ජිනීවා, පිස්සෝ සහ බලු රේස් - Geneva, foolish delegates and dog races

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ජිනීවා, පිස්සෝ සහ බලු රේස් - Geneva, foolish delegates and dog races

    අපේ රට ඉන්දියන් සාගරේ අමුතු ඇටේය. මෙකේ ඉන්නේ අමුතුම ජාතියක්ය. ඉස්සර මේකේ හිටියේ යක්කු හා නයිය, ඊට පස්සේ ඉන්දියාවේ ඉදන් ආපු මිනිස්සු වගයක් සිටියේය, ඊට පස්සේ සුද්දෝ වගයක් හිටියෝය. උන්ට මේකේ ඉන්න උන් එක්ක ඉන්න බැරුව යන්න ගියේය. දැන් ඉන්නේ ආයෙත් අර ඉස්සර හිටපු උන්මය. ඒ කියන්නේ යක්කු ඉන්නවාය. උන් පාලනේ කොරනවාය, නයිත් ඉන්නවාය උන් ණයට හා ක්‍රෙඩිට් කාඩ් වලට අරන් නයි අරිනවාය. ඒ ඔක්කෝටම හපන් අලුත්ම සෙට් එකක් ඉන්නවාය ඒ පිස්සෝය. උනට බෙහෙත් දෙන්න වෙනම ඉස්පිටිතාලෙකුත් තියෙනවාය. ඒ උනාට එළියේ බෙහෙත් ගන්න ඕන අය පිරිලාය. බෙහෙත් ගන්නේ නැතිය. පිස්සුම කෙලිනවාය. උන්ගේ අලුත්ම සෙල්ලම රේස් යන එකය.

    අපේ පිස්සෝ රේස් වලට හරිම කැමතිය. අලි රේස් එකේ හිටන් නයිට් රේස් වෙනකන් රේස් ජාති තියෙනවාය. මේ කාලේට ගමේ කොල්ලෝ රෙස් දුවන්න පුරුදු වෙනවාය. ඒ ගම හරහා දුවන රේස් එකටය. ඒක තියෙන්නේ අවුරුදු උත්සවයටය. ඒ උස්සවේ නැති රේස් එකක් නැත්තේය. හරක් බැඳගෙන තිරික්කල රේස්ය, ගෝනියේ බැහැලා ගෝනී රේස්ය, දෙහි ගෙඩිය හැන්ද උඩ තියාගෙන යන රේස්ය, ලිස්සන ගහේ නගින රේස්ය. ඔය ඔක්කොටම වඩා නැගලා යන්නේ බයිසිකොල් රේස් එකය. ඒකට පොලෝසියයි ගමයි අහල පහල ගම් වල උනුයි ඔක්කොම සම්මාදම් වෙනවාය. රේස් පදින උන්ට වඩා යන්නේ සපෝට් කරන උන්ය. සමහර උන් රේස් එක කෙලින්ම් ඉස්පිටිතාලෙන්ම අහවර කරනවාය.

    කස්ටිය දන්නේ නැති උනාට අපේ ජාතික ක්‍රිඩාව වොලිබෝල් නෙමේය. අස්ප රේස්ය. මෙහේ දුවන්නේ වසන්ත සැනකෙලිය කාලෙට නුවරඑළියේ විතරය. ඒ උනාට අපේ උන් දුවන්නේ එංගලන්තයේය. ජාතික පුවත් පත් එන්න ඉස්සෙල්ලා හංදියේ කඩේට රේස් කොලේ එනවාය. ජිටිං, මාටිං, සිටිං. බීටීං, සිරිසේන, ගුනසේන, ආරියසේන, ඉතරක් නොව අමල්, විමල්, නිමල් ඔක්කොම ඒක වටේ පිරිලාය. ක්‍රිකට් මැච් වල රිසල්ට් බලන්නවත් මෙච්චර උනන්දුවක් නැත්තේය. මොකෝ ඒවා හැමදාම පරාද නිසාය. මේක එහෙම නෙමේය දින්න එකා ගොඩය. ඒ උනාට හැම එකාම හැම දාම පැරදිලාය. නේරංජනා ගඟෙන් කන්තක අස්වයා පනින බෝඩ් එක තියෙන කඩේ අයිති මහත්තයා, හැමදාම දිණුම්ය. ඒ රෙස් එකේ හැටි එහෙමය.

    විමලෙයි චම්පිකයි එක්ක රේස් එකක් දුවනවාය. ඒ දේශප්‍රේමි ගහ අල්ලන්නය. එකෙක් යුද්දෙට යන්න කතා කොරන කොට අනිකා කොකා කෝලා බොන්න එපා කියනවාය. උන්ට දීපු රේස් එක පැත්තකය. නොරිච්චෝලේ වේලෙනවාය. අනිත් එකා හදපු ගෙයක් තියෙනවානම් ලිපියක් ලියා උඩට විදින්නය. මම අහුලාගෙන පත්තරේ දාන්නම්ය. මේ ඔක්කොම කෙලි ජිනීවා වල අපිට කෙලින්න යන නිසාය. චැනල් ෆෝ ප්‍රභාගේ පුතා පෙන්නනවාය. අපේ පුත්තු පෙන්නන්න එකෙක් වත් නැත්තේය. යවපු උන් ටික ලොක්කාගෙන් ලකුණු දා ගන්න ජිනිවා වල රේස් එකක් දුවනවාය. ජී ඇල් කියන්නේ මම පොර කියාය. එයා කුනනායගම්ට ගේම දෙනවාය. කුනනායගම් ජී ඇල්ට දෙනවාය. මහින්දට (ජිනීවා මහින්ද.) දෙනවාය, සජින්ටත් දෙනවාය, සජින් අනික් උන්ට දෙනවාය, ඒ අවු අස්සේ සම්පන්තන් ලියුම් ලියනවාය, එකාට එකා කපනවාය. ලොක්කා මෙහෙ ඉඳන් වලි බේරනවාය. සුද්දෝ අපිට අරිනවාය. මුන්ට වඩා මොන්ටිසෝරි බබාලා ටිකක් ඇරියානම් ඊට හොඳය. උන්ට ඕන රටක් නැතිය. ලොක්කාගෙන් ලකුණු දාගන්න රෙස් එක දුවනවාය. ඒ රෙස් එක ඇවිල්ලා ඔට්ටේලියාවේ බල්ලන්ගේ රේස් එක වගේය.

    ඒ අස්සේ මිනිස්සුන්ට පාරට බහින්න කියනවාය. බූමිතෙල්ද මව්බිමද කියා අසනවාය. අග්ග මහා පන්ඩිත ගම්මන්පිල පැයක් ලයිට් නිවන්න කියනවාය. ජිනීවා වෙනුවෙන් මැරෙන්න එන්න කියනවාය. ඒ අව් අස්සේ නුවර ටවුමේ ලයිට් දමාගෙන කාර් රේස් යනවාය. ඇත්තටම ආන්ඩුවට පිස්සුය. එක්කෝ ඒවා පිස්සු වගේ පේන අපිට පිස්සුය. අදයි හෙටයි නුවර ටවුමේ කාර් රේස්ය. මාළිගාවේ තේවාව ඉවර උන ගමන් රේස් පටන් ගන්නවාය. නුවර කියන්නේ ලංකාවේ සංස්කෘතික අග නඟරයය. චමත්කාරම නගරයක්ය. ඒ උනාට වායූ දූෂණයෙන් ඉහලම නගරයය. එහෙම වෙලා තියෙන්නේ. දුම්රිය ස්ථානය, බස් ස්ටෑන්ඩ් එක, පාසල්, රජයේ කාර්යාල, බැංකු, පෞද්ගලික ආයතන, සංචාරක හෝටල්, සුපර් මාර්කට්, රෙස්ටුරන්ට්, එළවළු මාකට්, මස් මාකට්, මාළු මාකට්, හිර ගෙදර, ඉස්පිරිතාල, තොග වෙළඳ සැල්, සිල්ලර වෙළඳ සැල්, රෙදි කඩ, තැබෑරුම් පමණක් නොව දිනකට දහස් ගනනින් බැතිමතුන්, සංචාරකයන් පැමිණෙන දළදා මාළිගාවත් එකම තැනක තියෙන නිසාය.

    එක සැරයක් මාළිගාවට විමලෙලා බෝම්බ ගැසුවේය. ඊළඟට කොටි ගැසුවේය එද ඉඳන් මාළිගාව අසලින් තිබූ මාර්ගය වැසුවේය. නමුත් ඒකට අද වන තෙක් පිලියමක් නොයෙදිවේය. මීටර් දෙසියක දුරක් යාමට දැන් මීටර් 2500 ක් පැස්ටෝල් ඩීසල් පිච්චිය යුතුය. ඉතින් වායු දූෂණ වෙන එක අහන්න දෙයක් නැතිය. මේ මළ රේස් යන්න සවස 7 වන කොට පාරවල් වැහුවාම මිනිස්සුන්ට වන දුක, නායක කමුදුරුවන්ට පමණක් තේරිලාය. උන්වහන්සේ මහ උන්ගේ රෙදි ගලවන්න බැරි නිසා, පොලිස්පතිගේ කලිසම ගැලෙව්වේය. නුවර කොයි වේලේත් සුද්දන්ගෙන් පිරිලාය. සුද්දන් වෙනුවෙන් පවත්වන සංස්කෘතික සංදර්ශන 4 ක් දිනපතා නුවර වැව වටේ පැවැත්වෙයි මෙයට පැමිණෙන සංචාරකයින් පිරිස අති විශාලය, ඒ සෑම සංදර්ශනයක්ම අහවර වන්නේ 6.30 ටය ඒ තේවාව සඳහා සංචාරකයන් සහභාගී කරවීමටය. ඉන් පසුවය ඔවුන් හෝටල් වෙත ගෙන යනුයේ.


    පාරවල් වහන පොලිසියෙන් ඇසිය යුතුව ඇත්තේ එතකොට සුද්දෝ ගෙනියන්නේ පොලිසියේ උන්ගේ අම්මලාගේ කරේද කියාය. එහෙම ප්‍රශ්නෙකට අවුලක් තියෙනවානම් පොලිසියේ අය රෙස් තියෙන අයගෙන් ඒ ප්‍රශ්නය ඇහුවාට කම් නැතිය. එතකොට ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලා ගෙදර යන මිනිසුන්, වැඩ ඉවරවී ගෙදර යන මිනිසුන්, යන්නේ කොහොමද කියා මුන්ට හිතෙන්නේ නැතිය. බලයෙන් ඇස් පොට්ට වෙලාය. සංචාරකයන් මේවාට හිනා වෙනවාය. උන් අහන්නේ අපේ රටේ පොලිටීසන්ලා හරක්ද කියාය. අපි කියන්නේ නෑ ඊටත් අන්තයි කියාය. කොරන්න දෙයක් නැතිය අනික් ඒවා ගැන බොරු කීවට මේවා ගැන එහෙම කියන්න වෙනවාය. රේස් යන්නම ඕනනම් රෑ 12.00 පස්සේ ඒවා බලන්න ඉන්න පිස්සන්ට ඒවා පෙන්නුවාට අපිට අමාරුවක් නැත්තේය. ඒ උනාට අපේ රස්සාවට කෙලිනවාට අපිට අමාරුය. මේ කොළඹ නෙමේය. නුවරය. රේස් පිස්සන්ට කියන්න තියෙන්නේ මෙහේ විකල්ප මාර්ග නැතෙයි කියලාය. නුවර පෙරහැර යන්නේත් රෑ 10.00 පස්සේය. ඒත් රේස් යන්නේ 7.00 පස්සේය. අපිට කියන්න ඇත්තේ එක දෙයක්ය. අනේ දළදා හාමුදුරුවනේ හෙන ගගහා වැහැපන් කියාය.

    මගේ රටට දළදා හිමි සරණයි...!!!
    මගේ දැයට දළදා හිමි සරණයි...!!!
    රෙස් වලින් පිරි ආතල් දෙරණයි...!!!
    පිස්සන් හට මේ බූමිය උරුමයි...!!!
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පිස්සෝ තමන්ට පිස්සු බව නොදැන අනික් අයට පිස්සෝ කීම සාමාන්‍ය දෙයකි....
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    පිස්සෝ තමන්ට පිස්සු බව නොදැන අනික් අයට පිස්සෝ කීම සාමාන්‍ය දෙයකි....


    pisso tamanta pissu bawa nodanima obatath podui:lol::lol::lol:

    Obath pissek bawa oba nodani
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    දීර්ග කාලයක් තිස්සේ කාන්සියට ආතල් ගැනීමට රෑ කාලේ පැමිණි එලකිරි නයිට් ක්ලබ් නැමති ආතල් දේවාලය වහලය හා අනෙකුත් සියලු පොදු
    දේපල වල සිදුවූ බලවත් පරිහානිය නිසාවෙන් ජීටියා විසින් වසා දමන ලදි.ඒ වෙනුවෙන් නැවත එලකිරි නයිට් කල්බ් දෙක යනුවෙන් අලුත්
    දේපල යටතේ පට්ට ක්ලබක් අරඹන්නට නයිට් ක්ලබ් අධිපති සමීර සදරුවන් මහත්මා (අතිගරු ජංගි) කරන ලද තීරණයක ප්‍රථිඵලයක් ලෙස
    මෙලෙස පූස් පැට්ටා වන මා විසින් එය මෙසේ ආරම්භ කරමි.ආතල් ගන්න ලොවෙත් නැති ජෝගි දමන්නට මේ පතරංග එලකිරිය තුල ඇති එකම
    පට්ට චැට ත්‍රෙඩට සෙට් වන මෙන් ආතල් දන්නා වලි නොහදුනනා කාට කාටත් මෙලෙස ඇරයුම් කරමි.මෙතැන් පටන් එලකිරි නයිටි ක්ලබ් දෙක
    මෙලෙස අරඹමු....!!!
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    පිස්සන් අනිත් අයට පිස්සන් යැයි කීම සාමාන්‍ය සිරිතකි.....


    ratema pissan ha pissu wada teruma ganimata haki tarkanukula molayak mata tibima gena mama satutu wemi.(namut meke samaharakta e mole natiweema gana mama duk wemi-samaharawita un ema pissu wada anumata karana nisa wiya hakiya.toppiya da ganima gana oba kere duk wemi)


    පිස්සන් අනිත් අයට පිස්සන් යැයි කීම සාමාන්‍ය සිරිතකි.....-me kalla kiyawan natiwa puluwan nam thread eke dapu karunu gana wadekata enawa joker kenek wen natiwa
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දීර්ග කාලයක් තිස්සේ කාන්සියට ආතල් ගැනීමට රෑ කාලේ පැමිණි එලකිරි නයිට් ක්ලබ් නැමති ආතල් දේවාලය වහලය හා අනෙකුත් සියලු පොදු
    දේපල වල සිදුවූ බලවත් පරිහානිය නිසාවෙන් ජීටියා විසින් වසා දමන ලදි.ඒ වෙනුවෙන් නැවත එලකිරි නයිට් කල්බ් දෙක යනුවෙන් අලුත්
    දේපල යටතේ පට්ට ක්ලබක් අරඹන්නට නයිට් ක්ලබ් අධිපති සමීර සදරුවන් මහත්මා (අතිගරු ජංගි) කරන ලද තීරණයක ප්‍රථිඵලයක් ලෙස
    මෙලෙස පූස් පැට්ටා වන මා විසින් එය මෙසේ ආරම්භ කරමි.ආතල් ගන්න ලොවෙත් නැති ජෝගි දමන්නට මේ පතරංග එලකිරිය තුල ඇති එකම
    පට්ට චැට ත්‍රෙඩට සෙට් වන මෙන් ආතල් දන්නා වලි නොහදුනනා කාට කාටත් මෙලෙස ඇරයුම් කරමි.මෙතැන් පටන් එලකිරි නයිටි ක්ලබ් දෙක
    මෙලෙස අරඹමු....!!!

    Moka???????:eek::eek::eek: