ජාතියේ පියා ඩී. එස්. මද?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    149
    327
    63
    මෙහෙම ලිපියක් ලියන්න හිතුනේ කිරියෙ කට්ටියක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකව ආයි උපද්දවලා පන පිටින් බාබකිව් කරන්න වගේ සීන් එකක් යන නිසා. මේකට ප්‍රධාන හේතුව වෙන්නෙ බණ්ඩාරනායක අමු ගොන් වැඩක් කලාය කියන හේතුව. විශේෂයෙන් අවුරුදු 33ක් පුරා පැවති ත්‍රස්ථවාදී යුද්ධයට මුල් පදනම දැම්මේ බණ්ඩාරනායකය කියන ආකල්පය. මගේ දැනීමේ හැටියට ලංකාවේ හිටපු සියළු දේශපාලකයින් අඩු වැඩි වශයෙන් ගොන් වැඩ කරලා තියෙනවා. ඉතින් බණ්ඩාරනායකත් එහෙමයි. අනික ඉතින් බණ්ඩාරනායකව පත් කලෙත් මේ ලංකාවේ අපිමනෙ. මොකෝ එංගලන්තෙ මහ රැජින උන්දැව අගමැති කරලා ලංකාවට එව්වයෑ. ඉතින් අපිට වගේම උන්නැහේටත් ගොන් වැඩ කිරීමේ හැකියාව උපතින්ම ලැබිලා තියෙන්න ඇති. අපරාදේ කියන්න බෑ බණ්ඩාරනායක විතරක් නෙවෙයි, ලංකාවේ බිහිවූ සියළුම නායකයින්ට ගොංකම හොදටම තිබිලා තියෙනවා ඈ. ඒකට පක්ෂ පාට භේදයක් නෑ. වෙලාවකට හිතෙනවා අපි මේ මැතිවරණවලින් කරන්නේ ලංකාවේ හොදම ගොනා හෝ ගොන්නු ටික තේරීම නේද කියලත්.

    බණ්ඩාරනායකත් ඉතින් ඕම ඕම ගොන් වැඩ කලාට ඔය ත්‍රස්ථවාදී යුද්දෙට මුල් වැලි ඇටේ තිබ්බේ උන්දැය කියන එකනම් පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැ‍යි ඉතින් ඒ මට ඈ. අපේ බයි ටොයි මහත්තුරු කැමති විදියකට වෙනස් කරගත්තට කමක් නෑ.

    මට අනුව නම් ත්‍රස්ථවාදී යුද්දේට මුල්ම වැලි ඇටේ තිබ්බේ ඩී. එස්. සේනනානයක මිසක් බණ්ඩරනායක නෙවෙයි. ඒ කොහොමද කියන කථාව තමයි මේ කියන්න යන්නේ.

    හැමෝටම මතක ඇතිනේ අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තා සුද්දො මේ රට අල්ල ගත්තා කියලා. ඉතින් එහෙම සුද්දො රට අල්ල ගත්තා කියලා අපේ යක්ඛ පුත්තු නිකන් හිටියේ නෑ. ආයි සුද්දො පන්නලා දාලා මේ රටේ සිංහල රජෙක් පත් කරගන්න සෑහෙන්න උත්සහ කලා. හැබැ‍යි වැඩේ හරි ගියේ නෑ. සුද්දො ටික කොහොම හරි අල්ලන් හිටියා. ඔහොම ඉන්න අතරේ සුද්දො කරපු එක එක වෙනස් කම් වලින් රට සම්පූර්ණයෙන්ම වෙනස් උනා. භෞතික වශයෙන් විතරක් නෙවෙයි. සමාජීය වශයෙනුත් රට වෙනස් උනා. ඉස්සර හිටපු පාරම්පරික නිලමක්කරයින්ටත් වඩා පොහොසත්, දනවත් වගේම උගත් ඉඩම් හිමි රදල පන්තියක් මේ රටෙ බිහිවෙන්නෙ ඔය සුද්දො කරපු එක එක වෙනස් කම් හින්දා තමයි.

