ජාතීන්ට ජාතිවාදයක් තිබේද?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජාතීන්ට ජාතිවාදයක් තිබේද?



    28685079_572502833084394_5885526808008245322_n.jpg


    ජාතීන්ට අනුව රට බෙදනවාට එහා තවත් ජාතිවාදයක් තිබේද?


    By Dr. Ishantha Siribaddana - Chairman Java Institute for Advanced Technology

    ජාතීන්ට අනුව රටක් බෙදා වෙන්කල ෆෙඩරල් ක්‍රමයක් ස්ථාපිත කල තවත් රටක් ලොව කොහෙවත් දක්නට අසන්නට නැත. යහපාලනය මේ කරන්නට සැරසෙන්නේ ලොව කිසිඳු රටක හෝ නොකළ ආකාරයේ ෆෙඩරල් ස්ථාපිත කිරීමකි. මෙමගින් අනාගතයේ ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල තවමත් ලක්වැසි ජනතාවට නිසිලෙස අවබෝධ නොවීම අතිශය කනගාටුවට කරුනකි. අඩුතරමින් මොවුන් මේ කිරීමටට සැරසෙන්නේ කුමක්ද කා සඳහා ද යන්නවත් නොදැන සිටීම ශ්‍රී ලාංකිකයින් ලෙස අප සියලුදෙනා කරන්නේ අති විශාල වරදකි. මෙම ක්‍රියාවලියේ අනිටු ප්‍රතිඵල ලැබෙන්නේ සිංහල ජාතියට පමණක් නොවේ. මේ වැඩපිළිවෙලට අදම තිත තැබීමට වැඩ නොකළහොත් සිංහල දෙමල මුස්ලිම් තුන් ජාතියම නැවතත් ජාතිවාදී අරගලයකට රැගෙන යාම වැලැක්විය නොහැකිය. ජාතීන් අනුව රට බෙදා ස්ථාපිත කිරීමට සැරසෙන ෆෙඩරල් පාලනය යනු දැවැන්ත ලේ වැගිරීමක ආරම්භයයි. ඊට හොඳම අඩිතාලමයි. මේ පෙනෙන්නට තිබෙන්නේ හෙට දවසේ ඇතිවීමට නියමිත දැවැන්ත ව්‍යසනයේ පෙර මග සලකුණු බව අප සැමදෙනා අද දින මේ මොහොතේම වටහා ගතයුතුයි.

    මෙම ලිපියෙන් ගෙනහැර දැක්වීමට උන්ත්සාහ කරන්නේ රටේ විවිධ තැන් වල සුළු සුළුවෙන් ඇතිවෙන ජාතිවාදී අන්තවාදී ක්‍රියාකාරම් හා ගැටුම් ගැන නොව ශ්‍රී ලාංකිකයා ජාතින් ලෙස බෙදා වෙන්කිරීමට කැස කවන තුන් ජාතියම මුළුමුනින්ම විනාශකර රට අරාජික කිරීමට මග පාදන ෆෙඩරල් යෝජනාවේ ඇති භයානකකම පිලිබඳවයි. ඉන් අනාගතයේදී රටට අත්වෙන භයානක ඉරණම පිලිබඳවයි.

    ෆෙඩරල් දී උතුර දමිල ජනතාවට වෙන්කර දුන්විට දකුණේ දැනට පදිංචිව සිටින දමිල ජනතාව උතුරට යවනවාද ? එසේ උතුර වෙන්කර දුන් පසු අද දකුණේ සිටින දමිල ජනතාව කිසිඳු කරදරයක් නොමැතිව ජීවත් වන්නා සේ උතුරේ වෙසෙන සිංහල ජනතාවට නිදහස්ව ජීවත්වීමට උතුරේ සිටින අන්තවාදීන් දමිල කොටස් ඉඩ හරීවිද? එසේ ඉඩ නොදුනහොත් දකුණේ සිටින අන්තවාදී සිංහල ජන කොටස් ඇස් කන් පියාගෙන දකුණේ සාමකාමීව වෙසෙන අන්තවාදී නොවන දමිල ජනතාවට නිදහසේ ජීවත්වීමට ඉඩ හරීවිද? මේ අයුරින් අප සැමදෙන විශේෂයෙන්ම තරුණ පරපුර අද අවබෝධ කරගත යුතු වන්නේ හෙට දවසේ අමිහිරි යථාර්ථයයි.

    කොයි ජන කොටස තුළත් ජාතිවාදී අන්තවාදී අදහස් ඇති ජනතාව අඩු වැඩි වශයෙන් ජීවත් වේ. එය කුමන ජාතියටත් පොදු ධර්මතාවයයි. එම අන්තවාදී ජාතිවාදී අදහස් හා ක්‍රියාවන් ඉස්මතු නොවන පරිදි රටේ දේශපාලන ව්‍යුහයයි ප්‍රථමව සක්ස්කලයුතු වන්නේ. ඉන්පසු සැකසිය යුත්තේ නීතිරීති රාමුවයි. තවදුරටත් අන්තවාදය ජාතින් තුල අවම කල හැක්කේ අධ්‍යාත්මික සංවර්ධනය තුලින් ලැබෙන ගුණ ධර්ම හා අවබෝධයත් අධ්‍යාපනය තුලින් ලැබෙන දැනුම හා බුද්ධියත් හරහා ලබන හික්මීමත් මගින්ය. හෙට දවසේ ලංකාවේ දේශපාලන ව්‍යුහය සකස් වන්නේ බලය පවත්වා ගැනීම පිණිස බටහිර අවශ්‍යතාවය හා දමිල ඩයස්ෆොරාවේ අවශ්‍යතාවය පදනම් කොට ගෙන ජනතාව තුල ස්වාභාවයෙන්ම පවතින ජාතිවාදී අන්තවාදී ගති වැඩිපුර ඉස්මතු වන පරිදි නම් එය රටේ සියලුම ජනකොටස් වලට කරන බලවත් අසාධාරණයකි.

    අද ලංකාවේ දේශපාලන පක්ෂ වල නම් පාවා ජාතිය ප්‍රමුඛ කොට ජාතිවාදී ලෙස යොදාගෙන ඇත. ජාතියේ නමින් ඇති දේශපාලන පක්‍ෂ වලට තම නම් වෙනස් කරගැනීමට කාලයක් දී එසේ නොකළහොත් එම පක්ෂ වහාම අත්හිටවිය යුතුය.

    ජාතිවාදයෙන් හෝ අන්තවාදයෙන් කිසිඳු වාසියක් හෝ කිසිඳු සෙතක් කිසිඳු ජන කොටසකට නොවෙන ලෙස සකස්කරන ලද දේශපාලන ක්‍රම පද්දතියක් නිර්මාණය කල යුතුය. සිංගපූරුව නවසීලන්තය ස්විට්සර්ලන්තය වැනි රටවල් එසේ දේශපාලය ව්‍යුහය සකස් කර ඇති රටවලට හොඳ උදාහරණ වේ. පවතින දේශපාලන ව්‍යුහය නිසා ජාතිවාදීන්ගෙන් එක් ජාතියකට අසාධාරණයක් වන විට මැදිහත්කරුවනට දෝශාරෝපනය කොට වැඩක් නැත. තාවකාලික පිළියම්ද වැඩක් නැත. එක් එක් සිදුවීමෙන් සිදුවීම වෙන්කොට ගෙන ඊට සම්බන්ද වූවන්ට දඬුවම් කිරීමෙන්ද පලක් නැත. ඒවා තාවකාලික පිලියම් පමණි.

    අදට බහුතර සිංහල ජනතාව සමග දමිල මුස්ලිම් ජනතාවට දකුණේ එකට විසීමට කිසිඳු බාදාවක් නැත. සෑම ජාතිවාදී ගැටුමකම මුල සොයා බැලූ විට ඊට හේතුව යම්කිසි සිංහල මුස්ලිම් හෝ දමිල අන්තවාදීයෙක් හෝ පිරිසක් විසින් තව ජාතියක කෙනෙකුට හෝ පිරිසකට කරන ලද අසාධාරණයක් නිසාමය. නැතහොත් දේශපාලන වාසි තකා අන්තවාදීන් යෝදා ගැනීම නිසාය. මෙවැනි ගැටුම් වලට ආරම්භය දෙන සෑම කෙනෙක්ම සිංහල මුස්ලිම් දෙමල ජාතින් හැටියට බෙදීමක් නොකර බැලූ විට මොවුන් සැම දෙනාම අන්තවාදී හෝ ජාතිවාදීන්මය. නමුත් හෙට දිනයේදී ෆෙඩරල් ලබාදීමෙන් පසු මෙම පරිසරය වෙනස් වනු ඇත. අද අන්තවාදීන් නොවන පිරිස් හෙට අන්තවාදීන්ගේ ගොඩට එක්වනු ඇත. සිංහල අන්තවාදීන් හෝ ජාතිවාදීන් නොවේ යැයි තමන්ව හදුන්වා ගන්නා නමුත් දමිල මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙමින් ෆෙඩරල් ලංකාවට සුදුසු යැයි සාධාරණීකරණය කරමින් දේශපාලන වාසි ලබන ඩොලර් කාක්කන් සුළු කොටසක් පමණක් එක පාර්ශවයකට මුළුගැන්න්වෙනු ඇත. නමුත් ඔවුනට ලැබෙන බටහිර බලයත් දමිල ඩයස්ෆොරාවේ මුදලුත් නිසා මොවුන් දැඩිසේ බලවත් වනු ඇත. පවතින ආණ්ඩුවේ ගාමක බලය ඔවුන් සතුවනු ඇත. අවසානයේ ශ්‍රී ලංකාද්වීපයම අරාජික වනු ඇත.

    බුද්ධිමත් අවබෝධ ශක්තිය ඇති ජනතාව මේ තත්වය දැනගෙන කටයුතු කල යුතුය. සුළුතර දමිල හා මුස්ලිම් සියලු දෙනා අන්තවාදී ජාතිවාදී යැයි බහුතර සිංහල ජාතිය විසින් නොසැලකිය යුතුය. එසේ කළහොත් අන්තවාදී නොවන ජාතිවාදී නොවන මුස්ලිම් දමිල ජන කොටස් දිනෙන් දින අඩුවී අන්තවාදී ජාතිවාදී ගොඩට එක්වනු ඇත. මෙම සමීකරණය ජාති තුනටම අදාලය. කියාත්මක කිරීමට යෝජිත දේශපාලන ව්‍යුහමය වෙනස්කම් ජාතිවාදයට අන්තවාදයට සහයක් වන හැම තැනකදීම එම දේශපාලන ක්‍රිමාර්ඝ නිර්දය ලෙස ප්‍රතික්ෂේප කල යුතුය. ලංකාවට ෆෙඩරල් ගෙන ඒමට සැරසෙන්නේ සුළුතර ජනකොටස් වල බලය තමන් වෙත රඳවාගෙන ඔවුන් තාවකාලිකව රවටාගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට මතුපිටින් පිළියම් කරමින් සැමදාම බලයේ රැඳී සිටීමටය. නමුත් මේ ක්‍රියාකලාපය වැඩිකල් නොගොස්ම සුළුතර ජන කොටස් ද අවබෝධ කරගනු ඇත. ඒ සඳහා බහුතර සිංහලයා කල යුත්තේ ජාතිවාදී නොවීමයි. ජාතිවාදී අන්තවාදී නොවන සුළුතර ජනකොටස් සමග අත්වැල් බැඳ ගැනීමයි.

    වර්තමාන යහපාලන ක්‍රියාකාරිත්වය තුල මෙම භයානක තත්වය උපරිමයට ලඟා වෙමින් ඇත. ජාතින් අනුව රට බෙදමින් ජාතිවාදය මුල්කොටගෙන රට පාලනයට තැත් කරන මෙම දේශපාලනන ප්‍රවාහය නතර කිරීමට තරුණ පරපුර නැගී සිටිය යුතු කාලය එළඹ ඇත.

    මෙවැනි පරිසරයක් නිර්මාණය කරන්නේ දේශපාලන බලලෝභීත්වය හා අදුරදර්ශී දේශපාලන ක්‍රියාකලාප නිසායි. ශ්‍රී ලංකාවේ බහුතර ජාතිය වන සිංහලයා සමග ඔවුන්ගේ සාමකාමී බව විනාශ කරන දේශපාලකයාගේ මැදිහත් වීමක් නොවෙනතාක් ඕනෑම ජාතියකට ඔවුන් හා සාමකාමීව ජීවත් වීමට හැකි බව නොරහසකි.

    ෆෙඩරල් අනුමත වන පළමු දිනයේදීම උතුරේ අන්තවාදී කොටස් විසින් උතුරෙන් පන්සල් ඉවත් කරනු ඇත. අදටත් උතුරේ ඉඩමක් මිලදී ගනීමට දකුණේ සිංහලයාට නොහැකිය. ඒසේ කිරීමට නොහැකිවන ලෙස සකස්කරගත් තේසවලාමේ නීතියක් ඔවුනට ඇත. නමුත් දකුණේ එවැනි අන්ත වාදයක් නැත. ෆෙඩරල් යෝජනා ක්‍රියාත්ම වන පළමු දිනයේම උතුරේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් දකින අන්තවාදීව කටයුතු කරන ඉතාම සුලුකොටසක් වූ දකුණේ සිංහල ජනතාව ක්‍රියාත්මක වනු ඇත. ඔවුන් දකුණේ වෙසෙන අන්තවාදී ජාතිවාදී නොවන දෙමල මුස්ලිම් ජනයා සමගද වෛර බැඳ ගනු ඇත. මෙය අළුයට ගිනි මෙන් ඇතිවන භයානක තත්වයකි. ඉන්පසු ඇතිවන සුළු සිදුවීමකදී පවා ඔවුන් ක්‍රියාත්මක වී මහා විනාශයක් කරනු ඇත. ජාත්‍යන්තරට අවශ්‍ය පරිසරය නිතතින්ම සකස් කර දෙනු ඇත.

    අද ලංකාවේ ජාතිවාදය වපුරන්නේ රට තුලදී දේශපාලන වාසි ගැනීම සඳහා පමණක්ම නොවේ. ශ්‍රී ලංකාව තරම් ආර්ථික වශයෙන් වැදගත් මර්මස්තානයක් ලොව කොහෙවත් නැත. මේ පුංචි රටේ බහුතරය වී ඇත්තේ ලොව කොහෙවත් නැති සිංහල ජාතියකි. සාමකාමී බුදු දහම අදහන මොවුන් සමග දමිල මුස්‌ලිම් ඇතුළු ඕනෑම ජාතියකට කරදයක් නොමැතිව ජීවත් වියහැකි බව සියලු රටවල පාලකයින් නොදන්නවා නොවේ. මේ කුඩා ශ්‍රී ලාංකිකයිනට විශාල යුද ශක්තියක් නැත. නමුත් කිසිඳු ජාතියකට මොවුන්ව යටත් කිරීමටද නොහැක. මෙය පුදුමාකාරය. මේ රටේ පිහිටීමෙන් ආර්ථික හා යුධ වාසි ලබා ගැනීමට කැස කවන ප්‍රධාන රාජ්‍යයන් තුන වන්නේ ඉන්දියාව චීනය හා ඇමෙරිකාවයි. මොවුන් එක එක ස්වරූප වලින් ලංකාවේ පිහිටීම තුල වාසිය ගැනීමට සැරසෙයි. මහා බ්‍රිතාන්‍යට ඊට විශේෂ අවශ්‍යතාවයක් නැත. නමුත් ඔවුත්ව ශ්‍රී ලංකාවෙන් ඵලවාහැරීම නිසා ඇති බද්ධ වෛරය අදටත් ඇතුවා විය හැකිය. එබැවින් ඔවුන් හැම විටම ඇමෙරිකාව සමග එක්ව හිට ගනී.

    බටහිරය ඉන්දියාවේද සහය ඇතිව ෆෙඩරල් ගෙන එන්න අත දෙන්නේ දමිල ජනයාට ඇති විශේෂ ආදරයකට නොවේ. ජාතිවාදී ගැටුම් ආරම්භ කර සිංහල දමිල මුස්ලිම් ජනතාව ඇන කොටා ගැනීම නිසා රටේ පාලනතන්ත්‍රය දුර්වල වනවිට රට තුලට අනියම් ලෙස අත පෙවීමටය. ශ්‍රී ලංකාවේ පිහිටීම නිසා ඇති ආර්ථිකමය හා යුධමය වාසි ලබාගැනීමටය. මේ සඳහා කොන්ද පන ඇති නායකයන් විනාශ කල යුතුය. ඒ සඳහා ඔවුන්ට ඇති ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී යුධ අවි තුන වන්නේ හා වූයේ යහපාලනය, සන්හිදියාවය හා හොරා යන ගොබෙල්ස් න්‍යායයි. මේ තුනෙන්ම පහර එල්ල කර රට ගොඩ නගමින් තිබූ ආණ්ඩුව 2015 දී පෙරලා දැමීය. මේ ආයුධ තුන කෙතරම් ප්‍රබලද යත් රාජ්‍ය නායකයා ජනතාවට එපා කරවා ගල්ගසා මරා දැමීමට තරම් ප්‍රබලය. එසේ සිදු කල අවස්ථාද ඇත. අපේ වාසනාවට ලංකාවට එසේ වුයේ නැත. නමුත් වේගයෙන් පෙරට ගිය රටක් වූ ලංකාවද නායකයිනුන් සමගම විනාශ කර දැමීය. එම නායකයින් ඉතිහාසයට එක්වීම නවතා දැමීය. ඔවුන් ජාතික විරුවන් වනවා වෙනුවට සාක්කි රහිත බොරු සමාජජාල හරහා සමාජගත කොට හොරුන් බවට පත් කළහ. මේ සඳහා පෙර නායකයින් තුල තිබූ යම් යම් දුර්වලතාතද අතිශෝක්තියෙන් උලුප්පා දක්වමින් ප්‍රයෝජනයට ගත්හ. කිසිදිනෙක යතාර්ථයක් නොවන බොරු පොරොන්දු සිතැඟි පරිදි ලබා දුන්හ. කවදත් රට අස්ථාවරවූ විට බලය තහවුරු කර ගැනීමටට මගපෑදෙන තෙක් බලා සිටින ජවිපෙ පවා බටහිර බල කඳවුරට මෙවර එක්කර ගැනීමට ඔවුන් දක්ෂ විය. එය ජවිපෙ ඉතිහාසය පුරාවටම සිදු වූ ඛේදනීයම සිදුවීම විය. ඒ සඳහා යහමින් මුදල් යෙදවීය. ඔවුන්ට ලෙනින්ගේ හා විජේවීරගේ මූලික න්‍යාය වූ ධනේශ්වරය යන වචනය පවා අමතක කරවීමට තරම් බටහිර බූමිකාව ප්‍රබල විය. ඒ මෙවැනි මෙහෙයුම් සඳහා අතිදක්ෂ දෙපලක් වන කවුරුත් දන්නා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දෙදෙනාගේ මෙහෙයුම ඉදිරියේ ජවිපෙය අසරණකර දැමීය. අවසානයේ දේශපාලන වේදිකාවේ සමතුලිතතාවය රැකගැනීම සඳහා වූ පක්ෂය පක්ෂග්‍රාහී බටහිර බලල් අන්ඩක් බවට පත් කර ඔවුන්වද රටට අහිමිකර ඔවුන්ගේ වල ඔවුන්ටම කපාගැනීමට සැලැස්වීය.

    ෆෙඩරල් දී ජාතීන් අනුව රට බෙදනවානම් ජාතිවාදී අරගලයක් ඇතිවීම වැළැක්වීම සඳහා එකම ක්‍රමයක් ඇත. ඒ දකුණේ සිටින සියලු සාමකාමී අන්තවාදී නොවන බහුතර සිංහලයාගේ සිතුම්පැතුම් වලට ගරු කරන දමිල ජනතාවද උතුරු නැගෙනහිර ෆෙඩරල් කලාපයට පැටවීමයි. එවිට මුස්ලිම් කලාපයක් ද දිය යුතුව ඇත. එසේ දුන්නාට මදිය. දකුණේ සිටින ජාතිවාදී අන්තවාදී නොවන සාමකාමී සිංහලයාගේ සිතුම් පැතුම්වලට ගරු කරන මුස්ලිම් ජනයාද එම මුස්ලිම් ෆෙඩරල් කලාපයට පැටවිය යුතුය. මේ දේ නොකලොත් ෆෙඩරල් දී මාසයක් යනවිට රටේ ඇතිවන අරාජිකත්වය හා ගැටුම් ලේ වැගිරීම් සමනය කල හැකි කිසිවෙක් මේ තුන් ලොව තුල නම් පහල නොවෙනු ඇත.

    මේ සියලු මුස්ලිම් දමිල ජනතාව ෆෙඩරල් කලාප වලට පැටවීමේ යෝජනාව ක්‍රියාවේ යෙදවිය හැකි ප්‍රායෝගික යෝජනාවක්ද යන්න සිතා බැලීම බුධිමත් හෙට දවසේ රට භාර ගැනීමට සිටින තරුණ ප්‍රජාවගේ යුතුකමක් හා වගකීමක් විය යුතුය. එසේ කල නොහැකියැයි ඔබ සිතන්නේ නම් බටහිර හා දමිල ඩයස්ෆෝරාවේ අවශ්‍යතාවය මත ෆෙඩරල් ස්ථාපිත කිරීමට අර අදින මේ ක්‍රියාදාමයට අදම විරුද්ධ විය යුතුය. ෆෙඩරල් ගෙනෙන්නට උත්සාහ කරන සියලු ප්‍රයත්න පරාජය කල යුතුය. ජාතීන් අනුව රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමට සියලු ප්‍රයත්න දරන මොවුන් පන්නා දැමිය යුතුයමය.

    මොවුගේ ෆෙඩරල් වෑයම ජනතාව අනුමත නොකරන බව පෙන්වීමට සිංහලයින් පමණක් නොව අන්තවාදී නොවන මුස්ලිම් හා දමිල ජනයාද එක්ව ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනමතය ප්‍රකාශ කළහ. එබැවින් සිංහල ඔබ සැම මෙසේ ජාතිවාදීව ලංකාවේ නිර්මාණය කිරීමට නියමිත අමුතුම තාලයේ ෆෙඩරල් ක්‍රමයට විරුද්ධනම් අදම ජාතිවාදී හා අන්තවාදී නොවන මුස්ලිම් දමිල ජන ප්‍රජාව වෙන්කොට හඳුනාගෙන ඔවුන් සමග අත්වැල් බැඳ ගත යුතුය. සියලු මුස්ලිම් දමිල ජනතාව අන්තවාදීන් හා ජාතිවාදීන් ලෙස ලේබල් නොකළ යුතුය. ඔවුන් සැමදෙනා සමග එක්ව මේ අලුත් ව්‍යවස්ථාවට විරෝධය දක්වා එය ක්‍රියාත්මක වීම නවතා දැමිය යුතුය.

    ඉන් සෑහීම්ටට පත් නොවිය යුතුය. රට විනාශ කරන බටහිර පදයට නටන දමිල ඩයස්ෆොරාවේ ඩොලර් මත යැපෙන ආගමක් ධර්මයක් අවශ්‍ය නැතැයි සිතන ආගමට ධර්මයට ගරු නොකරන ආගමික සාතෘන්වහන්සේලා බොරු කාරයින් ලෙස හිතන ස්වචින්තනය ධර්මය කොටගත් පණ්ඩිත භෞතික වාදී ෆෙඩරල් නඩයේ ක්‍රියාත්මක වීම සාදාකලිකවම ජාතියෙන් තුරන් කල යුතුයි.

    අවසාන වශයෙන් ගැටුම් රහිතව සාමකාමීව ජාතීන් එකිනෙකා සමගිව මේ සුන්දර රටේ ජීවත් වීමට නම් අවස්ථාවාදී දේශපාලකයා කුමක් කලද බහුතර ජාතිය ලෙස සිංහලයා විසින් තනි තනිව භාරගත යුතුම විශාල වගකීමක් ඇත. යම්කිසි දමිල හෝ මුස්ලිම් ජාතිකයෙකු හෝ පිරිසක් අන්තවාදීව හෝ ජාතිවාදීව කටයුතු කරයි නම් ඔහුට හෝ ඔවුන්ට විරුද්ධව එම ජාතියේම පිරිස නැගී සිටීමට සිත්වන තරම් අන්තවාදී ජාතිවාදී නොවන දමිල මුස්ලිම් ප්‍රජාව සමග සහසම්බන්දතාවය ගොඩ නගාගත යුතුය. එය කල නොහැක්කක් නොවේ. ප්‍රථමව ඔබ කල යුත්තේ. තමා ජාතිවාදී හෝ අන්තවාදී නොවීමයි. දෙවනුව එක මුස්ලිම් හෝ දමිල ජාතිකයෙකු ආදරයෙන් දයාවෙන් ඔහුගේ ප්‍රශ්නය තමාගේ ප්‍රශයක් කොට ගනිමින් රැක බලා ගැනීමයි. ඔවුන් වෙත වචනයෙන් නොව ක්‍රියාවෙන් මෙත්තාව මුදිතාව කරුනාව පැතිරවීමයි. ජනතා විරෝධී ඊනියා සංහිදියා වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කලයුතුයි. මෙසේ කළහොත් එහි ප්‍රතිඵල හෙට දිනයේම දැකීමට හැකිවනු ඇත.

    By Dr. Ishantha Siribaddana - Chairman Java Institute for Advanced Technology
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇමෙරිකාව කලා වගේ මහා පරිමාණ Mass surveillance සිස්ටම් එකක් ගේන දවස වැඩි ඈතක නෑ.