ජිනීවා_සටන

signshop

Well-known member
  • May 30, 2011
    12,161
    8,865
    113
    Dubai
    ලබන මාර්තු මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිවාරයේදී ලංකාවට එරෙහි යුද්ධය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ඇමෙරිකාව පුළුල් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ අනුව ලංකාවට හිතවත් සහ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ලංකාවට පක්‍ෂව ඡන්දය දෙතැයි අපේක්‍ෂිත රටවල විශේෂ සංචාරයක් සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පසුගියදා පිටත් විය. ජපානය සහ දකුණු කොරියාව යන ආසියා කලාපයේ බලවත් රටවල් තමන්ගේ පැත්තට නම්මවා ගැනීම ජෝන් කෙරීගේ මේ සංචාරයේ අරමුණය.

    එසේම ජෝන් කෙරීගේ සංචාරයෙන් පසුව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා මහතාද ආසියා කලාපයේ විශේෂ සංචාරයක යෙදීමට අපේක්‍ෂිතය. මෙමඟින් ලංකාවට හිතවත් රටවල ස්ථාවරය වෙනස් කර, මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ඇමෙරිකානු යෝජනාව ඉහළ බහුතර ඡන්දයකින් ජයග්‍රහණය කරවීම ඇමෙරිකාවේ අරමුණ වී තිබේ. මෙවර මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ඡන්ද හිමි රටවලින් සියට 70 කට ආසන්න ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ ආසියා, ලතින් ඇමෙරිකා සහ අප්‍රිකා රටවල්ය. මේ කලාපයන්හි බහුතර රටවල් ලංකාවට හිතවත් රටවල් වීම ඇමෙරිකාවට අවාසිදායක තත්ත්වයකි. එම නිසා මෙලෙස ඇමෙරිකා ජනාධිපතිවරයා සහ ඇමෙරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරියා වන රාජ්‍ය ලේකම්වරයා අදාළ මෙහෙයුම ආරම්භ කර තිබේ.

    මේ අතර අදාළ සැසිවාරය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ආණ්ඩුවද රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඕස්ට්‍රේලියාව ඇතුළු තෝරාගත් බලවත් රටවල විදේශ ඇමැති ජී.ඇල්. පීරිස් මහතා විශේෂ සංචාරයක යෙදී සිටී. ඊට අමතරව ලක්‍ෂ්මන් සෙනෙවිරත්න ඇමැතිවරයා බ්‍රසීලය සහ උරුගුවේ යන රටවලද, ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා මොරොක්කෝවේද, සංචාරයක යෙදී සිටිති.

    එසේම මානව හිමිකම් කොමිසමේ පසුගිය සැසිවාරයේදී ශ්‍රී ලංකාවට පක්‍ෂව ඡන්දය දුන් සෞදි අරාබිය මෙවර ලංකාවට එරෙහිව කටයුතු කරනු ඇති බවට රාජ්‍ය තාන්ත්‍රිකව ලැබී ඇති තොරතුරු නිසා ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ පා සිටී. මැදපෙරදිග කලාපයේ බලවත් රටක් වන සෞදි අරාබිය මෙවැනි තීරණයක් ගැනීම එම කලාපයේ රටවල ඡන්දවලට සෘජුවම බලපාන කාරණයකි. සෞදි අරාබිය මෙවැනි තීරණයක් ගැනීමට හේතුව ආණ්ඩුවේ ඇමැතිවරයකු විසින් මුස්ලිම් ජනතාවට සිදුවන හිරිහැර පිළිබඳ සඳහන් කරමින් එරටට යවන ලද වාර්තාවක් බවද මේ වන විට හෙළිදරව් වී තිබේ.


