ජිවිතයට යමක් !!! | Must Read !!!

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ජිවිතයට යමක් !!! | Must Read !!!

    වයස අවුරුදු 92ක් පමන වන මහලු මිනිසෙක් අද මහලු නිවාසයකට ඇතුල් වුනා. ඉතා ප්‍රසන්න අයෙක් වූ ඔහු තමන් ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වුන අයුරක් පෙනුනා.
    වයස අවුරුදු 70ක් පමන වූ ඔහුගේ බිරිද ටික කලකට පෙර ගොස් ඇති අතර එයින් පසු මෙපමන කලක් ඔහු තනිවම ඔහුගේ නිවසේ වාසය කර තිබෙනවා.

    පැය කීපයක මහලු නිවාසයේ ආලින්දයේ රැදී සිටිය ඔහුට අවසානයේ ඔහුගේ කාමරය සූදානම් බව පැවසුවා. එවිට සතුටින් සිනාසුනු ඔහු හැරමිටියේ ආධාරයෙ...න් සෙමින් සෙමින් විදුලි සෝපානය දෙසට පැමිනියා.

    කාමරයට පැමිනීමට පෙරම මම ඔහුට ඔහුගේ කාමරය විස්තර කලා.කාමරයේ ජනේල් වලට දමා ඇති තිර වල සිට සියලුම ලොකු කුඩා දේ විස්තර කර අවසානයේ ඔහු සතුටින් සිනා සුනා.

    "මම එයට ගොඩාක් කැමති" සුරතල් බලු පැටවෙකු දුටු විට සතුටු වන අවුරුදු 8ක දරුවෙකු මෙන් මහත් උද්‍යෝගයෙන් ඔහු පැවසුවා.

    "මහත්මයා ඔබ තවම ඔබගේ කාමරය දුටුවේත් නෑනේ, මදක් ඉවසන්න ,තව ටිකකින් අපි ඔබේ කමරයේ."මම ඔහුට කීවා.
    ."මම මගේ කාමරයට කැමති වීමට එය සියැසින් දැකීම අවශ්‍ය නෑ දරුවා" ඔහු පිලිතුරු දුන්නා.

    "සතුට කියන දේ මම කලින්ම තෝර ගන්නවා,කාමරයට මම කැමතිද නැද්ද කියන දේ කාමරයේ තියන ගෟහ භාණ්ඩ මතවත් කාමරයේ ඇති සුන්දර දේවල් මතවත් රදා පවතින්නේ නෑ...එය රදා පවතින්නේ ,මම එම කාමරය දැකීමට බලාපොරොත්තු වන ආකාරය මතයි."

    "මම මගේ කාමරයට ඉතා කැමති බවට මේ වන විට තීරණය කර අවසානයි,සෑම දිණයකම උදෑසන අවදි වන විට මම එම තීරණය ගන්නවා"

    "අවශ්‍ය නම් මට උදෑසන නින්දෙන් අවදි වුනු මොහොතේ පටන් යහන මතට වී මගේ දුර්වල ශරීරයේ රිදුම් දෙන ස්ථාන ගණන් කරමින් ඒ ගැන දුක් වෙමින් ඉන්න පුලුවන්,එහෙමත් නැත්නම් වයස 92ක් වූ පසුවත් මගේ ශරීරයේ හොදින් ක්‍රියා කරන ස්ථාන ගැන සිතමින් සතුටු වෙන්න පුලුවන්"


    "ජීවිතයේ සෑම දිනයක්ම ත්‍යාගයක්...මට මගේ ඇස් දෙක විවෘත කරන්න පුලුවන් ඒ සෑම දිනකම මම මගේ නව දවස පිලිබදව අවධානය යොමු කරනවා,ජීවිත කාලය පුරා මා ලබා ඇති සුන්දර මතකයන් සිහිපත් කරනවා"

    ජීවිතයේ සතුට සදහා පහත කරුණු සිතට ගන්න.



    1. ඔබේ හදවතින් වෛරය ඈත් කරන්න
    2. ඔබේ සිතෙන් ශෝකය ඉවත් කරන්න
    3. ජීවිතය සරල කර ගන්න
    4. වැඩියෙන් දෙන්න
    5. අඩුවෙන් බලාපොරොත්තු වන්න.


     
    Jul 5, 2009
    817
    249
    0
    At home


    1. ඔබේ හදවතින් වෛරය ඈත් කරන්න
    2. ඔබේ සිතෙන් ශෝකය ඉවත් කරන්න
    3. ජීවිතය සරල කර ගන්න
    4. වැඩියෙන් දෙන්න
    5. අඩුවෙන් බලාපොරොත්තු වන්න.



    :yes::yes::yes: Follow These :yes::yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පට්ට බන්. මාරම වටිනවා.:)
    09115e597def.gif
     

    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    වයස අවුරුදු 92ක් පමන වන මහලු මිනිසෙක් අද මහලු නිවාසයකට ඇතුල් වුනා. ඉතා ප්‍රසන්න අයෙක් වූ ඔහු තමන් ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වුන අයුරක් පෙනුනා.
    වයස අවුරුදු 70ක් පමන වූ ඔහුගේ බිරිද ටික කලකට පෙර ගොස් ඇති අතර එයින් පසු මෙපමන කලක් ඔහු තනිවම ඔහුගේ නිවසේ වාසය කර තිබෙනවා.

    ගොස් ඇති අතර කියන්නේ මැරිලද නැත්නම් දාලා ගිහිලාද මේ සීයාව??:D:D:P
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නිවස;13294077 said:
    ගොස් ඇති අතර කියන්නේ මැරිලද නැත්නම් දාලා ගිහිලාද මේ සීයාව??:D:D:P

    හිටපන් අහල කියන්නම්:P:P