ජිවිතයට පාඩම් 5ක්
1) තමන්ගේ ඇත්තම ගැටළු වලට මුදල් වලින් විසඳුම් සෙවිය නොහැක.
මුදල් කියන්නේ තමන්ගේ අවශ්‍යතා මෙන්ම එක එක ජාතියේ වුවමනා මිලට ගන්න පුළුවන් මෙවලමක්.ඒත් ඒක ඔබේ සියළු ගැටළු වලට විසඳුමක් නෙවෙයි.මේ ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා සල්ලි පොඩ්ඩක් තියාගෙන ගොඩක් සතුටින් ඉන්න අය... ඒ වගේම තවත් ගොඩක් අය ඉන්නවා සල්ලි ගොඩක් තියාගෙන කලකිරීමෙන් ජිවත් වන අය.
මුදල් වලට පුළුවන් ලස්සන ගෙයක් ගන්න, ලස්සන කාර් එකක් ගන්න, ලස්සන සපත්තු ගන්න, අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ගන්නත් පුළුවන්..ඒත් මුදල් වලට බෑ බිදිච්ච සිත් දෙකක් එකතු කරන්න,තනිකම නැති කරන්න,සතුට ඇති කරන්න... සතුට කියන්නේ තමාටත් නොදැනී පලා යන දෙයක්.ඒක තමන් ලඟට ගන්න පුළුවන් තමාගේ සිතට ඇත්තටම අවශ්‍ය දේ ලං වුනාම විතරයි.සතුට මිලට ගන්න බෑ.ඒ වගේම ඔයා කවදා හරි හිතනවානම් මම මේ දේවල් අරන් සතුටු වෙනවා කියලා ඔයාට කවදාවත් තෘප්තියක්නම් ලබන්න බෑ..
2)ජීවිතය අදියරෙන් අදියරට ගමන් කරන්න.
ගොඩක් වෙලාවට අපිට ඔක්කොම දේවල් එක සැරේ කර ගන්න ඕනේ වෙනවා. ඒ කියන්නේ තීරණ ගන්න, ජිවිතේ සැලසුම් කරන්න, අත්දැකීම් ලබන්න, සත්‍ය ආදරයක් හොයා ගන්න, සල්ලි හොයන්න,ජිවිතේ අරමුණ හොයා ගන්න වගේ.
ඒ වුනත් ඒ හැම දෙයක්ම කඩා බිඳගෙන ගිහින් ඉටු කර ගන්න හදන්න එපා.තමන්ගේ ජිවිතේ දිග ඇරෙන්න දෙන්න,තාමාව කොහෙටද යන්නේ කියලා බලන්න,තීරණ ගන්න කාලය ගන්න, වට පිටාව ගැන සැලකිලිමත් වෙන්න, අනිත් අයට අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න, හිතන්න කාලය වෙන් කරන්න.ඒකෙන් කියන්නේ තමාගේ ඉලක්ක කරා යන්න එපා කියලා නෙවෙයි. එස්ප්‍රස් කෝච්චියක් වගේ යන්න එපා කියලා.මොකද ගමන ඉවර වෙද්දී ඔයාලට ජිවිතේ මග ඇරුණු ගොඩක් දේවල් තියෙයි.
3)සෑම කෙනෙකුවම සැනසීමට නොයන්න.
"මම සාර්ථක වීමේ රහස දන්නේ නෑ.ඒත් අසාර්ථක වීමට හේතුව තමයි හැම කෙනෙකුවම සැනසීමට යාම." - Bill Cosby
හැම කෙනෙක්ම ඔයා වගේ වෙන්න ඕනෙත් නෑ, ඔයා කරන දේවල් වලට කැමති වෙන්න ඕනෙත් නෑ.අනිවාර්යෙන්ම මනුස්සයෙක්ට ඕනේ වෙනවා ගෞරවය ලබන්න, අන් අයගේ කැමැත්ත ලබන්න, අන් අයට වටිනා චරිතයක් වෙන්න.එහෙම වෙන්න ඕනේ.හැබැයි තමන්ගේ සතුට සහ අවංක කම නැති කර ගන්නේ නැතුව.මොකද හැම කෙනෙක්ම ඔබට එකඟ වෙන්නේ නෑ.ඒක නිසා කොන්ද කෙලින් තියා ගන්න, අවශ්‍ය වෙලාවට තමන් වෙනුවෙන් කතා කරන්න.ගෞරවය වෙනුවෙන් අභියෝග කරන්න.තමාගේ හදවතට එකඟව කටයුතු කරන්න.
4)දෙයක් නොදැන සිටීමේ ලැජ්ජාවක් නොමැත.
කිසිම කෙනෙක් හැම දෙයක්ම දන්නේ නෑ..හැම ප්‍රශ්නෙකටම උත්තර දන්නෙත් නෑ..ඉතින් කිසිම වෙලාවක "මම දන්නේ නෑ" කියන එක ලැජ්ජාවක් නෙවෙයි.හැම දෙයක්ම දන්නවා වගේ පෙන්වන ඒකෙන් ඔබ හැම දෙයක්ම දන්නා කෙනෙක් වෙන්නේ නෑ.ඒ වුනත් ස්නායු විකාරියෙක්නම් වෙනවා.
ගොඩක් අය හිතන්නේ දන්නේ නෑ කියන එක ලැජ්ජාවට කරුණක් කියලා. ඒත් අපි හැමෝටම විටින් විට වැරදීම් වෙනවා.. නා ගන්නවා.. ඒක සාමාන්‍ය දෙයක්.
5)ආදරය යනු හැඟීමක් පමණක් නොව ඔබ කරනා තේරීමකි.
ඇතුලෙන් ගිනි අරගෙන කරන්ට් එක වැදිලා පටන් ගන්න ආදර කතා ගොඩක් වෙලාවට කල් පවතින්නේ නෑ.ඒත් ඒකෙන් කියන්නේ එහෙම එකක් දිග කාලයක් පවත්වා ගන්න එක කරන්න බැරි වැඩක් නෙවෙයි කියලා නෙවෙයි.ආදරය කියන්නේ හැඟීමක් විතරක් නෙවෙයි.හැම දවසකම කරන තේරීමක්. ඒ කියන්නේ අපි කොහොමද සිත් රිදවීම් අමතක කරන්නේ, කොහොමද සමාව දෙන්නේ, කොහොමද කරුණාවන්ත වෙන්නේ, කොහොමද ගරු කරන්නේ, කොහොමද සහයෝගය ලබා දෙන්නේ, කොහොමද විශ්වාසය රකින්නේ වගේ දේවල්.මේ හැම දෙයක්ම ඔබේ තේරීම අනුවයි සිදු වන්නේ.සම්භන්ධතාවයකට කැප කිරීමක් කරන්න වෙනවා.සමහර වෙලාවට ඒක ලේසි වෙන්නත් පුළුවන් අමාරු වෙන්නත් පුළුවන්.ඒත් ඔබ ක්‍රියා කරන්නේ කොහොමද කියන එක තියෙන්නේ ඔබේ අතේ.

ගොඩක් අය හිතන්නේ දන්නේ නෑ කියන එක ලැජ්ජාවට කරුණක් කියලා. ඒත් අපි හැමෝටම විටින් විට වැරදීම් වෙනවා.. නා ගන්නවා.. ඒක සාමාන්‍ය දෙයක්.5)ආදරය යනු හැඟීමක් පමණක් නොව ඔබ කරනා තේරීමකි.