ජිවිත රක්ෂණයක් තියෙනවද?
ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද?
ඔබට ජිවිත රක්ෂණයක් තියෙනවද? බොහෝ දෙනෙකුගේ පිළිතුර විය යුත්තේ "නැහැ" යන්නයි. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ කියාවි
මොන ජීවිත රක්ෂණද මේ කාලේ වියදම් පිරිමහගන්නෙත් බොහොම අමාරුවෙන් කියලා. ලංකාවෙ මිනිස්සු අතර ඉස්සරට වඩා රක්ෂණය
කෙරෙහි පෙළඹවීමක් තිබුණත් තවමත් රක්ෂණය පිළිබඳ මිනිස්සුන්ගෙ යහපත් ආකල්පයක් නැහැ. කොටින්ම ඔබ ඔබේ වාහනයටත් පුලුවන්
නම් තුන්වන පාර්ශව සිංහලෙන් කියනවා නම් තර්ඩ් පාටි රක්ෂණයක් දාගෙන ශේප් වෙන්නයි උත්සහ කරන්නෙ.
ඔබට ජීවිත රක්ෂණයක් අවශ්‍යය වෙන්නෙ ඇයි?
ඔබ හෙට උදේ පත්තරේ අතට ගන්න මුල සිට අගට ඇති හදිසි අනතුරු හා හදිසි මරණ ගණන් කරන්න. ඒ කිසිවෙකුත් මින් පෙර දිනයේ
ඔවුන්ට එසේ වේවි යැයි සිතන්නට නැතුව ඇති. එසේ නම් ඔබට හිතන්න පුලුවන් ද අනිද්දා පත්තරේ ඔබේ මරණය හෝ හදිසි අනතුරක්
පළ නොවේවි කියලා. නැහැ හදිසි අනතුරු වලට ලක් වෙන කවුරුත් කලින් ඒ බව හිතන්නෙ නැහැ. ඔබට කියයි මටනෙ වෙන්නෙ අනිත්
මොකද කියලා. එතකොට ඔබේ දරු පවුල? ඔබේ දෙමවුපියන්? ඒ අයට මොකද වෙන්නෙ? ඔබ නැති දිනක ඔබේ දරුවන්ට ඔබ දුන් සතුට
දෙන්නට වෙනත් අයෙක් ඉදිරිපත් වේවිද? ඔබ ඔවුන්ට කැමති ආහාර පාන සෙල්ලම් බඩු ගෙනත් දෙන්නෙ කොයි තරම් ආදරෙන් ද? නමුත්
ඔබ නැති දිනක ඔවුන්ට ඒවා දෙන්නෙ කවුද? ඔබ මේ ගැන මඳක් හෝ හිතුවද?
ඔබට කන්න බොන්න දීලා ඔබව උස්මහත් කරපු දෙමවුපියෝ ඔබ ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවද? ඒ අයට ඔබේ
රැකවරණය මඟහැරුණොත් ඒ අයට කාගේ පිහිටක් ද? හැදු වැඩූ දරුවා වියෝ වූ විට දෙමවුපියන් කොයි තරම් අසරණ වෙනවද?
ඔබ නැති වූ විට ඔබේ බිරිඳ ඔබේ දරුවන්ට කන්න බොන්න දෙන්නෙ මොනවා කරලද?
ඔබ සදාකාලිකවම එකතැන් උවොත් ඔබව ඔබේ බිරිඳ රැක බලාගනිවි නමුත් ඔවුන්ට ලැබෙන්නට ආදායමක් තිබෙනවාද? ඔබේ ජීවිතය වැදගත්
වෙන්නෙ ඔබට පමණක් නෙමෙයි ඔබෙන් යැපෙන බොහෝ දෙනෙක්ට ඔබේ ජීවිතය තීරණාත්මකයි.
ඔබේ ජීවිතයේ අවධානම බාරගන්න තමයි රක්ෂණ සමාගම් සැදී පැහැදී ඉන්නෙ. ඔබ මාසිකව රක්ෂණය සඳහා වෙන් කරන මුදලට සාපේක්ෂව
ඔබ අසරණ වූ මොහොතක ඉතා විශාල මුදලක් ඔබේ දරුපවුලට හිමි වෙනවා. ඔබ නැති කළක දරුවන්ට දරුවන්ගෙ ජීවිත ඉදිරියට ගෙනියන්න
ශක්තියක් ලැබෙනවා, ඔබේ බිරිඳට කාටවත් අත නොපා ජිවීතේ ඉදිරියට ගමන් කරන්න පුලුවන් වෙනවා. ඔබ නැතත් ඔබේ හැදූ වැඩූ දෙමවුපියන්ට
කළ ගුණ සලකනවා. ඔවුන්ගේ ජිවිත සුරක්ෂිත වෙනවා.
ඔබම හිතන්න ජීවිත රක්ෂණයක් කියන්නෙ ඔබව ගිලින්න එන බිල්ලෙක් කියලා හිතන්න එපා ජීවිත රක්ෂණයක අගය ඔබට දැනෙන්නෙ
ඔබ අසරණ වූ වෙලාවකයි. ඒ මොහොතේ පසුතැවීමෙන් පලක් වෙන්නෙ නෑ. දැන්ම හිතන්න. අනාගතය සැලසුම් කරන්න.
"මේ දේ කියන මම රක්ෂණ ප්‍රවර්ධන නිලධාරියෙක් නම් නෙමෙයි.
හැබැයි රක්ෂණ වලට මිනිස්සුන්ගෙ තියෙන නැඹුරු බව මදි කියලා දැනෙන නිසයි මේ දේ ලියන්න හිතුවෙ. "

මිනිස්සුන්ට ඕක එපා වෙන්න හේතුව කියන කොට වගෙ නෙමෙයි ගන්න ගියාම
ජිවිත රක්ෂණයක් තියෙන එක නම් හොදයි 