ජාතිය මියෑද්දී ආතල් ගත් අමනයිනි! දැනුත් තŞ
ජාතිය මියෑද්දී ආතල් ගත් අමනයිනි!
දැනුත් තප්පුලනවාද?
මීට වසර හැත්තෑවක් පමණ වූ අතීතයේ සුන්දර ජපානයේ සිදුවූ 'මිනිමාතා ෙ€දවාචකය' මේ යෑයි හැඟෙන සිදුවීම් පෙළ සිතුවම් පටයක් මෙන් දැන් මගේ මනසේ ඇඳී යමින් තිබේ.
ඒ කෙසේද? මිනිමාතා යනු ජපානයේ ඇති එක් සොඳුරු නගරයකි. කලකට ඉහත මේ නගරයේ එක්තරා කර්මාන්ත ශාලාවක් ආරම්භ විය. කර්මාන්ත ශාලාව ඇරඹීමත් සමග මිනිමාතා නගරවාසීන් රැසකට එහි රැකියා අවස්ථාද ලැබිණ.
මෙනිසාම එකී කර්මාන්ත ශාලාව සිය නගරයට වූ ආශීර්වාදයක් ලෙස මිනිමාතා වාසීහු සිතන්නට වූහ. එහෙත් සිදුවූයේ කුමක්ද?
කර්මාන්ත ශාලාව ආරම්භ වී ගෙවී ගියේ කෙටි කාලයකි. හිටි හැටියේ නගරවාසීන් දරුණු ලෙස රෝගාතුර වී මියෑදෙන්නට විය. කිසිවෙකුටත් කිසිවක් සිතා ගත නොහැකිව තිබිණ. මිනිමාතා මිනිසුන් එසේ මියෑදෙන රෝගී තත්ත්වය හඳුනා ගැනීමට ජපාන වෛද්‍යවරුන් සමත්ව සිටියේය.
නමුත් බරපතළ කාරණය වූයේ ඔවුන් එසේ රෝගී වීමට හේතුව කුමක්දැයි කිසිවකුටත් වටහාගත නොහැකි වීමය. මෙම තත්ත්වයත් සමග අවසානයේ එම රොAග නිධානය සොයා ගැනීමේ වගකීම පැවරුණේ ජපාන විද්‍යාඥයන්ටය.
ඒ අනුව ඔවුහු පරීක්ෂණ ආරම්භ කළහ. ඒ පරීක්ෂණ හමුවේ විද්‍යාඥයන් එකිනෙකා මිනිමාතා මිනිසුන් මියයැමට හේතු ලෙස විවිධ කරුණු ගෙනහැර පාන්නට විය. විද්‍යාඥයන් අතර ඇතිවූයේ මත ගැටුම් තුළ සිරවූ යුද්ධයකි. ඔවුන් එසේ යුද්ධ කරන අතරේ මිනිමාතා නුවර මිනිසුන් තව තවත් මියගියේය.
1930 දී පමණ ඇරඹී මේ කතාව අවසානයට නිමා වූයේ වසර විස්සක් පමණ ගෙවී යැමෙන් පසුවය. ඒ වන විට ඉහත කී රෝගයෙන් මිනිමාතා නුවර ජනගහනයෙන් විශාල පිරිසක් මියගොස් තිබිණි. අවසානයේ 1950 වසරේදී විද්‍යාඥයෝ එය සොයාගත්හ.
එනුවර ඇරඹි කර්මාන්ත ශාලාවේ විෂ රසායන සහිත අපද්‍රව්‍ය මුදා හැරියේ නගරයේ වූ ජලාශයකටය. මිනිමාතා නුවර මිනිසුන් එම ජලාශයේ සිටි මසුන් අල්ලා අනුභව කළේය. රෝගයේ නිමිත්ත එකී විෂ සහිත මසුන් අනුභව කිරීම බව අවසානයට සොයා ගැනිණි. නමුත් ඒ වන විට බොහෝ දේ සිදුවී හමාරව තිබිණ.
ජපානයේ මිනිමාතා ෙ€දවාචකය යන්න ලෝකයට ශේෂ වූයේ ඒ අයුරිණි. අද එය අතීතයට එක්වූවකි. නමුත් කතාව එසේ අතීතයට එක්ව තිබුණද මේ මොහොතේ එය යළි අපට සිහි වෙමින් තිබෙන්නේ ඇයි.
