You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් බුද්ධාගම නැති කරන්න වැඩ කරමින් සිටින්නේ යයි හැටන් ශ‍්‍රී නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප‍්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍ය මහාගම විමල නායක හිමියෝ පවසති.
‘හැටන් ගාමිණී පුර ප‍්‍රදේශයේ පවුල් දහයක (10) පමණ පිරිසක් බුදු දහස අතහැර වෙනත් ආගමකට හරවා ගෙන තියෙනවා. මෙය කර තිබෙන්නේ එක්තරා රාජ්‍ය නො වන සංවිධානයක් මඟින් කොළඹ ප‍්‍රදේශයේ දී.
මෙම පිරිස ගෙන්වා කරන ලද විමසීම්වල දී ඔවුන්ගෙන් මට දැනගන්න ලැබුණේ මෙම පිරිස ආගම් මාරු කර තියෙන්නේ ඉතා ම සුළු දේවල් සඳහා බව යි. මේ අයගේ ගෙවල්වල තිබූ බුදුපිළිම පවා ඉවත් කර ඇති බවත් දැනගන්න ලැබුණා’ යයි හැටන් ශ‍්‍රී නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප‍්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍ය මහාගම විමල නායක හිමියෝ උන් වහන්සේ පවසන ලද්දේ හැටන් තරුණ බෞද්ධ සංගමයේ 32 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ අනුශාසනාව පවත්වමිනි.
‘බුදු දහම කියන්නේ නිදහසේ අදහන්න පුළුවන් ආගමක්. මේ වන විට බෞද්ධයන් විවිධ ක‍්‍රම ඔස්සේ වෙනත් ආගම් සඳහා හරවා ගැනීම් සිදු කරනවා. මේ පිළිබඳ අපි සැලකිලිමත් විය යුතු යි’ යනුවෙන්ද උන් වහන්සේ සඳහන් කළහ.
පුරා විද්‍යා අධ්‍යනයකට හින්දු කෝවිලකට ගොස් සිටි පත්බේරියේ ඥාණාලෝක ස්වාමින් වහන්සේට ඉන්දියාවේදී කොටි හිත වාදීන් පිරිසකගේ ප්‍රහාරයකට ලක් වෙන්නට සිදුවූ පුවතක් අද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා.උන් වහන්සේ සමග අධ්‍යන කටයුතුත්ත සදහා ගොස් සිටි අනිත් සිසුන් විසින් උන්වහන්සේව බේරා ගෙන නිරුපද්‍රිතව චෙන්නායි කරා වැඩම කරවා තිබෙනවා.මේ පහර දීමට සම්බන්ධවූ 15ස් දෙනෙක් මේ වනවිට ඉන්දීය පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙන අතර මේ ගැන වැඩි දුරටත් පරීක්ෂණ සිදු කරන බව දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය සදහන් කරනවා.තමිල්නාඩුව පුරා ලංකාවේ ආයතන වලටද මේ දිනවල විවිධ කොටි හිතවාදී ප්‍රහාර සිදුවී තිබෙනවා.මේ පිළිබධව දැඩිව ක්‍රියාකරන ලෙස ලංකාවේ රජය මගින් ඉන්දියාවේ රජයෙන් ඉල්ලා තිබෙනවා