ජාවාරම

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    A-cyclist-rides-across-Sa-001.jpg



    ඇමරිකන්-මෙක්සිකෝ දේශසීමාව හරහා එක්තරා පුද්ගලයෙක් තම පාපදියෙන් යන අතර තුර එහි මුර භටයෙක් ඔහු නතර කලේ ය. සයිකල් කරුවා ගේ පිටෙහි වූ බෑගය දෙස බලමින් මුරභටයා ඔහුගෙන් ප්‍රශ්ණ කරන්න ට විය.
    " මොනවද බෑග් එකේ..? "
    " වැලි. "
    " වැලි..! එහෙම කියලා බෑ.., පරීක්ෂා කරන්න ඕනෑ.."
    බයිසිකල් කරු මුරභටයා ට වැලි බෑගය දුන්නේය. කිසිත් නොවීය. වැලි බෑගයා හා යෑමට අවසර ලැබිණි.. සති 2 කට පසුවත් මෙලෙසම බයිසිකල් කරුවා ව සෝදිසිය ට ලක්විය.සැක කරයුතු යමක් නොවූ යෙන් නිදසේ යාමට ලැඉණි. මෙය මාස 6ක ම සෑම සතියක ම වන සිදුවීමක් බවට පත් විය.. දින කිහිපය කට පසුව නගරයේ දී මුරභටයා ට සයිකල් කරු නගරයේ දී හමුවිය...
    " ආ.. තමුසෙට පිස්සු කියලා මම හිතන්නෙ නැහැ. අපි දන්නවා තමුසේ මොනවාහරි දේශසීමාව හරහා ජාවාරම් කලා කියලා. ඇත්තට ම තමුසෙ මොනවද ජාවාරම් කලේ..? "
    " බයිසිකල් "
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ඕකේ ඔරිජිනල් එක ඕකට වඩා පට්ට...
    ඕක නස්.රුදීන් ගේ කතාවක්ක්
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,942
    4,528
    113
    කාඩ රජා;8361515 said:
    ඕකේ ඔරිජිනල් එක ඕකට වඩා පට්ට...
    ඕක නස්.රුදීන් ගේ කතාවක්ක්

    ade dapanko:yes::yes:
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ade dapanko:yes::yes:

    නස්.රුදීන් ඉස්සර පර්සියාවයි තව මොකක්ද මන්දා රටකයි (මතක නෑ බන් පොඩි කාලේ කියෙව්වේ)
    තියෙන දේශසීමාවෙන් බූරුවෙක් පිටේ නැගලා යන්න ගියාලු...
    එතකොට එතන හිටපු මුරකාරයෙක් ඇහුවලු මොනාද ගෙනියන්නේ කියලා...
    නස්.රුදීන් එකපාරට කිව්වලු හොරබඩු කියලා....
    දැන් සික්කොන්ට හෙන අප්සෙට් එක....
    මුන් පන දාගෙන හොයනවලු මොනාද මේ හොර බඩු කියලා...
    ඒ උනාට හොයා ගන්න බැරි උනාලු.
    නස්.රුදීන් හවස පයින් ආපහු ආවලු....
    ඊට පහුවෙනිදත් ආපහු අර විදිහටම ගියාලු...
    ඇහුවම කියනව හොර බඩු කියලා....
    එත් මුකුත් හොයන්න නෑ..
    එනකොට එන්නේ පයින්.
    ඔහොම ටික කාලයක් ගියාට පස්සෙ නස්.රුදීන් ඔතනින් යන එක නැවතුනා....
    පස්සේ දවසක වෙන රටකදි නස්.රුදීන්ට සෙට් වෙනවා අතන හිටපු සික්කෙක්...
    සික්කා කියනවා.. නස්.රුදීන්. දැන්වත් කියනවකො තමුසේ ගෙනියපු හොර බඩු මොනාද කියලා...
    ඒ රටේ නීති මෙහේට බලපාන්නේ නැති නිසා තමුසෙට අව්ලක් නෑනේ කියල...
    එතකොට නස්.රුදීන් හිනා වෙල කිව්වලු මම හොරජාවාරම් විදිහට කලේ බූරුවො කියලා...
    (එපා උනා ඔයි මේක ටයිප් කරන්න ගිහින්..)

    :dull::dull::dull::dull: