ජීප් මෝටර් රථ ඉතිහාසය

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ජීප් මෝටර් රථ ඉතිහාසය



    ජීප් මෝටර් රථ ඉතිහාසය

    කවුද ජීප් නම හඳුනාගන්නේ නැත්තේ?ඒ‌ තරම්ම ජීප් මෝටර් රථ නාමය ජනප්‍රිය අතර සියලුම ත්‍රාසජනක ධාවන අත්දැකීම් සම්බන්ධව සහ ලොව හොඳම මෝටර් රථ අතුරින් එකක ගමන් කිරීමේ අව්‍යජ ප්‍රීතියද ඔබ වෙත ගෙන එයි.

    ජීප් මෝටර් රථ වල Wagoneer ,Cherokee, Rubicon සහ Wrangler යනු බොහෝ ජනප්‍රිය නාමයන් ලෙස සඳහන් කල හැකි අතර ජීප් නම නොතකා එක් එක් ජීප් රථ මාදිළි අද්විතීය සහ සුවිශේෂී ආකාරයෙන් සැලසුම් කර ඇත.ජීප් මෝටර් රථ ඉතිහාසයට ආපසු යන්නේ නම් මෙම මෝටර් රථ නිෂ්පාදකයා බොහෝ යුද්ධ හා සටන්වලට විශාල දායකත්වයක් සපයා ඇ‌ත.

    ජීප් මෝටර් රථ සමාගම හා දෙවන ලෝක යුද්ධයේ දී සන්නද්ධ හමුදා විසින් භාවිතා කරන ලද 4x4 උපයෝගිතා මෝටර් රථ ලෙස ආරම්භකල නමුත් අවසානයේදී සාර්ථක බවක් ලබා ගැනීමෙන් පසුව එම සමාගම මහජන උපයෝගිතා මෝටර් රථ නිර්මාණය කිරීමට මාරු විය.කෙසේ වෙතත් ජීප් මෝටර් රථ ආරම්භ වූ දිනය සහ නිර්මතෘ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි සාක්ෂි නැති බැවින් ඒ‌ ගැන පැහැදිලි කිරීම හා කථා කිරීම දුෂ්කර තරමක් දුෂ්කර කාර්‍ය්‍යයකි.ඒ කෙසේ වෙතත් ජීප් මෝටර් රථයේ මූලාරම්භය සොයාගත හැකි වන්නේ 1941 දීය.එම වසරේ දී විලීස් ට්‍රක්(Willy’s Trucks)හඳුන්වා දෙන ලද අතර මුලින්ම එය "ජීප්" යන නමින් 1947 දී ප්‍රචාය කරන ලද බව පැවසේ.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු 1945 දී ප්‍රසිද්ධ Willy's -Overland මෝටර් රථය ගොවිපල වල අශ්වයන් හට තෘණ ප්‍රවහනය අරමුණ ඇතිව CJ බවට පරිවර්තනය කරන ලද අතර එහි ප්‍රථිඵලයක් ලෙස එය CJ -24 ලෙස සමස්ත ගොවිපල වැඩ සඳහාම කරන ලද නිර්මාණය බවට පරිවර්ථනය කරන ලදී.ඉන් වසර දෙකකට පසු පෙර දැන්වීමකින් එය ජීප් ට්‍රක් යන වචනයෙන් හඳුන්වා දෙන ලදී.

    වැඩි කල් යන්න කලින් ටූ වීල් ඩ්‍රයිව් සහ ෆෝර්වීල් ඩ්‍රයිව් ට්‍රක් රථ වෙළෙඳපොළ තුළට එක් විය.මෙම ට්‍රක් රථ සඳහා පික්අප් බෙඩ්(pickup bed)සවිකරන ලද අතර ප්‍රසිද්ධ විලීස් වැගන්(Willy’s Wagon)ලෙස බොහෝ කාර්‍ය්‍යයන් සඳහා භාවිතා කළ හැකි විය.ඒ නිසා ඔවුන් ජීප් නමින් ජනප්‍රිය විය.වර්ෂ 1948 දී ස්පෝර්ට් මෝටර් රථයක් ලෙස සුප්‍රසිද්ධ Jeep Jeepster එළිදක්වන ලද නමුත් එය කාර්‍ය්‍යය සාධනයේ අඩු බවක් පෙන්වීය.

    1940 දශකය අවසන් වන විට මීට පෙර කවදාවත් දැක නැති බොහෝ වෙනස්කම් ඇතුලත් විනෝද මෝටර් රථ වල පියා ලෙස සලකනු ලබන CJ-3A හඳුන්වා දෙන ලදී.1950 දශකය ආරම්භයත් සමග Jeep M38 සහ Combat version CJ-3A හඳුන්වා දෙන ලද අතර මෙම මෝටර් රථය හමුදාවේ ඇදහිය නොහැකි තරම් ජනප්‍රිය විය.වර්ෂ 1955 දී CJ-5 මෘදු හැඩගැන්වීම් සහ වටකුරු බොඩි අංගවලින් සමන්විත වූ අතර මෙම මෝටර් රථය ප්‍රතිපාර්ශවයන්ට වඩා ශක්තිමත්,ඔෆ් රෝඩ් හි වඩා දක්ෂ,හුරුබුහුටි සහ වඩා සැප පහසු විය.

    1960 වන විට ජීප් මෝටර් රථ විනෝදාත්මක හා ස්පෝර්ට්ස් හැකියාවන් ගේ සිට තනිකරම උපයෝගීතාවය හා රිය පැදවීම අත්දැකීම් රාශියක් සමග ඇදහිය නොහැකි තරම් ජනප්‍රිය පදයක් බවට පත් වූ අතර මේ කාලය තුළ දී සමාගම විසින් වෑන් රථ නිෂ්පාදනය ද ආ‌රම්භ කරන ලදී.1962 දී Jeep Wagoneer මෝටර් රථය සමග ජීප් ලාංඡනය හඳුන්වා දෙන ලදී.ඉන් වසර කිහිපයකට පසු J-series ට්‍රක් රථ මාලාවක් හඳුන්වා දුන් අතර වඩාත් ප්‍රසිද්ධ J-3000 මෝටර් රථය විකල්ප Vigilante V-8 එන්ජින් සහ සම්මත ජීප් Hi-Torque 6 විශේෂාංග සහිතව හඳුන්වා දෙන ලදී.

    1970 දශකයේ මුල් කාලය ජීප් මෝටර් රථ සඳහා ඇදහිය නොහැකි තරම් සාර්ථක දශකයක විය.මේ කාලයේ දී ජීප් Jeep Cherokee නිෂ්පාදනය ආරම්භ කරන ලද අතර 21 වන ශතවර්ෂයේ දෙවන දශකය දක්වාම මිනිස්සු චෙරොකෝ ජීප් රථ මෝස්තර වලින් හොඳම එකක් ලෙස එම මෝටර් රථය ගැන සිතීමට තරම් එම රථය,මෝටර් රථ කර්මාන්තය තුල යම් බලපෑමක් කර ඇත.මීට අමතරව මෙම කාලය වන විට ජීප් වෙළෙඳ නාමය ලොව පුරා පිළිගැනීමට ලක්වූ අතර ඔවුන්ගේ සියලුම ජීප් රථ ආකෘති කාර්‍ය්‍යයක්ෂමතාව සඳහා සම්මාන ගණනාවක් සමග වඩා කීර්තිය ලබා ද ගත් අතර ප්‍රසිද්ධ ජීප් චෙරෝකේ දියත් කර දශකයක් ඇතුලත විවිධ ජීප් මෝටර් රථ ආකෘති 6-7 ක් නිර්මාණය කර එළිදක්වන ලදී.එපමණක් නොව ඊටත් වඩා රට පුරා සහ ලොව පුරා ජීප් නාමය ගෙනයන ලදී.

    1980 වන විට පෙර පැවති චෙරෝකේ ආකෘති ඊටත් වඩා වැඩි දියුණු කර නව දශකය සමග ඉදිරිපත් කරන ලද අතර මෙම කාල සීමාව තුලදී ජනප්‍රිය Cherokee XJ සිත්ගන්නා සුළු මාලාවක් හඳුන්වා දීම මගින් 4x4 මෝටර් රථ වෙළෙඳපොළ තුල විප්ලවීය වෙනසක් සිදු කිරීමට සාර්ථක කළමණාකරණය මගින් හැකිවිය.ඒ සැනින් පළමු UniFrame ඉදිකිරීම් සහ පළමු පූර්ණ 4x4 සමග shift-on-the-fly පද්ධතිය සහ සංයුක්ත දොර හතරේ SUV රථය ද හඳුන්වා දෙන ලදී.කෙසේ වෙතත් 1987 දී ජීප් මෝටර් රථ,ඇමරිකානු මෝටර් රථ සමාගමක් වන ක්‍රයිස්ලර් ඔටෝමොබයිල්ස් විසින් එහි හිමිකරිත්වය සහ ඉතිරි වත්කම් සමග අත්පත් කරන ලදී.

    1990 දශකය Jeep Wrangler මෝටර් රථය සඳහා හොඳ කාලයක් විය.මෙම රථය ගැන සලකා බැලීමේදී එය ක්ෂණිකව නොපෙනීයාමට හොඳම යන්ත්‍රය වූ අතර එය තවමත් පරිපූර්ණ මෝටර් රථයක් ලෙස සලකනු ලබයි.1997 දී එය සුවිශේෂී මාර්ග මත භාවිතය සහ ඔෆ් රෝඩ් හැකියාව මනාව පෙන්නුම් කල අතර එම වසරේ දීම කීර්තිමත් වසරේ හොඳම 4x4 සම්මානය දිනා ගැනීමට ද සමත් විය.

    ජීප් මෝටර් රථ ඇ‌දහිය නොහැකිතරම් ජනප්‍රිය වූ අතර එහි කොටස් වලින් 80% ක්ම වාගේ අලුතින් නිර්මාණය කරන ලද අතර සාම්ප්‍රදායික කොළ දුනු වෙනුවට අලුත්ම හා නවතම වැඩි දියුණු ක්වාඩ්රා-කොයිල් සස්පෙන්ෂන්(Quadra-coil suspension)සමන්විත වූ නිසා බොහෝ සෙයින් මාර්ග මත පහසු ලෙස ගමන් කිරීමේ හැකියාව වර්ධනය වූ අතර ඉන් තවත් ඉදිරියට යමින් බොහෝ ජීප් මාදිලි හඳුන්වා දෙන ලදී.ඒ‌වා අතුරින් හොඳම ජීප් රථ වලට Jeep Rubicon, Liberty, Patriot, Compass සහ Commander ඇතුළත් වූ අතර ජීප් රථ නව සියවස පුරා ඉහළ අලෙවිය සහිතව තවමත් මෝටර් රථ වෙළෙඳපොළ තුළ ශක්තිමත් ස්ථාවරත්වයක් පවත්වාගෙනයයි.

    දැන් ජීප් ඔටෝමොබයිල්ස් එක්සත් ජනපදයේ හොඳම වර්ගයේ ට්‍රක් රථ හා SUV රථය නිෂ්පාදකයන් එකක් ලෙස පවතින අතර එය රටවල් 140 කට පමණ එහි මෝටර් රථ අලෙවි කරන අති දැවැන්ත සමාගමකි.කෙසේ වෙතත් පසුගිය කාලසීමාව තුලද දී ජීප් සමාගම නැවත් ෆියට් ක්‍රයිස්ලර් ඔටෝමොබයිල්ස් (FCA US LLC) විසින් පවරා ගන්නා ලද නමුත් එහි ප්‍රසිද්ධ Wrangler, Cherokee, Compass, Patriot ජීප් ශේණියේ විවිධාකාර නව මදිලි බොහොමයක් ඉදිරිපත් කිරීමට සාර්ථකව සමත් වී ඇත.

    විශේෂ තොරතුරැ

    මෙම ජීප් නාමය සම්භවයට පෙර 1940 දශකය ආරම්භයේ දී ට්‍රක් රථ බොහෝ පොදු කාර්ය ලෙස මෝටර් රථ ලෙස ඇගයීමට ලක් කරන ලදී. වැඩිපුරම මෙම පොදු මෝටර් රථ බොහොමයක් Bantom, Willy’s සහ Ford යන සමාගම් විසින් නිපදවන ලදී.මීට අමතරව ජීප් නම ලොව පුරා රටවල් කිහිපයක් 4x4 මෝටර් රථ සඳහා පොදු පදයක් ලෙස භාවිතා කරන අතර වඩාත් ජනප්‍රිය මෝටර් රථ අතර මෝටර් රථ මොඩිෆයි කිරීමට සහ DIY(Do it by yourself)කටයුතු සම්බන්ධ කැමති ජනයා අතර ජීප් මෝටර් රථ වඩාත් ජනප්‍රිය වෙළඳනාමයක් ලෙස සැලකේ.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    25/10/2017
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Jeep Wrangler VS Mahindra Thar

    1934fd35c050d33263c94dc7412235edx.jpg


    mahindra-thar.jpg