පුංචි කාලේ රස කථා...

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පුංචි කාලේ රස කථා...

    පුංචි කාලේ රස කථා...​
    .

    nn2eCE5.jpg

    මගේ කුඩා අවධිය ගෙවී ගියේ කරපු තරමක් කරපු නොහොබිනා ක්‍රියා වලින් ය . එකල දෙමාපියන් රැකියාවට ගිය බැවින්ද පාසැල නිම වී නැවතුනේ අපේ නිවසට අල්ලපු නිවාස වන මගේ පියාගේ මහගෙදර ය . එහි වුයේ අච්චි අම්මා , චුටි බාප්පා සහ වැඩට සිටියා වූ සෝමා සහ මට වඩා අවුරුදු කිහිපයක් වැඩිමල් වූ ඇගේ එකම පුතු වූ අසංක ත් ය .

    මොන්ටිසොරි (අංක 01) කියා මා දැමු තැන නිවසේ හවස daycare එකේ සිටි මම හවස් වී ගෙදර ආවේ වැඩ ඇරී එන අම්ම හෝ තාත්තා සමගය . මේ කාලයේ දිනක් මම පිළියන්දල නගරයේ තිබෙන මොන්ටිසොරියෙන් පැන ගෙදර එන තෙක් ම දිනපතා නොකඩවා ගියේ මෙතැනට ය . එකල daycare එකේ සිටියේ මමත් තව එක ගැහැණු ළමයෙකුත් පමණි . මට අද පවා මතක ඇගේ නම පූර්ණී ය . මම කිව්වේ පූණී කියාය . එකල මට සිටි එකම යහළුවා ඇය වූ අතර හවස් වනතුරු කාලය ගතකලේ ඇය සමගය . නිවසේ හවස daycare එක මතක් වන විට අද පවා මොකක්දෝ අමුතු බියක් වෙන්නේ එහි වූ අම්මා සහ දරුවන්ගේ නිමක් නැති වළි නිසා ය . ඇතැම් දින වල වළි උපරිමයට යද්දී අපි දෙදෙනා තදින් කන් වසා ඇස් පියසිටි අතර තවත් දිනවල නිදාගෙන සිටින අතර අම්මා සහ දූ වරුන්ගේ වලි ආරම්හ වූ හොත් අපි බියෙන් එකිනෙකා බදා ගෙන සිටියෙමු . හවස් වරුවේ මම සහ පූණී ඔන්චිලි පැදීම කරන අතර සවස උදාවීම යනු හිතට මහත් නිදහස ගෙනදෙන්නක් විය . උදේ , දවල් වරුවලට බිය වූ අප සවසට ආදරය කරෙ මේ සිරමැදුරෙන් අප ගෙනයන්නට මා පියන් පැමිනෙන බැවිනි . මම එකල සිට කොච්චි පිස්සෙක් වූ අතර දිනක් පූණී ගේ මව කෝච්චියක් යන පින්තුරයක් සහිත පොස්ට් කාඩ් එකක් ගෙනත් දුන්නා අද වගේ මතකය . පූණීගේ මව සහ මගේ මව ආයතනවල එකට වැඩ කර මිතුරියන් වූ අතර අපේ මිතුදමත් එදා මම මොන්ටිසොරියෙන් පැන ගෙදර එන තෙක් උපරිමව තිබුණි .
    8rJPVw2.jpg
    elakiri වාසී ඔබ සැම මොන්ටිසෝරි පළමු වසරේ ළමයෙක් මොන්ටිසොරියෙන් පැන ගෙදර ආ මේ කථාව පිලි නොගන්නා බව මට ශුවර් ය ; . එහෙත් මේ පළමු වික්‍රමය කියවූ පසු ඔබට මම කියන්නේ පට්ටපල් කේප්පයක් නම් නොවන බව විශ්වාසය . කතාව මෙසේ ය . එකල මගේ පියාගේ ලොකු අය්ය එනම් මගේ ලොකු මහප්පා ගේ පුතා වන සදරාජිත අය්ය ඇතුලත් කර තිබිනේ පිළියන්දල අංක 01 කනිෂ්ට විද්‍යාලයටය . සැම දිනකම මගේ මොන්ටිසොරියේ දිවා විවේකය වන වෙලාවට මහප්පා ඒ අසලින් යනේ මහප්පා ගේ පුතා වන සදරාජිත අය්ය පාසලෙන් රැගෙන ඒ මට ය . බොහෝ දිනවලදී මම මහප්පා ට "මහප්පේ " කියා කෑ ගසන අතර මහප්පා ද තාප්පයක් නොගැසූ කම්බි වටෙන් "පුතේ" කියා අමතා පිටව යයි . සිරමැදුරෙ කොටු වී සිටි මට දන්නා හදුනන අයෙක් හෝ නෑයෙක් දැකීම යනු කාන්තාරයට වැස්ස වැනිය . බොහෝ කාලයක් මේ සිරමැදුරෙන් පැන යන්නේ කොහොමද කල්පනා කරත් අදහසක් නම් අවේ නැතිය . එහෙත් දිනක් සුපුරුදු පරිදි මහප්පා දකින මට ගණ දෙවි නුවණ පහල වූවේ ය .සුපුරුදු පරිදි "මහප්පේ " කියා මා කෑ ගසන අතර මහප්පා ද තාප්පයක් නොගැසූ කම්බිවට ලගට පැමිණෙත් ම මම කියන්නේ "මහප්පේ තාත්තා කිව්වා මහප්පට මා ව අරගෙන මහප්පලගේ ගෙදර යන්න කියල "
    මහප්පා කියන්නේ " ආ පුතේ එහෙනම් යමු කියා ය" පොත් බැගය සහ වතුර බෝතලය සමගින් පෙර පාසැලෙන් පිටව යන්නේ මගේ එකම මිතුරා වන පූණී ට පවා නොකියා ය . එසේ හොරෙන් පැමිණි මා දවල් කාලයේ මගේ ලොකු මහප්පා ගේ නිවසේ ගත කර පසුව මගේ පියාගේ මහගෙදර ට පැමිණෙන්නේ මහප්පා සමගය . ඊට ටික වෙලාවකට පසු අම්ම පැමිණෙන්නේ විලාප තියාගෙන වන අතර මම දුටු විට විලාපය නතර වුවේ මට විලාප තියා හඩන්නට තරම් ප්‍රමාණයේ පහරක් අම්මගේන් කෑ පසුවය .
    iF15SEj.jpg
    ඉන් පසු කිසිදිනෙක ඒ පිස්සු මොන්ටිසොරිය ට නොගිය අතර පසුව ජයග්‍රාහී මොන්ටිසොරි (අංක 02) ලෙස ගමන අරබන්නේ පිළියන්දල පන්සලේ තිබුන රාහුල මොන්ටිසොරිය ය . එහි daycare එකක් නොතිබුණ අතර අද කලයේ මෙන් school service van තිබුනේ ද නැත . දෙමාපියන් වැඩට ගිය බැවින් මා ගෙනයන රාජකාරිය භාරදුන්නේ "නන්දා" නම් වූ එදා වේල සරිකරගන්නට උත්සහ කර කන් ඇසීම දුර්වල වූ ශ්‍රවන ආධාර පැළද සිටි මැදි වියේ කරුණාවන්ත කාන්තාවකට ය . කිසිත් අවුලක් නොකර ඉතා සතුටින් මොන්ටිසෝරි ගමන පටන් ගත් මට අදටත් මගේ යහළුවෙක් වන සචියා නොහොත් සචිත් හමුවීමද විශේෂත්වයකි . පූණී හා සම්භන්දය එදා අවසන් වූ නිසා දෙවෙනි යහළුවා වශයෙන් මට හමුවූ සචියා අදටත් මගේ අතිජාත මිතුරෙකි .

    ඔය අයුරින් කාලය ගත කරන මට හවස් වරුවේ සිටින්නට වූ යේ මගේ පියාගේ මහගෙදර ය අච්චි අම්ම සමගය . සවස නිදා ගැනීම අනිවාර්යය කාරණාවක් වූ අතර හවස අවදි වී අසංක සමගින් සෙල්ලමට බොහෝ විට මගේ පියාගේ සහෝදරවරුන්ගේ දරුවන්ගේ පැමිණීමත් සිදු වේ . ලක්ෂිත අය්යා , පොඩි අය්යා , සදරාජිත අය්ය සමග මම සහ අසංක එකතු වී කුමන හෝ ක්‍රීඩාවක කරයි . පාසැල් යාම ආරම්හ කර මට 1 වසරේ සිට 4 වසර දක්වා යන්නට සිදු වුයේ පිළියන්දල අංක 01 කනිෂ්ට විද්‍යාලයටය . ඉන්පසු උසස් පෙළ දක්වා මොරටුව වේල්ස් කුමාර විදුහලට යාමට මට සිදු විය . මොන්ටිසොරි (අංක 02) සිට 4 වසර දක්වා මා ස්වකීය දරුවෙකු සේ බලාගත් නන්දා ට සමුදීමට වුයේ මොරටුව වේල්ස් කුමාර විදුහලට යාමට school service van රථයක පිහිට පැතීමට දෙමාපියන් පෙලබුණු නිසා ය .

    එකල ක්‍රිකට් ක්‍රීඩාවේඋපරිමයට පත්ව සිටි අපට ගමේ ඉතිරි කොල්ලන්ට අභියෝග කිරීම කජු කනවා වැන්නක් විය . බොහෝ විට සවස ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනු අප සමහර දිනවල රොබින් හුඩ් ,ටාසන් වැනි කිලිපොලා යන ක්‍රීඩාවලද නිරත වූයෙමු . වත්ත පහලින් ගලා ගිය කුඩා ඇල මැදින් කොටයක් දැමු අප ලීයකින් කඩු සටන්කරගත් අතර පැරදුනු එක ඇලට වැටී මඩ නා ගෙන එන්නේ අනිත් උන්ගේ සමච්චල් සිනා මදය . තවත් දිනවල ආච්චි අම්මා සහ වැඩට සිටියා වූ සෝමා ට හොරෙන් අප යන්නේ පහල අතහැර දාපු කුබුරේ වෙල් මාලු ඇල්ලීමට ය . පපුව වනතෙක් මඩට බැස වෙල් මාලු ඇල්ලීම කරන අප දිනක් විෂ සහිත හුන්ගේක් පවා ඇල්ලුවා මතකය . අල්ලන මාලු පරිස්සමෙන් ජෑම් බෝතල් වල අසුරන අප නිවසට ගෙනයන්නේ පරිස්සමෙනි . බත් ඇට වලින් පාන් කැබලි වලින් සංග්‍රහ කරන අප උදේ බලද්දී ගොඩක් මලු බෝතල් වලින් බිමට පැන වතුර නැතුව මැරිලා ය . ඔය අයුරින් ආරම්භ වන සුරතල් මසුන් ඇතිකිරීම කෙලවර වන්නේ පියාගේ පොකට්ටුවෙන් සල්ලි හොරකම් කර මලු මිලට ගැනීම වැනිපහත් වැඩ වලිනි . තවත් දින වල අසල පිහිටි කැලයට පනින අප බට කපා කටු කොටු සොයා බට තුවක්කු සාදන්නේ තවෙකුට හමේ පලු එන ගානට බට තුවක්කුවෙන් වෙඩි තියා ගැනීමේ අරමුනින් ය .
    KgfNBJ5.jpg
    ලක්ෂිත අය්යා අපේ වනචාරී කොලු රැලේ නායකයා වූ අතර බොහෝ අපරාධ සංවිධානය කරේ මා විසින් වීම හේතුකොටගෙන එකල මට "පොට්ටුඅම්ම" යන කොටි නායකයාගේ නම පට බැද තිබුණි . මේ නම පට බැද තබන්නට ආසන්නතම හේතුව වුයේ පහවසරේ දී මම සත්‍ය මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ලවා විනාසයක් කරන්නට වූ යෙන් ය . මේ මරාගෙන මැරෙන බෝම්බ කරු මිනිසෙකු නොව මහගෙදර සිටි සුරතල් බළල් තඩියා ය.මේ සිදු කර අපරාධය මතක් වෙද්දී අදටද දුකය . ඒ දිනය හරියටම සිංහල අවුරුද දා ය . සිංහල අවුරුද්ද යනු කොලු රැල ට ඉතා කාර්ය බහුල සමයකි . ඒ හැමෝටම දෙමාපියන්ගෙන් ලැබෙන අසීමිත් නිදහස සහ අපේ අනෙකුත් නැන්දලගේ සහ මහප්පලගේ ළමයි පවා පැමිණෙන නිසා ය . අවුරුද්ද දවස සහ වාරිශිකව මහගෙදර පවත්වන දානය ටද පවුලේ හැමෝම වගේ එකතු වන දින දෙක ය . අවුරුද්ද දවසේ හැමෝම පළමුව කරන්නේ මහගෙදර පැමිණීම ය . අවුරුදු දා බත සකසන්නට පිරිමි මෙන්ම ගැහැණු උදවිය ද එකාවනුව සම්බහන්ධ වීම සම්ප්‍රදායිකව අපේ පවුල් වල පවත එන්නක් ය . එදා කට්ටියම කුස්සියේ ගජ රාමෙට වැඩ කරන අතර මම අපේ වනචාරී කොලු රැලේන් අතුරුදහන් වුයේ අරකියු මරාගෙන මැරෙන බෝම්බය ඇටවීමට ය . කාමරයේ ඇද යට මගේ රතිඤ්ඤා ගබඩාවට පිවිසුන මා රතිඤ්ඤා වල නුලේ වූ වෙඩි බෙහෙත් ඉවත් කර තැබුවේ රතිඤ්ඤා වල දැල්වීමේ වේගය බාල කරන්නට ය .ඒ අයුරින් රතිඤ්ඤා වලිනි වළල්ලක් සැකසු මා එය වෙඩි බෙහෙත් ගැලවූ ඉතා සුළුවෙන් ගැලවූ ප්‍රධාන නුලකට සවි කලේ එක ගිනිකුරෙන් වලල්ලම පිපිරී යන ආකාරයට ය . ඊට දින දෙකකට පමණ පෙර වූ පුහුණුවේන් අනතුරුව සුළු වැරද්දක හෝ නොකර රතිඤ්ඤා වලිනි වළල්ල සකසන්නට මට විනාඩි 10 පමණ යන්නට ඇත . ඔය අතර අපේ නිවසේ ටැප් වෙන්න නිදා ගෙන මහගෙදර සුරතල් බළල් තඩියා ගේ බඩ වටා මගේ රතිඤ්ඤා වළල්ල බැන්දේ පගාව වශයෙන් කිරි පොඩ්ඩක් දීමෙන් අනතුරු වය . පසුව කටත් නොපෙනෙන්න මහගෙදර වත්තේ ඇතට ගෙනත් අතහැර සුරතල් බළල් තඩියා ගේ ඇගේ වූ රතිඤ්ඤා ටයිම් බෝම්බය ගිනිකුරක් ආධාරයේන් සුසර කොට පවනට බදු වේගයෙන් අපේ ගෙදර වහලට නැග්ගේ සජීවී දර්ශනය දැකබලා ගැනීමට ය . ඔය අතර අපේ වනචාරී කොලු රැල මා සොයන අතර අම්මලා තාත්තලා එක්ව අච්චි අම්මා ගේ ප්‍රධානත්වයෙන් අවුරුදු දා බත සකසයි . මේ අතර සිදුවන්නට යන්නේ හිනේකෙන් වත් නොවූ දෙයකි . එනම් මගේ මරාගෙන මැරෙන බෝම්බකරු දැල්වෙන නුලද සමගින් මහගෙදර කුස්සියට රිංගන්නේ එහි වූ මස් මාළු සුවදට ය. මට දෙලොව අමතක විය . ඉහින් කනින් දා දිය පිරි අලුත් ඇදුම් තෙත් වන්නට ද විය .

    දඩෝම් , ඩෝම් &%^$%@#@%!@%!@%****** @$#%$^$%& ඒ හඩ රතිඤ්ඤා 20 එකට පිපිරෙන හඩ ය .

    බුදු අමෝ! අය්යෝ ! අම්මෝ ! අය්යෝ ! අය්යෝ ! අය්යෝ ! යන වදන් වලින් මුව පුරවා ගෙන රෙදි උස්සගෙන අවුරුදු දා බත සකසන කණ්ඩායම එලියට පැනල ය . කුස්සියේ තවමත් දුම් ය . අපේ වනචාරී කොලුරැල තක්බීර් වෙලා ය . හැමෝම මහගෙදර කුස්සියේ එළියේ සිට මරාගෙන මැරෙන බෝම්බයෙන් ගැලවූනු අයුරු සිහිකරමින් බලාගෙන සිටි . හම රහිතව මහගෙදර සුරතල් බළල් තඩියා අපහසුවෙන් වගේ ලේ පෙරා ගෙන එලියට ඇවිද පැමිණෙයි .


    ඔය අතර අච්චි අම්මා කෑගසමින් අසන්නේ "කෝ පොඩි එකා" "කෝ පොඩි එකා" කියා ය . හැමෝම වගේ මම විසින් මේ අපරාධය කරන්නට ඇතැයි පූර්ව නිගමනයකට පැමිණිලා ය . මගේ තාත්තා මා සොයාගෙන එන්නේ උපක්‍රමිකව මා අලවා ගන්නට කියා මගේ ගුණ වයමිනි . ඔහු කියන්නේ "මොනා උනත් නියම වැඩේ " කියාය . එලක මම හිතුවේ මගේ ගුණ වයනවා කියා ය . මම වීරයෙක් මෙන් නිවසේ වහලෙන් බැස ගත් අතර හැමෝම ඉදිරියේ තාත්තා මා පිළිගත්තේ වරෙන් පහරක් ගසා ය . "උබට මම අද............... " කියා ඊලග පහර ගසන්නට හදනවා සමගම මම නැවත වේගෙන් දිව්වේ හැංගෙන්න කියා තැනක් හොයා ගන්නට ය .
    A3I7iZx.jpg
    ඔය සිදුවීමෙන් සිදු වීමෙන් පසු මම අපේ වනචාරී කොලු රැලේ ඉහල තැනකට පත් වෙනවා ය . සියලු අපරාධ සංවිධානය කරමින් වැජබෙන මම
    " පන්සලේ මහා ගල් වලට බැසීම " , "පෝය දවසේ සිල් අරගෙන පන්සල් වත්ත තුල කොලු නඩය සමග රස්තියාදුවේ යාම" , "වත්ත පහල ළිදක් කැපීම" , " හොරෙන් ලෙමන් කැඩීම " , "පත්තර කාරයගේ පුෂ් සයිකලේ ටයර් බැදීම" , "එහා වත්ත කරන්නා ගේ කඩුව සොරා ගැනීම" , "මහගෙදර වත්තේ ගම්බිරිස් කොල්ලන් ලවා අච්චි අම්මා කඩවන විට මගේ කොටහ යටට වැලි දමා උඩින් ගම්බිරිස් පොඩ්ඩක් කඩා මාරු වීම , " බාප්පාගේ කඩේන් පරණ කාසි හොරකමේ යාම " , "චුටි බාප්පාගේ විවාහය දවසේ මුළු මගුල් ගෙදරම බැලුම් බෝල එකම මොහොතක පිපිරවීම සහ ලස්සනට තිබුණු පළතුරැ අතුරු දන් කරවීම " ඇතුළු තවත් නොකී අපරාධ රැසක මහා මොලකරු උනෙමි .

    ඔය විස්තරද පසුවට ඉඩ ලැබෙන පරිදි බ්ලොග් වාසී ඔබ සැම හමුවේ ගෙන හැර දැක්වීමට කල්පනා කරමි . මෙව්වා කියන්නේ කියන්නට තරම් සුන්දර ළමා කාලයක් අපට තිබු නිසා ය . අද කොම්පුටර් බබා ලට නම් මේ වා හිතන්නටවත් බැරි කතා ය . ඔවුනට අනුව මෙව්වා ප්‍රභන්ද වන අතර 70, 80 කාලයේ හෝ ඊට පෙර ඉපදුන අයට නම් ඇත්ත කතා ය .


    http://magelokaya01.blogspot.com/2017/10/blog-post_26.html
     
    Last edited:
    • Like
    Reactions: somalal

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ අම්මෝ යකෝ..:angry:
    අර පූසට මොකද උනේ.. උඹට වෙච්ච දේ ගැනනම් අහළ වැඩක් නෑ කියලා හිතුනා...​
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අනේ අම්මෝ යකෝ..:angry:
    අර පූසට මොකද උනේ.. උඹට වෙච්ච දේ ගැනනම් අහළ වැඩක් නෑ කියලා හිතුනා...​


    පූසා ටිකදවසකින් මැරුණා මචං ! :(:(:(:(:(