ජාතියේ ශෝක දිනය!
නිදහසේ සැබෑ අරුත කියා දුන්
1817-1818 ලාංකීය නිදහස් සටන
අද දිනට (26දා) යෙදෙන මොණරවිල
කැප්පෙටිපොළ ගුණානුස්‌මරණය නිමිත්තෙනි.
වෛද්‍ය අතුල අදිකාරී
රටකට දේශපාලනිකව, ආර්ථිකමය සහ සමාජීමය වශයෙන් නිදහස්‌ව ස්‌වාධිනත්වය ලබා ගැනීමට ම`ග පෙන්වන, ආදර්ශයක් සපයන විමුක්‌ති සටන්, ලෝකයේ බොහෝ රටවල්හි විවිධ කාල වකවානුවන් හි සිදුවිය. අසල්වැසි ඉන්දියාවේ වර්ෂ 1857 පැන නැගී රානී ලක්‌ෂ්මිබායි, නානා ෂහීබි, මංගල් පාංඩේ වැනි නායකයින් මෙහෙය වූ, බ්‍රිතාන්‍ය විරෝධි නිදහස් අරගලය හෙවත් සිපෝයි කැරැල්ල, ස්‌පාඤaඤ, ප්‍රංශ යටත් විජිතවාදීන්ට එරෙහිව ලතින් ඇමරිකානු කලාපයේ, හොසේaමාටි, සයිමන් බොලිවාර් වැනි නායකයින් ගේ ප්‍රධානත්වයෙන් පැන නැගි නිදහස් සටන්, ප්‍රංශ, ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව වියට්‌නාමයේ හෝචිංමිං ගේ නායකත්වයෙන් මෙහෙය වූ වියට්‌නාම නිදහස් සටන, ජපන් ආධිපත්‍යයට එරෙහිව 1937 -1945 වකවානුවේ චිනයේ මාඕ සේතුං, චෞඑන් ලායි මෙහෙය වූ විමුක්‌ති සටන් ඉන් ප්‍රධාන වේ. ලාංකීය ජනතාවට මහත් ආඩම්බරයෙන් සිහිපත් කළ හැකි, රටේ නිදහස ස්‌වාධිනත්වය ලබා ගැනීම දෙසට යොමුවූ, බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන්ට එරෙහිව දියත් වූ නිදහස් අරගලයක් වර්ෂ 1817 -1818 වකවානුවේ අපේ රටේ සිදුවිය. එය කන්ද උඩරට නිදහස් සටන, ඌව වෙල්ලස්‌සේ විමුක්‌ති අරගලය, සහ තුන්වන බ්‍රිතාන්‍ය යුද්ධය ලෙසද හ`දුන්වයි. එසේම එවකට ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය පාලකයින් සහ ඔවුන්ගේ හිතවතුන් උඩරට කැරැල්ල ලෙසද හැ`දින්විය.
සැබෑ ලෙසම, පුළුල් අරුතින් සලකා බැලූවහොත් මෙම සිදුවීම 1817 -1818 වකවානුවේ ප්‍රධාන වශයෙන් උඩරට පළාත්හි බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට එරෙහිව පැන නැ`ගි බහුජන විමුක්‌ති අරගලයක් විය. එවකට උඩරට පළාත්හි විසූ බොහෝ ප්‍රභූන්, භික්‌ෂුන් වහන්සේලා, ප්‍රාදේශිය නායකයින්, මුළාදැනීවරුන්, ග්‍රාමීය ගොවිජනතාව, ආදිවාසි වැදි ජනතාව, විවිධ රාජකාරී ඉටුකළ ශිල්පීන් ආදී වශයෙන් නොයෙක් තරා තිරම්හි පිරිස් මෙම අරගලයට සහභාගී විය. සටනට එක්‌වූ බහුතරය සිංහල බෞද්ධයින් වුවත්, දුවිඩ, මුස්‌ලිම්, මැලේ, තෙළෝගූ. වැනි වෙනත් ජාතීන්ද එයට සහභාගී විය.
නිදහස් සටනේ විශේෂිතම ලක්‍ෂණය වූයේ එය අසම සම අරගලයක් වීමයි. එනම් එවකට උඩරට ප්‍රදේශය ආක්‍රමණය කර සිටි මහා බ්‍රිතාන්‍ය යුරෝපයේ සිටි බල සම්පන්නම ජාතිය වීමය. බ්‍රිතාන්‍යයන් සතු වූ යටත් විජිත ප්‍රමාණය කොතරම්ද යත් එවකට හිරු නොබසින අධිරාජ්‍ය යන අන්වර්ථ නාමයෙන් එංගලන්තය හැ`දින්විය. යටත් විජිතයන් වෙතින් කොල්ලකා ගත් ධනයෙන්, දහස් සංඛ්‍යාත කුලී හේවායින්ගෙන් යුත් බල ඇණි නඩත්තු කිරීමේ හැකියාව ඔවුන් සතු විය. කාර්මික විප්ලවයේ දියුණුවෙන් අත්කර ගත් විද්‍යාත්මක දැනුමෙන් නිපදවන ලද දියුණු යුද අවි බ්‍රිතාන්‍ය හමුදාව සතු විය. එසේම විවිධ මහද්වීපයන් කරා ව්‍යාප්ත වූ ශක්‌තිමත් නාවික හමුදාවකිsන් යුක්‌ත යුද යාන්ත්‍රණයක් බ්‍රිතාන්‍යයන් සතුව තිබුණි. බ්‍රිතාන්‍ය බලපෑම වඩාත් පැවැති පහතරට ප්‍රදේශයන්හි විසූ ලාංකීය ප්‍රභූන්, මුදලිsවරුන්, එසේම අල්ලසට, වරප්‍රසාදයන්ට ලොල්වූ උඩරට ප්‍රදේශයේ සමහර රදළ නායකයින් නිසා දේශීයව රට අභ්‍යන්තරයෙන් එල්ල වූ ප්‍රතිරෝධයටද උඩරට විමුක්‌ති හමුදාවන්ට මුහුණ දීමට සිදුවිය. උඩරට හමුදාව සතුව නවීන යුද අවි කිසිත් නොතිබිණි. ඔවුන් සටන් වැදුනේ සම්ප්‍රදායික අවි භාවිතා කරමින් ගරිල්ලා සටන් උපක්‍රම යොදා ගනිමිනි. එහෙත් උඩරට සේනා ඔදවැඩී ගිය දේශප්‍රේමීත්වයෙන් යුතුව, අතිමහත් කැපවීමකින්, වීරෝදාර ලෙස බ්‍රිතාන්‍ය යුද බලයට මුහුණ දුන්නේය.
උඩරට හමුදා එල්ල කළ, ප්‍රහාරයන්, අභියෝගයන් කොතරම් ප්‍රබලවූවාදයත්, අසමාන යුද ශක්‌තියෙන් අනූන වූ බ්‍රිතාන්‍යයන් සටනේ උච්චතම අවධියේදී (1817 වසරේ අවසාන කාලයේදී සහ 1818 වසරේ මුල් කාලයේදී) උඩරට පළාත්හි බලය අතහැර පහතරට ප්‍රදේශයන්ට පසුබැසීමටද සැලසුම් කළේය. මෙම යුද්ධය නිසා බ්‍රිතාන්‍යයට, ඔවුන්ගේම සංඛ්‍යා ලේඛන දක්‌වන පරිදි බ්‍රිතාන්‍ය යුද සෙබළුන් දෙදහසකගේ පමණ ජීවිත අහිමි වී තිබුණි. විශාල සංඛ්‍යාවක් තුවාල ලබා රෝග පීඩාදියට ලක්‌විය. දහස් සංඛ්‍යාත කුලීහේවායින් සහ ආධාරක සේනා ඉන්දියාවේ සිට නැව් මගින් ගෙන ඒමට සිදු වූ නිසා එම කුලී හේවායින් ප්‍රවාහණයට, ආහාර සැපැයුමට වැටුප් ගෙවීමට, වෛද්‍ය ආධාර සැපැයීමට, විශාල යුද වැයක් දැරීමට සිදුවිය.
අරගලය මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය වර්තමානයේ ලෝක දේශපාලනයේ දියත් කරන යටිකූට්‌ටු ව්‍යාපාර මෙන් නොව එළිපිsටම අමානුෂික ලෙස උඩරට ගම්නියම්ගම් ගිනිතබා කෙත්වතු පාළුකර වාරිමාර්ග විනාශ කර, අරගලයට ක්‍රියාකාරී ලෙසට සහභාගීවූ නායකයන්, සාමාන්‍ය ජනතාව මරා දමමින් මහත් භීෂණයක් දියත් කළේය. එය කොතරම් භීෂණකාරි වූවාද යත් අරගලය ලෙයින්, යකඩින්,ගිsන්නෙන් මර්දනය කරන ලද කෲර වෑයමක් ලෙස ප්‍රචලිsත විය.
මෙම උතුම් අරගලයට දායක වූ වීරවරයින් සිහිපත් කිරීම කෘතවේදී ලාංකීය ජනතාවගේ පරම යුතුකමකි. 1818 වසරේ උඩරට ජනතාවට අවසාන මාස කිහිපය අ`දුරු කාල පරිච්ඡේදයක් විය. එම අවධියේදී සටනේ ප්‍රධාන නායකයින් බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත් වී හිස ගසා හෝ වෙඩි තබා මරණයට පත්කර තිබුණි. සමහර නායකයින් රටින් පිටුවහල් කර ඔවුන්ගේ දේපළ රාජ සන්තක කරන ලදී. සාමාන්‍ය ජනතාවද විශාල වශයෙන් මරණයට හෝ වධ බන්ධනයට ලක් වී තිබුණි. ඒ අනුව 1817-1818 ලාංකීය නිදහස් සටනේ ප්‍රධාන නායකයින් දෙපළක් වූ මොනරවිල කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ මහනුවර බෝගම්බර වැව් ඉවුරේදී හිස ගසා මරා දමන ලදී. සෑම වසරකම නොවැම්බර් මස 26 වෙනි දිනක මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ තිබෙන මහමළුවේ, මොණරවිල කැප්පෙටිපොළ වීරවරයාණන්ගේ හිස් කබල තැන්පත්කර ඇති ස්‌මාරකය අභියස මලක් තබා ලාංකීය නිදහස් අරගලයට සිය උතුම් ජීවීත පුදකල මඩුගල්ලේ, ඇල්ලේපොළ, ගලගොඩ කිවුල්ගෙදර, බූටෑවේ, ආ`දාවල ඇතුළු දහස් සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවත්a රටින් පිටුවහල් කිරීම නිසා ෙ€දනීය ඉරණම් හට මුහුණ පෑ පිළිමතලව්වේ, ඇහැලේපොළ, මත්තමගොඩ, ලේනාවල, කැ`දංගමුව වැනි වීරවරයින් සිහිපත් කිරීම ලාංකීය ජනතාව පුරුදු පුහුණු කළ යුතු වටිනා සම්ප්‍රදායකි. පරාධීනත්වයෙන් මිදීමට දියත්වූ මෙම මහා නිදහස් අරගලය සිදුවී වසර දෙසීයක පමණ කාලයක් ගතවීමට ආසන්නය. එහෙත් එංගලන්ත යටත් විජිත ක්‍රමයෙන් රටේ ජන ජීවිතයට, දේශපාලනයට, ආර්ථිකයට උරුම වූ බොහෝ දේ මහත් ආඩම්බරයෙන් කරපින්නාගෙන ඒවා දියුණු සම්ප්‍රදායක ලක්‍ෂණයක් යෑයි සමහරු කල්පනා කරයි. ඒ නිසාම තවමත් අපේ රට දියුණු වී නොමැත. ඒ නිසාම නොදියුණු, දුප්පත්, බෙලහීන. වහල් ජාතියක ලක්‍ෂණ රටින්a විද්‍යමාන වේ. යටත් විජිත ක්‍රමය පරාජයට පත් කර නිදහස ලැබූ චීනය, වියට්‌නාමය, කියුබාව, ඉන්දියාව සහ තවත් බොහෝ රාජ්‍යයන් දියුණුවේ මාවතට පිවිස ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්‌ටමකට නංවමින් සිටී.
1948 වසරේ පෙබරවාරියේදී නිදහසක් ලැබුවා යයි පවසන ලංකාව කුමන දිශාවකට යොමුව ඇතිද? සිදුව ඇත්තේ බ්‍රිතාන්‍යයන් විසින් 1815 දී දිවයිsන පුරාම ස්‌ථාපිත කළ යටත් විජිත රාජ්‍ය ව්‍යqහය ඒ අයුරින්ම තිබීමයි. 1948 න් පසුව මේ දක්‌වා පවත්වන ලද මැතිවරණයන්ගෙන් විවිධ පුද්ගලයින්, නොයෙක් දේශපාලන පක්‌ෂයන්ගේ සහ පෙරමුණු සහායෙන් බලයට පත් වී විවිධ ආකාරයේ ආණ්‌ඩු පිහිට වූවත් බ්‍රිතාන්‍යයන් පිහිට වූ යටත් විජිත රාජ්‍ය ඒ අයුරින්ම පවතිsන බව පැහැදිලි කිරීමට උදාහරණ ඕනෑතරම් තිබේ.
රටේ වත්මන් අධ්‍යාපනය, නීතිය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ආරක්‌ෂක හමුදාවන්ගේ සංයුතිය හා ව්‍යqහය සහ රටේ නොයෙකුත් ආයතන, තවමත් යටත් විජිත ස්‌වරූපයෙන් යුක්‌ත බ්‍රිතාන්‍ය ගැති ස්‌වභාවයෙන් ක්‍රියා කිරීම ම`ගින් මෙය හො`දින් පැහැදිලි වේ. බ්‍රිතාන්‍ය නායකත්වය උසුලන පොදු රාජ්‍ය මණ්‌ඩලය, එහි ක්‍රියා මාර්ග, එය සංවිධානය කරන විවිධ උත්සව හා සම්භාෂණ අපේ රටේ පාලකයින්ට මහත් වැදගත්කමක් වූ ජාත්‍යන්තර දේශපාලන කටයුතු වේ.
එංගලන්ත මහරැජිනගේ උපන්දිනයන්, රැජිනගේ පවුල්හි උදවිය කසාද බැ`දීම, එම පවුල්හි උදවියට ලමයින් ලැබීම අපේ රටේ බොහෝ ජනමාධ්‍යයන් අභිරුචියෙන් වර්ණනා කරයි. රටේ ජාතික වීර දිනය ලෙස නම් කිරීමට ඉතාමත් සුදුසු වූ, කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන වීරවරයින් හිස ගසා මරා දමන ලද නොවැම්බර් 26 දිනය ජාතික වීර දිනය ලෙස ප්‍රකාශයට පත් නොකර, වෙනත් කිසිsදු ආකාරයකින් වැදගත් නොවූ දිනයන් ජාතික වීර දිනය ලෙසට ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වන්නේ බ්‍රිතාන්‍ය කිරීටයට දක්‌වන ගැතිකමය.
