බර්ගර් යන අයගෙන් එක් කෙනෙක් බැගින් පත් කරන්න. මොකද මොකක් හරි අරවුලකින් නිල නොලත් අය රජයට විරුද්ධ උනොත් අනිවාර්යෙන් යුරෝපීය තුන්දෙනා සහ බර්ගර් වරයා රජයට පක්ශ වෙන නිසා හතරට දෙකක් විදියට රජයේ මතය අනුමත වෙනවා. හැබැයි ආණ්ඩුකාරයත් නිකන් ඉන්නෙ නෑ. ඌ ව්යවස්ථාදායක සභාවට පත් කරන්නෙ ඌත් එක්ක හොදටම හිතවත් ඌ කියන හැම එකටම එහෙයි කියන සිංහල එකෙකුයි දෙමළ එකෙකුයි.

අපේ කස්ටියට ඕක මදි උනානේ. ඒ අස්සෙ නිල නොලත් විදියට පත් කරගත්ත යුරෝපීය තුන්දෙනත් කෑ ගහන්න ගත්තා නිලලත් කට්ටිය වැඩි නිසා තමුන්ගේ අවශ්යයතා ඉටු කරගන්න බැරි වෙනවාය කියලා. උන්ට ඕනේ උනේ හොද රේල් පාරවල්, සහ පාරවල් වගේ දේවල් තව දියුණු කරන්න. ඒ මගින් උන්ගේ වතුවලින් ලැබෙන අදායම වැඩි කර ගන්න. ඒ පාර ඕන් එව්වා කැමරන් කියලා පොරක්. පොර කලෙ ව්යවස්ථා දායක සභාවේ සංයුතිය නිල ලත් 11යි, නිල නොලත් 10යි කියලා වෙනස් කරපු එක. ඒ 1910දි. ඔය වෙනස් කම කොරන්න ආපු කැමරන්ට මුළ ඉදලම් හෙන දුක් ගැනිවිල්ල සිංහල මිනිස්සුන්ගෙන්. අණ්ඩුකාරයා නිල නොලත් අයව පත් කරද්දි අසධාරණ විදියට එයා කැමති අයව විතරක් පත් කරනවාය, ඒ පත් වෙන්නෙ ඔක්කොම ගොවිගම ඈයෝ විතරය, කරාව, දුරාව, සලාගම අයට කිසි සැලකිල්ලක් නැතිය, ව්යවස්ථදායක සභාවේ ඒ අයටත් තැනක් දෙන්නය කියලා හෙන අදෝනාවයි. ඒ පාර මැකලම් කොරේ "පොඩ්ඩක් හිටපල්ලකො කියලා" අර නිල නොලත් විදියට පත් වෙන දහ දෙනාගෙන් හතර දෙනෙක් ආණ්ඩුකාරයාට පත් කොරන්න බැරිය, උන් පත් වෙන්නෙ නියොජිත ඡන්දෙන්ය කියලා අළුත් ගැටයක් ගහපු එක. ඔය නියෝජිත ඡන්දෙ කියන්නෙ උගත්, ධනවත් ඉහල රැකියාවල නියුතු කස්ටියට විතරක් ඡන්දේ දාන්න පුළුවන්ය කියන එකළු. නිල නොලත් ලෙස පත් වෙන අනිත් හයදෙනා ආණ්ඩුකාරයා තමයි පත් කොරන්නෙ. ඒ පහත රට සිංහල දෙන්නයි, දෙමළ දෙන්නයි, උඩරට සිංහල එක්කෙනයි සහ මුස්ලිම් එක්කෙනයි කියලා. අර ඡන්දෙන් පත් වෙන හතර දෙනා බෙදුවා බර්ගර් එක්කෙනයි, යුරෝපීය දෙන්නයි සහ උගත් ලංකික එක්කෙනයි කියලා.

