ජිවිතයේ තෘප්තිය සොයා යාම

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජිවිතයේ තෘප්තිය සොයා යාම

    මේ මාතෘකාව ගැන මුණු පොතේ ලියපන් කිවේ අපේ පන්තියේ සර් මේකට හේතුවුනේ ගොඩක්ම අද තියෙන නාගරීකරණය එක්ක ඇතිවන විෂමතා නිසා අපේ මිනිසුන්ගේ රසවින්දනයට විනෝදයට වෙලා තියෙන බලපෑම.
    අපි පොඩි කාලෙට ගියොත් අපිට පොඩි කාලේ හුගක් යාලුවෝ හිටියා .පිස්සුත් කෙලියා අපේ ග්‍රහණයට ලක්නොවුණු අඹ ගහක් ජම්බු ගහක් හොයාගන්න බැරිතරම් පස්සේ අපි දැන් කොහොමහරි කර දඩු උස්මහත් වෙලා ලොකු එවුන් වෙලා සමහරුන් රැකියා කරති තවත් උන් විදේශයේ වෙසෙති තවත් උන් මා වගේ ගෙදරට වී කති බොති නිදති .

    ඉතින් මේ කාලේ විනොදවෙන්න මුකුත් කරන්නේ නැ දවස් 5ම වැඩකරලා සෙනසුරාදා ඉරිදා එළිවෙනකම් නිදියනවා ඔය අතර මැද්දේ රජයේ නිවාඩු දිනයක් වැටුනොත් එදාට බොනවා .එච්චරයි ඔය අතර කියනවා මට මේ ජිවිතේ දැන් එපා වෙලා හරිම ඒකාකාරී කියලා.

    දැන් බලපල්ලා වෙසක් වලට දවස් කියද .... පාරේ යනකොට කුඩාරම් අටවාගෙන මිනිස්සු වෙසක් කුඩු විකුනනවා නත්තලත් ඒ වගේමයි කස ගස් නුවරඑළියෙන් ගෙනල්ලා විකුනනවා අවුරුද්දට ගෙදර හදන්න ඕනේ කැවිලි ඔක්කොම ටික කඩේ අඩුවට විකුනනවා හැමදේම සල්ලි උපයගන්න මාර්ගයක් වෙලා .

    ඉස්සර........

    වෙසක් එකට ලොකුම ගේම උණබටයක් හොයාගන්න එක ,නත්තල ට කස ගහක් නැත්නම් දන්සලට දර ටික පලගන්න එක කඩෙන් ගන්න වෙසක් කුඩු වලට වැඩිය කොච්චර ආතල් එකක් අපි ඒ දවස් වල ඕවා හොයන්න ගිහින් අරගත්තද ??? ගෙදර හදන වෙසක් කුඩුවෙන් ,නත්තල් ගහෙන් නැත්නම් අවුරුද්දට හදන කැවිලි වලින් අපි කොච්චර තෘප්තියක් ලැබුවාද ?? තෘප්තිය ලබන්න විනෝද චාරිකා යන්නම ඕනේ නැ අපි කරන පොඩි පොඩි දේවල් වලින් අපිට විශාල තෘප්තියක් නැත්නම් ජොලියක් ගන්න පුළුවන්

    මන් නම් ඉඩ ලැබෙන හැම අවස්ථාවක ම මාළු අල්ලන්න යනවා ,බයික් එකට තෙල් ගහගෙන ඔලුව හැරුණු අතේ යනවා ගම්පහින් පිටත් වෙන එකා එක්කෝ මතුවෙන්නේ මීගමුවේ බීච් එකෙන් නැත්නම් පොළොන්නරුවෙන් නැත්නම් කුරුණෑගලින් ඕවා කරන්න වෙලාවක් නැතිවුනම උස ගහක් හොයන් ඔය ගහ මුදුනටම නගිනවා නැගලා වටේ කදු දිහා බලන් ඉන්නවා හැම පොඩි වැඩකින්ම අලුත් තෘප්තියක් ජවයක් හිතට වදිනවා .

    අපි කරදඩු හයිය තියෙනකම් සල්ලි පස්සේ යයි ...ජොබ් කරයි ...ඉදලා හිටලා අරක්කුත් පානය කරයි එත් එතනින් එහාට අපිට ලැබුනේ මොනවාද පොඩ්ඩක් විනෝදය ගැන හිතන්නේ නැතුව අපි ජිවත් වෙන්න ඕනේ අපි වයසට යනකොට අපෙන් පස්සේ එන උන්ට අසාවෙන් කියන්න පුළුවන් අතීතයක් එකතු කරගන්න .

    අද ගොඩක් ළමයි ඒකාකාරී වෙලා තියෙන්නේ ඔන්න ඔය අතීතේ තමුන්ගේ ළමයින්ට දෙන්න බැරිවීම තුල 5 ශිෂ්‍යත්වය විභාගෙන් පටන් ගන්න ටියුෂන් කෙරුවාව ඉවර වෙන්නේ එක්කෝ කැම්පස් එකෙන් නැත්නම් ටෙක් එකකින් ඊට පස්සේ කසාදයක් බන්දලා දෙනවා මිසක් උන්ට උන්ගේ ජිවිතේ විදින්න කියාදෙන්නේ නැ

    ඒ ඇයි ?????

    කියලා අහපුවම කියන්නේ අපෝ මේ කාලේ කවද විශ්වාස කරන්න පුළුවන් හතරවටෙම මිනීමැරුම් ජාවාරම් ඉතින් කොහොමද ළමයෙක්ව එලියට බැහැල යන්න දෙන්නේ කියලා කියන්න තියෙන්නේ මෙච්චරයි ඔය තත්වේ එදාත් තිබුනා හෙටත් තියෙනවා ඉස්සරහටත් තියෙයි . පොඩි උන්ට නිදහසේ සමාජයේ හැසිරෙන්න ඉඩ දෙන්න හැබැයි නිතරම ළමයි ගැන ඇස් යොමාගෙන ඉන්න එතකොට හරි ..... කවදාහරි ඔය පොඩි උන්ට විභාග වලදී ගත්ත ලකුණු වලට වඩා ඔය අත්දැකීම් වටිනවා

    සොහොන



    1491760_643447139060305_3539336038872484620_n.jpg