ජීවතය අනියතය මරණය නියතය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජීවතය අනියතය මරණය නියතය

    549450_356064844456553_228131663916539_968068_517600885_n.jpg



    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හිමිදිරි උදයේ
    සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
    කාටද ඇඳුම වියන්නේ
    මේ පොඩි ඇඳුම වියන්නේ
    මාල ගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇඳුම වියන්නේ
    කාටද ඇඳුම වියන්නේ

    මාල ගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇඳුම වියන්නේ
    ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි
    මේ පොඩි ඇඳුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හැන්දෑ යාමේ
    හැඩ වැඩ දමලා ලස්සන කරලා
    කාටද ඇඳුම වියන්නේ
    දිලිසෙන ඇඳුම වියන්නේ
    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇඳුම වියන්නේ
    කාටද ඇඳුම වියන්නේ

    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇඳුම වියන්නේ
    ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි
    මංගල ඇඳුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    සීතල හඳ එළියේ
    මැලැවුණු මුහුණින් වෙවුලන දෑතින්
    කාටද සළුව වියන්නේ
    සිතල සළුව වියන්නේ
    කණ කොක් තටුවේ සුදු මැලි පාටින්
    සිතල සළුව වියන්නේ
    කාටද සළුව වියන්නේ

    කණකොක් තටුවේ සුදු මැලි පාටින්
    සිතල සළුව වියන්නේ
    මියගිය ඇයගේ මිනිය වහන්නයි
    සීතල සළුව වියන්නේ

    පබැදුම - මහගමසේකර ශූරීන්
    ගායනය - අමරදේව ශූරීන්




     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජීවිතයේ යථාර්ථය යථාර්ථවාදී ලෙසම කවි ලියපු සේකර ශූරින්ගෙ පදවැල් පණ්ඩිත් අමරදේවයන්ගෙ හඬින් ඇහෙද්දි ජීවිතේ හුඟාක් වේදනාකාරී රසයක් සින්දුවෙන් දැනෙන්නෙ කොහොම වුනත් මුළු ජීවිතේම පදවැල් කීපයකින් හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරන ගීත රචනා කල යථාර්ථවාදී සාහිත්‍යයධරයා වත් නැවත අන්තර්ජාලය තුල ජීවමාන කල ලොවි ඔබට මගේ ප්‍රණාමය !
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    podi kale mukut terenne nati unath,oya sinduwa ahenakota mara dukak denune..ai kiyala nam danne ne..
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කණකොක් තටුවේ සුදු මැලි පාටින්
    සිතල සළුව වියන්නේ
    මියගිය ඇයගේ මිනිය වහන්නයි
    සීතල සළුව වියන්නේ