ලබන මාර්තු මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිවාරයේදී ලංකාවට එරෙහි යුද්ධය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ඇමෙරිකාව පුළුල් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ අනුව ලංකාවට හිතවත් සහ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ලංකාවට පක්‍ෂව ඡන්දය දෙතැයි අපේක්‍ෂිත රටවල විශේෂ සංචාරයක් සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පසුගියදා පිටත් විය. ජපානය සහ දකුණු කොරියාව යන ආසියා කලාපයේ බලවත් රටවල් තමන්ගේ පැත්තට නම්මවා ගැනීම ජෝන් කෙරීගේ මේ සංචාරයේ අරමුණය.
එසේම ජෝන් කෙරීගේ සංචාරයෙන් පසුව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා මහතාද ආසියා කලාපයේ විශේෂ සංචාරයක යෙදීමට අපේක්‍ෂිතය. මෙමඟින් ලංකාවට හිතවත් රටවල ස්ථාවරය වෙනස් කර, මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ඇමෙරිකානු යෝජනාව ඉහළ බහුතර ඡන්දයකින් ජයග්‍රහණය කරවීම ඇමෙරිකාවේ අරමුණ වී තිබේ. මෙවර මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ඡන්ද හිමි රටවලින් සියට 70 කට ආසන්න ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ ආසියා, ලතින් ඇමෙරිකා සහ අප්‍රිකා රටවල්ය. මේ කලාපයන්හි බහුතර රටවල් ලංකාවට හිතවත් රටවල් වීම ඇමෙරිකාවට අවාසිදායක තත්ත්වයකි. එම නිසා මෙලෙස ඇමෙරිකා ජනාධිපතිවරයා සහ ඇමෙරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරියා වන රාජ්‍ය ලේකම්වරයා අදාළ මෙහෙයුම ආරම්භ කර තිබේ.
මේ අතර අදාළ සැසිවාරය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ආණ්ඩුවද රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඕස්ට්‍රේලියාව ඇතුළු තෝරාගත් බලවත් රටවල විදේශ ඇමැති ජී.ඇල්. පීරිස් මහතා විශේෂ සංචාරයක යෙදී සිටී. ඊට අමතරව ලක්‍ෂ්මන් සෙනෙවිරත්න ඇමැතිවරයා බ්‍රසීලය සහ උරුගුවේ යන රටවලද, ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා මොරොක්කෝවේද, සංචාරයක යෙදී සිටිති.
එසේම මානව හිමිකම් කොමිසමේ පසුගිය සැසිවාරයේදී ශ්‍රී ලංකාවට පක්‍ෂව ඡන්දය දුන් සෞදි අරාබිය මෙවර ලංකාවට එරෙහිව කටයුතු කරනු ඇති බවට රාජ්‍ය තාන්ත්‍රිකව ලැබී ඇති තොරතුරු නිසා ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ පා සිටී. මැදපෙරදිග කලාපයේ බලවත් රටක් වන සෞදි අරාබිය මෙවැනි තීරණයක් ගැනීම එම කලාපයේ රටවල ඡන්දවලට සෘජුවම බලපාන කාරණයකි. සෞදි අරාබිය මෙවැනි තීරණයක් ගැනීමට හේතුව ආණ්ඩුවේ ඇමැතිවරයකු විසින් මුස්ලිම් ජනතාවට සිදුවන හිරිහැර පිළිබඳ සඳහන් කරමින් එරටට යවන ලද වාර්තාවක් බවද මේ වන විට හෙළිදරව් වී තිබේ.
Source. Mavubima
ලංකාවට කෙලවන්න වගේ මුන් යන්නේ.. අන්තිමේදී අපිට අපේම කියලා රටක්වත් නැති වෙයිද? අපේ ලංකාව වෙනුවෙන් ඉන්ටනෙට් එකෙන්වත් ගේමක් ගෙනියන්න හරියට එකෙක් නෑ. අපේ එවුන් අනුන්ගෙ කුනු ගොඩවල් හොය හොය නෙට් එක පුරවනවා මී හරක් වගේ. පර කොටි ඔලුවෙන් ලස්සනට මැච් එක ගහනවා. ඉන්දියාව අයි පී එකෙන් කෙලලා ඇරියා අපේ එවුන්ට. අපේ කිසිම එකෙක්ට පෙන්නෙ නැති ලොකු භයානක දෙයක් රටට එරිහිව ක්‍රියාත්මක වෙනවා. වෙනවා නෙවෙයි වෙලා ඉවරයි.

bump