තේරෙනවනෙ මොකද්ද වෙන්නෙ කියලා. මුළු ව්යවස්ථා සභාවටම ඉන්නෙ සිංහල 4යි. ඒ හතර දෙනාගෙනුත් දෙන්නෙක් ගෙඩි පිටින් පහත රට සිංහල. ඕන් ඔය වෙලාවේ අප් කස්ටිය දුර දිග බලලා තීරණයක් ගත්තා. ඒ තමයි උඩරට පහත රට කමක් නැතිය හැබැයි පත් වෙන හැමෝම ගොවිගම කුලේ අය වෙන්න ඕනෙය කියලා. එහෙම සෙට් උනාම ගොවිගම කුලේ තුන්දෙනෙක් ව්යවස්ථදායක සභවේ ඉන්නවා.

හැබැයි කස්ටිය රත් උනේ ඡන්දෙන් පත් වෙන්න තිබ්බ එකම සිංහල ආසනේට මාකස් ප්රනාන්දු කියන වෛද්යවරයා නාම යෝජනා දීමත් එක්ක. මාකස් ප්රනාන්දු කරාව කුලේ. කස්ටිය ඔය එකම රටක් එකම දැයක් බයිලේ ගැහුවට ගොවිගම කුලේ කස්ටිය අනිත් කුල පහත් කියලා සලකලා ඒ මිනිස්සුත් එක්ක එකට කෑම මේසේවත් වාඩි වෙන්නෙ නෑ. ඒ අස්සෙ කස්ටිය ගනන් හදලා බැලුවා ඡන්ද තත්වේ කොහොමද කියලා. ඡන්දෙ දෙන්න අයිතිය ලැබිලා තිබ්බෙ 2938 දෙනාටයි. එයින් සිංහලයො හිටියෙ 1659යි. දෙමළ ජාතිකයෝ හිටියෙ 1072යි. ඡන්ද 207ක් තිබ්බෙ සුළු ජතීන්ගේ ඡන්ද. ( යුරෝපීය, මුස්ලිම් සහ බර්ගර් ) ඒ ටිකත් හොලවන්න බැරි බව තේරිලා තිබ්බෙ. මොකද යුරෝපීය දෙන්නටයි, බර්ගර් එක්කෙනාටයි ඒ ඡන්ද ටික වැටෙන නිසා. සිංහල ඡන්ද වලින් ආසන්න වශයෙන් ඡන්ද 1000ක් හිමි කරගෙන තිබ්බෙ කරාව, දුරාව, සලාගම කියන කුල වලට අයත් කට්ටිය. ගොවිගම කෙනෙක් ඡන්දෙට ඉදිරිපත් උනොත් දිනන්න තියා හිතන්නවත් බැරි බව ගොවිගම කුලේ කස්ටියට තේරුනා.

ඕන් ඔය වෙලාවේ තමා අපේ ඩී. එස්. ලොක්කට සුපිරි අයිඩියා එකක් ආවේ. නීතීය අනුව ඉදිරිපත් වෙන්නෙ උගත් ශ්රී ලාංකික කියලා මිස සිංහල දෙමළ කියලා නෙවේය, ජාතියට කෙල උනත් කුලේ රැක ගත යුතුය කියලා පෙරට ආපු ඩී. එස් මහත්තයා, වොල්ටර් ජයවර්ධනට කියනවා “වහාම පල ඉංදියාවට. ගිහින් එක්ක වර පොන්නම්බලම් රාමනාදන්ව” කියලා. මොකද පොන්නම්බලම් රමනාදන් වෙල්ලාල්ල කුලේ. ඒ කියන්නෙ දෙමලින් නම් ගොවිගම කුලේම තමා. අනේ ඉතින් අපේ ජේ.ආර්. ජයවර්ධනගේ බාප්පා කෙනෙක් වෙච්ච වෝල්ටර් ජයවර්ධන ඉන්දියාවට ගිහින් පොන්නම්බලම් රාමනාදන්ව එක්ක ඇවිත් ලංකවට ඡන්දෙට ඉදිරිපත් කොරනවා. දෙමළ ඡන්ද ටික කුල භේදයකින් තොරව රාමනාදන්ට යනවා. අපේ යක්ඛ පුත්තු ටිකකුත් ජාතියට හෙන ගැහුවත් කුලේ බේර ගන්න ඕනේ කියලා රාමනාදන්ටම ඡන්දෙ දෙනවා. අන්තිමට ඡන්ද 1645ක් ගත්ත පොන්නම්බලම් රාමනාදන් ව්යවස්ථාදායක සභාවට යද්දි සිංහල ඡන්ද 981 ගත්ත මාකස් ප්රනාන්දු ගෙදර යනවා. 312 දෙනෙක් ඡන්දෙ ප්රකාශ කලේ නැහැ.

පස්සෙ නිදහස් සටනෙ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් තමයි සෝල්බරි කොමිසමේදී සහ ව්යවස්ථාදායක සභාවෙදි 50ට 50 ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ ව්යවස්ථා දායක සභාවේ සහ සෙනෙට් මණ්ඩලයේ සංයුතිය 50%ක් සිංහල සහා 50%ක් දෙමළ විය යුතුයි කියලා. දෙමළ ජාතිය ස්වාධීන ජාතියක්ය, උතුරු පලාත දෙමළ නිජ භූමියක්ය කියන සංකල්පේ නිර්මාතෲත් ඔය කියන රාමනාදන්ම තමා. ඕන් ඔහොමයි නිදහස් සටනේ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් හැසිරුනේ. එහෙම හැසිරෙන්න රාමනාදන් ලංකාවට විතරක් නෙවෙයි, දේශපාලනේට ගෙනාවෙත් ජාතියට පෙර කුලය බෙරා ගැනීමට කටයුතු කල, පසුව ජාතියේ පියා වූ ඩී.එස් ම තමා.

33 අවුරුද්දක් දිග ඇරුණු ත්රස්ථවාදි යුද්දෙට පෙරලපු පලවෙනි වැලි කැටෙ හැටියට මමනම් දකින්නේ මේක.

[QUOTE="U.N.C.L.E, post: 26828219, member: 578190"] මෙහෙම ලිපියක් ලියන්න හිතුනේ කිරියෙ කට්ටියක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකව ආයි උපද්දවලා පන පිටින් බාබකිව් කරන්න වගේ සීන් එකක් යන නිසා. මේකට ප්රධාන හේතුව වෙන්නෙ බණ්ඩාරනායක අමු ගොන් වැඩක් කලාය කියන හේතුව. විශේෂයෙන් අවුරුදු 33ක් පුරා පැවති ත්රස්ථවාදී යුද්ධයට මුල් පදනම දැම්මේ බණ්ඩාරනායකය කියන ආකල්පය. මගේ දැනීමේ හැටියට ලංකාවේ හිටපු සියළු දේශපාලකයින් අඩු වැඩි වශයෙන් ගොන් වැඩ කරලා තියෙනවා. ඉතින් බණ්ඩාරනායකත් එහෙමයි. අනික ඉතින් බණ්ඩාරනායකව පත් කලෙත් මේ ලංකාවේ අපිමනෙ. මොකෝ එංගලන්තෙ මහ රැජින උන්දැව අගමැති කරලා ලංකාවට එව්වයෑ. ඉතින් අපිට වගේම උන්නැහේටත් ගොන් වැඩ කිරීමේ හැකියාව උපතින්ම ලැබිලා තියෙන්න ඇති. අපරාදේ කියන්න බෑ බණ්ඩාරනායක විතරක් නෙවෙයි, ලංකාවේ බිහිවූ සියළුම නායකයින්ට ගොංකම හොදටම තිබිලා තියෙනවා ඈ. ඒකට පක්ෂ පාට භේදයක් නෑ. වෙලාවකට හිතෙනවා අපි මේ මැතිවරණවලින් කරන්නේ ලංකාවේ හොදම ගොනා හෝ ගොන්නු ටික තේරීම නේද කියලත්. බණ්ඩාරනායකත් ඉතින් ඕම ඕම ගොන් වැඩ කලාට ඔය ත්රස්ථවාදී යුද්දෙට මුල් වැලි ඇටේ තිබ්බේ උන්දැය කියන එකනම් පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි ඉතින් ඒ මට ඈ. අපේ බයි ටොයි මහත්තුරු කැමති විදියකට වෙනස් කරගත්තට කමක් නෑ. මට අනුව නම් ත්රස්ථවාදී යුද්දේට මුල්ම වැලි ඇටේ තිබ්බේ ඩී. එස්. සේනනානයක මිසක් බණ්ඩරනායක නෙවෙයි. ඒ කොහොමද කියන කථාව තමයි මේ කියන්න යන්නේ. හැමෝටම මතක ඇතිනේ අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තා සුද්දො මේ රට අල්ල ගත්තා කියලා. ඉතින් එහෙම සුද්දො රට අල්ල ගත්තා කියලා අපේ යක්ඛ පුත්තු නිකන් හිටියේ නෑ. ආයි සුද්දො පන්නලා දාලා මේ රටේ සිංහල රජෙක් පත් කරගන්න සෑහෙන්න උත්සහ කලා. හැබැයි වැඩේ හරි ගියේ නෑ. සුද්දො ටික කොහොම හරි අල්ලන් හිටියා. ඔහොම ඉන්න අතරේ සුද්දො කරපු එක එක වෙනස් කම් වලින් රට සම්පූර්ණයෙන්ම වෙනස් උනා. භෞතික වශයෙන් විතරක් නෙවෙයි. සමාජීය වශයෙනුත් රට වෙනස් උනා. ඉස්සර හිටපු පාරම්පරික නිලමක්කරයින්ටත් වඩා පොහොසත්, දනවත් වගේම උගත් ඉඩම් හිමි රදල පන්තියක් මේ රටෙ බිහිවෙන්නෙ ඔය සුද්දො කරපු එක එක වෙනස් කම් හින්දා තමයි. ඉතින් ඔය වෙනස් කම් දිරව ගන්න වඩාත්ම අමාරු උනේ ඒ කාලේ ඉදලම තමන් උසස්ය, ඉහලය, ධනවත්ය කියාගෙන හිටපු කට්ටියකට තමා. දැන් ඉතින් අලුත් ධනපති පන්තියක් බිහිවෙමින් තියෙන නිසා මේ කට්ටියත් බැළුවේ වැල යන අතට මැස්ස ගැහීම වගේ දෙයක්. ඒ කියන්නෙ තමන්ගේ බලවත්කම්, උසස් කම් දිගටම තියාගන්න නම් අළුතින් ඉහල යන අයට කලින් තමුන් ඉහල යන්න ඕනේ කියලා. ඕන් ඔය විදියට තමා අපේ රටේ කළු සුද්දෝ බිහි උනේ. ඒ වගේම මේ කළු සුද්දෝ ටික තේරුම් අරගෙන තිබුනුනා ඉස්සරහටත් තමන්ගේ ලොකුකම රැක ගන්න නම් සුද්දොත් එක්ක හෝ සුද්දො යනකොට තමන් දේශපාලන බලය තමන්ගෙ අතට ගන්න ඕනෙය කියලා. ඉතින් ඒ වෙනුවෙන් මේ කළු සුද්දො ටික බොහොම වෙහෙස උනා. තමුන්ගේ සිංහල ඇදුම අත ඇරලා බැස්සා යුරෝපීය ඇදුමට. ආගම කතෝලික හෝ ක්රිස්තියානි බවට පරිවර්ථනය කරගත්තා. යුරෝපීයයන් වගේම වැවිලි ක්ශේත්රයටත් යොමු උනා. ඊට අමතරව ඉතින් තව තව ව්යාපාර වලටත් යොමු උනා. ඒ අතරින් රේන්ද ව්යාපාරය සහ මිනිරන් කැනීම විශේෂ උනා. ආයි කියන්න ඕනේ නෑනේ. කොහොමින් හරි සල්ලි ටිකක් අතපත ගාන්න ගත්තට පස්සෙ කට්ටිය ඔය මුහන්දිරම් පට්ටම්, මුදලි පට්ටම් පස්සෙ යන්න ගත්තා. ඔය විපරියාසේ හොදට පැහැදිලි කරලා තියෙනවා මාටින් වික්රමසිංහගේ ගම්පෙරලිය, යුගාන්තය සහ කලියුගය කියන තුන් ඈදුතු නවකතාවේ. ඕන් ඔය වකවනුවේ තමා අපේ කථානායකයො ටිකත් සීන් එකට එන්ටර් වෙන්නෙ. ඔය අළුතින් බිහිවෙච්ච ධනපති පන්තිය දැනගෙන හිටියා හොද අධ්යාපනයක් ලැබුනොත් රාජ්යය පාලනයට ඇතුළුවෙලා දේශපාලන බලය ලබ ගැනීම පහසු වෙන බව. ඒ නිසා තමන්ගේ ලමයින්ට හොද අද්යාපනයක් ලබා දෙන්න කතෝලික ඉස්කෝල වලට විතරක් නෙවෙයි, වියදම් කරලා එංගලන්තෙට යවලා ඉගැන්නුවා. ඒ කට්ටියත් එංගලන්තෙන් ඉගෙනගෙන ආයි ලංකාවට ආවේ "කෙදිනක හෝ ලංකාව පාලනය කරමි" යන තිර අදිටනින් යුතුවයි. ඔය විදියට හැමදේම සිද්දවෙන අතරේ මෙහේ හිටපු කට්ටියත් ෆුල් ට්රයි එක දුන්නා දේශපාලන බලය තමන්ගෙ අතට ගන්න. කට්ටියගේ ට්රයි එක වැඩ කරමින් එංගලන්තේ රජතුමා තීරණය කරනවා මුන්ට පොඩි සීනී බෝල ටිකක් දෙන්න ඕනේ කියලා. ඒ පාර තමයි ඔය 1833 ඉදන් සැරින් සැරේ ව්යවස්ථා වෙනස්කම් කරන්න පටන් ගන්නේ. කට්ටිය ඉගෙන ගත්ත ඉතිහාසේ මතක නම් දන්නවා ඇතිනෙ 1833 ආණ්ඩුක්රම ප්රතිස්ංස්කරන එහෙම. කෝල්බෲක් ප්රතිසංස්කරණ වලින් ව්යවස්ථා සභාවක් පිහිටෙව්වා. හරියට දැන් අප පාර්ලිමේන්තුව වගේ තමයි. සාමාජිකයෝ ගනන 15යි. නිල බලයෙන් 9ක් පත් වෙනවා. නිල නොවන 6 දෙනෙක් ආණ්ඩුකාරයා විසින් පත් කරනවා. නිල බලයෙන් පත් වෙනවා කිව්වෙ රජයේ යම නිලයක් දැරීම නිසා නිකන්ම ව්යවස්ථාදායක සභාවට පත් වීම. උදාහරණයක් විදියට යටත් විජිත ලේකම් අනිවාර්යෙන් ව්යවස්ථාදායක සභාවේ ඉන්නවා. අර නිල නොවන 6 දෙනෙක් ආණ්ඩුකාරයා විසින් පත් කරනවා කිව්වා නේද. ඔන්න ඔතන තමයි කොස්ස හිටියේ. ඔය 6 දෙනා පත් කරද්දි කෝල්බෲක්ගේ නිර්දේශය උනේ යුරෝපීයයන් තුන්දෙනෙක් සහ සිංහල, දෙමළ බර්ගර් යන අයගෙන් එක් කෙනෙක් බැගින් පත් කරන්න. මොකද මොකක් හරි අරවුලකින් නිල නොලත් අය රජයට විරුද්ධ උනොත් අනිවාර්යෙන් යුරෝපීය තුන්දෙනා සහ බර්ගර් වරයා රජයට පක්ශ වෙන නිසා හතරට දෙකක් විදියට රජයේ මතය අනුමත වෙනවා. හැබැයි ආණ්ඩුකාරයත් නිකන් ඉන්නෙ නෑ. ඌ ව්යවස්ථාදායක සභාවට පත් කරන්නෙ ඌත් එක්ක හොදටම හිතවත් ඌ කියන හැම එකටම එහෙයි කියන සිංහල එකෙකුයි දෙමළ එකෙකුයි. අපේ කස්ටියට ඕක මදි උනානේ. ඒ අස්සෙ නිල නොලත් විදියට පත් කරගත්ත යුරෝපීය තුන්දෙනත් කෑ ගහන්න ගත්තා නිලලත් කට්ටිය වැඩි නිසා තමුන්ගේ අවශ්යයතා ඉටු කරගන්න බැරි වෙනවාය කියලා. උන්ට ඕනේ උනේ හොද රේල් පාරවල්, සහ පාරවල් වගේ දේවල් තව දියුණු කරන්න. ඒ මගින් උන්ගේ වතුවලින් ලැබෙන අදායම වැඩි කර ගන්න. ඒ පාර ඕන් එව්වා කැමරන් කියලා පොරක්. පොර කලෙ ව්යවස්ථා දායක සභාවේ සංයුතිය නිල ලත් 11යි, නිල නොලත් 10යි කියලා වෙනස් කරපු එක. ඒ 1910දි. ඔය වෙනස් කම කොරන්න ආපු කැමරන්ට මුළ ඉදලම් හෙන දුක් ගැනිවිල්ල සිංහල මිනිස්සුන්ගෙන්. අණ්ඩුකාරයා නිල නොලත් අයව පත් කරද්දි අසධාරණ විදියට එයා කැමති අයව විතරක් පත් කරනවාය, ඒ පත් වෙන්නෙ ඔක්කොම ගොවිගම ඈයෝ විතරය, කරාව, දුරාව, සලාගම අයට කිසි සැලකිල්ලක් නැතිය, ව්යවස්ථදායක සභාවේ ඒ අයටත් තැනක් දෙන්නය කියලා හෙන අදෝනාවයි. ඒ පාර මැකලම් කොරේ "පොඩ්ඩක් හිටපල්ලකො කියලා" අර නිල නොලත් විදියට පත් වෙන දහ දෙනාගෙන් හතර දෙනෙක් ආණ්ඩුකාරයාට පත් කොරන්න බැරිය, උන් පත් වෙන්නෙ නියොජිත ඡන්දෙන්ය කියලා අළුත් ගැටයක් ගහපු එක. ඔය නියෝජිත ඡන්දෙ කියන්නෙ උගත්, ධනවත් ඉහල රැකියාවල නියුතු කස්ටියට විතරක් ඡන්දේ දාන්න පුළුවන්ය කියන එකළු. නිල නොලත් ලෙස පත් වෙන අනිත් හයදෙනා ආණ්ඩුකාරයා තමයි පත් කොරන්නෙ. ඒ පහත රට සිංහල දෙන්නයි, දෙමළ දෙන්නයි, උඩරට සිංහල එක්කෙනයි සහ මුස්ලිම් එක්කෙනයි කියලා. අර ඡන්දෙන් පත් වෙන හතර දෙනා බෙදුවා බර්ගර් එක්කෙනයි, යුරෝපීය දෙන්නයි සහ උගත් ලංකික එක්කෙනයි කියලා. තේරෙනවනෙ මොකද්ද වෙන්නෙ කියලා. මුළු ව්යවස්ථා සභාවටම ඉන්නෙ සිංහල 4යි. ඒ හතර දෙනාගෙනුත් දෙන්නෙක් ගෙඩි පිටින් පහත රට සිංහල. ඕන් ඔය වෙලාවේ අප් කස්ටිය දුර දිග බලලා තීරණයක් ගත්තා. ඒ තමයි උඩරට පහත රට කමක් නැතිය හැබැයි පත් වෙන හැමෝම ගොවිගම කුලේ අය වෙන්න ඕනෙය කියලා. එහෙම සෙට් උනාම ගොවිගම කුලේ තුන්දෙනෙක් ව්යවස්ථදායක සභවේ ඉන්නවා. හැබැයි කස්ටිය රත් උනේ ඡන්දෙන් පත් වෙන්න තිබ්බ එකම සිංහල ආසනේට මාකස් ප්රනාන්දු කියන වෛද්යවරයා නාම යෝජනා දීමත් එක්ක. මාකස් ප්රනාන්දු කරාව කුලේ. කස්ටිය ඔය එකම රටක් එකම දැයක් බයිලේ ගැහුවට ගොවිගම කුලේ කස්ටිය අනිත් කුල පහත් කියලා සලකලා ඒ මිනිස්සුත් එක්ක එකට කෑම මේසේවත් වාඩි වෙන්නෙ නෑ. ඒ අස්සෙ කස්ටිය ගනන් හදලා බැලුවා ඡන්ද තත්වේ කොහොමද කියලා. ඡන්දෙ දෙන්න අයිතිය ලැබිලා තිබ්බෙ 2938 දෙනාටයි. එයින් සිංහලයො හිටියෙ 1659යි. දෙමළ ජාතිකයෝ හිටියෙ 1072යි. ඡන්ද 207ක් තිබ්බෙ සුළු ජතීන්ගේ ඡන්ද. ( යුරෝපීය, මුස්ලිම් සහ බර්ගර් ) ඒ ටිකත් හොලවන්න බැරි බව තේරිලා තිබ්බෙ. මොකද යුරෝපීය දෙන්නටයි, බර්ගර් එක්කෙනාටයි ඒ ඡන්ද ටික වැටෙන නිසා. සිංහල ඡන්ද වලින් ආසන්න වශයෙන් ඡන්ද 1000ක් හිමි කරගෙන තිබ්බෙ කරාව, දුරාව, සලාගම කියන කුල වලට අයත් කට්ටිය. ගොවිගම කෙනෙක් ඡන්දෙට ඉදිරිපත් උනොත් දිනන්න තියා හිතන්නවත් බැරි බව ගොවිගම කුලේ කස්ටියට තේරුනා. ඕන් ඔය වෙලාවේ තමා අපේ ඩී. එස්. ලොක්කට සුපිරි අයිඩියා එකක් ආවේ. නීතීය අනුව ඉදිරිපත් වෙන්නෙ උගත් ශ්රී ලාංකික කියලා මිස සිංහල දෙමළ කියලා නෙවේය, ජාතියට කෙල උනත් කුලේ රැක ගත යුතුය කියලා පෙරට ආපු ඩී. එස් මහත්තයා, වොල්ටර් ජයවර්ධනට කියනවා “වහාම පල ඉංදියාවට. ගිහින් එක්ක වර පොන්නම්බලම් රාමනාදන්ව” කියලා. මොකද පොන්නම්බලම් රමනාදන් වෙල්ලාල්ල කුලේ. ඒ කියන්නෙ දෙමලින් නම් ගොවිගම කුලේම තමා. අනේ ඉතින් අපේ ජේ.ආර්. ජයවර්ධනගේ බාප්පා කෙනෙක් වෙච්ච වෝල්ටර් ජයවර්ධන ඉන්දියාවට ගිහින් පොන්නම්බලම් රාමනාදන්ව එක්ක ඇවිත් ලංකවට ඡන්දෙට ඉදිරිපත් කොරනවා. දෙමළ ඡන්ද ටික කුල භේදයකින් තොරව රාමනාදන්ට යනවා. අපේ යක්ඛ පුත්තු ටිකකුත් ජාතියට හෙන ගැහුවත් කුලේ බේර ගන්න ඕනේ කියලා රාමනාදන්ටම ඡන්දෙ දෙනවා. අන්තිමට ඡන්ද 1645ක් ගත්ත පොන්නම්බලම් රාමනාදන් ව්යවස්ථාදායක සභාවට යද්දි සිංහල ඡන්ද 981 ගත්ත මාකස් ප්රනාන්දු ගෙදර යනවා. 312 දෙනෙක් ඡන්දෙ ප්රකාශ කලේ නැහැ. පස්සෙ නිදහස් සටනෙ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් තමයි සෝල්බරි කොමිසමේදී සහ ව්යවස්ථාදායක සභාවෙදි 50ට 50 ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ ව්යවස්ථා දායක සභාවේ සහ සෙනෙට් මණ්ඩලයේ සංයුතිය 50%ක් සිංහල සහා 50%ක් දෙමළ විය යුතුයි කියලා. දෙමළ ජාතිය ස්වාධීන ජාතියක්ය, උතුරු පලාත දෙමළ නිජ භූමියක්ය කියන සංකල්පේ නිර්මාතෲත් ඔය කියන රාමනාදන්ම තමා. ඕන් ඔහොමයි නිදහස් සටනේ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් හැසිරුනේ. එහෙම හැසිරෙන්න රාමනාදන් ලංකාවට විතරක් නෙවෙයි, දේශපාලනේට ගෙනාවෙත් ජාතියට පෙර කුලය බෙරා ගැනීමට කටයුතු කල, පසුව ජාතියේ පියා වූ ඩී.එස් ම තමා. 33 අවුරුද්දක් දිග ඇරුණු ත්රස්ථවාදි යුද්දෙට පෙරලපු පලවෙනි වැලි කැටෙ හැටියට මමනම් දකින්නේ මේක. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom