ජාන_වෙනස්_ආහාර_බිල්ලෙක්_ද?
ජාන වෙනස් කළ ආහාර බිල්ලෙක් ද?
අතීතයේ අපේ ගොවි මහතුන් සිය වගා කටයුතු කළේ ඊළඟ කන්නය පිළිබඳ හොඳ මිම්මක් හිතේ දරාගෙනය. මේ කන්නයේ වැවෙන අස්වැන්නෙන් හොඳම කොටසක් ඊළඟ කන්නයේ වගා කිරීම සඳහා බීජ ලෙස වෙන්කර, ඒවා වෙනම සකසාගෙන, නැවත වගාව සඳහා භාවිත කිරීම ඔවුන්ගේ අරමුණ වුණා. මේ අනුව, වී වර්ග බිත්තර වී ලෙස හඳුන්වා, ඒවා ගොවිපොළහි කොනක වගාකර ඉතා උවමනාවෙන් සකසාගෙන දේවත්වයෙන් සලකා, තමන්ට ඊළඟ කන්නයේ වගා කිරීමට තබා ගත්හ. එළවළුවක් නම් වෙනම තබා, අවශ්‍ය පරිදි බීජ වෙන්කරගෙන වේලාතබා ගන්නේ, ඊළඟ කන්නයේ භාවිත කිරීමටය. මෙසේ බීජ සකස් කර ගැනීමේ දී ඒවායේ මල්වල පරාගනය පවා දැඩි ලෙස පාලනය කරන්නේ තමන්ට ලැබෙන ඊළඟ පරම්පරාව නිරෝගී, හොඳ ඵලදාවක් ලබාදෙන පරම්පරාවක් කර ගැනීමටය. ඔවුන්ට අවශ්‍ය වුණේ සිය නිෂ්පාදන තත්ත්වයෙන් හොඳම නිෂ්පාදන කිරීමට විනා හොඳම අස්වැන්න ලබාගෙන වැඩිලාභ ලබා ගැනීමට නොවේ.
පාරම්පරික ගොවිතැන කෙමෙන් අභාවයට ගියේ විවිධ යන්ත්රසූත්ර භාවිතයට පැමිණීම, අධික අස්වැන්නක් ලබාගෙන වැඩි ලාභ ලැබීම වැනි කාරණා නිසා ගොවීන් සිය පාරම්පරික බව අතහැර නවීන කෘෂිකාර්මික ක්‍රමවලට පුරුදු වීම නිසාය. මේ නිසා අතීතයේ වගාකෙරුණු පාරම්පරික භෝග වගාව කෙමෙන් කෙමෙන් නව භෝග වර්ග, නව කෘෂිරසායන ද්‍රව්‍ය ආදියට හුරු වීම ඇරඹිණි. මේ නිසා අස්වැන්න වැඩි වුවත්, භෝගවල ගුණාත්මක භාවය නැසෙන්නට වුණා.
කෙසේ වුවත්, ලංකාවේ මහඉලූප්පල්ලම, බතලගොඩ වැනි කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානවලින් නව නිපැයුම් බිහි වුණා. දෙමුහුන් වී වර්ග නිසා පාරම්පරික සමහර වී වර්ගවල ඇති විවිධ දුර්වලතා මගහරවාගන්නට ඔවුන් සමත් වුණා. මේ නිසා ගොවීන්ට තරමක වාසිදායක ප්‍රතිඵල අත්වූවා. එහෙත් කෘෂිකර්මාන්තය විවෘත ආර්ථිකයට ගොදුරු වීමත් සමගම එහි ගුණාත්මක භාවය වෙනුවට ප්‍රමාණාත්මක භාවයට මුල්තැන දෙන්නට ගොවියාටත් වෙළෙන්දාටත් සිදු වුණා. මේ නිසා නව බීජ වර්ග, නව පොහොර සහ කෘෂිරසායන ද්‍රව්‍ය වෙළෙඳපොළට එකතු වුණා. එයින් ප්‍රමාණාත්මකව අස්වැන්න ඉහළ ගියත්, භූමියට සහ පරිසරයට සිදු වූ හානිය රජරට කලාපයේ සෑම නිවසකින්ම ඇසෙන දුක් අඳෝනාවලින්ම සනාථ වනවා.
මේ කරුණු මෙසේ වන අතර බටහිර ජාතීහු සිය කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය වැඩි කරගැනීමට දෙමුහුන් කිරීමටත් වඩා එහාට ගිය විද්‍යාත්මක ක්‍රම අත්හදා බැලූ හ.DNA සම්බන්ධ ජීව විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රගතියත් සමගම විද්‍යාඥයින් ශාකවලDNA සැකසුම වෙනස් කර, පාරිසරික සංකූලතාවලට ඔරොත්තු දෙන, විවිධාකාර ප්‍රතිඵල ලබාගතහැකි ශාක සහ බීජ නිෂ්පාදනයට නැඹුරු විය. මේ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ජාන වෙනස් කළ ජීවීන් Genetically Modified Organisms නම් නව ආහාර ප්‍රභේදයක් ලොවට එකතු විය. මේ ප්‍රභේදය වෙනුවෙන් මෙන්ම එයට එරෙහිව සටන් වදින කණ්ඩායමක් ද බිහි වූයේ, මෙලොව හැමදේටම පොදු සාධකයක් වන ද්විත්ව සමතුලිතභාවය Duality equilibrium නිසාය. මෙම ලිපියේ අරමුණ ඔබ ජාන වෙනස් කළ ආහාරවලට නැඹුරු කරගැනීම හෝ එයින් ඈත් කිරීම නොවන අතර සමබර දැක්මක් ලබාදීම පමණය. ඒ නිසා විවෘත මනසකින් මෙය කියවන්න.
ජාන වෙනස් කළ ආහාර යනුවෙන් සරලව හඳුන්වන්නේ DNA වෙනස් කළ ශාක, සත්ත්ව හෝ ක්ෂුද්‍රජීවීන්ගේ ආධාරයෙන් සැකසූ ආහාර වර්ගය. අප බොහෝ දෙනා දන්නා පරිදි අප ජීවය සැකසී ඇත්තේ ලොව මූලිකම ජීව පදාර්ථ වන ඞී එන් ඒ DNA Deoxyribose Nucleic Acid මගින් සැකසුන පද්ධතියක් මගිනි. අපේ ශරීර අවයව, ලෙඩරෝග, ආදී සියල්ල පාලනය වන සහ පරම්පරාවෙන් පරම්පරාවට අපේ ගති ලක්ෂණ සියල්ල රැුගෙන යන ජාන සැකසී ඇත්තේ මේ DNA කිහිපයක එකතුවකිනි. මේ ජාන වෙනස් කිරීම මගින් අපට බොහෝ දෑ සිදු කළ හැකිය. විද්‍යාඥයින් විසින් මිනිසාගේ මූලික ජාන සැකැස්ම හඳුනාගෙන දැන් දැන් බොහෝ රෝග නිධාන සහ ඒවාට නිසි පිළියම් ලබාදීම ද සිදුකරගෙන යමින් ඇත. ඒ අතරම ශාක විද්‍යාඥයින් විසින් ශාකවල ජාන පද්ධති හඳුනාගෙන ඒ ඒ ජාන පද්ධතිවලින් සිදු වන කාර්යයන් හඳුනාගෙන තිබේ. සමහර පද්ධති ලෙඩරෝගවලට ඔරොත්තු දෙන අතර සමහර පද්ධති රෝග ඇති කිරීමටත් දායක වේ. මේ නිසා අවාසිදායක පද්ධති ඉවත් කර ඒවා වාසිදායක තත්ත්වයට පත් කිරීම සරලව ජාන වෙනස් කිරීම යනුවෙන් හඳුන්වන්නට පුළුවන. එහෙත් මෙය ඉතා වියදම් අධික, සංකීර්ණ ක්‍රියාවලියකි. මෙහිදී සිදු වන්නේ කිසියම් ප්‍රභේද දෙකක වූ ජාන ඞීඑන්ඒ ප්‍රතිසංයෝජක තාක්ෂණය Recombinant DNA Technology