    ඉතින් ඔය වෙනස් කම් දිරව ගන්න වඩාත්ම අමාරු උනේ ඒ කාලේ ඉදලම තමන් උසස්ය, ඉහලය, ධනවත්ය කියාගෙන හිටපු කට්ටියකට තමා. දැන් ඉතින් අලුත් ධනපති පන්තියක් බිහිවෙමින් තියෙන නිසා මේ කට්ටියත් බැළුවේ වැල යන අතට මැස්ස ගැහීම වගේ දෙයක්. ඒ කියන්නෙ තමන්ගේ බලවත්කම්, උසස් කම් දිගටම තියාගන්න නම් අළුතින් ඉහල යන අයට කලින් තමුන් ඉහල යන්න ඕනේ කියලා. ඕන් ඔය විදියට තමා අපේ රටේ කළු සුද්දෝ බිහි උනේ. ඒ වගේම මේ කළු සුද්දෝ ටික තේරුම් අරගෙන තිබුනුනා ඉස්සරහටත් තමන්ගේ ලොකුකම රැක ගන්න නම් සුද්දොත් එක්ක හෝ සුද්දො යනකොට තමන් දේශපාලන බලය තමන්ගෙ අතට ගන්න ඕනෙය කියලා. ඉතින් ඒ වෙනුවෙන් මේ කළු සුද්දො ටික බොහොම වෙහෙස උනා. තමුන්ගේ සිංහල ඇදුම අත ඇරලා බැස්සා යුරෝපීය ඇදුමට. ආගම කතෝලික හෝ ක්‍රිස්තියානි බවට පරිවර්ථනය කරගත්තා. යුරෝපීයයන් වගේම වැවිලි ක්ශේත්‍රයටත් යොමු උනා. ඊට අමතරව ඉතින් තව තව ව්‍යාපාර වලටත් යොමු උනා. ඒ අතරින් රේන්ද ව්‍යාපාරය සහ මිනිරන් කැනීම විශේෂ උනා. ආයි කියන්න ඕනේ නෑනේ. කොහොමින් හරි සල්ලි ටිකක් අතපත ගාන්න ගත්තට පස්සෙ කට්ටිය ඔය මුහන්දිරම් පට්ටම්, මුදලි පට්ටම් පස්සෙ යන්න ගත්තා. ඔය විපරියාසේ හොදට පැහැදිලි කරලා තියෙනවා මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරලිය, යුගාන්තය සහ කලියුගය කියන තුන් ඈදුතු නවකතාවේ.

    ඕන් ඔය වකවනුවේ තමා අපේ කථානායකයො ටිකත් සීන් එකට එන්ටර් වෙන්නෙ. ඔය අළුතින් බිහිවෙච්ච ධනපති පන්තිය දැනගෙන හිටියා හොද අධ්‍යාපනයක් ලැබුනොත් රාජ්‍යය පාලනයට ඇතුළුවෙලා දේශපාලන බලය ලබ ගැනීම පහසු වෙන බව. ඒ නිසා තමන්ගේ ලමයින්ට හොද අද්‍යාපනයක් ලබා දෙන්න කතෝලික ඉස්කෝල වලට විතරක් නෙවෙයි, වියදම් කරලා එංගලන්තෙට යවලා ඉගැන්නුවා. ඒ කට්ටියත් එංගලන්තෙන් ඉගෙනගෙන ආයි ලංකාවට ආවේ "කෙදිනක හෝ ලංකාව පාලනය කරමි" යන තිර අදිටනින් යුතුවයි.

    ඔය විදියට හැමදේම සිද්දවෙන අතරේ මෙහේ හිටපු කට්ටියත් ෆුල් ට්‍රයි එක දුන්නා දේශපාලන බලය තමන්ගෙ අතට ගන්න. කට්ටියගේ ට්‍රයි එක වැඩ කරමින් එංගලන්තේ රජතුමා තීරණය කරනවා මුන්ට පොඩි සීනී බෝල ටිකක් දෙන්න ඕනේ කියලා. ඒ පාර තමයි ඔය 1833 ඉදන් සැරින් සැරේ ව්‍යවස්ථා වෙනස්කම් කරන්න පටන් ගන්නේ.

    කට්ටිය ඉගෙන ගත්ත ඉතිහාසේ මතක නම් දන්නවා ඇතිනෙ 1833 ආණ්ඩුක්‍රම ප්‍රතිස්ංස්කරන එහෙම. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ වලින් ව්‍යවස්ථා සභාවක් පිහිටෙව්වා. හරියට දැන් අප පාර්ලිමේන්තුව වගේ තමයි. සාමාජිකයෝ ගනන 15යි. නිල බලයෙන් 9ක් පත් වෙනවා. නිල නොවන 6 දෙනෙක් ආණ්ඩුකාරයා විසින් පත් කරනවා. නිල බලයෙන් පත් වෙනවා කිව්වෙ රජයේ යම නිලයක් දැරීම නිසා නිකන්ම ව්‍යවස්ථාදායක සභාවට පත් වීම. උදාහරණයක් විදියට යටත් විජිත ලේකම් අනිවාර්යෙන් ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නවා. අර නිල නොවන 6 දෙනෙක් ආණ්ඩුකාරයා විසින් පත් කරනවා කිව්වා නේද. ඔන්න ඔතන තමයි කොස්ස හිටියේ. ඔය 6 දෙනා පත් කරද්දි කෝල්බෲක්ගේ නිර්දේශය උනේ යුරෝපීයයන් තුන්දෙනෙක් සහ සිංහල, දෙමළ බර්ගර් යන අයගෙන් එක් කෙනෙක් බැගින් පත් කරන්න. මොකද මොකක් හරි අරවුලකින් නිල නොලත් අය රජයට විරුද්ධ උනොත් අනිවාර්යෙන් යුරෝපීය තුන්දෙනා සහ බර්ගර් වරයා රජයට පක්ශ වෙන නිසා හතරට දෙකක් විදියට රජයේ මතය අනුමත වෙනවා. හැබැ‍යි ආණ්ඩුකාරයත් නිකන් ඉන්නෙ නෑ. ඌ ව්‍යවස්ථාදායක සභාවට පත් කරන්නෙ ඌත් එක්ක හොදටම හිතවත් ඌ කියන හැම එකටම එහෙයි කියන සිංහල එකෙකුයි දෙමළ එකෙකුයි.

    අපේ කස්ටියට ඕක මදි උනානේ. ඒ අස්සෙ නිල නොලත් විදියට පත් කරගත්ත යුරෝපීය තුන්දෙනත් කෑ ගහන්න ගත්තා නිලලත් කට්ටිය වැඩි නිසා තමුන්ගේ අවශ්‍යයතා ඉටු කරගන්න බැරි වෙනවාය කියලා. උන්ට ඕනේ උනේ හොද රේල් පාරවල්, සහ පාරවල් වගේ දේවල් තව දියුණු කරන්න. ඒ මගින් උන්ගේ වතුවලින් ලැබෙන අදායම වැඩි කර ගන්න. ඒ පාර ඕන් එව්වා කැමරන් කියලා පොරක්. පොර කලෙ ව්‍යවස්ථා දායක සභාවේ සංයුතිය නිල ලත් 11යි, නිල නොලත් 10යි කියලා වෙනස් කරපු එක. ඒ 1910දි. ඔය වෙනස් කම කොරන්න ආපු කැමරන්ට මුළ ඉදලම් හෙන දුක් ගැනිවිල්ල සිංහල මිනිස්සුන්ගෙන්. අණ්ඩුකාරයා නිල නොලත් අයව පත් කරද්දි අසධාරණ විදියට එයා කැමති අයව විතරක් පත් කරනවාය, ඒ පත් වෙන්නෙ ඔක්කොම ගොවිගම ඈයෝ විතරය, කරාව, දුරාව, සලාගම අයට කිසි සැලකිල්ලක් නැතිය, ව්‍යවස්ථදායක සභාවේ ඒ අයටත් තැනක් දෙන්නය කියලා හෙන අදෝනාවයි. ඒ පාර මැකලම් කොරේ "පොඩ්ඩක් හිටපල්ලකො කියලා" අර නිල නොලත් විදියට පත් වෙන දහ දෙනාගෙන් හතර දෙනෙක් ආණ්ඩුකාරයාට පත් කොරන්න බැරිය, උන් පත් වෙන්නෙ නියොජිත ඡන්දෙන්ය කියලා අළුත් ගැටයක් ගහපු එක. ඔය නියෝජිත ඡන්දෙ කියන්නෙ උගත්, ධනවත් ඉහල රැකියාවල නියුතු කස්ටියට විතරක් ඡන්දේ දාන්න පුළුවන්ය කියන එකළු. නිල නොලත් ලෙස පත් වෙන අනිත් හයදෙනා ආණ්ඩුකාරයා තමයි පත් කොරන්නෙ. ඒ පහත රට සිංහල දෙන්නයි, දෙමළ දෙන්නයි, උඩරට සිංහල එක්කෙනයි සහ මුස්ලිම් එක්කෙනයි කියලා. අර ඡන්දෙන් පත් වෙන හතර දෙනා බෙදුවා බර්ගර් එක්කෙනයි, යුරෝපීය දෙන්නයි සහ උගත් ලංකික එක්කෙනයි කියලා.

    තේරෙනවනෙ මොකද්ද වෙන්නෙ කියලා. මුළු ව්‍යවස්ථා සභාවටම ඉන්නෙ සිංහල 4යි. ඒ හතර දෙනාගෙනුත් දෙන්නෙක් ගෙඩි පිටින් පහත රට සිංහල. ඕන් ඔය වෙලාවේ අප් කස්ටිය දුර දිග බලලා තීරණයක් ගත්තා. ඒ තමයි උඩරට පහත රට කමක් නැතිය හැබැ‍යි පත් වෙන හැමෝම ගොවිගම කුලේ අය වෙන්න ඕනෙය කියලා. එහෙම සෙට් උනාම ගොවිගම කුලේ තුන්දෙනෙක් ව්‍යවස්ථදායක සභවේ ඉන්නවා.

