ජිනීවාහි සිදු වන දේ
පොඩ්ඩක් ඇතුලට ඇවිත් කියවපන් බන්
|
|
|
|
|
|
|
|
|
ජිනීවාහි සිදු වන දෙය පිළිබඳ සාමාන්‍ය නිරීක්ෂණයක් ඔස්සේ දැකිය හැකි තත්වයක් වන්නේ මේ වන විට සිදු වන ක්‍රියාවලිය පිළිබඳ ලංකාවේ ආණ්ඩුව මෙන් ම දෙමළ ඩයස්පෝරාවත් අතෘප්තිමත් බවයි.
දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය ලංකාවේ ආණ්ඩුවට පමණක් එරෙහිව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කර රජයේ හා හමුදාවේ නායකයන්ට එරෙහිව උපරිම පියවර ගන්නට ය.
ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය නීතියෙන් බේරී සිටීමටයි. තමන් අතින් සිදු වූ වැරදි පිළිබඳ සොයා බලනවාට ලංකාව අකැමැති ය.
එහෙත්, මේ දෙක ම සිදු වන්නේ නැත.
යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් සිදු වනවා නම් සිදු වන්නේ ආණ්ඩුවට මෙන් ම කොටි සංවිධානයට ද එරෙහිව ය. එසේ සිදු විය යුතු ය.
එසේම, දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය අරාජික තත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ලංකාවේ නිර්මානය කර ගන්නට ද බැරි ය.
ජාත්‍යන්තර සංවිධාන කටයුතු කරන්නේ බලවත් රටවල උවමනාවන්ට පමණක් නො වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධ ක්‍රියාවලි තුළ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, යහපාලනය, සංවර්ධනය, දිළිඳුකම දුරලීම, පරිසරය ආරක්ෂා කිරීම වැනි ලංකාව ද එකඟ වී තිබෙන ජාත්‍යන්තර සම්මුති රැසක් එහි තිබේ. එම සම්මුති හා බලවත් රාජ්‍යවල උවමනා එපාකම් අතර ගැටුම් තිබෙන බව සත්‍යයකි. එහෙත්, එහෙම වුණාය කියා අපටත් ඒවා උල්ලංඝනය කරන්නට අවසර තිබිය යුතු ය කියා ශිෂ්ට සමාජයක් විසින් ඉල්ලා සිටින්නේ නැත.
රාජ්‍යයන්ගේ ක්රියාකාරිත්වයන් ජාත්‍යන්තරව පිළි ගත් සම්මුති අනුව සිදු විය යුතු ය.
ජිනීවා සම්බන්ධයෙන් මැදිහත් වන රාජ්‍ය, රාජ්‍ය නො වන හා සිවිල් බලවේග සියල්ල මේ පිළිබඳ අවබෝධයකින් කටයුතු කළ යුතු ය.
http://www.w3lanka.com/