ජාතිය

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
Comment එකක් විදිහට type කරපු එකක් thread එකක් විදිහටම දන්නා හිතුවේ මේක වැදගත් නිසා. මේ fake ID වලින් මිනිස්සු තම තමන්ගේ ඇතුලේ තියන ඔක්කොම කුණු ජරාව මේකට ගෙනත් දාලා මේක කක්කුසියක් කරන එකට මම පැහැදිලිවම විරුද්ධයි.

තමන් අදහසක් සමාජයට දෙනවනම් ඒකෙ සම්පූර්ණ වගකීම තමන් දරන්න ඕනේ. හැංගිලා ගහනව කියන්නේ නපුන්සක වැඩක්. ඒ වගේම මේ රටේ සමාජ, දේශපාලන,ආර්ථික පරිසරය ගැන මෙලෝ බෝලයක් නොදන්න, ජීවිතේට වැදගත් පොතක් පතක් නොකියවපු, මේ පොලව උඩ සිදුවෙන්නේ ඇත්තටම අපි දකින දේට වඩා වෙනස් දෙයක් බව නොතේරෙන බබාලා ටිකක් ජාතිවාදය එහෙමත් නැත්තන් ඉස්ලාම්, හින්දු, කතෝලික ව්‍යාප්තවාදය, මුස්ලිම් අන්තවාදය ගැන පොරටෝක් දෙනකොට ඇත්තටම දුක හිතෙනවා. මේ මිනිස්සුන්ට කිසිම දේශපාලන දැනුමක් නෑ. ඒ හින්ද දේශපාලන මූලධර්ම හදාරපු කෙනෙකුට මුන්ව හොඳට අන්දවන්න පුළුවන්.

ඕන ජාතියක අන්තවාදීන් ඉන්නවා. අන්න ඒ අන්තවාදීන් හදන්න ඕනේ නැත්නං විනාසකරන්න ඕනේ බව මමත් පිලිගන්නවා, නමුත් fake ID වලින් ඇවිත් සාමාන්‍ය මිනිස්සුත් ජාතිවාදීන් කරන්න උත්සහ කරනවානම් එක තමයි රටකට කරන්න පුළුවන් කැතම වැඩේ.

මේ කවුරුවත් රටට ජාතියට සංස්කෘතියට ආදරේ මිනිස්සු නෙමේ. මේ අයට තමන්ගේ family එකත් එක්ක හොඳ රටකට ගිහින් හොඳ job එකක් කරගෙන ඉන්න chance එකක් අවොත් මේ රට ජාතිය සංස්කෘතිය බල්ලට දාල ඔක්කොම යනවා එකේ දෙකක් නෑ.

මීට වඩා හොඳ නැද්ද දුප්පත් සිංහල ළමයි ටිකකකට ඉගෙන ගන්න උදව් කරානම් ඔච්චරම ජාතිය ගැන කැක්කුමක් තියනවනම්.

මෙතන ඉන්නවා 459 448 ක්. මෙතනින් 300000 ක් වත් සිංහල වෙන්න ඕනනේ. එකෙක් රු 10ක් දැම්මොත් 30 00 000යි . ළමයි 300 කට අවුරුදු දෙකකට පොත් අරන් දෙන්න පුළුවන්
පවුල් දෙකකට පොඩි ගෙවල් දෙකක් හදල දෙන්න පුළුවන්
Doctor කෙනෙක් වෙන්න ඔලුව තියන නමුත් දුප්පත් කම නිසා campus නොයා කුලී වැඩට යන ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ මේ ලංකාවේ ඉන්නවා, ඉන් දෙන්නෙක් ගොඩ දාන්න පුළුවන්.
තව බොහෝ දේවල් කරන්න පුළුවන්.

අන්න එහෙමයි මම දන්න මුස්ලිම් මිනිහා කරන්නේ. අන්න එහෙමයි උන් ජාතියක් විදිහට ගොඩ ආවේ. කිසිම එකෙක් කිසිම එකෙක්ගේ කකුලෙන් අදින්නේ නෑ.

අපි කරන්න ඕනේ උන්ගේ කඩවල් වලට නොයා උන්ගේ ජාතියට කෙලවන්න නෙමේ, අපේ ජාතිය ගොඩ දාන එකයි. නමුත් අපේ එවුන්ට එහෙම කරන්න බැ. අපේ උන්ට පුළුවන් පෙස්සං ගහන්න විතරයි.

මතක තිය ගන්න මේ විදිහටම මීට අවුරුදු ගානකට කලින් දෙමල මිනිස්සුන්ට ගැහුවා උන්ගේ කඩ ගිනිතිබ්බා, මේ විදිහටම සිංහල ජාතිය ගැන පම්පෝරි ගහන ගමන් අමන අතල් ගත්තා. ඉතිහාසය කියවන්න, හොඳින් විශ්ලේෂණය කරන්න. අයෙමත් රටට කෙළවෙන්න පොදු සතුරෙක් අපි නිර්මාණය කරමින් ඉන්නවා. මේක වෙන්න දෙන්න එපා.
 
  • Like
Reactions: shiyamda

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    dan umba machan sinhala wage awith ohoma kiwwama apith owu muslim ayaa ehemai kiyala kiyai kiala hithuwada ? :P