ජැක්‌ ද රිපර්


'චිත්ත බලය' හැම අතකම නැත. සමහරු එය උපතින් ලබයි. තව සමහරු එය අභ්‍යාසයක්‌ වශයෙන් ප්‍රගුණ කර අත්පත් කර ගනිති. වික්‌ටෝරියා යුගයේදී එනම් එක්‌දහස්‌ අටසිය ගණන්වල එංගලන්තයේ විසූ රොබට්‌ ඡේම්ස්‌ ලී උපතින් ම චිත්ත බලය ගෙනා කෙනෙකි. එහෙත් අභ්‍යාසයෙහි නොයෙදවුවහොත් එම බලය තමා වෙතින් ඉවත්ව යනු ඇතැයි ඔහු කල්පනා කළේය. ඒ අනුව විවිධ අපරාධකරුවන් ඇල්ලීමට ඔහු රජයේ ආයතනවලට උදව් කළේය. ඔහුගේ පරීක්‍ෂණ පිළිබඳ ලේඛන සමූහය බ්‍රිතාන්‍ය ලේඛනාගාරයේ අදටත් තැන්පත් කර තිබේ.

රොබට්‌ ඡේම්ස්‌ ලී තම චිත්ත බලයේ හාස්‌කම් එංගලන්තයේ වික්‌ටෝරියා රැජන ඉදිරිපිට ප්‍රදර්ශනය කළ අවස්‌ථා ගණනාවක්‌ විය. එවිට ඔහු 19 හැවිරිදි තරුණයෙකි. මෙසේ රැජන හමු වූ අවස්‌ථාවකදී ඇය ඔහුට විශේෂ පැවරුමක්‌ කළාය. එනම්, එකල ජීවත් වූ භයානක මිනීමරුවකු ඇල්ලීමය.

ජැක්‌ ද රිපර් යන සංඛේත නාමයෙන් හඳුන්වන ලද මේ මිනීමරුවා මනුෂ්‍ය ඝාතන සිදු කළේ වික්‌ටෝරියානු යුගයේ රජ පවුලේ සිටි පවුල් ඇතුළු වංශාධිපති පවුල්වල සියුමැලි තරුණියන් භීතියෙන් ත්‍රස්‌ත කරවන ආකාරයටය. ඔහු ගණිකාවන් රවටාගෙන ගොස්‌ ඔවුන් කැබලි වලට කපා ඝාතනය කළේය. 1888 වන විට ඔහු විසින් මරණ ලද ගණිකාවන් ගණන 5 කි. මිනී මරුවා මානසික රෝගියකු විය හැකි බව ඔහු මිනී මැරූ ආකාරයෙන් පෙනී ගියේය. පොලිසියට කර කියා ගත හැකි දෙයක්‌ හෝ නිසි ඔත්තුවක්‌ නොලබා අසරණව සිටියදී සිය නිවසේ ලියන මේසය ඉදිරිපිට හිඳගත් තරුණ රොබට්‌ ඡේම්ස්‌ ලී දැස්‌ වසාගෙන මනෝ ලෝකය තුළ සැරිසරන්නට විය. ඒ අවස්‌ථාවේදී ඔහු ඉදිරිපිට සිටි ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසියේ ටී. වුඩ්සල් මෙසේ කියා තිබිණි. ඇස්‌ වසාගෙන සිටින තමාගේ මනස තුළ කලිසම් තබා ඇඳි වැදගත් පෙනුමක්‌ ඇති මහතෙක්‌ සහ කාන්තාවක්‌ සැරිසරණ බව ඔහු කීය. කාන්තාව ගණිකාවක වූ අතර මත්පැන් පානය කර සිටියාය. ඔහු පිරිමියාගේ සිරුරට හේත්තු වෙමින් පැද්දෙමින් ගමන් කළාය. එය අලුයම 12.30 බව ඔරලෝසුවක සටහන් විය. කලිසම් තබා හැඳි පුද්ගලයා මත්පැන් පානය නොකර ඉතා හොඳ සිහියෙන් පසු විය. අංගන සහ පදික වේදිකා දිගේ ගමන් කළ ඔවුහු ලන්ඩනයේ ජෝර්ඡ් සාඩ් බිල්ඩිං ගොඩනැඟිලි සමූහය තුළට ගිය බව රොබට්‌ ඡේම්ස්‌ ලී දුටුවේය. වඩාත් අඳුරු තැනකදී ගණිකාවගේ කට අතින් තදකර වසාගත් කලිසම් කබා කාරයා පිහියක්‌ ඇද ඇගේ ගෙල කැපුවේය. ගැහැනිය ඇද වැටුණු අතර ඇගේ ලෙයින් පිරිමියාගේ කබාය පෙඟින. පසුව ඇගේ සිරුරේ හිඳගත් පිරිමියා දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයකු සැත්කමක්‌ කරන ආකාරයෙන් ඇගේ සිරුර කැබලිවලට කපන්නට විය. ඉන් පසු ඔහු අන්ධකාරයේ ගිලී අතුරුදන් විය.

කලිසම් කබා හැඳ සිටි මේ වැදගත් පිරිමියා කවරෙක්‌ද? රොබට්‌ ඡේම්ස්‌ ලී ඔහු කවුදැයි දැන ගත්තේය. එහෙත් ඔහු මිනීමරුවාගේ නම හෙළි කරන ලද්දේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගෙන් දිවුරුමක්‌ ලබා ගනිමිනි. ඒ අනුව ජැක්‌ ද රිපර් නමැති සංකේත නමින් හැඳින් වූ මිනී මරුවා නැඟෙනහිර ලන්ඩනයේ ජීවත් වූ ඉහළ පෙළේ වංශවත් ශල්‍ය වෛද්‍යවරයෙකි. වැඩි දෙනා ඔහු දැන සිටියේ කරුණාවන්ත ත්‍යාගශීලී කෙනෙකු ලෙස ය. රොබට්‌ ඡේම්ස්‌ ලී වෛද්‍යවරයා ගැන හෙළිකරන විට ඔහු ගණිකාවන් පස්‌දෙනෙකු ඝාතනය කර තිබිණ. එහෙත් රොබට්‌ ෙ-ම්ස්‌ ලී මනසින් දුටුවේ වෛද්‍යවරයා පළමුවරට සිදු කළ මිනී මැරුමය. ඒ මිනී මැරුම සිදු වී තිබුණේ 1888 අගෝස්‌තු මාසයේ දිනකය. මෙහිදී රොබට්‌ ෙ-ම්ස්‌ ලී විසින් පොලිසියට තවත් වැදගත් කාරණයක්‌ කීවේය. එනම් වෛද්‍යවරයා මේ ඝාතනය ගැන කිසිදු සාක්‍ෂියක්‌ ඉතිරි කර නැති නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට යැම පවා පොලිසියට විරුද්ධව අපහාසයට නඩු වැටීමට හේතු විය හැකි බවය. මෙයට වසර 125 කට පෙර පැවැති වික්‌ටෝරියානු යුගයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉතා දුර්වල එකකි. අපරාධකරුවන් හඳුනා ගැනීමේ ඇඟිලි සලකුණු ක්‍රමවේදය පවා පැවතියේ ඉතා ප්‍රාථමික තත්ත්වයකය. මේ නිසා දොස්‌තර ජැක්‌ ද රිපර් කවදාවත් නීතිය ඉදිරියට ගෙන ඒමට බැරි වේ යෑයි පොලිසිය මහත් අපහසුතාවකට පත් විය.

මිනී මැරුම සම්බන්ධයෙන් දුටු මනෝමය දර්ශන සමූහයෙන් පසු රොබට්‌ ඡේම්ස්‌ ලී ට රාත්‍රියේදී නින්ද ගියේ නැත. ශල්‍ය වෛද්‍යවරයා ගණිකාව මරණ හැටි විටින් විට ඔහුට මැවී පෙනුනේය. ඔහුගේ ස්‌නායු බිඳවැටී ඇතැයි තීන්දු කළ පවුලේ වෛද්‍යවරයා ඔහුට විදේශගත වී විවේක ගන්නා ලෙස නියම කළේය. ඒ අනුව ඔහු සිය පවුලේ අය සමඟ යුරෝපා මහාද්වීපයේ ඇවිද මනස සැහැල්ලු කර ගත්තේය.

ඔහු ආපසු ලන්ඩනයට එන විට ශල්‍ය වෛද්‍යවරයා තවත් ගණිකාවන් දෙදෙනකු ඝාතනය කර තිබිණි. වික්‌ටෝරියානු යුගයේ වංශාධිපති ගැහැනු මින් බියපත්ව දිවා කාලයේ පවා ගෙදරින් එළියට බැසීමෙන් වැළකී සිටියහ. මේ අතර දිනක්‌ රොබට්‌ ඡේම්ස්‌ ලී සිය බිරිය සමඟ බසයකින් ගමන් කරමින් සිටියේය. ඒ අතර එක්‌ නැවතුම්පළකදී කලු පැහැති ට්‌විඩ් රෙද්දෙන් කළ කලිසම් කබා ඇඳගත් වැදගත් මහතකු බසයට ගොඩ විය. ඔහු දුටු සැනින් ඡේම්ස්‌ ලීs ගේ සිරුර ශීතල විය. ගමනේ ඉතිරි හරිය යන ලෙස සිය බිරියට දැන් වූ ඔහු කලිසම් කබාකාරයා බහින තැනින් බැස ඔහු පසුපස ගියේය. ඊළඟ මොහොතේදී කුලී රියක නැගුණු කලිසම් කබාකාරයා අතුරුදන් විය. ඒ අර මිනීමරුවා ය.

ඒ රාත්‍රියේදී ජැක්‌ ද රිපර් තවත් ගණිකාවක මැරීමට තීන්දු කරගෙන සිටියාය. ඡේම්ස්‌ ලී අනාගතයේදී සිදුවීමට නියමිත ඒ මිනී මැරුමට අදාළ සියලු දර්ශන මනෝමයෙන් දුටුවේය. මෙය සිදුවීමට ඉඩදීම තවදුරටත් නොමැනවයි කල්පනා කළ ඔහු ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසියත් සමඟ එක්‌ව ශල්‍ය වෛද්‍යවරයා විසූ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගත්තේය. ඔහු පිළිබඳ නඩුව රහසේ අසන ලද්දේ ඔහුගේ වංශවත් බිරියට සිදු වියහැකි හානිය වළක්‌වා ගැනීම සඳහා ය. පසුව දොස්‌තර එංගලන්තයේ දුර බැහැර සිර ගෙයකට යවන ලදී. ඔහු හදිසියේ මළ බව ප්‍රකාශ කළ පවුලේ අය පෙට්‌ටියේ මළ සිරුර තැන්පත් කළ බැවින් එහි පියන වැසීමට අන්තිම කැමැත්තෙන් ප්‍රකාශ කළ බව කියා අගනා මිනී පෙට්‌ටියක්‌ සුසාන භූමියට ගෙන ගොස්‌ වැළලූහ. සිය ශල්‍ය වෛද්‍ය සැමියා තිරිසන් ගතිගුණ සහ ඉතා යහපත් ගතිගුණ තිබූ ද්විත්ව චරිතයක්‌ බව පසුව ඔහුගේ බිරිය කීවාය.
d8-2.jpg


 
Last edited:

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ?rel=0" frameborder="0" allowfullscreen>


    machan murder2 ekata aragena thiyenne me story eka tikak wenas karala
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Good post,eth thamath jack the ripper kauda kiyala hariyatama hoyagena ne:no:thamath suspects la 10 wedi ganak innawa:dull:doctors la wa thamai me ayagen hugak suspect karanne:)
     

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    :eek: ජැක්‌ ද රිපර් ගැන අහල තිබුනත් මේ විස්තරේ දැනගන හිටියේ නැහැ.. ස්තුති..:yes:
     
    Top Bottom