රෝසි නෝනගෙ පෝර්ෂ් (Porsche) එක ගන්න හිතයි

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    විකිණීමට නියමිත මෙම සියලු වාහන වසර දහයක් ඇතුළත නිෂ්පාදිත වාහන වන අතර මීට අදාළ මිල ගණන් කැඳවීම අද (14) දිනයෙන් අවසන් විය.

    හෙට වෙන්දේසි වන මෙම වාහන අතර
    බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 01ක්,
    ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්,
    හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්,
    ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්,
    මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්,
    නිසාන් පෙට්‍රල් රථ 03ක්,
    නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්,

    පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්,
    ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්,
    ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්,
    වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

    ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

    රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

    මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිත කළ වාහන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


    source
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,995
    2,345
    113
    Birmingham
    ඔය සල්ලි කොහෙටද යන්නේ ? අස්වැසුම හිගන්නුන්ට ද සමුර්දි පොන්නයෝන්ටද :D
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,593
    3,153
    113
    අලුතෙන් ගෙනවට වඩා. තියන ටික තියාගත්තනම් හොදයි නේ
     
    • Like
    Reactions: Mugen

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    වේයෝ කාපු වාහන ගන්න පිස්සුද බන් දැන් ගොඩ කාලයක් ගිහින්නේ දැන් පැත්තක් ම වේයෝ කාලා දිරලා ඇති. :rofl: