ජාති වාදියෝ සහ ආගම් වාදියෝ
අපි ඉපදුන හැදුන වැඩුන අපේ ශ්‍රී ලංකාවට, අපි හැමෝම ආදරෙයි. මමත් ලංකාවේ ඉන්න ගොඩක් උන් වගේ තමා සිංහල බෞද්ධ කොල්ලෙක්. මිනිස්සු තමන්ගේ ආගම,ජාතිය ගැන කතා කරන කොට හරිම සංවේදියි. තමන්ගේ ජාතිය ආගම වෙමුවෙන් පණ උනත් දෙන්න ගොඩක් උන් ලෑස්තියි. එක අපේ ලේ වලින්ම අපිට ඇවිත් තියෙන ගතියක්. අපි 1948 නිදහස දිනාගන්නක්ම් වෙන ජාති හතරකට යටත් වෙලා හිටිය. ඒ වගේම තවත් අවරුදු තිහක් අපේ දෙමළ කෙල්ලෝ කොල්ලෝ විතරක් නෙවේ සිංහල , මුස්ලිම් අයත් දැන ගෙන හිටියේ න නේ කවද කොහේ කොයිවෙලාවේ බෝම්බයක් පුපුරයිද කියල. එත් අපේ හමුදාවේ කොල්ලන්ට පින්සිද්ද වෙන්න අපි දැන් නිදහස්, ඕන තැනක ගිහිල්ල නිදහසේ ඉන්න පුළුවන් රටක් අපිට තියෙනවා. අපි දැන් කාටවත් යටත් වෙලත් නෑ, අපි කාවවත් යටත් කරගෙනත් නෑ. මේ රටේ ඉන්න හැම මිනිහම දැන් එකයි.
එත් මචන්ලා මම මේක ලියන්න හිතුවේ එක නෙවෙයි. දැන් මේ මුළු ලංකාවම එකම කසල ගොඩක් වෙලා ඉවරයි. බුකිය පැත්තේ ලොගින් උනත් religion, politics. tv එකේ news ඕන් කලත් එහෙමයි. මුසලිම්, සිංහල කියලයි මෛත්‍රී , මහින්ද කියලයි පිල් දෙකක් බෙදාගෙන වාද කරනවා. එත් බං ඇත්තටම බුකියේ තියෙන post වලින් 80% ක් ම පදාර බේගල්. මෛත්‍රී, මහින්ද ප්‍රශ්නෙදි 50 ට 50 හිටියත් බන් මුස්ලිම්, සිංහල ප්‍රශ්නෙදි ඇත්තටම කට්ටිය වටවෙලා මුස්ලිම් කොල්ලෝ ටිකට ගහනවා. මචන් මටත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා. උබලටත් අනිවාර්යයෙන්ම ඇති මුස්ලිම් යාලුවෝ. උනුත් අපේම පාටම ලේ තියෙන අපි වගේම තමන්ගේ ආගමට දහමට ආදරේ කරන හැගීම් දැනීම් තියෙන මිනිස්සු බන්. උන් වෙනස් වෙනවනම් වෙනස් වෙන්නේ උදේට අපි පන්සිල් කියනවා වෙනුවට උන් උන්ගේ ආගම සිහි කරන එක විතරයි බං. "නොලිම්ට් එකේ යට ඇදුම් වලට මොකද්ද බෙහෙතක් ගහනව"ලු. උබල හිතනවද එහෙම ඇත්තටම කල නම් නොලිමිට් එක තම ඇරලා තියන්න පුළුවන් කියල. මචන් මේකයි බන් ඇත්ත, තම තමන් ගේ පැත්ත අනුව තමන්ට වාසි දේවල් ටික පිළිඅරන් තමාට අවාසි ටික පිළිනොගන්න තමයි මිනිහ හැදිලා තියෙන්නේ. එක නිසා හැමතිස්සෙම ඔලුව පාවිච්චි කරලා බුකියේ තියෙන පොස්ට් විශ්වාස කරනවද නැද්ද කියල හිතපල්ලා බන්. සමහර විට අපේ ආගම් අතර නොගැලපීම් තියෙන්න පුළුවන්. එත් අපි එහෙමයි කියල උන්ගේ ආගම දහමට අපහාස කරන එක හොද මදි නේද බන් බෞද්දයෝ හැටියට. අපිට බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ මේකද කියල ටිකක් හිතල බලපල්ලකො.
සමහර උන්ගේ වදයක් තමයි ඒ කාලේ අපේ ජාතික වීරයෝ සටන් කලේ නැත්තම් අපිට රටක් ඉතුරු වෙයිද කියන එක, ඔව් ඇත්ත එහෙනම් අපි අදත් උන්ට යටත්. එත් ඒ කලේ රට උන්ගේ. එත් දැන් මේ රට අපි ඔක්කොගෙම. සිංහල අපි තමයි මේ රටේ වැඩිපුර ඉන්නේ. එක නිසා වැඩියෙන්ම අපේ තමා එත් එහෙමයි කියල මුස්ලිම් උන්ව තලන්න, උන්ට මානසිකව වද දෙන්න අපිට අයිතියක් තියෙනවද කියල පොඩ්ඩක් ඔය ඔලු ගෙඩි ටික පාවිච්චි කරලා හිතල බලපල්ලා.
- සිංහල කොල්ලෙක් ගෙන් අපේම කොල්ලන්න්ට