ජාතිවාදී සංවිධාන වල සැබෑ ස්වරුපය !

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ජාතිවාදී සංවිධාන වල සැබෑ ස්වරුපය !

    වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් දහමට හා මුස්ලිම් වරුන්ට එරෙහිව ඉස්ලාම් දහම විකුර්ති කොට ව්‍යාජ ප්‍රචාර ෆෙසේබූක් ,වෙබ්සයිට්,බ්ලොග් වැනි අන්තර්ජාලීය මාධ්‍යන් යොදා ගනිමින් බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටී.

    එම ව්‍යාජ ප්‍රචාරයේ එක් කරුණක් වෙත මා අවදානය යොමු කිරීමට කැමතිය.අන්තර්ජාලයේ ෆෙසේබූක් කණ්ඩායම් හා පුද්ගලයන් කිහිපදෙනෙක්ද වෙබ්සයිට් හා බ්ලොග් කිහිපයකද බුදුන්ගේ ශ්‍රී පතුල මක්කා නගරයහි (සෞවුදී අරාබියාවේ) ඇති බව ඉස්ලාම් දහම හා ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කොට ලිපි හා පෝස්ටර් මගින් ව්‍යාජ ප්‍රචාර කර ඇති බව මා හට දක්නට ලැබුණි .

    ෆෙසේබූක්හි දක්නට ලැබුණු එක් දැන්වීමක් පහත ඇත .

    මෙම දැන්වීමෙන් මොවුන් පවසන්නේ මක්කම පිහිටි ඉස්ලාම් ආගමිකයන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවත් බුද්ධ ශ්‍රී පාදය පිහිටි ස්ථානය හා බුද්ධ ශ්‍රී පාදය මක්කම නගරයෙහි සිංහල ජනකවි වල සදහන් වන බවත්ය.

    මොවුන් මෙහිදී පවසන ජනකවි දෙසට අවදානය යොමු කිරීමට කැමැත්තෙමි.ඉහත දැන්වීමේ සදහන් වන ජනකවි කිහිපයක් පහත දක්වා ඇත .

    වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
    ඉසුණු බුදු රැසින් මහමෙර එල්ලේයා
    ලකුණු බලාලා මහ මෙර පල්ලේයා
    දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා

    උඩම උඩම උඩ මක්කම වැල්ලේ
    වසින වසින වැසි ඒ ගල පල්ලේ
    දුවන දුවන නැව සමුදුර පල්ලේ
    අපිත් පඳිමු දැන් රන් ඔන් චිල්ලේ
    ලස්සන සෝබන සමගම බබළන
    මක්කම සිරිපා සමනල වැඳගෙන

    මෙම ජන කවි වල සහ ඉහත දැන්වීමෙහි මක්කම ලෙස සදහන් වන්නේ මක්කම විහාරය පිළිබදවය. ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ.

    පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්කම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය.

    මේ පිලිබදව වැඩි දුර තොරතුරු දැනගැනීම සදහා පහත ලින්ක් හරහා යන්න.

    http://si.wikipedia.org/wiki/මක්කම_විහාරය
    http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03
    මෙම දැන්වීම සකස් කල තැනැත්තන් ඉතා ශුක්ෂම ලෙස මෙම ජන කවි වල සදහන් වන “මක්කම “ සෞවුදී අරාබියේ පිහිටි ඉස්ලාම් භාක්තිකයන් පුජනිය නගරයක් බව පවසයි .තවද මෙම දැන්වීමට “2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙලගැසෙමු ” යන පාඨය ලෙස යොදා ගෙන තිබේ.

    මෙලස ඉපැරිණි සිංහල සාහිත්‍ය විකුර්ති කර සහ 2600 වැනි උතුම් ශ්‍රී සම්බුද්ධ ජයන්තිය යන පාඨය යොදා ගනිමින් ව්‍යාජ ලිපි පලකිරීමේ මොවුන්ගේ අරමුණ කුමක් විය හැකිද ? පැහැදිලිවම පෙනනුයේ මොවුන්ගේ එකම අරමුණ බෞද්ධ – මුස්ලිම් ජාතිවාදය ඇති කොට බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර ප්‍රශ්න ඇති කිරීමය.මොවුන් දේශීය දේශපාලඥයන්ගේ අතකොලු විය හැක එසේත් නැත්නම් මොවුන් බටහිර විදේශීය සංවිදාන (ශ්‍රී ලංකාව තුල ප්‍රශ්න ඇති කර එමගින් ලාබ උපයාගැනීමට උත්සාහ කරන සංවිදාන ) වල මුදල් බලාපොරොත්තුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර කර ශ්‍රී ලංකාව තුල නැවතත් අරගලයක් ඇති කිරීමේ උත්සාහයක් විය හැකිය.

    මෙම දැන්වීම පල වූ ස්ථාන වල පින්තූර රාමු කිහිපයක් පහත ඇත .

    තවද ඉහත ආකාරයටම වෙනස් ලෙස ඉස්ලාම් දහම විකුර්ති කොට එක්තරා වෙබ් අඩවියක පල කර තිබු ලිපියක් වෙත මා අවදානය යොමු කිරීමට කැමැත්තෙමි .

    මෙහිදී මෙම ලිපියෙන් මොහු අදහස් කිරීමට උත්සාහ කරන්නේද බුද්නගේ ශ්‍රී පතුල සෞවුදී අරාබියාවේ මක්කා නගරයහි ඇති බවට උත්සාහ කරනු ලැබේ.මොහු මෙම ලිපියේ 100% ඉස්ලාම් දහම විකුර්ති කොට ඇත මා ඉහත දක්වා ඇති සිංහල රාවය නම් වෙබ් අඩවියේ එක් පින්තුරයක් පමණි .මෙහිදී ඔහු සදහන් කරන්නේ ඉබ්‍රාහිම් නබි නොහොත් අබ්‍රහාම් ක්‍රිස්තුවර්ෂ 450 කාලයකට පෙර ජිවත් වූ බවත් මක්කා නගරයෙහි බුදුන්ගේ ශ්‍රී පතුල ඇති බවත්ය .මෙමගින් පැහැදිලි වන්නේ මොහු සම්පුර්ණයෙන්ම ඉස්ලාම් ධහම පවසන දේ විකුර්ති කර ඇති බවයි.

    සත්‍ය කරුණ වන්නේ ඉබ්‍රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය.ඉබ්‍රාහිම් නබි තුමා ඉස්ලාම් දහමෙහි ඉතා ශේෂ්ඨ නබි වරයෙකි.ඉස්ලාම් ධර්මය මෙලොව බිහි වූ දා පටන් පැවත එන ධර්මයකි .ලොව බිහි වූ ද පටන් නබි වරු 1,24,00 ද රසුල් වරු 313 ද ලොව එක් එක් කාල වලදී එක් එක් ජන කොටස් වල පහල විය. මෙහිදී මොවුන් බුදුන්ගේ ශ්‍රී පාදය ලෙස ව්‍යාජ තොරතුරු දක්වමින් උත්සාහ කරනුයේ .එබ්‍රාහිම් නබි තුමාගේ “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” නමැති පා සටහනය .එබ්‍රාහිම් නබි තුමා කඃබාව ගොඩනැගීමේදී උස මදි වූ බැවින් ඔහු ගලක් ගෙන එය මත නැග කඃබාව ඉදිකිරිමට ඇරබුණි.එසේ වැඩ කරන අතරතුර ඔහුගේ පතුල් ගල තුලට කිදා බැස්සේය .මෙය මුස්ලිම්වරුන් “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” ලෙස ගෞරවයෙන් සලකනු ලැබේ.

    බුදු රජාණන් වහන්සේ උපත ලැබුවේ ක්‍රි:පු 463 දීය නමුත් ඉබ්‍රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය .එසේ නම් කෙසේ “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” පා සටහන බුදුන්ගේ ශ්‍රී පතුල විය හැකිද ?එනම් මොහු කිසිම සාක්ෂියක් නොමැතිව ව්‍යාජ කරුණු පවසා මෙම ලිපිය පල කර ඇති බව පැහැදිලි වේ.

    මෙම කරුණු මගින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ මෙම ලිපිය පල කල තැනැත්තා සම්පුර්ණයෙන්ම ප්‍රෝඩාවක් කර ඇති බවය.මොහුගේ අරමුණ බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කර බෞද්ධ – මුස්ලිම් සහෝදරත්වය පළුදු කිරීමය.මොවුන් මෙලස ඉස්ලාම් දහමද ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යැයි ඔබට පැහැදිලි වී ඇතැයි මා සිතමි.

    මා මෙම ලිපිය පල කිරීමේ අරමුණ වන්නේ මුදලට ඉස්ලාම් දහම විකුර්ති කොට ඉස්ලාම් දහම පිලිබදව වැරදි ලෙස අර්ථකතන කර බෞද්ධයන්ට වැරදි වැටහීම ඇති කර ලංකාව තුල මුස්ලිම්-බෞද්ධ ජාති වාදයක් ඇති කිරීම වැළැක්වීම සදහාය.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුස්ලිම්වරුන් කඃබාවට වදින්නේ ඇයි ?

    ඉස්ලාමය පිළිම වන්දනාව තහනම් කර තිබෙන අතරතුරදී මුස්ලිම්ස්වරුන් කඃබාවට වැදීමත්.කඃබාවට හිස නමා නමස්කාරය කිරීමත් කෙසේ පිළිගනු ලබන්නේද ?

    කඃබාව” යනු මුස්ලිම්වරුන් සලාත් ඉටු කිරීමේදී පෙරටු කර ගන්නා දිශාවක් පමණි.මුස්ලිම්ස්වරුන් කඃබාවේ දිශාවට හැරී සලාත් ඉටු කලද කඃබාවට නොවදින බව සදහන් කල යුතුය.මුස්ලිම්වරුන් අල්ලාහ් හැර අන කිසිවෙකුට හෝ කිසිවෙකුට හිස නොනමිය යුතුය.අල්ලාහ් හැර අන් කිසිවෙකුට හෝ කිසිවකට නොවැදිය යුතුය.

    අල් කුරාණයේ දෙවන පරිච්චේදයේ 114 වන වැකියේ පහත ආකාරයට සදහන් කරයි.

    (මුහම්මද්!) ඔබේ මුහුණ නිතර අහස දෙසට හරිම අපි දකිමු.එබැවින් ඔබ ප්‍රිය කරන කිබ්ලාව දෙසට ඔබ හැරවන්නෙමු.එබැවින් ඔබේ මුහුණ මස්ජිදුල් හරාම් දෙසට හරවන්න! ඔබ කොතැනක සිටියත් ඔබේ මුහුණ එම දිශාවටම හරවන්න!

    (ශු: කු 2:144)

    සලාතය ඉටුකිරීමේදී කඃබාව පෙරටුකරමින් සලාතය ඉටුකරන්නේ ඇයි දැයි හේතු කාරණා සහිතව අවබෝධ කර ගනිමු.

    01.ඉස්ලාම් ධර්මය එකමුතු කම අවධාරණය කරන්නේය.

    නිදසුනක් වශයෙන් මුස්ලිම්වරුන් අල්ලාහ්ට යාඥා කිරීම සදහා සිට ගැනීමේදී පිරිසක් උතුරු දිශාව දෙසට හැරී යාඥා කිරීමට ප්‍රිය කල හැකිය.තවත් පිරිසක් දකුණු දෙසට හැරී අල්ලාහ් වෙනුවෙන් යාඥා කිරීමට ප්‍රිය කල හැකිය .එහෙත් එමක දෙවියන් වන අල්ලාහ් වෙනුවෙන් යාඥා කිරීමේදී පවා මුස්ලිම්වරුන් එකමුතුකම අනුගමනය කල යුතුය යන පරමාර්ථයෙන් අල්ලාහ්ට යාඥා කිරීමේදී මුස්ලිම්වරුන් සියලු දෙනාම කඃබාව පෙරටු කල යුතු යැයි අණ කරනු ලැබ සිටිති .කඃබාවට බටහිර දිශාවේ වෙසන මුස්ලිම්වරුන් (ඔවුන් සිටින ස්ථානයට නැගෙනහිර දිශාවේ කඃබාව තිබන බැවින් ) නැගෙනහිරට යොමු යොමු වී ද ,කඃබාවට නැගෙනහිර දිශාවේ වෙසෙන මුස්ලිම්වරුන් (ඔවුන් සිටින ස්ථානයට බටහිර දිශාවේ කඃබාව තිබන බැවින් ) බටහිර දිශාවට යොමු වී ද ,සලාතය ඉටු කරති.

    02. ලෝක සිහියමේ මැද කඃබාව පිහිට ඇත .

    ලෝක සිතියම ප්‍රථමවරට සැලසුම් කලේ මුස්ලිම්වරුය.ලෝක සිතියම සැලසුම් කල මුස්ලිම්වරුන් ලෝක ගෝලයේ දකුණු දිශාවට සිතියමේ උඩු පැත්තෙන් තිබෙන ආකාරයටත් උතුරු දිශාවේ ලෝක සිතියමේ උඩු පැත්තෙන් තිබෙන ආකාරයටත් උතුරු දිශාව ලෝක සිතියමේ යටි පැත්තෙන් තිබෙන ආකාරයටත් සැලසුම් යෙදුහ .එසේ සැලසුම් සැකසීමේදී මුස්ලිම්වරුන් පෙරටු කර සලාත් ඉටුකරන දිශාව වන කඃබාව ලෝක මැද පිහිටා තිබිණි.පසුව බටහිර ලෝකයේ සිතියම විද්‍යාෂඥයින් ලෝක සිතියම සැලසුම් කිරීමේදී ලෝක ගෝලයේ උතුරු දිශාව සිතියමේ උඩු පැත්තට තිබෙන ආකාරයටත් දකුණු දිශාව සිතියමේ යටි පැත්තට තිබෙන ආකාරයටත් සැලසුම් යෙදුහ.බටහිරයන් ලෝක සිතියම වෙනස් කර සැලසුම් සැලසුවද පිහිටියේ ලෝක සිතියමේ මධ්‍යමයේය .

    03.කඃබාව වටා “තවාෆ් ” කරන්නේ (කඃබාව වටේ යෑම ) දෙවියන්ගේ ඒකීයත්වය විදහා පෑමටය.

    මුස්ලිම්වරුන් මක්කාවට යන අවස්ථාවේදී මස්ජිදුල් හරාමයේ ඇති කඃබාව වටා “තවාෆ් ” කරති.එසේ කඃබාව වටා තවාෆ් කරන්නේ ඒක දේවවාද ප්‍රතිපත්තිය ගෙනහැර පෑම සදහාත්,ඒක රවුමක් යනු එකම එක කේන්ද්‍රයක් පමණක් සතුව තිබෙනවාක් මෙන් වැදීමට සුදුස්සා වූ දෙවියන් එකම අල්ලාහ් වන බවට හැගවීම සදහාමය.

    04.උමර් (රලි) තුමානන්ගේ පණිවිඩයක් :

    කඃබාවේ තිබෙන “හජ්රුල් අස්වද් “නමැති කළු පැහැති ගල පිලිබදව අල්ලාහ්ගේ වක්තෘන් වන නබි (සල් ) තුමාණන්ගේ ආදරණිය නබි මිත්‍රයා වන උමර් රලි මෙසේ පැවසුහ.

