ජීවන්ත ද සිල්වා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ජීවන්ත ද සිල්වා

    පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ
    ජීවන්තට යළි ජීවය දෙන්න ඔබේ පිහිට අවශ්‍යයි

    ඡායාරූප හා සටහන - මස්‌කෙළිය ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක|Divaina

    72516_494917540560334_232939988_n.jpg


    මස්‌කෙළිය, කුඩා මස්‌කෙළිය ග්‍රාමයේ පදිංචිව සිටින කුරුකුලසූරිය පටබැඳිගේ විරා- ජීවන්ත ද සිල්වා (27) තරුණයා 2008 වසරේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකායට පොලිස්‌ කොස්‌තාපල්වරයකු ලෙස බැඳුණේ තම පවුලේ සියලු බර උර මත තබාගෙනය.

    විශේෂ කාර්ය බළකායට අයත් පොතුවිල් ප්‍රදේශයේ කඳවුරේ රාජකාරී කටයුතුවල නිරතව සිටියදී 2012.09.24 වැනි දින හදිසි අනතුරකට ලක්‌වීමෙන් (පිපිරීමකින්) මොහුගේ දෑතේ මැණික්‌ කටුව හන්දියෙන් ඉවත් කර ඇති අතර එහිදී සිදුවූ බරපතළ තුවාල නිසා වම් ඇසද ඉවත් කිරීමට සිදුව ඇත.

    සොහොයුරියන් සිව් දෙනකුගේ පවුලේ වැඩිමහල් එකම පිරිමි දරුවා ලෙස උපන් ජීවන්ත ද සිල්වාට අ. පො. ස. (උසස්‌ පෙළ) දක්‌වා අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය අතරමග නවතා දැමීමට සිදුවූයේ, තම පියා දරුණු පිළිකා රෝගයකින් පෙළෙන නිසාය. 2004 වසරේදී පියා හදිසියේ මිය ගියේ පවුලේ සියලු බර ජීවන්තගේ කර පිට පටවමිනි. මවටද රැකියාවක්‌ නොතිබුණ නිසා සොහොයුරියන්ගේ අධ්‍යාපන කටයුතු හා පවුලේ නඩත්තුව වෙනුවෙන් ප්‍රදේශයේ රැකියාවන් කීපයක නිරත වුණු ජීවන්තට ලැබුණු වැටුප පවුලේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ප්‍රමාණවත් නොවිණි. අවසානයේ ඔහු තම මවගේ ආශිර්වාදය ඇතිව 2008 වසරේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකායට එක්‌වූයේ දහසක්‌ පැතුම් සිත්හි දරාගෙනය.

    රැකියාවෙන් ලද වැටුපෙන් සොහොයුරියන්ගේ අධ්‍යාපන කටයුතු හා පවුලේ නඩත්තුවටද දායක වූ ජීවන්ත නිවසේ ඉදිකිරීම් කටයුතුද සුළුවෙන් ආරම්භ කළේය. නව යොවුන් වියේ පසු වූ ඔහුට අනෙක්‌ තරුණයන්ට මෙන්ම ඉදිරි අනාගතය ගැන සුන්දර බලාපොරොත්තු තිබුණත් ඒ සියල්ල සුනු විසුණු කරමින් නොසිතූ මොහොතක, නොසිතූ ලෙස ඉතා බිහිසුණු අත්දැකීමකින් දෑතම පමණක්‌ නොව එක්‌ ඇසක්‌ ද අහිමි වී ගියේය.

    දැනට නාරාහේන්පිට පොලිස්‌ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විරා- ජීවන්ත ද සිල්වා තරුණයාට ප්‍රතිකාර කරන ශල්‍ය වෛද්‍ය විශේෂඥ රෝහණ විදානගමගේ හා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික දිසානායක යන මහත්වරු පවසන්නේ, මොහුට ඉදිරි වැඩකටයුතු කරගෙන යැම සඳහා කෘත්‍රිම අත් දෙකක්‌ සවි කළ යුතු බවත් ඒ සඳහා ඉන්දියාවේ ''OTTO BOCK'' ආයතනය වෙත යෑවිය යුතු බවත්ය. ඒ සඳහා රුපියල් ලක්‍ෂ හතලිහකට (40,00000/}) ආසන්න මුදලක්‌ වැයවන බව වෛද්‍යවරු පවසති. තවද ඉන්දියාවේ නේවාසිකව සිට ශල්‍යකර්මයෙන් පසුව කෘත්‍රිම අත්වලින් ක්‍රියාකිරීම පිළිබඳව පුහුණුවක්‌ ලැබිය යුතු බවත්, කීප වාරයක්‌ ඒ සඳහා ඉන්දියාව බලා යැමට සිදුවනු ඇති බවත්ය.

    මෙම තරුණයාගේ මව වන එස්‌. පී. ලලිතා මහත්මිය අප සමඟ කියා සිටියේ තවමත් පාසල් යන දරුවන් දෙදෙනෙක්‌ පවුලේ සිටින බවත් දැඩි ආර්ථික අපහසුතාවයන් මැද ජීවන සටනට උරදී සිටින තමන්ට මෙවැනි විශාල මුදලක්‌ සොයා ගැනීම සිහිනයක්‌ බවත්ය. පවුල ගොඩගැනීමට සිටි එකම පුතුට සිදුවූ මෙම හදිසි අනතුර නිසා දැඩි මානසික පීඩාවට පත්ව සිටින ලලිතා මහත්මිය අප සමඟ හැඬූ කඳුළින් කියා සිටියේ තම පුතණුවන්ගේ දෑත් සඳහා අවශ්‍ය ප්ලාස්‌ටික්‌ ශල්‍යකර්මය කිරීමට වැයවන විශාල මුදල සොයා ගැනීමට උපකාරයක්‌ කරන ලෙසයි.

    මෙම තරුණයාගේ ඉදිරි අනාගත අපේක්‌ෂාවන් හැකි පමණින් හෝ සඵල කළ හැක්‌කේ මානව හිතවාදී පරිත්‍යාගශීලි හදවත් ඇති ඔබට පමණය. මෙම තරුණයාට යළි ජීවිතය දෙන්න ඉදිරිපත් වන ලෙස ඔබ සැමගෙන් විශේෂ ඉල්ලීමක්‌ කෙරේ.

    ජීවන්ත තරුණයාගේ මව වන සූරිය පටබැඳිගේ ලලිතා මහත්මිය නමින් මස්‌කෙලිය මහජන බැංකුවේ 178200280008337 දරන ගිණුම් අංකයට පරිත්‍යාගශීලීන්ගේ මුදල් බැර කරන ලෙස ජීවන්තගේ මව ඉල්ලා සිටින්නීය.