ජිනීවා, රණවිරුවන් 26ක් ගැන සඳහන් කළේ ඇයි ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් මෙරට හමුදා නිලධාරීන් 26 දෙනකුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඊට දඬුවම් කිරීමට සාක්ෂි එක්රැස් කර ඇති බවත් වාර්තා වෙයි.

    මේ අතර වැඩිදුරටත් වාර්තාවන්නේ එම නිලධාරීන් 26 දෙනා හට විදෙස් සංචරණ තහනමක් ඇතුළු සම්බාධක පැනවීමටද නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49වන නිත්‍ය සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී ආරම්භ වුණි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49වන නිත්‍ය සැසිවාරය අද සිට අප්‍රේල් 01 වැනිදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වෙයි.

    න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාව යුක්‍රේනය - රුසියානු අර්බුදයට හිමිවෙද්දී දෙවනුවට අවධානය යොමු කෙරෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳවය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැෂෙලේගේ නවතම වාර්තාවෙන් ද ශ්‍රී ලංකාවට බරපතළ චෝදනා එල්ල කෙරුණි.

    මානව හිමිකම් මහා කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව එළඹෙන හතරවනදා සභාගත කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විවාදය ද එදිනම පැවැත්වෙයි.

    මේ අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් , විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ , අධිකරණ අමාත්‍ය අලී සබ්රි , රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සැසිවාරයට සහභාගී වී සිටියි.

    මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හෙට,ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11ට සැසිවාරය ඇමතීමට නියමිතය.

    අද විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාමාජික රටවල නියෝජිතයින් දැනුවත් කරමින් ද්වීපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ.

    මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හෙට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැෂෙලේ මහත්මිය මුණගැසීමට ද නියමිතය.

    මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ජිනීවා මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් අදහස් පළ කළේය
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    naki maina
    katin putin
    mola hatha
    Chamal
    namal
    rocket baby
    navy baby
    nirupama
    kataragama ponnaya
    shiranthi
    harak weerasekara

    tawa kawda widuli putuwata yanne?