ජැක්ලීන්ගේ බහරේන් සිහිනය බිඳවැටෙයි
"මිස් ශ්‍රී ලංකා" කිරුළ හිමිකරගැනීමෙන් පසුව බොලිවුඩ් රංගනයට පිවිසි සුරූපී ශ්‍රී ලාංකේය රංගන ශිල්පිණී ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් මේ වනවිට ලොව පුරා බොලිවුඩ් රසික රසිකාවියන්ගේ වැඩි අවධානයක් දිනාගත් රංගන ශිල්පිණියක බවට පත්ව සිටියි. 2006 වසරේදී "මිස් ශ්‍රී ලංකා" කිරුළ හිමිකරගත් ජැක්ලීන් එම වසරේ මිස් යුනිවර්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් විය. ඉන් අනතුරුව ඇය මෝස්තර නිරූපණ ශිල්පිණියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. පසුව 2009 වසරේදී ෂුජෝයි ගෝෂ්ගේ "ඇලදින්" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකවීමට ජැක්ලීන්ට අවස්ථාව ලැබුණු අතර එතැන් සිට ඇය බොලිවුඩ් රංගන ශිල්පිණියක සිය වෘත්තීය ජීවිතය ඇරඹියාය.
"ඇලදින්" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජැක්ලීන් හොඳම නවක රංගන ශිල්පිණිය ලෙස 2010 වසරේ අයිෆා සහ ස්ටාර් ඩස්ට් සම්මාන උළෙලවලදී සම්මාන හිමිකරගත්තාය.ජූලි මස 08 වන දින තිරගතවීමට නියමිත මෝහිත් සූරිගේ "මර්ඩර් 2" චිත්‍රපටය ජැක්ලීන් රංගන දායකත්වය ලබාදුන් නවතම සිනමා නිර්මාණය වේ. එම චිත්‍රපටයේ ජැක්ලීන්ගේ ආන්දෝලනාත්මක රංගනය මේ දිනවල බොලිවුඩයේ වඩාත් කතාබහට ලක්ව ඇත. ඒ අතරම තවමත් 26 හැවිරිදි වියෙහි පසුවන මෙම සුරූපිණිය මැදපෙරදිග රාජකීය පවුලක සාමාජිකයකු ශෙයික් හසන් බින් රෂිඩ් අල් ඛලිෆා සමග ඇය විවාහවීමට තීරණය කර ඇති බව පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
මීට වසර කිහිපයකට පෙර ජැක්ලීන් හා ශේක් ඔවුන් දෙදෙනාගේම මිතුරෙකුගේ නිවසේ පැවති සාදයකදී හමුවී ඇති අතර ඔවුන් අතර ඉතා කෙටි කාලයක් තුළ සමීප සබඳතාවයක් ගොඩනැගී ඇති බව ද වාර්තා විය. ඒ වනවිට දෙදෙනා අතර පවතින සබඳතාවය වඩාත් ස්ථිර කරගැනීමට ජැක්ලීන් සහ ෂේක් තීරණය කර ඇති බවත්, ඔවුන් සිය විවාහ ගිවිසගැනීම සැලසුම් කරමින් සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබිණි.නමුත් ජැක්ලීන් හා මෙම බහරේන් කුමරු අතර පැවති වසර 02 ක් පැරණි පෙම් සබඳතාවය හදිසියේම බිඳවැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. විවාහය පිළිබඳව එකඟතාවයකට පැමිණීමට අපහසුවීම දෙදෙනාගේ මෙම වෙන්වීමට හේතු වී ඇති බව වාර්තා වේ.
නවක රංගන ශිල්පිණියක වන ජැක්ලීන්ට ක්ෂේත්රය තුළ වඩාත් ස්ථාවර මට්ටමක් ගොඩනඟා ගැනීමට අවශ්‍යව ඇති නමුත් ඇයගේ පෙම්වතා වූ අල් ඛලිෆාට ඉක්මනින් විවාහ දිවියට ඇතුළුවීමට අවශ්‍යව තිබීම මෙම වෙන්වීමට ආසන්නතම හේතුව වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. විශේෂයෙන් සිය රංගන වෘත්තීය කෙරෙහි ජැක්ලීන් ඇයගේ පූර්ණ අවධානය යොදවා තිබීම ඇය හා ඇයගේ පෙම්වතා අතර දුරස්ථබව තවදුරටත් වර්ධනය කර ඇති බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
රංගනය කෙරෙහි ජැක්ලීන් මහත් ඇල්මක් දක්වන බව මෙන්ම චිත්‍රපට සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඇය විසින් කිසිදු අවස්ථාවක අත්නොහරින බව ඛලීෆා දැනුවත් ඇති අතර ඔහු සිය සහයෝගය සෑම අවස්ථාවකදීම ජැක්ලීන් වෙත ලබා දී ඇති බව ද සඳහන්ය. නමුත් වෘත්තිය කෙරෙහි පවතින ඇල්ම පෙම්වතා කෙරෙහි ඇයගේ අවධානය ඈත්කරවීමට සමත්ව තිබෙන බව මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. ඔහු කෙරෙහි වන ජැක්ලීන්ගේ ප්‍රේමය ක්‍රමයෙන් අඩුවී යාමට පටන්ගෙන ඇති බව ද සඳහන්ය. ඒ තුළින් ජැක්ලීන් හා බහරේන් කුමරු අතර වන ප්‍රේමය ඒකපාර්ශවික ප්‍රේමයක් බවට පත්ව ඇති අතර එමනිසාම සිය සබඳතාවයට අවසන් තිත තැබීමට මෙම යුවල තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.