    නුබ යහපතක් හෝ අයහපතක් හෝ සිදුකල නොහැකි ගලක් බව මම දනිමි.අල්ලාහ්ගේ දුත්යාණන් (සල්) තුමාණන් නුබ ස්පර්ශය කර සිප ගැනීම මා දැක නොසිටිමි නම් මමද නුබ ස්පර්ශකර සිප ගන්නේ නැත.

    දැනුම්දෙන්නා : ආබිස්‌ රබීආ ,මුලාශ්‍රය:බුහාරි (1597)

    05.කඃබාව මත නැග සිට සාලතය ඉටුකිරීම් සදහා ඇරයුම් කිරීම (අදාන් කීම )

    නබි(සල් ) තුමාණන්ගේ කාලයේ නබි මිත්‍රවරුන් කඃබාව මත නැගී සලාතය සදහා ඇරයුම් කර ඇත්තෝය.කඃබාව වදින බවට මුස්ලිම්වරුන් වෙත චෝදනා කරනන්නගෙන් මා අසන්නේ තමා වදින පිළිමය මත නැගී සිටින්නේ කුමන පිළිම වන්දනාකරුවෙක්ද ?:rolleyes:

    By Dr Zakir Naik
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    සියලුම සිංහලයනි මරක්කල ව්‍යපාර සමග ගනු දෙනු අත්හිටවමු
     
    • Like
    Reactions: Smartm

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    how can I contact Dr Zakir Naik? He is Insulting pure Buddhism. While he was coming to Colombo, the organizing team didn't inform to any superior person(Sinhala,Cristian & Tamil) for argument. I watched full of video from Muslim friend.

    Dr Zakir Naik කියනවා. non Muslim කාට හරි ප්‍රශ්නයක් අහන්න කියලා. මොනවද උන් අහපු ප්‍රශ්න. මේක organize කරපු මහත්වරු පිටකොටුවෙ බස් හොල්ට් එකෙන් හොයාගත්ත මිනිස්සු ටිකක් non Muslim අයට දාලා තියෙන්නේ. ප්‍රශ්න අහන්න.........

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA

    ඇයි මල්ලි බොරු කියන්නේ.. ඔප්පුකරන්න බලන්න එතන ඔයා කියනවා වගේ සෙට් කරපු අයතමයි නොන් මුස්ලිම් විදියට හිටියේ කියලා... නිකන් කට තියෙනවට කියවන්න එප මල්ලි. සුජීව සේනසිංහ කියන්නේ පිටකොටුවේ බස් හෝල්ට් එකකින් හොයා ගත්තු පොරක් කියලද කියන්නේ?
    පිලිගන්න අකමැති හැමදේ බොරු බොරුයි කියලා තමන් හැමවෙලේම හරියි කියන එක තමයි ලොකුම වැරැද්ද.

    සාzකිර් නයික් ලංකාවට එනවා කියන්නේම අනිත් ආගමික නායකයන්ට අභියෝග කිරීමක් තමයි.. එන්න කලින්ම හොඳ පබ්ලිසිටි එකක් දීල තමයි ආවේ.. එතකොට ඔයා කියන කිසිම ආගමික නායකයෙක් ඉදිරිපත් උනේ නැහැ විවාදයකට. කැමතිනම් එයාලට තිබුනා විවාදයකට කතා කරගන්න. සාzකිර් නයික් දන්නවද ලංකාවේ කවුද එයා එක්ක විවාද කරන්න හොඳ කියලා...
    සමහරු මෙතනත් කෑගහුවා එයාට එන්න දෙන්න එපා කියලා ලංකාවට.. නමුත් එයා ආවා අවිල්ල විවුර්ත අබියෝගයක් කරා පොදුවේ... නමුත් ඔයා කියන ආගමික නායකයන් කවුරුත් ඒක බාරගත්තේ නැති එක සzකිර් ගේ වැරැද්දක් නෙවෙයිනේ..
     
    :yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    Zakir Naik is a fluent speaker. Nonetheless, that does not mean he is a knowledgeable person. Any talented speaker can mold and mix words and phrases to convince the audience. This is especially easy if the audience share his views. Actually, this is what Zakir Naik and Wimal Weerawansa often do. They are using their ability of speaking to exhibit falsehood as truth. However, in written communication, this can not be done. One can't show "magic" from linguistic manipulation. It is unfortunate that Zakir Naik has avoided the participation in a written conversation with the most renowned defender of freedom of faith.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔයාලට පාන් කෙසේ වෙතත් පිටිවත් ඉතුරු කරගනන්න බලන්න...
    අවුරුද්දත් එන එකේ කැවුමක්වත් පුච්චගන්නට.
    :P

    අපි කෑවුම් හදන්නේ හාල් පිටි වලින්...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඇයි මල්ලි බොරු කියන්නේ.. ඔප්පුකරන්න බලන්න එතන ඔයා කියනවා වගේ සෙට් කරපු අයතමයි නොන් මුස්ලිම් විදියට හිටියේ කියලා... නිකන් කට තියෙනවට කියවන්න එප මල්ලි. සුජීව සේනසිංහ කියන්නේ පිටකොටුවේ බස් හෝල්ට් එකකින් හොයා ගත්තු පොරක් කියලද කියන්නේ?
    පිලිගන්න අකමැති හැමදේ බොරු බොරුයි කියලා තමන් හැමවෙලේම හරියි කියන එක තමයි ලොකුම වැරැද්ද.

    සාzකිර් නයික් ලංකාවට එනවා කියන්නේම අනිත් ආගමික නායකයන්ට අභියෝග කිරීමක් තමයි.. එන්න කලින්ම හොඳ පබ්ලිසිටි එකක් දීල තමයි ආවේ.. එතකොට ඔයා කියන කිසිම ආගමික නායකයෙක් ඉදිරිපත් උනේ නැහැ විවාදයකට. කැමතිනම් එයාලට තිබුනා විවාදයකට කතා කරගන්න. සාzකිර් නයික් දන්නවද ලංකාවේ කවුද එයා එක්ක විවාද කරන්න හොඳ කියලා...
    සමහරු මෙතනත් කෑගහුවා එයාට එන්න දෙන්න එපා කියලා ලංකාවට.. නමුත් එයා ආවා අවිල්ල විවුර්ත අබියෝගයක් කරා පොදුවේ... නමුත් ඔයා කියන ආගමික නායකයන් කවුරුත් ඒක බාරගත්තේ නැති එක සzකිර් ගේ වැරැද්දක් නෙවෙයිනේ..

    ඔයාට වැරදිලා අයියා. මම කට තියෙනවාට කියවන්නෑ. අනික මම ආගම් ගැන විවාද වල‍ට යන්නෙත් නෑ. ඒක අපේ ආගමේ තියෙන විනය නීතියක්. සාකිර් නයික් කියන්නේ බයිබලය,කුරානය, බොහෝදුරට කටපාඩම් කරපු බුද්ධාගම ගැනත් තරමක් දැනුමක් තියෙන පුද්ගලයෙක්. ඒ සේරටම වඩා හොඳ කථිකයෙක්. අපි මොන ප්‍රශ්ණයක් ඇහුවත් කථාවෙන් පිළිතුරුක් දෙනවා මිසක් කිසිම විද්‍යාත්මක පසුබිමක් නෑ පදනමක් නෑ.......ආගමික නායකයෝ ඇයි විවාදයක‍ට නෙයා බයේ හැංගිලා හිටියේ ඇයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව මම මෙතන දාන්නේ නෑ. මොකද තවත් දුරට ගියොත් ලොකු වලියකින් ඉවර වෙන්නේ.... පෙඩ්ඩක් හිතන්නකෝ. හැබැයි එයාත් එක්ක වාදයක් තිබුනා නම් ගොඩක් ‍වටී කියලා මට දැන් යන විදිහට හිතෙනවා.