ඒ ජපාන මිනිමාතා කතාවේ ශ්‍රී ලාංකීය පිටපත බඳු වූ "රජරට වකුගඩු මාරයාගේ" කතාව දැන් යළිත් කරලියට පැමිණ තිබෙන බැවිනි. මෙවර එය සිදුව ඇති අන්දම නම් අපූරුය. ඉතාම සුවිශේෂී වන්නේය. "රජරට වකුගඩු මාරායා" දැක දැකත් නන්දොඩවන්නට වූ ඇතැම් බකපණ්ඩිතයන්ගේ රෙදි ගැලවෙද්දී ආණ්ඩුවේද ඇස් ඇරවන්නට එය ප්‍රබල වී තිබීම ජාතියේ වාසනාවක් බව කිව යුතුව ඇත.
යළිත් මේ කතාව කරලියට එන්නේ කෙසේද? ලෝක සෞඛ්‍ය සංවිධානය ක්රමෝපායයන් කිහිපයක් යටතේ රජරට වකුගඩු මාරයා සොයා කලක සිට පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. ඒ අතරවාරයේ මීට දෙවසරකට පමණ ඉහතදී මෙරට විද්වතුන් පිරිසක් රජරට වකුගඩු මාරයා හසුවී බොටුවෙන් ගෙන රටට පෙන්වන්නට වූයේ සියල්ලන් විශ්මිත කරවමිනි.
නමුත් එකී පෙන්නුම් කිරීම ඇතැමුන්ට වහකදුරු මෙන් විය. ඒ අතරේ සිටි සාතන්ට කඩේ ගිය වුන් එම විද්වතුන් කළ සොයාගැනීම අවඥවෙන් බැහැර කරන්නට වූ අතර, රටේ පවට නිදහස් අධ්‍යාපනයෙන් කිරුළු දරා සිටි සමහර මහාචාර්යවරුන් සහ වරියන්ද ඒ ගොඩට එක්ව සිටියේය.
ඔවුන් සිය මහාචාර්ය පට්ටන්දර පෙරට දමා අල්ලාගත් මාරයා පෙනි පෙනීත් ඌ මාරයා නොව සා පැටියකු බව රටට කීවේය. සියල්ල එසේ වෙද්දී රටේ කෘෂිකර්මය භාර ඇමැතිවරයා ඇතුළු ඇතැම් මැති ඇමැතිවරුද සිය දේශපාලන භාවිතාවේ ඇබ්බැහිය අනුව යමින්දොa මාධ්‍ය හමුවේ සත්‍ය අසත්‍ය කළ හැටි අපට අමතක නැත.
කතාව තිබුණේ එතැනය. ඒ අතරේ ලෝක සෞඛ්‍ය සංවිධානයද රජරට වකුගඩු මාරයා සොයා ගැනීමේ මෙහෙයුම දිගටම කරගෙන ගියේය. එහෙත් මේ කුමක් සිදු වුවත් අල්ලා ගත් යකා අත් නොහරින්නට ඉහත කී විද්වත් පිරිස කටයුතු කළහ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකී මෙහෙයුමට වැය කෙරුණු මුදල රුපියල් මිලියන සියයකි. අවසානයේ සිය මෙහෙයුම නිමා කළ එම සංවිධානය නොබෝදා රජරට වකුගඩු මාරයා කවුදැයි මැනවින් අනාවරණය කළේය. අරුමයකි. ඒ මාරයාද අර මාරයාමය. මහාචාර්යවරුන් වන නලින්ද සිල්වා, ප්‍රියානි පරණගම, මාලා අමරසිංහ සහ වෛද්‍ය චන්න ජයසුමන වෛද්‍ය චින්තක විඡේවර්ධන ඇතුළු අප ඉහත කී විද්වත් කණ්ඩාමයද රජරට ජනතාව මරා දැමූ වකුගඩු මාරයා ලෙස හඳුනා ගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් හඳුනාගෙන සිටින මාරයාවමය.
මේ මාරයා කවරෙක්ද? ඒ අන් කිසිවෙකුත් නොව අපේ ගොවීන් තොග පිටින් ගෙන දිගු කලක් තිස්සේ මේ මහපොළව මතට හෙලූ කෘෂි රසායන වස විෂ බව මේ මොහොතේ ලෝක සෞඛ්‍ය සංවිධානයද වගකීමෙන් ප්‍රකාශ කර ඇත්තේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉහත අනාවරණය කරමින් රජයට දී ඇති වාර්තාව පිටු එකසිය පනහකින් (150) යුක්ත වූවකි. එකී පිටු එකසිය පනහ තුළ රජරට වකුගඩු මාරයා වනසා දැමීමට කළ යුතු දේද නිර්දේශ ලෙස ඉදිරිපත් කරමින් එම සංවිධානය පවසා ඇති කාරණා බොහෝමයක් වේ. සැබැවින්ම එය දිගු කතාන්දරයකි.
එහෙත් ඒ කථාවට පෙර රටට සහ ආණ්ඩුවට කියන්න තවත් කතා බොහොමයක් අපට තිබේ. ඉන් එක කතාවක් වන්නේ කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ කතාවය. දෙවැන්න වන්නේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කෙරුවාවය.
ඒ කතා සමග රටේ ජනතාව කුඹුරක වන වල් පැලෑටි තරමට සිතා රජරට බිලිගත් වකුගඩු මාරයාට සුදු හුණු ගාමින් වල්නාශක මොඩලයෙන් කටයුතු කළ ඇතැම් ආචාර්ය මහාචාර්ය සට්ටඹියන්ගේ කතාද කිහිපයක් ඇත.
අද ලෝක සෞඛ්‍ය සංවිධානය කර තිබෙන හෙළිදරව්ව මීට දෙවසරකට පමණ ඉහතදී අප මුලින් කී මහාචාර්ය නලින්ද සිල්වා මහතා ප්‍රධාන විද්වතුන් පිරිස අනාවරණය කරද්දී රටේ කෘෂිකර්මය භාර ඇමැතිවරයාව සිටි සහ අදටත් සිටින මහින්ද යාපා අබේවර්ධන මහතා කළේ කුමක්ද?
හේ වහා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීය. පලිබෝධ නාශක රෙජිස්ටාර් අනුර විඡේසේකර මහතාද ඇමැතිවරයා සමග ඊට සහභාගි විය. අමාත්‍යංශ ලේකම්වරයාද එහි සිටියේය. සියලු දෙනා එක්වී රජරට ගොවින් වැනසූ පලිබෝධ නාශක සහ කෘෂි රසායන මාµsයාව ගෙන හොඳින් සබන් ගා ගලේද ගසා අපුල්ලා සෝදමින් "අනේ උන්ට පිස්සු මේක හරිම පිරිසිදු" යෑයි පවසා මාධ්‍යවේදීන් ඉදිරියේම ඊට මල් පුදන්නට වූහ.
එහෙත් ගොනා සහ තණකොළ න්‍යායෙන් කෙරුණු ඒ කතාවලින් මාධ්‍යවේදීන් ඇන්දවීමට නම් ඇමැතිවරයාට තබා එහි සිටි කිසිවකුටත් නොහැකි විය. මන්ද ඒ වන විටත් මාධ්‍යවේදීන් සියලු දෙනා රජරට මාරයා කවරෙක්දැයි නිසි ලෙස වටහාගෙන සිටි බැවිනි.
නමුත් මෙරට විද්වතුන් පිරිසක් රජරට මාරයා පැහැදිලිව පෙන්වා දී තිබියදීත් එදා ඇමැතිවරයා ගත් මේ ක්‍රියාමාර්ගයෙන් එක් දෙයක් නම් සිදු විය. ඒ තවදුරටත් රජරට ජනතාව වකුගඩු රෝගීන් කර බිලිගත් යක්ෂයාට නිදැල්ලේ සැරීමට ඉඩහසර විවර වීමය.
ඒ අනුව යක්ෂයා තවත් වසර එකහමාරක පමණ කාලයක් කිසිදු බාධාවකින් තොරව රජරට ජනතාව බිලි ගත්තේය. තව තවත් වකුගඩු රෝගීන් රජරටින් වාර්තා විය. නිසි පිළියම් යොදා එක් මිනිසකුගේ හෝ ජීවිතය මේ මර උගුලෙන් බේරා ගැනීමට තිබූ අවස්ථාව ජාතියට අහිමි විය.
එහි වගකීම පැවරෙන්නේ ඇමැතිවරයාට බව අමුතුවෙන් කිවයුතු නොවන්නකි. ඇමැතිවරයා එසේ ක්‍රියා නොකරන්නට වත්මන් මාර පරාජයට සැරසීමේ අවස්ථාව මීට වසර එකහමාරකට පමණ කලින් අපට ලැබෙන්නේය. එසේ වූයේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ලැබීමට පෙර සිට නිසි දේ ක්‍රියාත්මක කිරීමට අපට හැකිව තිබිණි.
එහෙත් එය එසේ සිදු නොවීය. මෙසේ රජරට ජන ජීවිත උකසට තබා දාදු කෙළිමින් කෘෂි රසායන මාරයාට කඩේ යැමේ වගකීම භාරගන්නට දැන් කෘෂිකර්ම ඇමැතිවරයා සූදානම්ද? එසේ නම් ඔහු පමණක් නොව එදා මාධ්‍ය හමුවේ සිටි සියලුම දෙනා සියල්ල හැරදා ගෙදර යා යුතුය.
නමුත් මේ සකල සිරින් පිරි සිරි ලංකාවය. ඒ සිරි ලංකාවේ එවන් දේ සිදු වෙතැයි බලාපොරොත්තු තබා ගැනීමට තරම් අපි මෝඩයෝ නොවන්නෙමු. එසේම මේ සිරි ලංකාවේ බොහෝ වගකිවයුත්තන් හොරු සමග හෙළුවෙන් සිටීමට අති ශූරයෝ බවද අපි දන්නෙමු.
කෘෂිකර්ම ඇමැතිවරයාගේ කතාව එසේ වෙද්දී හිටපු කෘෂිකර්ම ඇමැති සේම වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ කතාවද ඇත්තේ එතැනමය. රජරට වකුගඩු රෝගය යනු රටටම බලපෑ බරපතල ව්‍යසනයක් බවට පත්ව තිබුණකි. ඊට ගොදුරු වූ රජරට ජනතාව මරු වැළඳ ගත්තේ දසදහස් ගණනිනි.
එහෙත් ශීතල මරණය එසේ රජරට ජනතාව වෙත සමීප වෙද්දී මෙරට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් කළේ කුමක්ද? ඔවුහු ඩෙංගු පෙරහැරේ ගියහ. ඩෙංගු සති, ඩෙංගු මාස පමණක් නොව ඩෙංගු අවුරුදුද පවත්වන තැන දක්වාම සෞඛ්‍ය අමාත්‍යංශය ගමන් කළේය. ව්‍යාපෘති කිලෝ ගණනින් ක්‍රියාත්මක විය.
මේ අතරේ රජරට ජනතාව කිසිවෙකුටත් නොපෙනීම මියෑදුණේය. අමාත්‍යංශය කුමක් කළත් ඩෙංගු මදුරුවාද කෙලින් සිටියේය. අවසානයේ සියලු ව්‍යසන හමුවේ ජනතාවට උරුම වූයේ අවමඟුල් පෙරහැරවල් පමණකි. කෝටි ගණනින් ජනතා මුදල් වැය කර සෞඛ්‍ය අමාත්‍යංශය මොන නාඩගම නැටුවත් අවසානයට සිදුව ඇත්තේ ඒ ටිකය.
මේ මොහොතේත් ඩෙංගු වැළඳී මියෑදෙනවුන්ගේ ගණන් හිලව් බලන කල ඒ බව හොඳින් පැහැදිලි වන්නකි. සෞඛ්‍ය අමාත්‍යංශය නටන මෙවන් නාටකවලට අපේ පැරැන්නන් පෙර කල කීවේ "නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත" කියාය.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා රජරට වකුගඩු රෝගීන්ගේ ගණන් හිලව් හෙළිකරන්නට උත්සාහ ගන්නා අයුරුද මේ අතරේ ඉකුත් දිනෙක අපි දුටුවෙමු. එහිදී ඇමැතිවරයාගේ ගණනය කිරීම්වලට ලක්වූයේ සිය බල ප්‍රදේශයද වූ පොළොන්නරුව පමණක් විය.
එහෙත් රජරට යනු පොළොන්නරුව පමණක් නොවන බව අප කියන්නේ මින් මත්තට හෝ ඇමැතිවරයාට අනාගන්නේ නැතිව ඒ මාරක කතාව නිවැරදිව අවබෝධ කරගැනීම පහසු කරවන අදහසිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වාර්තාව මගින් රජයට පවසා ඇත්තේ රජරට ජනගහණයෙන් සියයට පහළොවක පමණ පිරිසක් මේ වන විට වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බවකි. එය දළ වශයෙන් ගතහොත් මිනිස් ජීවිත එක්ලක්ෂ පනස් දහසක් (150,000) ඇමැතිවරයා වටහා ගන්නේ නම් මැනවි.
මෙය සත්‍යයක් මිස අසත්‍යයක් නොවන බව වකුගඩු මාරයා දකින්නට වර්තමානයේ විශාලා මහ නුවරක්ව ඇති රජරට බිමේ දෙපයින් ඇවිද ගොස් ඇසූ දුටු සියල්ල හමුවේ මේ සටහන තබන මම එකහෙලා පවසමි.
දශක කිහිපයක සිට වකුගඩු මාරයා රජරට ජනතාව බිලි ගත්තේය. ඒ සියල්ලෝ අපට බත සැපයූ ගොවි ගෙවිලියෝම වූහ. ඔවුන් කුඹුරට බැස්සේ අප වෙනුවෙනි. නමුත් ගොවියාගේ ඉටු දෙවියන් ලෙස පැමිණ ශූර ගොවීන් බිහි කරන බව පැවසූ කෘෂි රසායන ත්රස්තවාදීන් මනුස්සකම පසෙක දමා අමනුස්සයන් ලෙස අපේ ගොවීන්ගේ වකුගඩු දිය කර මරා දමද්දී මෙරට උගත් නැණවත් වූ ඇතැම් මහාචාර්ය ආචාර්යවරුන් කළේ කුමක්ද?
ඔවුහු කෘෂි රසායන ත්රස්තවාදීන් සමග එක්ව ගොවීන්ගේ මළමිනී ගණනට හරි හම්බ කළහ. ඒ අතරේ රජරට මාරයා සොයන්නට විවිධ ආකාරයෙන් ලැබුණු කෝටි ගණනින් වූ මුදල්ද ගිලිමින් පරීක්ෂණ පැවැත්වූහ.
එකී පර්යෙAෂණ අනුව එකෙකු රජරට වැව්වල මාළුන්ට දොස් පවරද්දී තවකෙකු ඒ ජනතාව බත් පිඬ උයාගෙන කෑ හැලිවළංවලට දෙස් දෙවොල් තැබීය. ඒ අතරේ "ගිලීමලේ දත සුද්දන් "නොමැති රටම දැන සිටියදී ඇතැමෙකු රජරට වකුගඩු මාරයා ජලයේ දියවී ඇති ෆ්ලෝරයිඩ් බවද කීවේය.
මහාචාර්ය නලින්ද සිල්වා ඇතුළු විද්වත් පිරිස රජරට වකුගඩු මාරයා කිසිවෙකුත් නොව කෘෂි රසායන ත්රස්තවාදීන් බව කලකට පසු හෙළි කරද්දීත් ඉහත පරිදි උගුරට හොරා බෙහෙත් නොව ගින්දර ගිලිමින් අඳුරේ අතපතගෑ වුන් කළේ "මොන පිස්සුද අපි නිවැරදියි" කියමින් සමස්ත ජාතියම ගොනාට ඇන්දවීමය. රජරට ගොවියාගේ ජීවිතය යනු මුන්ට අබමල් රේණුවක තරමින්වත් වටිනාකමක් නැති දෙයක් වී තිබිණි.
එය රජරට වකුගඩු මාරයා ඒ මිනිසුන් බිලි ගනිද්දී දශක කිහිපයක සිටම සිදු වූ කඹ ඇදීමක් බවට පත්ව තිබුණකි. අප මේ කතාව ජපාන මිනිමාතා කතාවේ ශ්‍රී ලංකා පිටපත යෑයි මෙහි මුලින්ම සඳහන් කළේ ඒ බැවිනි. එහෙත් එහිද රටටම වැදගත් වන පුංචි වෙනසනක් තිබේ.
ජපාන මිනිමාතා ව්‍යසනයේදී ඊට ගොදුරු වූයේ මිනිමාතා නුවර වැසියන් පමණකි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වත්මන් වාර්තාවට අනුව පැහැදිලි වන්නේ රජරට වකුගඩු මාරයා හෙවත් කෘෂි රසායන ත්රස්තවාදීන් රජරට ජනතාව පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය ජාතියම අඩු වැඩි වශයෙන් මරණය වෙත කැඳවාගෙන ගොස් ඇති බවකි.
සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ නිය හා කෙස් තුළ ආසනික්, කැඩ්මියම් ඇතුළු බැර ලෝහ තැන්පත් වී තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව මගින් අනාවරණය කර තිබීමෙන් ඒ බව පැහැදිලි වන්නේය. කෙසේ හෝ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රජරට වකුගඩු මාරයා පැහැදිලිව අනාවරණය වී අවසන්ය.
රජරට ජනතාව අද වකුගඩු රෝගීන් බවට පත් වන්නේ කෘෂි රසායන වස විෂ එම ප්‍රදේශයේ ඇති කිවුල සහිත භූගත ජලයට මුසුවී ශරීරගත වීමෙන් බව මේවන විට පැහැදිලිවම අනාවරණය වී තිබෙන්නකි.
වර්මානයේ කඳුකර වගාවන්හි කොතෙක් කෘෂි රසායන භාවිත කළද රජරට මෙන් වකුගඩු රෝගීන් වාර්තා නොවීමෙන් සහ වැව්වලින් ගන්නා මතුපිට ජලය රජරට අගනගරය වූ අනුරාධපුරය ඇතුළු අවට ප්‍රදේශවල පානීය අවශ්‍යතා සඳහා ලබා දීම හමුවේ එම ප්‍රදේශවලින්ද වකුගඩු රෝගීන් වාර්තා නොවීමෙන් මේ බව හොඳින් පැහැදිලි වේ.
එසේ නම් රජය මේ මොහොතේ කළ යුතු වන්නේ කුමක්ද? අනාගත රජරට දරු පරපුර හෝ මේ මාරයාගෙන් ගලවා ගැනීමට නම් රජය වහා කළ යුතු වන්නේ එම ප්‍රදේශයන්හි සියලු ජනතාවට මතුපිට වැව් ජලය පානීය අවශ්‍යතා සඳහා ලබා දීමේ ක්‍රමවේදයක් වෙත ගමන් කිරීමය. එය කඩිනමින් ක්‍රියාත්මක විය යුත්තකි.
දෙවනුව රජය කළ යුතු වන්නේ මෙරටට ළඟා වන කෘෂි රසායන සහ පලිබෝධ නාශක පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර ඒවායෙහි ආසනික් සහ කැඩ්මියම් ඇතුළු වස විෂ තිබේදැයි සොයා බැලීමේ වැඩපිළිවෙළකට යැමය. එවන් වස විෂ සහිත කෘෂි රසායන රටට ඇතුළු වීම නියත වශයෙන්ම රජය විසින් වැළැක්විය යුතුමය.
පලිබෝධ නාශකවලින් තොර කෘෂි කර්මාන්තයක් වෙත රටේ ගොවි ජනතාව උනන්දු කරවීම හෙවත් කෙසේ හෝ අපට උරුම පැරණි කෘෂි කර්මාන්තයට රට යොමු කිරීම රජයේ ඊළඟ පියවර විය යුතුය. මේ සටහන් කෙරුණේ මූලිකව සිදු විය යුත්ත ඉතාම කෙටියෙනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි. කුරිරු ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගත් ඔබට මෙය කළ නොහැක්කක්ද? නැත. රණබිමේ භාෂාවෙන්ම පැවසුවහොත් සේනාධිනායකතුමනි ඉඳුරාම ඔබට මෙය කළ හැකිය.
එය සිදු වූ දාට කෘෂි රසායන ත්රස්තවාදයද පරාජය වී රජරට ජනතාව පමණක් නොව රටේම ජනතාව පවතින සාමය සමග නිරෝගී බවන්ද සැනසෙනු ඇති බව අවසන් වශයෙන් සටහන් කළ යුතුය.
සමන් ගමගේ
http://www.divaina.com/2013/03/17/feature05.html

Last edited:

ලංකාවට මොකද බන් මේ වෙන්නේ?