මගින් මිශ්‍ර කිරීමය. උදාහරණයක් ලෙස වී වර්ග දෙකක් ගනිමු. එක් වී වර්ගයක් දැඩි වියළි කාළගුණයට ඔරෙත්තු දෙන නමුත්, ගොයම් මැස්සා කෙරෙහි ප්‍රතිරෝධයක් නොදක්වයි. තවත් වී වර්ගයක් කිසිදු සුවිශේෂීතාවක් නැතත් ගොයම් මැස්සාට උපරිම ප්‍රතිරෝධයක් දක්වයි. මේ වී වර්ග දෙකෙහි ෙසෙලවල ඇති ජාන වෙන් කරගෙන ගොයම් මැස්සාට ප්‍රතිරෝධයක් දැක්වීම ඇති කරන ජාන වෙන්කරගෙන අනෙක් වී වර්ගයේ එම ජාන වෙනුවට ආදේශ කර බීජ ලබා ගත හැකිය. මෙය සරලව ජාන වෙනස් කිරීම ලෙස හැඳින්වේ. මේවා ශාක පමණක් නොව සතුන්ට ද සිදු කළ හැකිය. උසස් ගණයේ කිරි එළදෙනුන්, වැඩිපුර මස් ලැබෙන ඌරන් වැනි සතුන් පවා මේ ආකාරයෙන් ”නිෂ්පාදනය” කළ හැකිය.
මෙසේ ජාන වෙනස් කළ ආහාර නිපදවන්නේ ඒවායෙන් ලබාගත හැකි ආර්ථික වාසි සඳහා පමණය. මෙහිදී නිෂ්පාදනයක මිල අඩුවෙන් නිපදවීම හෝ පාරිභෝගකයාට වාසියක්, එනම් දිගුකල් පැවැත්මක්, හෝ ඉහළ පෝෂ්‍යදායක ගුණයක් ලබාදීම අදහස් වෙනවා. මුලින් ජාන තාක්ෂණය භාවිත වූයේ ගොවියාට සෘජු වාසි දෙන ආකාරයේ කටයුතු සඳහා පමණය. ශාක සඳහා ජාන තාක්ෂණය භාවිත කිරීමේ අපේක්ෂාව වූයේ භෝග අස්වනු ආරක්ෂණය ඉහළ නැංවීමයි. මෙහිදී භෝගවලට විවිධ රෝගවලට ඔරෙත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට ජාන තාක්ෂණය භාවිතා කැරිණි. තවත් ආකාරයක ජාන තාක්ෂණික පර්යේෂණයක් වන්නේ විවිධ කෘමීන්ට ඔරොත්තු දෙන භෝග සෑදීමේ අභියෝගයයි. එහිදී අදාළ ජාන කොටස් ලබා ගන්නේ විෂවර්ගයක් නිකුත් කරන බැක්ටීරියාවක් වන Bacillus thuringiensis Bt මගිනි. මෙම විෂ වර්ගය දැන් ඇමරිකාව වැනි රටවල භෝග ආරක්ෂණය සඳහා භාවිත වේ. එහෙත් මෙය මිනිසුන්ට විෂ නොවේ. මේ නිසා ජාන තාක්ෂණයෙන් සැකසූ මේ ආහාර වර්ගයක කෘමින් පලවාහැරීමට මේ තාක්ෂණය භාවිත කර තිබේ. මේ නිසා භෝගවලට භාවිත කළ යුතු කෘමිනාශක ප්‍රමාණය අවම වේ. ඒ නිසා ගොවීන්ට ලැබෙන වාසි ද වැඩිය. මේ ආකාරයෙන්ම වෛරස් රෝගවලට ඔරොත්තු දෙන භෝග සකසා ගන්නේ අදාළ වෛරසයේ ජාන භාවිතයෙනි. සමහරවිට කෘමිනාශක ඉසීමේ දී භෝගවලට ද හානි පැමිණීමට පුළුවන. මේ නිසා භෝගවල වැඞීම දුර්වල වේ. එසේත් නැතිනම් විනාශ වේ. මේ සඳහා පිළියම වන්නේ කෘමිනාශකවලට ඔරොත්තු දෙන කෘමීන්ගේ ජාන ලබාගෙන ඒවා ශාක ජාන සමග බද්ධ කිරීමය. මේ නිසා අදාළ භෝගය කෘමිනාශකවලට ඔරොත්තු දීමක් සිදු වේ.
අප ආහාරයට ගන්නා දේ පිළිබඳ සාමාන්‍ය මතය නම් ස්වභාවිකව සැකසුන ආහාර ආරක්ෂාකාරී බවයි. එසේම නව දෙමුහුම් භෝග හඳුන්වාදීමේ දී සිදු වන වෙනස වන්නේ ඒවා පරාගණයෙන් නව බීජ ලබා ගැනීමයි. මෙහිදී අවශ්‍ය සහ අනවශ්‍ය සියලූම ජාන මිශ්‍ර වන නිසා අදාළ භෝගය සමහරවිට බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා නොදෙන්න පුළුවන. සමහරවිට එයට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල ලැබෙනු ඇත. ඒවා ශරීරවලට කෙසේ බලපානවා දැයි කියන්නට පර්යේෂණ බොහොමයක් කරන්නට වේ. මේ පර්යේෂණ සැලසුම් සහගතව කළ හැකි ඒවා නොවේ.
එහෙත් ජාන වෙනස් කළ ආහාරවල පර්යේෂණ සහ ඒවායේ ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණ සියල්ල ඉතාම සැලසුම් සහගතව සිදු කර තිබේ. එසේම මෙම ජාන වෙනස් කිරීම හැම දෙනාටම කළ නොහැකිය. සුවිශේෂ තත්ත්ව යටතේ සිදු කරන නිසා සහ බෙහෝ පර්යේෂණවලට ලක් කිරීමෙන් අනතුරුව ගොවීන්ට නිකුත් කිරීම නිසා ආරක්ෂාකාරී බවයි පැවසෙන්නේ.
ජාන වෙනස් කළ ආහාර පිළිබඳ මෙම ආරක්ෂණ පරීක්ෂණ සිදු කරන්නේ විවිධාකාර අංශ කේන්ද්‍ර කරගෙනය.
එම ආහාර මගින් සිදුවන සෘජු විෂවීම් සඳහා එම ආහාර මගින් ආසාත්මිකතාවන් මතුවීමට ඇති සම්භාවිතාවය
සෘජු විෂවීම් ඇති වේයැයි උපකල්පනය කරන සුවිශේෂී ආහාර කොටස් සඳහා කරන පර්යේෂණ ඇතුළත් කළ ජානයේ ස්ථායීතාව ඇතුළත් කළ ජානය මගින් බලාපොරොත්තු වන පෝෂණමය වටිනාකම කෙසේ සහ කොපමණ වැඩිවීමකින් ලැබේද යන්න වෙනත් නොසිතූ ප්‍රතික්‍රියා මේ අලූතින් ඇතුළත් කළ ජානය මගින් සිදු කරයි ද යන්න සලකා බැලෙනවා.
ජාන වෙනස් කළ ආහාර පිළිබඳ සිද්ධාන්තමය කරුණු බැලූ බැල්මට නිවැරැුදි ලෙස දැනුනත්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ දී නොයෙකුත් කරුණු කාරණා මතු වන්නට පුළුවනි. මෙයින් ප්‍රධාන වනුයේ මානව සෞඛ්‍යයට මේ ආහාර කෙසේ බලපායිද යන්න මූලිකවම සාකච්ඡුා විය යුත්තක්. මෙය කරුණු තුනක් යටතේ සාකච්ඡුා කළ හැකිය.
ආසාත්මිකතාවයන් ඇතිවීම Allergenicity
ප්‍රතිපත්තියක් ලෙස, ආසාත්මිකතාවක් ඇති නොවන බවට සහතිකයක් නොමැති නම්, ආසාත්මිකතාවන් ඇතිකළ හැකි ආහාර හෝ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ලබා ගන්නා ජාන සාමාන්‍ය ආහාර සමඟ මිශ්‍ර කිරීමක් සිදු කරන්නේ නැත. මේ නිසාම ඒවා ඉතාමත් ප්රශස්ත තත්ත්ව යටතේ ජාන හුවමාරුව කරන නිසා මේ වනතෙක් කිසිදු ආකාරයක ආසාත්මිකතාවක් ජාන වෙනස් කළ ආහාරවලින් වාර්තා වී නැත.
ජාන හුවමාරුව Gene Mixing'
බොහෝ දෙනාගේ සැලකිල්ලට භාජනය වූ එක් කරුණක් වන්නේ ජාන වෙනස් කළ ආහාරවල ඇති ජාන, මිනිසාගේ ආහාර මාර්ගයේ දී මිනිස් ජාන හෝ ආහාර මාර්ගයේ සිටින බැක්ටීරියාවල ජාන සමග හුවමාරුවීමේ හැකියාවයි. බොහෝවිට ජාන තාක්ෂණයේ දී බැක්ටීරියා ජාන යොදා ගන්නා නිසා, මෙම හුවමාරුවට වැඩි ඉඩකඩක් පවතී. මෙය වඩාත් සංකීර්ණ වන්නේ ප්රතිජීවකවලට ස්ථායීතාවයක් දක්වන බැක්ටීරියා ජාන යොදාගෙන ජාන වෙනස්කිරීම කළ හොත් පමණි. මේ නිසා, ප්‍රතිපත්තියක් ලෙස ජාන තාක්ෂණයේ දී ප්රතිජීවකවලට ස්ථායීතාවයක් දක්වන බැක්ටීරියා ජාන යොදා ගැනීම අවම කර තිබේ.
ජාන බහිශ්මාරුව Gene Outcrossing
ජාන වෙනස් කළ ආහාර බීජවලින් හටගන්නා ශාක සහ එසේ නො කළ එම වර්ගයේම ශාක පරාගණයේ දී ජාන මාරුවීම මෙසේ හඳුන්වයි. මෙය සාමාන්‍ය භාවිතයේ දී දෙමුහුන්වීමක් ලෙසත් හැඳින්වීමට පුළුවන. මෙසේ වීමේ දී තුන්වන පරම්පරාවේ ශාකවල ජාන සංයුතිය මේ දෙකෙහි මිශ්‍රණයක් ලෙස එළිදැක්වෙනවා. එය විශේෂයෙන් මිනිස් පරිභෝජනය සඳහා සකසන ආහාර ආරක්ෂණය වෙත නරක බලපෑම් ඇති කළ හැකිය. සත්ත්ව පරිභෝජනයට හෝ කාර්මික කටයුතු වෙනුවෙන් සැකසූ ආහාරවල පවතින ජාන මිනිස් පරිභෝජනය වෙනුවෙන් සැකසූ ආහාරවල ඉතා කුඩා ප්‍රමාණවලින් හමුවීම නිසා මේ කරුණු එළිදරව් විය. මේ හේතුවෙන් ජාන වෙනස් කළ ආහාර වගා කෙරෙන පෙදෙස්වල, එවැනි වර්ගයේ සාමාන්‍ය ආහාරයන් වගා නො කිරීමට ප්‍රතිපත්තියක් ඇත. එහෙත් මෙය අනාගතයේ දී සාමාන්‍ය ගොවියන් අතින් නොදැනුවත්වම සිදු නොවේ දැයි කිසිවකුට සහතිකයක් දීමට නොහැකිය.
මේ කරුණු නිසාම ජාන වෙනස් කළ ආහාර මගින් සිදුවිය හැකි හානි පිළිබඳ තක්සේරුවක් Risk Assessment සිදු කැරේ. මෙහිදී ජාන වෙනස් කිරීමේ දී පරිසරයට, සත්ත්වයන්ට සහ පරිසර පද්ධතීන්ට සිදුවන බලපෑම සහ එම වෙනස් කිරීමේදී සිදුවිය හැකි අභව්‍ය තත්ත්වයන් පිළිබඳව ද පරීක්ෂා කැරේ. යම් හෙයකින් මේ වෙනස් කිරීමක දී පරිසරයට හෝ සත්ත්වයනට හානිකර ජීවී විශේෂයක් බිහි වුව හොත් එයම අපේ පැවැත්මට තිත තැබිය හැකිය. මෙය වළක්වා ගැනීමට එවැනි තක්සේරුවකින් Risk Assessment තොරව කිසිදු පර්යේෂණයක් සිදු නොකැරේ. පාරිසරිකව මෙය දැඩි බලපෑම් ඇතිකළහැකි නිසාම මේ පර්යේෂණ උපකල්පන කිහිපයක් මත පදනම් කරගෙන සිදු කරනවා. එනම් ජාන වෙනස් කළ ආහාරවල ඇති ජාන සාමාන්‍ය භෝග සමග මිශ්රවුවහොත් ඇතිවිය හැකි තත්ත්වයන්, තෙවන පරම්පරාවේ භෝගවල විකෘතීන්, වෙනත් භෝගයන්ට ඇතිවිය හැකි ආචරණ, ජෛව විවිධත්වයට ඇතිවිය හැකි ප්‍රශ්න සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන වෙනස්වීම් ආදී බොහෝ අංශ හරහා මේ පර්යේෂණ ගලා යයි.
ජාන වෙනස් කළ ආහාර ආරක්ෂිත ද?
මෙය බොහෝ දෙනාට ඇති ලොකුම ගැටලූවයි. ජාන වෙනස් කිරීමේ දී විවිධ ජාන විවිධ ජීවීන්ට විවිධාකාරව ඇතුළත් කරනු ලබනවා. මෙය එකම ආකාරයට සිදු වන්නේ නැහැ. මේ නිසා ජාන වෙනස් කළ ආහාර ආරක්ෂිත ද නැද්ද යන්න එක වාක්‍යයකින් සර්ව සාධාරණීකරණය කළ නොහැකියි. එය වෙන් වෙන්ව විවිධ අංශවලින් සළකා බලා කළ යුත්තක්.
සාමාන්‍යයෙන් දැනට වෙළෙඳපොළේ පවතින සියලූම ජාන වෙනස් කළ ආහාර දැඩි තත්ත්ව පරීක්ෂණයන්ට ලක් කොට, මිනිස් සහ සත්ත්ව පරිභෝජනයට සුදුසු බවට සහතික කරන සියලූම ආරක්ෂණ තක්සේරු සිදුකර වෙළෙඳපොළට නිකුත් කළ ආහාරයි. මේ නිසා ඒ ගැන ගැටලූවක් ඇති වන්නේ නැහැ.
නමුත් සෑම රජයක්ම එකම ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැහැ. සමහර රටවල ජාන වෙනස් කළ ආහාර නියාමනයක් තිබුණත්, සමහර රටවල එසේ කරන්නේ නැහැ. බොහෝවිට කෙරෙන්නේ පහසුව තකා ජාන වෙනස් කළ ආහාර තහනම් කිරීමයි.
එසේ වුවත් ලෝකයේ බොහෝ තැන්වල ජාන වෙනස් කළ ආහාර භාවිත වේ. එය කෘමී හානිවලට ප්‍රතිරෝධයක් දක්වන ආහාර, වෛරසවලට ප්‍රතිරෝධයක් දක්වන ආහාර, සහ සමහර කෘමිනාශකවලට ප්‍රතිරෝධයක් දක්වන ආහාර, ලෙසිනි. එසේම දැන් දැන් ඉහළ පෝෂණ අගයක් ලබාදෙන ආහාර වර්ග ජාන තාක්ෂණය මගින් නිපදවීම ආරම්භ කර තිබේ. කෙසේ වුවත්, ජාන තාක්ෂණය මගින් නිපදවූ ආහාර අන්තර්ජාතිකව භාවිත කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැනීම සිදු වන්නේ ලෝක ආහාර සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සහයෝගයෙන් සැකසුන The Codex Alimentarius Commission ^Codex& නම් වූ ඒකකය මගිනි. මෙහිදී තත්ත්ව පරීක්ෂා නිර්ණය කිරීම, භාවිත කිරීමේ පිළිවෙත් සැකසීම ආදී බොහෝ නිර්ණායක සැකසී තිබේ. එසේම සෑම රටකම රජයයන් ඒ පිළිබඳ දැනුවත් කර නිසි තත්ත්ව පවත්වාගෙන යෑම වැනි දෑ මෙමගින් සිදු කැරේ. දැනට ලෝකයේ අන්තර්ජාතිකව භාවිත වන ජාන වෙනස් කළ ආහාර ආරක්ෂිත බවට මෙමගින් සහතික කර තිබේ.
මේ ආරක්ෂණ කරුණු කෙසේ වුවත්, බොහෝ පරිසර සංවිධාන, දේශපාලනඥයින් සහ විවිධ ක්‍රියාකාරීන් ජාන වෙනස් කළ ආහාර පිළිබඳ දක්වන්නේ විරෝධයකි. මෙය බොහෝ දුරට දේශපාලනික හෝ තම පුද්ගලික/ආයතනමය න්යායපත්ර මත පදනම් වූ විරෝධයකි. අනූව දශකයේ දී ජාන වෙනස් කළ ආහාර මුලින්ම වෙළෙඳපොළට ඉදිරිපත් කළ දා සිට මේ විරෝධය පැවතුණේ මිනිසුන්ට මේ ජීව රසායනික පර්යේෂණවල සංකීර්ණත්වය අවබෝධ නොවීම නිසා වන්නට පුළුවන. ජාන වෙනස් කළ ආහාරවලට දැඩි බලපෑමක් ආගමික සංවිධානවලින් සිදු වේ. එසේ වන්නේ ජාන වෙනස්කිරීම සාමාන්‍ය ජීව රසායනික ක්‍රියාවලියට පටහැනිව කෘත්‍රිමව සිදුකරන එකක් නිසා වීමය. 1990 සිට මේ දක්වා ජීව රසායනික පර්යේෂණ ඉතා ඉහළ ප්‍රගතියක් ලබා තිබෙන අතර එය නොසිතූ විරූ අන්දමේ ජයග්‍රහණ ලබා ගෙන තිබේ. කනගාටුවට කරුණ වන්නේ ලෙඩ රෝගවලට බෙහෙත් සොයාගැනීමේ කටයුත්තට සහ ජාන වෙනස් කිරීමේ පර්යේෂණවල සිදුවන පර්යේෂණ යන දෙකම සිදු වන්නේ එකම ජීවරසායනික පර්යේෂණ අනුව වුණත්, මේ දෙකට ඔවුන් දෙවිදියකට සැලකීමයි.
ජාන වෙනස් කළ ආහාර නිසා ලැබෙන වාසි බොහොමයකි. රස, ගුණ වැඩි ආහාර නිෂ්පාදනය, කෘමීන් සහ දැඩි පාරිසරික තත්ත්වවලට ඔරොත්තු දෙන ආහාර නිෂ්පාදනය නිසා වගා හානි අවම කරගැනීමෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම. මේ නිසා ආහාර මිල පහළ යෑමක් කළ හැකිය. තවත් ආකාරයක වාසියක් වන්නේ පසු අස්වනු හානිය අවම වන ආකාරයේ භෝග නිෂ්පාදනය කළ හැකි වීමය. මේ නිසා ද වැඩි ආහාර ප්‍රමාණයක් ලෝකයට නිකුත් වේ. ඒ නිසා ආහාර හිඟයක් ඇති වන්නේ නැත. එසේ වාසි ලැබෙන අතරතුර බොහෝ දෙනාගේ සැකයට භාජනය වන්නේ ප්රතිජීවකවලට ප්‍රතිරෝධයක් දැක්වීම සහ ආසාත්මිකතාවයන් ඇතිවීමේ හැකියාව වැඩි ජාන වෙනස් කළ ආහාර වෙළෙඳපොළේ ඇති බව සහ එයින් මිනිසාට හානි සිදුවිය හැකි බව යන කරුණුය. මේ නිසා බොහෝ දෙනා ජාන වෙනස් කළ ආහාර පිළිබඳ අනිතය බියක් දක්වනවා. මේ කරුණු නිසාම, ලෝක ආහාර සංවිධානය දැන් සියලූම ජාන වෙනස් කළ ආහාරවලට ලේබල් ගැසීම මගින් පාරිභෝගික ජනතාව දැනුවත් කර තිබේ.
දැනටමත් බිලියන 7.5ක් වන ඉදිරියේ දී ලෝක ජනගහනය බිලියන 9 ඉක්මවා යන්නට තවත් දශක කිහිපයකට වඩා ගතවන්නේ නැත. මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමට ඇත්තේ සීමිත ඉඩකඩ ප්‍රමාණයක් පමණි. දියුණු රටවල මහාපරිමාණ කෘෂිකර්මාන්තය සිදු වුවත්, දියුණු වෙමින් පවතින රටවල එය තවමත් සිදුවන්නේ පාරම්පරිකවය. බොහෝ ශාක සහ සතුන් නිරන්තරයෙන් පරිණාමයට පත් වේ. මේ නිසාම ඒවා කෘෂි රසායනික ද්‍රව්‍ය වැනි රසායනයන්ට ප්රතිරෝධයන් දක්වන්නට පරිණාමය වේ. ජාන තාක්ෂණය මගින් සිදු කරන්නේ එවැනි කෘෂිරසායන භාවිතය අවම කිරීම, උපරිම අස්වැන්නක් ලබාගැනීම, උපරිම පෝෂණයක් ලබාදීම, හානිය අවමකිරීම වැනි කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවය ඉහළ නැංවීමයි. මේ නිසා අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි අස්වනු ප්‍රමාණයක් සකසාගත හැකිය. මෙයට සමගාමීව පෙර කාලයේ සිදු කළ දෙමුහුම් කිරීම් මගින් හොඳ අස්වනු ලබාදෙන භෝග ප්‍රභේද තැනීමත් ජාන තාක්ෂණයේ මූලික අවධිය බව බොහෝ දෙනාට අවබෝධ නොවන කරුණකි.
ලෝකය සමග අප ඉදිරියට යා යුතුමය. එහිදී වැඩි වැඩියෙන් තාක්ෂණය භාවිත විය යුතුය. නිසි නියාමනයකින් යුතුව කෙරේ නම්, ඕනෑම භයානක දෙයක් හරිහැටි පාවිච්චියට ගතහැකිවාක් මෙන්ම එය වැරදුන හොත් සිදුවන ප්‍රතිඵල ද නොගිනිය හැකි තරම් භයංකාරය. තවමත් ජාන වෙනස් කළ ආහාරවලින් සිදුවන හිතකර හෝ අහිතකර ආචරණයන් පිළිබඳ ඉහළ පෙළ වාර්තා නොමැත්තේ වුවත්, අප කිසිවෙක් අපේ ආහාර වේලේ ඇති එළවළු මස් මාළු කෙසේ කොහෙන් සැකසුණා ද කියා හරිහැටි නොදන්නා බව නම් සත්‍යයකි.
කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න