    Source. Mavubima


    ලංකාවට කෙලවන්න වගේ මුන් යන්නේ.. අන්තිමේදී අපිට අපේම කියලා රටක්වත් නැති වෙයිද? අපේ ලංකාව වෙනුවෙන් ඉන්ටනෙට් එකෙන්වත් ගේමක් ගෙනියන්න හරියට එකෙක් නෑ. අපේ එවුන් අනුන්ගෙ කුනු ගොඩවල් හොය හොය නෙට් එක පුරවනවා මී හරක් වගේ. පර කොටි ඔලුවෙන් ලස්සනට මැච් එක ගහනවා. ඉන්දියාව අයි පී එකෙන් කෙලලා ඇරියා අපේ එවුන්ට. අපේ කිසිම එකෙක්ට පෙන්නෙ නැති ලොකු භයානක දෙයක් රටට එරිහිව ක්‍රියාත්මක වෙනවා. වෙනවා නෙවෙයි වෙලා ඉවරයි.
    :angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,161
    8,865
    113
    Dubai
    අපේ එවුන් අනුන්ගෙ කුනු ගොඩවල් හොය හොය නෙට් එක පුරවනවා. අපේ ලංකාව වෙනුවෙන් ඉන්ටනෙට් එකෙන්වත් ගේමක් ගෙනියන්න හරියට එකෙක් නෑ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,275
    1
    13,165
    113
    Gotham City
    මචං ඔය ආසියානු අප්‍රිකානු ලංකාවට හිතවත් රටවල් කියන්නේ මං මුස්ලිම් රටවල් සෙට් එක .උන් අපිට සහය දෙන්නේ අපිට ආදරේකට නෙමේ .අපේ රට මුස්ලිම් රටක් කරන්න .ඒක තමා උන්ගේ යටි අරමුණ .අනික මැදපෙරදිග සේවය කරන වෙනත් රටවල් වලින් ආපු උන් හිතන්නේ සිංහලයා ලංකාවේ සුළුජාතිය කියලා .ඔන්න ඕකයි තත්වේ .මේ වෙලාවේ අපි කරන්න ඕනේ \ඇමරිකාවත් එක්ක ටිකක් යාප්පුවෙන් ඉන්න එක .මොකද කළුගලේ ඔළුව හප්පගන්න බැහැ නේ .මහින්දව කරන්ට පුටුවට ගෙනියන්න බැහැ රනිල් වික්‍රමසිංහට පිංසිද්ද වෙන්න .අනික මහින්දයව කරන්ට් පුටුවට ගෙනිච්චට කමක් නැහැ .ඒත් මෙකේන් වෙන්නේ අපිට ආර්ථික සම්බාධක වැටෙනවා .එහෙම උනොත් අපි ලොකු අමාරුවක වැටෙනවා .මොකද අපේ රටෙන් යවන අපනයන භාණ්ඩ වලින් 40 % කට වඩා ගන්නේ ඇමරිකාව .තව 20% kata වඩා වැඩියෙන් යුරෝපානු රටවල් වලට යනවා .ea කිව්වේ 60% කට වැඩියෙන් ලාංකීය අපනයන භාණ්ඩ යන්නේ ඇමරිකාව ඇතුළු එහි හිතවාදී රටවල් වලට .ඉතිං උන් අපිට සම්බාධක දැඔය අපනයන භාණ්ඩ වලට කරන්න දෙයක් නැහැ .මොකද චීනෙන් අපේ භාණ්ඩ ගන්නේ හරිම සුළු ප්‍රතිශතයක් වගේ .අනික ඉන්දියාවත් දැන් අපිට සීන් දානවා .ඉතිංඇම්‍රිකාව සම්බාධක දාන්න තීරණය කරෝත් අනිවා ඉන්දියාවත් ඒකට සහය දෙනවා .ඉතිං අපි නිකන් කෙළව ගන්නේ නැතිව මේ වෙලාවෙ මොළේ කල්පනාකරලා වැඩ කරන්න ඕනේ .අනික ඕස්ට්‍රේලියාව සහය දෙන්න නම් ජේම්ස් පැකර්ට කැසිනෝ දාන්න ලංකාවේ ඉඩ දෙන්න වෙනවා .නැත්තම් ඕස්ට්‍රේලියානු සහය ලැබෙන්නේත් නැහැ .ජපානය නම් ඡන්දය දීමෙන් වැළකී සිටීවී .මොකද ජපානෙට ඇමරිකාවත් ඕනේ අපිවත් ඕනේ .ඒකත් ජේ .ආර් .ජයවර්ධනට පින්සිද්ධ වෙන්න .කොරියාවත් මුකුත් කරන එකක් නැහැ .උනුත් ඡන්දය් භාවිත්යෙන් වැළකී ඉඳීවි .මොකද උන්ටත් ඇමරිකාව ඕනේ සහ අපිවත් ඔනේ .මොකද අපෙන් ශ්‍රමිකයන් ගෙන්න ගන්න එපැයි .හැබැයි පොතේ හැටියට ආණ්ඩුව මේ කරගෙන යන ගොනාතල් වැඩ නිසා අනිවා සම්බාධකයක් නම් වැටෙනවා .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,161
    8,865
    113
    Dubai
    හැබැයි පොතේ හැටියට ආණ්ඩුව මේ කරගෙන යන ගොනාතල් වැඩ නිසා අනිවා සම්බාධකයක් නම් වැටෙනවා

    අනිවා මචන්
     

    Similar threads