එසේම 1817-1818 ලාංකීය නිදහස් අරගලයට දායක වූ වීරවරයින් එංගලන්ත ආණ්‌ඩුව විසින් රාජ්‍ය ෙද්‍රdaහීන් ලෙස ප්‍රකාශයට පත්කර ඔවුqන් අවමානයට පාත්‍ර කරන ලදී. ඔවුන්ට සිදු වූ එකී අවමානය ඉවත්කර ජාතික වීරවරයින් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව තවමත් සම්මත නොවී ඇත්තේ එංගලන්තය අමනාප වේ යයි සිතන නිසා විය හැක.
යටත් විජිත ක්‍රමයෙන් සැබෑ ලෙස නිදහස් වූ රාජ්‍යයන් එකී රාජ්‍යයන්හි ජාතික නිදහස් සටන්හීදී දිවි පිදු වීරවරයින්ට ත්‍රිවිධ හමුදා උත්තමාචාර පවත්වා රටේ ප්‍රධාන නායකයින් පුෂ්ප උපහාර පවත්වයි. නමුත් ලංකාවේ තත්ත්වය වෙනස්‌ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ සහ ඔවුන්ගේ හිතවත් රාජ්‍යයන්ගේ යුද්ධයක් වූ පළමු වන ලෝක සංග්‍රාමය නිසා දිවි පුදන ලද බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට සහ ඔවුන් සිහි වීමට ගොඩන`ගා ඇති ස්‌මාරකයට ත්‍රිවිධ හමුදා ගෞරව සෑම වසරකම ලැබෙන අතර රාජ්‍ය නායකයින් එම ස්‌ථානයට පැමිණ පුෂ්පෝපහාරද සිදු කරයි. ඉන් නොනැවතී ඔවුන් සිහි කිරීමට පොපිමල් පැළැ`ද ඒවා අලෙවි කර එංගලන්තයට ද මුදල් යවයි.
නමුත් ලාංකීය පළමු නිදහස් සටනේදී දිවිපිදූ වීරවරයිනට එවැනි ත්‍රිවිධ හමුදා උත්තමාචාර හෝ පුෂ්පෝපහාර තවමත් නොලැබෙන්නේ ඔවුන් බ්‍රිතාන්‍යයට එරෙහිව සැබෑ නිදහස වෙනුවෙන් සටන් කළ නිසා විය හැක.
උතුම් නිදහස් සටනක් සිහිපත් කරන මේ මොහොතේ අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක් ද? ඉටු කළ යුතු යුතුකම කුමක්‌ද? රට සැබෑ ලෙස නිදහස් කර දියුණුවේ මාවතට යොමුකළ හැකි දියුණු පරිනත දැක්‌මකින් හෙබි එඩිතර නායකත්වයක් දියහැකි සංවිධානයක් බිහි කිරීමට ක්‍රියා කිරීමයි.යටත් විජිත ක්‍රමයට එරෙහිව ලංකාවෙන් අනෙකුත් රටවල් හිත් පැන නැ`ගි නිදහස් අරගලයන් ගැන හැදැරීම ඒවා ජනතාවට අවබෝධ කර දීම, එවැනි සංවිධානයක් බිහිවීමට උපකාරී වේ. ඒa යුතුකම හා වගකීම ඉටු කිරීමට පෙළ ගැසෙමු.
මොණරවිල කැප්පෙටිපොළ, මඩුගල්ලේ ඇතුළු 1817 - 1818 නිදහස් සටනේ වීරවරයින් සිහිපත් කිරීමේ අනුස්‌මරණ රැස්‌වීමක් 2016 නොවැම්බර් මස 26 වෙනි දින උදේ 10.00 ට මහනුවර ත්‍රිකුණාමල වීදීයේ පිහිටි ශ්‍රී පුෂ්පදාන සමිති ශාලාවේදී පවත්වයි. එයට සහභාගී වන ලෙස ක`දුරට මොණරවිල කැප්පෙටිපොළ අනුස්‌මරණ කමිටුව සියලු දේශමාමක කෘතවේදී ජනතාවට ඇරයුම් කරයි.
http://www.divaina.com/2016/11/26/feature01.html

Last edited: