සයිටම් ප්‍රමිතිය, පැනඩෝල් ඩොකාලා හා ලෙඩ කş
ඊයේ නිව්ස් බලනාතරේ මාතලන් අපූරූ නිව්ස් එකක් දැක්කේය. ඒ ටොපි චොකලට් බෝතල් වල දමා බෙහෙත් විකුණන කඩයක් ගැනය. මාද්දිය වේදින්ට මේක නිව්ස් එකක් උනාට, ලංකාවේ හතරදිග්බාගයේම කරක් ගහනා මාතලන්ට නම් මේක නිව්ස් එකක් නෙමේය. එහෙම කඩ තියෙන්නේ එකක් දෙකක් නෙමේය. මාතලන්ම එක කඩ 10-15 කට වඩා දැකලා තියෙනවාය. සීන් එක මාට්ටු වෙන්නේ නැත්තේ, ලෙඩේ නම බෝතලේ ගහලා තියෙන්නේ දෙමළෙන් නිසාය. මාතලන්ද දිනක් කඩයකින් මේ ගැන විමසු විට මුදලාලි කාරයා අම්බානක බය උනා අදත් මතකය.
ඔය වතුවල දිස්පැන්සරි දමාගෙන ඉන්න ඩොකාලා 99% ක්ම ඇපොතිකරිලාය. ඒ බව, ඒ පළාත්වල ඉන්නා දැණුම් තේරුම් ඇති උන් හොඳින් දන්නවාය. උන් බෙහෙත් කරන්නේ, උණ හෙම්බිරිස්සව වගේ රෝගවලටය. පැරසිටිමෝල්ස්, සී විටමින්, පිරිටන් ටිකක් දී රුපියල් 150-200 කඩා ගෙන සද්ද නතිව ඉන්නවාය. උන් විතරක් නොව හංදියක් හංදියක් ගානේ ඉන්නා ප්‍රමිතියෙන් උසස් ඩොකාලාත් ඔක්කෝම පැනඩෝල් ඩොකාලාමය. උන් දෙන්නේත් අර ඇපොතිකරිලා දෙන ඒවාමය. ඇඟ පත අමාරුවට ඒ පැතිවල අය බේත් ගන්නේ නැත්තේ, ගෑණු පිරිමි බේදයක් නැතිව සීල් හෝ වැටේ මුරුංගා පාරක් දාගත්තම ඇඟ පත අමාරු පමණක් නොව සියළුම රෝග නැති බංගස්තාන වෙලා යන නිසාය.
අම්මට සිරි ලංකාවේ දොස්තරලා පිස්සු කෙලින එක ගැන පමණක් ලියනා එකත් එක අතකින් වැරදියි කියා හිතෙන්නේ, පාරිභෝකිකයා හෙවත් රෝගියාද ඊට හපන් පිස්සෝම නිසාය. දැන් තියෙන්නේ "ලෙඩ කල්ට්" (Sick Cult) එකක්ය. ලෙඩ හැදෙනා එක පවුලකට නම්බුවක්ය. ඒ ගැන, පාරේ තොටේ, කඩ පිලේ, බස්සෙකේ රේල්ලුවේ, වැඩපලේ, කතා කොරනා එක මාරම නම්බුවක්ය. සම හරක් රෝග, පවුලේ තත්වය මෙන්ම සමාජ තත්වයද, මොහොතකින් උසස් කිරීමට සමත් ඒවාය. ඒවා වැළඳෙනවා කියන්නේ පරම්පරාවම ගොඩ යන කේස් එකක්ය.
අනේ බලන්නකෝ අනේ... එයාට හාට් නේ, ෂුගර් නේ, ප්‍රෙෂර් නේ, ආතරයිටිස් නේ, ලිවර් ෆේල් නේ. කිඩ්නි ෆේල් නේ කියන්නේ මාරම මෙව්වා එකක්ය. එහෙම කිව්වාම හානේ ඇත්තද අනේ කියා හූල්ලන්නේ අනේ ඉතින් අපිටත් මෙවා හැදෙනවානම් කොච්චර දෙයක්ද කියන්නැහේය. තාම කියන්නේ නැත්තේ අනේ බලන්න අනේ එයාට ඒඩ්ස් නේ කියා විතරමය, නුදුරේදීම ඒකත් අර ලිස්ට් එකට එනවා නොඅනුමානය. රජෙක් උනොත් ලෙඩෙක් නම් මෙලෝ රහක් නැතෙයි කියා කිව්වේ අමු ගොබ්බයෙක් වෙන්න ඕනාය. මේ වාගේ රෝගයක් වැළඳුන යම් කෙනෙක් වේද එවන් පුගලයෙක් රජෙක් නොව මහාරාජා කෙනෙක්ම වන්නේය.
ඒ කාළේ මෙහෙම රෝග තිබුනාදැයි කියාවත් අහලා නැත්තේය. සම හරක් විට තියෙන්නටත් ඇතිය. මාතලනුත් දැන් වාගෙම පොඩි කාලේ ඉඳම් අමු ලෙඩා නිසා ඒ කාළේ උන් ලොකු දොස්තරලා කීප දෙනෙක්ගේම පේසොන් කෙනෙක් උනේය. ඒ කාලේත්, සුලෙයිමාන්, ඩර්ඩන්ස්, අරහෙ මෙහෙ ගිහිල්ලා, අන්තීමටම කෙල උනාම උස්සාගෙන දුවන්නේ "ළමා වාට්ටුව" හෙවත් "ලේඩී රිජ්වේ"ගේ "නෝනා වාට්ටුව"ටය. මැරෙන්නම ගියපු වෙලාවක බේරාගෙන තියෙන්නේ ඩොක්ටර් ඉස්ටෙලා ඩි සිල්වාය. ඒ නෝනා ඒ කාළේ උන්නේ, ඔය රොස්මිඩ් ප්ලේස් එක කිට්ටුවකය. ඒ නෝනාගෙන බෙහෙත් ගන්නවා කියනා එක අපේ පවුලටම ළොකු නම්බුවක් ගෙනාවේය.
ඒ ඇරෙන්න තා ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් උනේ, ඔය ඇන් ඇම් පෙරේරාගේ ගෙවල් කිට්ටුව උන් ඩොකටර් ලෙනෝරාය. උන්නැහේ එන හැම පොඩි එකාටම ටොපි චොකලට් දෙන නිසා, පොඩි උන් අතරේ මෙන්ම ලොකු පොඩි අය අතරේත් මාරම පොපියුලර් උනේය. එතනට යන්න හේතු උනෙත්, සීයාගේ භාෂාවෙන් කියනා සුවාසේ ඇදිල්ල නොහොත්, මොඩර්න් ඉට්ටැයිල් එකට කියනවා නම් ඇස්ම කේස් එක නිසාය.
ඔය ලෙඩේට ඇර අනෙක් ලෙඩ වලට බෙහෙත් ගෙදරම තිබුනේය. මල්ලිවත් නංගිවත් ඩොකෙක් ගාවට ගෙනියන මතකයක් මාතලන්ට නැත්තේ ඒ නිසාමය. උණ හෙම්බිරිස්සාවට කරේ කොත්තමල්ලි තම්බා පොවනා එකය. වැඩේ පොඩ්ඩක් අවුල් වගේ නම්, හංදියේ ඌවේ වේදාගෙන් පස් පංගුව කිරවාගෙන ආවේය. ඒ වෙලාවට හින්ගල බෙහෙත් පමණක් නොව, වෙලාවත් බලන්න දැන උන් නැසොනල් ඇඳන් උන් වෙද මහත්තයාගෙන් වෙලාවත් බලාගෙන අවේ, නරක කලට සත හට පැමිනෙයි විපත කියනා දේ අපේ ආච්චි අම්මලා ඉහටත් උඩින් විශ්වාස කොල නිසාය.
ඔය උණ හෙම්බිරිස්සාව, කැස්ස, බඩ රුජාව, කෑම අප්පිරියාව, බඩේ අජීර්න, කියනා රෝග වලට මෙන්ම පොඩි උන්ගේ වමනය යාම මෙන්ම බවලත් උදවියගේ වමනය යාමටත් බෙහෙත් වෙද මහත්තයා ළඟ තිබුනේය. අනික පොඩි තරාදියක තඹ කාසි හා මදටිය ඇට දමා බෙහෙත් කිරනා එක බලාගෙන ඉන්නා එකත් ලෙඩ සුව කරනා භාවනාවක් වගේම දෙයක් උනේය. වෙද මහත්තයාගේ මදටිය ඇට ටිකකට රොබරියක් දීලා, හතර අතේ නෝන්ඩි උනත්, මදටිය ඇට මල්ලක්ම ඒ වෙනුවට වෙද මහත්ත්යාගෙනම ලැබුන එකත් අද වාගේ මතකය.
ඒ ඇරෙන්න මල්වර නැකත් මෙන්ම මඟුල් නැකත් හැදිල්ලත් කර ගත්තේ උන්දෑගෙන්ය. ඕන මඟුලක් කියලා පොරොන්දම් බැලුවේත් වෙද මහත්තයාමය. මෙතරම් වටින වෙද මහත්තයා මඟුලෙදි මරණෙදි අමතක කළේ නැතිවාක් මෙන්ම, උන්නැහේද තම හිතවත් පාරිභෝකියාගේ හැම මළදානෙටම බැහැයි නොකියා සහභාගී උනේය. වේලපත්කඩේ හදපු එකා පෝරුවට ගොඩවෙන කොට අෂ්ඨක කිව්වේත් උන්නැහේමය. ඒ ඔක්කෝම කරලා නිවන් පුරට රුවන් දොරටු ඕමන් කරනා දවසේ කවියකින් ආරම්බ කොට ගුණ කතනයකුත් කරන්න නම් අමතක නොකළේය.
උන්නැහේට අමතරව හංදියේ උන්නේ ඇපොතකරි මහතෙක්ය. එයා ළඟට ගියේ තුවාලවලට බෙහෙත් දාන්න ඉතරය. එහෙත් ජේ ආර් පප්පා ඕපන් ඉකොනමි එක ගෙනාවයින් පස්සේ, ඒක මාර ලෙඩක් කියන්නා වාගේ, එක එක ජාතියේ ලෙඩත් ආවේය. ඒ අස්සේ හේවාදේව මුදලාලිගේ බිල්ඩින් එකට මුළු නුවර පාරේම පරසිද්ද දොස්තර පෙරේරාත් ආවේය.
ඩොකටර් පෙරේරා පැමිලි ඩොකටර් වෙන්න වැඩි කල් නොගියත්, අපේ පැමිලි ඩොක්ටර් උනේ අපේ ආච්චි අම්මාමය. කලින් කීවා වගේ උණ හෙම්බිරිස්සවට, කොත්තමල්ලි හා ඉඟුරු තම්බලාය. බඩේ රුජාවට ඉඟුරු හා අමු දෙහි යුෂය, වැඩේ අබ්ලික් නම් තැම්බුම් හොඳිය, ලේ පෙරෙන තුවාලවලට මක්කදෝ කොල වගයක් ලොඹු කටේ දමා හපලා තිබ්බ ගමන් බඩු නැවතුනේය. සතියකට දෙතුන් ගමනක් කොළ කැඳය. ඉස්කෝල නිවාඩු කාලේට අරළු පෙත්තක් දුන්නම බඩේ ඉන්න පණුවෝ නෝන්ඩිම වෙලා යනවාය. පොඩි ඉහේ කැක්කුමට තැඹිලි තෙල්ය. එහෙම නැත්නම් කොහොඹ කොල පත්තුවක්ය. දෙයන්ගේ ලෙඩේට දෙයියාත්, ආච්චි අම්මාමය. පඬුරක් ගැට ගහන එකේ සිට සියළු සාත්තු සප්පායම් උන්දෑගෙනය. ඒ ඇරෙන්න ගෙඩි වලට සර්ව විසාදි කුප්පියය. තද කැක්කුම් වලට සිද්ධාර්තේය. ඒත් අන්තිම කාළේ ගමේ ගිහින් නිවන් යන්න ඕනා කියපු නිසා, අපිටත් ඩොක්ටර් පෙරේරා ගාවට යන්න උනේය.
කෙමෙන් කෙමෙන් ඌවේ වෙදා දිගා බල බලා, හොරෙන් හොරෙන් හැම එකාම ඩොක්ටර් පෙරේරා ළඟට ගියේය. VIP ෆැමලීස් වලට නොම්මර අරගෙන පෝලිමේ ඉන්නේ නැතිව පිටිපස්ස දොරෙන් රිංගන ක්‍රමයකුත් තිබුනේය. ඒ නිසා පඩයක් ගියත් ඩොක්ටර් පෙරේරා ළඟට දුවන්න පටන් ගත්තේය. ඔය මොකා ගියත් මාතලන් නම් නොගියේ, අපේ ගෙදර උන්න වෙන්ඩ ඩොක්ටර් නෝනාගේ බෙහෙත් මට අල්ලලා ගිය නිසාමය. හැබයි ඉතින් නියම සීන් එක කියන්නේ, ඒ නෝනාටත් පොඩි ලෙඩක් හැදුනත්, එයා ගියෙත් ඩොක්ටර් පෙරේරා ළඟට වීමය.
කොහොමින් කොහොම හරි ඌවේ වෙදා බෙහෙත් කඩේ වසා දමා යන්න ගියේය. හංදියට ෆාමසියකුත් ආවේය. ඌ එක පාරටම සල්ලි කාරයෙක් උනේය. සම හරක් කිව්වේ ඌ කුඩු විකුණනවා කියලාය. ගමේ උන් කිව්වේ, ඕපන් ඉකොනොමි කියන්නේ එහම එක පාරටම සල්ලි කාරයෝ වෙන එකටය, ඒවට ඉරිසියා උන් එක එක කතා හදනවාය කියලාය. උන් එහෙම කිව්වාට මාතලන් ඒ බව ටක්කෙටම දැනන් උන්නේ එතෙක් කුඩු ගන්න තොටළඟ පැත්තේ ගිය බඩු, එහේ නොගිහින්, ෆාමසියට යන්න එන්න පටන් ගත්ත නිසාය. කොහොම හරි ඒ මුදලාලි වැලිකඩ ගියේය.
අද වෙනකොට තොරණහංදියේ ඉස්පසොලිස්ලාත් ඉන්නවාය. ෆාමසි හැට හුටාමාරක්ය. දතෙකුත් ඉන්නවාය. ලෙඩ්ඩු ඒ තරමටය. දැන් අහන්නේ, කව් ද ඇල්ලුව ඉස්පැසොලිස්ට් කියලාය. එයා ෆේමස් එකෙක් නෙමෙයි නම්, අනිකා කියන්නේ, අයියෝ එයා හරි නෑ අනේ..., අරයා අල්ලන්න... කියලාය. හොස්පිටල් එකත් නම්බර් වන් එකක් වෙන්න ඕනාය. හංදියේ එකට යන එකා පීචංය. ඉතින් නොම්මර එකේ හොස්සපිටල් එකකට යනවාය. ගාන කීයක් උනත් අවුලක් නැතිය. ඉඩ කඩම් හෝ උකස් කොර අරුන්ගේ මලු පුරවා කුසල් රැස් කොරනවාය.
මොකා ඇල්ලුවත් උන් අපිව අතින් අල්ලන්නේවත් නැතිය. උඩ ඉඳන් බිම බලපු ගමන් පෙට් ඉස්කෑන් එක වගේ වගේ ඔක්කෝම ලෙඩ ටික උන්නාන්සේට නාථ දෙයියෝ කියනවාය. මොන ලෙඩේට ගියත් යන්න කලින් අරගෙන පෙන්නන්න කියා X-RAY, ECG, BCG, EEG, CBC, HEE, SHE, CAT, MAT, BMC, ABC රිපෝට් එකසිය පනහක් විතර ලියනවාය. ඉතින් ඒවාට සල්ලි ගෙවලා මුළු ඉස්පිටිතාලේ පුරාම දුවලා ලෙඩේ වැඩි වෙනවාය.
ඊට පස්සේ පයිව් ඉස්ටාර් කැන්ටිමෙන් ඇද බානවාය. රිපෝට් ටික අරගෙන එන කොට බඩු ගිහිල්ලාය. ඊට පස්සේ ආයේ දාස් ගානක් ගෙවා මුළු පවුලම දැනුම්වත් කොට ආයෙත් යනවාය. මේ ඇවිල්ලා ඉස්කෑන් වටයය. ඉහේ සිට පාදානතය දක්වා වූ ශරීරය මැසිමක් තුලට ඔබා දෙන රිපෝට් එක දොස්තරට පෙන්නන්න කලින් මුළු පවුලටම පෙන්නනවාය. MBBS තියා SAITM වත් නැති ගොඩ වෙද්දු ඒ රිපෝට් බලනවාය. බලලා බෙහෙතුත් කියනවාය. කෝ අනේ අර රිපෝට් එක දීලා නෑ නේ..., මූ හරියන්නේ නෑ... අරයා අල්ලමු කියනවාය. ඉතින් එයා අල්ලලා ඇඩ්මිට් වෙනවාය. නිකන් ඇඩ්මිට් වෙලා වැඩක් නැතිය පොඩියට හරි ඔපරෙසොන් එකක් කොරන්නත් ඕනාය. දැන් ඒකට ඔපරේසොන් කියන්නෙත් නැතිය, ආඩමබරේට කියන්නේ සර්ජරිය කරා කියලාය. ඉතින් මුළු පවුලටම ආඩම්බරය. සම හරක් අතේ පලාස්ටරේ දාන්නත් සිංගා යනවාය. එහෙම කරන්න බැරි උන් චෙන්නායි හරි යනවාය. ෆලයිට් එකේ ගිහින්, පෙට්ටියේ එනවාය.
ඒකත් දැන් කල්ට් එකක්ය. හයි පයි ෆියුන්‍රල් ඩයිරෙක්ටර් කෙනෙක් ඇල්ලුවේ නැත්නම් පවුලේ නම්බුව බල්ලාටම යනවාය. කිරිමේසොන් කරේ නැත්නම් වස ලැජ්ජාවය. ෆැමලි එකේ ඔක්කොම ලී මුදලාලිලා වෙනවාය. තේක්ක බුරුත නැදුම් කරලුවර ලෑලී.., හොදාලා තැනු පෙට්ටිය හරි මනළෝලී කියා, අඹ ලෑලි වලින් හදලා, ඉබොනි පේන්ට් එක ගාපු, කලු ගල් පුරෝපු පෙට්ටියක්, මාර බරයි ඕයි කියා ගෙනවිත් සාලේ තබා, ලෝකේ තියෙන මල් ඔක්කෝම ගෙනල්ලා, පෙරාදෙනිය ගාඩන් එක සාලේ හදනවාය.
එයින් නවතිනවාද පින්වත්නි.. එහෙම කරලාත් හිතට මදි නිසා, පාංශුකුලේට මහා නයක හිමිවරුත් වඩම්මනවාය. කේටරින් පාරක් දාලා, අමම්මෝ නැතිව කනවාය. අහළ පහළ ගෙදරක බාර් එකකුත් දානවාය. ඒ ඔක්කෝම කරලා හත් දොහේ බණට අලි පැටියෙක් දාලා ගිය පන්සලක මේකප් සාධු කෙනෙකුත් ගෙනත්, බණක් කියා අඩෝ බලා ගනින් ඩෝ අපේ සයිස් එක කියා, උන්නාන්සෙ ලවා, මැරිච්ච එකා ඇර ඉන්න හැත්ත බුරුත්ත ඔක්කෝගෙම නම් කියවනවාය. මේ වගේ පිස්සු හු එක්ක උන්නට වඩා මැරුණ එකමයි යකෝ හොඳ කියා, මරුණ එකා අනික් ගන්දබ්බයෝත් එක්ක උඩට වෙලා බලාගෙන පු#න් හිනා වෙනවාය.
ඒ වගත් මෙසේය..
(Mathalan)