    හැබැ‍යි කස්ටිය රත් උනේ ඡන්දෙන් පත් වෙන්න තිබ්බ එකම සිංහල ආසනේට මාකස් ප්‍රනාන්දු කියන වෛද්‍යවරයා නාම යෝජනා දීමත් එක්ක. මාකස් ප්‍රනාන්දු කරාව කුලේ. කස්ටිය ඔය එකම රටක් එකම දැ‍යක් බයිලේ ගැහුවට ගොවිගම කුලේ කස්ටිය අනිත් කුල පහත් කියලා සලකලා ඒ මිනිස්සුත් එක්ක එකට කෑම මේසේවත් වාඩි වෙන්නෙ නෑ. ඒ අස්සෙ කස්ටිය ගනන් හදලා බැලුවා ඡන්ද තත්වේ කොහොමද කියලා. ඡන්දෙ දෙන්න අයිතිය ලැබිලා තිබ්බෙ 2938 දෙනාටයි. එයින් සිංහලයො හිටියෙ 1659යි. දෙමළ ජාතිකයෝ හිටියෙ 1072යි. ඡන්ද 207ක් තිබ්බෙ සුළු ජතීන්ගේ ඡන්ද. ( යුරෝපීය, මුස්ලිම් සහ බර්ගර් ) ඒ ටිකත් හොලවන්න බැරි බව තේරිලා තිබ්බෙ. මොකද යුරෝපීය දෙන්නටයි, බර්ගර් එක්කෙනාටයි ඒ ඡන්ද ටික වැටෙන නිසා. සිංහල ඡන්ද වලින් ආසන්න වශයෙන් ඡන්ද 1000ක් හිමි කරගෙන තිබ්බෙ කරාව, දුරාව, සලාගම කියන කුල වලට අයත් කට්ටිය. ගොවිගම කෙනෙක් ඡන්දෙට ඉදිරිපත් උනොත් දිනන්න තියා හිතන්නවත් බැරි බව ගොවිගම කුලේ කස්ටියට තේරුනා.

    ඕන් ඔය වෙලාවේ තමා අපේ ඩී. එස්. ලොක්කට සුපිරි අයිඩියා එකක් ආවේ. නීතීය අනුව ඉදිරිපත් වෙන්නෙ උගත් ශ්‍රී ලාංකික කියලා මිස සිංහල දෙමළ කියලා නෙවේය, ජාතියට කෙල උනත් කුලේ රැක ගත යුතුය කියලා පෙරට ආපු ඩී. එස් මහත්තයා, වොල්ටර් ජයවර්ධනට කියනවා “වහාම පල ඉංදියාවට. ගිහින් එක්ක වර පොන්නම්බලම් රාමනාදන්ව” කියලා. මොකද පොන්නම්බලම් රමනාදන් වෙල්ලාල්ල කුලේ. ඒ කියන්නෙ දෙමලින් නම් ගොවිගම කුලේම තමා. අනේ ඉතින් අපේ ජේ.ආර්. ජයවර්ධනගේ බාප්පා කෙනෙක් වෙච්ච වෝල්ටර් ජයවර්ධන ඉන්දියාවට ගිහින් පොන්නම්බලම් රාමනාදන්ව එක්ක ඇවිත් ලංකවට ඡන්දෙට ඉදිරිපත් කොරනවා. දෙමළ ඡන්ද ටික කුල භේදයකින් තොරව රාමනාදන්ට යනවා. අපේ යක්ඛ පුත්තු ටිකකුත් ජාතියට හෙන ගැහුවත් කුලේ බේර ගන්න ඕනේ කියලා රාමනාදන්ටම ඡන්දෙ දෙනවා. අන්තිමට ඡන්ද 1645ක් ගත්ත පොන්නම්බලම් රාමනාදන් ව්‍යවස්ථාදායක සභාවට යද්දි සිංහල ඡන්ද 981 ගත්ත මාකස් ප්‍රනාන්දු ගෙදර යනවා. 312 දෙනෙක් ඡන්දෙ ප්‍රකාශ කලේ නැහැ.

    පස්සෙ නිදහස් සටනෙ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් තමයි සෝල්බරි කොමිසමේදී සහ ව්‍යවස්ථාදායක සභාවෙදි 50ට 50 ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථා දායක සභාවේ සහ සෙනෙට් මණ්ඩලයේ සංයුතිය 50%ක් සිංහල සහා 50%ක් දෙමළ විය යුතුයි කියලා. දෙමළ ජාතිය ස්වාධීන ජාතියක්ය, උතුරු පලාත දෙමළ නිජ භූමියක්ය කියන සංකල්පේ නිර්මාතෲත් ඔය කියන රාමනාදන්ම තමා. ඕන් ඔහොමයි නිදහස් සටනේ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් හැසිරුනේ. එහෙම හැසිරෙන්න රාමනාදන් ලංකාවට විතරක් නෙවෙයි, දේශපාලනේට ගෙනාවෙත් ජාතියට පෙර කුලය බෙරා ගැනීමට කටයුතු කල, පසුව ජාතියේ පියා වූ ඩී.එස් ම තමා.

    33 අවුරුද්දක් දිග ඇරුණු ත්‍රස්ථවාදි යුද්දෙට පෙරලපු පලවෙනි වැලි කැටෙ හැටියට මමනම් දකින්නේ මේක.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    557
    1,147
    93
    ලංකාවේ තරම් පියාලා ලෝකෙම නැතිව ඇති

    ජාතියේ පියා
    අධ්‍යාපනයේ පියා
    රට බේරා දුන් පියා
    බත් දුන් පියා
    පාං දුන් පියා
    පිංපියා
     
    akildila

    Well-known member
  • May 29, 2016
    743
    1,302

    Ow මචන් හරියට හරි මේක තමයි ආරම්බය,1948 පාර්ලිමේන්තුවේදි සිංහල හා සුළුජාති නියෝජනය 50%ට 50%වෙන්න ඕනේ කියලා ඉදිරිපත් කරාම එක D. S. Senanayaka ප්‍රතික්ෂේප කරනවා, ඊට පස්සේ රාමනාදන්ගේ චන්දෙත් අරගෙන වතුකරේ දෙමළ ජනයාගේ පුරවැසිබාවය අහෝසි කිරීමට කටයුතු කරනවා,

    Thanks මචන් මේ පැහැදිලි විග්‍රහයට,

    කොහොමත් ඉතිහාසය දෙස හැරිලා බලද්දී අපේ සංගයා වහන්සේලාගේ බලවත් විරෝදය නිසා මේ කටයුතු මේ ආකාරයෙන්ම සිද්ද වුනා කියලා කියන්න පුළුවන්, ඔවුනුත් මේකට වග කියන්න ඕනේ,,,
    උදාහරණයක් වශයෙන් කිව්වොත් 1957 ජුලි 29 අත්සන් කෙරුණු බණ්ඩාරනායක, චෙල්වනායගම් ගිවිසුම ( 1956 සිංහල පමණක් පනත කිරියත්මක කිරීමට පසුව ඒයට විරුද්දව නැගි ආ දෙමළ බලවේගය හේතු කොට ගෙන පෙඩරල් පක්ෂය සමග විසදුමක් ගෙන ඒම සදහා ඇති කරගත් ගිවිසුමකි,) ඇත්ත වශයෙන්ම කිවහොත් බණ්ඩාරනායක සද් බාවයෙන්ම මෙම ගිවිසුමට එලබුනි,එහෙත් සිදු වුයේ ශ්‍රීලංකාවේ දැනුත් සිදුවන්නා වූ කුණු දේශපාලනය සහ සංගරත්නය මෙයට අකුල් හෙලීමය, එනම් දෙමළට අවශ්‍ය ආකාරයට රට පාලනය කරති දොස් නැගු අතර, බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම ඉරා දමන ලෙස පවසමින් අපේ රටේ ගනයෝ සෙට් එක ( සංග රත්නය ) උත්ගොෂණය කිරීමය, මෙහි ප්‍රතිපලයක් ලෙස ගිවිසුම අවලංගු කල අතර, ඒය ඔප්පු කර පෙන්වීමට මහා සන්ගරත්නය ඉදිරියේ බණ්ඩාරනායක විසින් ගීවිසුමේ පිටපත් ඉරා දැමන ලදී,

    අන්තිමට කියන්න තියෙන්නේ අපි මහා ජාතියත් , අපේ ගනයෝ සෙට් එකත් (මහා සන්ගරත්නය ) එකතු වෙලා රට වලපල්ලට දැම්මා කියලා තමයි,
    දැනුත් වෙන්නේ ඉතිහාසේ වෙච්ච ඕකම තමයි
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    13,717
    1,944
    113
    Auckland
    උබල හිතනවද නම් එක මිනිහෙක් නිසා ඔච්චර දෙයක් උනා කියල.

    උබ මේකට කුල මල මගුලක් ඈදලා අරන් දැන්.

    ලොකෙ 1920-1940 කියන කාලෙ ගැන ටිකක් අධ්‍යනය කරල බලපන් සෑහෙන විප්ලවයක් උන කාලයක්.

    කොමියුනිස්ට් නාසිවාදී ලිබරල් වාදී ප්‍රජාත්‍රන්ත්‍රවාදි ජාතිවාදී යුදවාදී ඔක්කොම අත්හදා බලපු කාලයක්. ලංකාවෙත් ඔය හැම ජාතියකම එවුන් හිටියා
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    218
    304
    63
    Good one 👌
    පොඩි කාලේ ඉස්කෝලෙ පොත් වල ජාතික වීරයෝ කියලා ඔය ජෝඩුව ගෙ පින්තුරත් අලවලා කට පාඩම් කෙරෙව්වනෙ 🤮🤮
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    1,054
    1,867
    113
    Ow මචන් හරියට හරි මේක තමයි ආරම්බය,1948 පාර්ලිමේන්තුවේදි සිංහල හා සුළුජාති නියෝජනය 50%ට 50%වෙන්න ඕනේ කියලා ඉදිරිපත් කරාම එක D. S. Senanayaka ප්‍රතික්ෂේප කරනවා, ඊට පස්සේ රාමනාදන්ගේ චන්දෙත් අරගෙන වතුකරේ දෙමළ ජනයාගේ පුරවැසිබාවය අහෝසි කිරීමට කටයුතු කරනවා,

    Thanks මචන් මේ පැහැදිලි විග්‍රහයට,

    කොහොමත් ඉතිහාසය දෙස හැරිලා බලද්දී අපේ සංගයා වහන්සේලාගේ බලවත් විරෝදය නිසා මේ කටයුතු මේ ආකාරයෙන්ම සිද්ද වුනා කියලා කියන්න පුළුවන්, ඔවුනුත් මේකට වග කියන්න ඕනේ,,,
    උදාහරණයක් වශයෙන් කිව්වොත් 1957 ජුලි 29 අත්සන් කෙරුණු බණ්ඩාරනායක, චෙල්වනායගම් ගිවිසුම ( 1956 සිංහල පමණක් පනත කිරියත්මක කිරීමට පසුව ඒයට විරුද්දව නැගි ආ දෙමළ බලවේගය හේතු කොට ගෙන පෙඩරල් පක්ෂය සමග විසදුමක් ගෙන ඒම සදහා ඇති කරගත් ගිවිසුමකි,) ඇත්ත වශයෙන්ම කිවහොත් බණ්ඩාරනායක සද් බාවයෙන්ම මෙම ගිවිසුමට එලබුනි,එහෙත් සිදු වුයේ ශ්‍රීලංකාවේ දැනුත් සිදුවන්නා වූ කුණු දේශපාලනය සහ සංගරත්නය මෙයට අකුල් හෙලීමය, එනම් දෙමළට අවශ්‍ය ආකාරයට රට පාලනය කරති දොස් නැගු අතර, බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම ඉරා දමන ලෙස පවසමින් අපේ රටේ ගනයෝ සෙට් එක ( සංග රත්නය ) උත්ගොෂණය කිරීමය, මෙහි ප්‍රතිපලයක් ලෙස ගිවිසුම අවලංගු කල අතර, ඒය ඔප්පු කර පෙන්වීමට මහා සන්ගරත්නය ඉදිරියේ බණ්ඩාරනායක විසින් ගීවිසුමේ පිටපත් ඉරා දැමන ලදී,

    අන්තිමට කියන්න තියෙන්නේ අපි මහා ජාතියත් , අපේ ගනයෝ සෙට් එකත් (මහා සන්ගරත්නය ) එකතු වෙලා රට වලපල්ලට දැම්මා කියලා තමයි,
    දැනුත් වෙන්නේ ඉතිහාසේ වෙච්ච ඕකම තමයි
    මොනවා උනත් ඒ කාලේ හැටියට හෙන රැඩිකල් වැඩක් ඉතින් දෙමල එකෙක්ව ඡන්දෙන් පත් කරගත්ත එක .... රාමනාදන් ජාතිවාදී තැනකට යන්නෙ නැතුව පුළුල්ව හිතුව නම් ඒ අවස්ථාව එක ශ්‍රී ලාංකික ජාතියක් හදන්න පාවිච්චි කරන්න තිබුණ ....
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,985
    3,379
    113
    Good one 👌
    පොඩි කාලේ ඉස්කෝලෙ පොත් වල ජාතික වීරයෝ කියලා ඔය ජෝඩුව ගෙ පින්තුරත් අලවලා කට පාඩම් කෙරෙව්වනෙ 🤮🤮
    Thawa ara nawalar thuma kiyala ekekge namath thibune
    anthimata baladdi pora wellala unta witarak adhyapanaya one
    kiyala mathe hitapu ekek.
    (arabi syllabus ehemath thiyena eke mewa ithin puduma wenna dewaluth nemeyi)
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    7,037
    29,685
    113
    Polonnaruwa
    මොනවා උනත් ඒ කාලේ හැටියට හෙන රැඩිකල් වැඩක් ඉතින් දෙමල එකෙක්ව ඡන්දෙන් පත් කරගත්ත එක .... රාමනාදන් ජාතිවාදී තැනකට යන්නෙ නැතුව පුළුල්ව හිතුව නම් ඒ අවස්ථාව එක ශ්‍රී ලාංකික ජාතියක් හදන්න පාවිච්චි කරන්න තිබුණ ....
    මේවගේ එකක් දේශපාලනය කරන දෙමලෙක්ගෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,704
    2,001
    113
    ඉස්සර ලංකාවේ කුල බේදය තදින් තිබුණා. දන්නේ නැති අය "සෙන්කොට්ටන්" පොත කියවන්න. හිටපු නායකයෝ බයේ හිටියේ අඩු කුලේ මිනිහෙක් රජ වෙයි කියලා. (ප්‍රේමේ විතරයි එහෙම කෙනෙක්ට හිටියේ )නිදහස් අධ්‍යාපනය දෙනකොට බණ්ඩාරනායක කිව්වලු ක්‍රිස්ටෝපර් උඹ හදන්නේ ගහක ගෙඩියක්වත් කඩන්න කොල්ලෙක් නැති කරන්න කියලා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන අතරේ ඒ අයගේ ළමයි oxford , සෝබෝන් ඉගෙන ගත්තේ. ඒක කරේ අර ඇඳිරිනීතිය දාන විදියට එක රැයින්. ඕක කරන්න තිබ්බා අනික් හැම ජාතියකටම කියලා සිංහල ඉගෙන ගන්න අවුරුද්දක්වත් දීලා. දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණ නිසා වයිර බැඳ ගත්තා.
    LTTE පටන් ගත්ත අළුත ඔත්තුසේවා JR ට කිව්වම ඔය කොල්ලෝ කොළුකමට කරන ඒවා කිව්වලු. උන් ඔය ආවා කල්ලිය වගේ ඉඳලා තියෙන්නේ. පස්සේ ජාත්‍යන්තරය සම්බන්ද උනාම වැඩේ ලොකු උනා. ඉන්දියන් හමුදාවට ගහන්න කියලා ප්‍රේමේ ආයුධ පවා දුන්නා.ඒවගෙන් උන් අපිටම ගැහුවා.
    යාපනේ දිනලා යුද්දේ ඉවර කරන්න යනකොට කොබ්බැකඩුවගේ ජීප් එකට බෝම්බ තිබ්බා. තුවාල උන එතුමා අරන්ගිය හෙලිකොප්ටරේ එතුමා මැරෙනකන් හොස්පිටල් එකට බාන්නේ නැතුව උඩ කැරකි කැරකි හිටියා.
    ලේන්සුව වනලා බොරු බෝම්බේ ගේන්න කිව්ව ප්‍රේමයට ඇත්ත බෝම්බ පාර කන්න උනා. දෙවෙනි පාර රජවෙන්න චන්ද්‍රිකා බෝම්බ ගහගෙන 99 බේරුණා.හිල්ටන් එකේ ප්‍රබා ඉඳලා සාකච්චා කරේ ඉස්සර.
    2005 කාටවත් චන්දෙ දෙන්න එපා කියලා යාපනේ , රාජපක්ෂලා සල්ලි දුන්නා LTTE එකට. මේක දැනන් හිටපු ශ්‍රීපති ටත් ගේම දුන්නා.
    ඔය ප්‍රශ්නේ එක දේශපාලුවෙක් කරපු වැරද්දක් නිසා ඇති උන දෙයක් නෙවෙයි.
     
    e wagema eka paththakath nemeyi
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    10,589
    1
    50,910
    113
    93
    හෝමාගම
    කුලෙ රකින්න ගිහිල්ල අතින් අරන් -කේ තියා ගත්ත වාගෙ වැඩක් උනේ.

    කොහොම උනත්, මේ ප්‍රස්නෙට ස්තිර විසදුමක් විදියට හොද මොකද්ද?

    ෆෙඩරල් හරිද
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,299
    785
    113
    මොනවා උනත් ඒ කාලේ හැටියට හෙන රැඩිකල් වැඩක් ඉතින් දෙමල එකෙක්ව ඡන්දෙන් පත් කරගත්ත එක .... රාමනාදන් ජාතිවාදී තැනකට යන්නෙ නැතුව පුළුල්ව හිතුව නම් ඒ අවස්ථාව එක ශ්‍රී ලාංකික ජාතියක් හදන්න පාවිච්චි කරන්න තිබුණ ....
    රාමනාදන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ, යටත්විජිත කාලේ සුද්දගේ ආකර්ශනය දිනාගෙන සුලුතරයට ලබපු වරප්‍රසාද (Wellala elite) නිදහසෙන් පස්සෙත් ගන්නයි ඒ කොටසට ඕන උනේ අදටත් Tamil aspirations කියන වචනේ අදහස ඒකම තමයි, කපටිසුද්දා මේගැටලුව ඇතිකරලා ඔඩුදුවන්න වැඩේ හදලා ගියේ. අදටත් බලන්න එයාලා ලඟ රාමනාදන්ගේ ජාතියේ වීම විශේෂ වරප්‍රසාද අනුකම්පාව ලැබීමට හේතුවක්. 83 කෝලාහලය ඒදෙගොල්ලන්ටම බෝනස් වාසියක් උනා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,412
    2,589
    113
    බණ්ඩාරනායකට වගකීමෙන් ගැලවෙන්න බෑ. මන්ත්‍රණ සභා නියෝජනයටත් වඩා සාමාන්‍ය දෙමළ ජනතාව රාජ්‍ය ප්‍රතිපත්ති මඟින් ඩිස්ක්‍රිමිනේට් කිරීමෙ ප්‍රවණතාව පටන් ගැනුනෙ එයාගෙ අනුදැනුම මත වීම නිසා. මාත් හිතනව එයා ඒ දේවල් කලේ යම් දුරකට සද්භාවයෙන් කියල. මෝඩයොන්ගෙ සද්භාවය වැඩකරන්නෙ හද්ද ගොන් විදිහට.

    ඒ ඇරුනම වාර්ගික අර්බුධය එක දේශපාලඥයෙක්ට ලඝු කරන්න බෑ තමයි. ඒක හරියට 83 දෙමළ ජනයාට එල්ල උන ප්‍රහාරය කලේ දේශපාලන හෙන්චයියන් විසින්මය කියනව වගේ දෙයක්. සාමාන්‍ය සිංහල සමාජයේ කාලෙක ඉඳන් වැඩුන මාත්සර්‍යය කින් තොරව මේ වගේ දේවල් වෙන්න විදිහක් නෑ. ඊට අමතරව බණ්ඩාරනායකට පසු රජයන් වලින් දෙමළ උසස් පෙළ ශිෂ්‍යයන්ට අවාසි සහගත විදිහට සිද්ධ උන policy standardization ගැන මම කිරියෙම දීර්ඝව ලියල තියෙනව.

    බණ්ඩාරනායක නිසා ඉංග්‍රීසි අධ්‍යාපනය නැති උනා කියල මිනිස්සු කියන කතාවටනම් එකඟ වෙන්නෙ නෑ. ඒකට වෙන කේස් ගොඩක් තියෙනව.

    ---

    වාර්ගික අර්බුධය ගැන කතා කරද්දි LTTE ත්‍රස්තවාදයටම කතාව ඇරන් යන එක සාකච්ජාව අසම්පූර්ණ කරවනව. සන්නද්ධ අරගලය ත්‍රස්තවාදී මුහුණුවරකට හැරුනම ඒකට ලාංකික දෙමළ සමාජයෙන්ම තරමක් නිහඬ විරෝධයක් ආ බව කතාවෙන්නෙ නෑ. විශේෂයෙන්ම දකුණෙ හිටපු දමිළ මධ්‍යම පාන්තිකයොන්ගෙන්. ත්‍රස්තවාදය මුලින්ම සෙන්සේෂනලයිස් කලේ රටින් පිට ඉඳන් රටේ ප්‍රශ්න විසඳන්න ගියපු දෙමළ ප්‍රජාව (අන්තිමට අර විරුද්ධ උන දකුණෙ දෙමළ bourgeois එකටම ගහල එලවීම නැවත නැවත රිපීට් වෙන ලාංකික උත්ප්‍රාසයක්).

    පහුගිය රජයෙන් සිද්ධ උන සංහිඳියා ප්‍රොජෙක්ට් වැඩ නොකරන්නෙත් ඒක යුද්ධය මතටම සීමා උන නිසා. යුද්ධය කුරිරුයි, war is hell බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. දෙමළ මිනිස්සුන්ට ඒකෙන් වැඩකුත් නෑ. එයාලට සහ රටින් පිටවුන දෙමළ ප්‍රජාවට අවශ්‍ය සිවිල් යුද්ධයට කලින් ප්‍රශ්න ටික ඇඩ්‍රස් කිරීම.

    ප්‍රශ්නෙ දැන් ඒ ලිස්ට් එකට තව ගැටලු කිහිපයක් එකතු වෙලා තිබීම. කලු ජූලියෙ අපරාධ සහ alleged දෙමළ සමූල ඝාතන චෝදනා.
     
    Last edited: