ජීවමාන සිතුවමක එකම උරුමකරු

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ජීවමාන සිතුවමක එකම උරුමකරු

    ඇතැම් නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණය සඳහා සාධාරණයක් කිරීමට බොහෝ සේ වෙහෙසෙනු ලබති. එවැනි කලාකරුවන් අතරින් විශිෂ්ට කලාකරුවෙකු ‍ලෙස Riusuke Fukahori හැඳින්විය හැකිය. ඔහුගේ කලා ලක්ෂණය වන්නේ ඔහු නිර්මාණය කරනු ලබන නිර්මාණයන් සඳහා ජීවනයක් ලබාදීමයි.
    1_Goldfish-Salvation_Riusuke-Fukahori.png

    Riusuke Fukahori විසින් ත්‍රිමාන ආකාරයට ඔහු කැමතිම සුරතලා වන ගෝල්ඩ් ෆිෂ් මාළුවාව නිර්මාණය කරනු ලබයි. මෙය ඉතාමත් සංකීර්ණ කලා නිර්මාණයකි. ඉතා සූක්ෂ්ම ලෙස මෙය නිර්මාණය කිරීම සඳහා බොහෝ වෙහෙසක් දැරීමට සිදුවේ. මෙම කලාව එක්තරා මට්ටමින් ලොව හඳුනනු ලබන්නේ ගාඩිනියා පින්තාරු කලාව ලෙසිනි. එම කලාවටම අමතරව වෙනස් පැතිකඩයන් මෙහි අන්තර්ගත වනු ලබයි.
    භාජනයක් තුළ පීනන මාළුවෙකුගේ කලා කෘතියක් නිර්මාණය කරනු ලබන්නේ ඔහුගේ දක්ෂතාවන් ලොවට විදහා දැක්වීමටය. මෙම නිර්මාණ සඳහා යුරෝපයේ විශාල ඉල්ලුමක් පවතී. Riusuke Fukahori විසින් කුමන ආකාරයකට හෝ නිර්මාණය කරනු ලබන්නේ ඔහු වඩාත් ඇලුම් කරනු ලබන සුරතල් මසුන්ය. මෙම නිර්මාණයන් සඳහා යුරෝපානු කලා සංස්කෘතිය විසින් නමක්ද යොදා ඇත. එය හඳුන්වනු ලබන්නේ Fukahori Goldfish නිර්මාණ ලෙසය.
    goldfish-2-3.jpg

    මෙම පින්තාරු සිතුවම නොහොත් කලා නිර්මාණය ජීවමාන ලෙස හැඩගන්වනු ලබන්නේ කුමන හෝ භාජනයක් මත විනිවිද පෙනෙන තීන්ත රසායනික ද්‍රව්‍යයක් එක්කොටය. එම තීන්ත ද්‍රව්‍ය මුල්ම පියවර වශයෙන් භාජනය වෙත වත්කර එය සවි වූ විගස ඒ මත තම පින්සලෙන් සිතුවම් කරනු ලබයි. මෙම සිතුවම පූර්ණ වශයෙන් සිදුනොකරන අතර, ස්ථරයන් ආකාරයට සිතුවම් කරනු ලබයි. ඒ ආකාරයට ස්ථරයන් කිහිපයක සිතුවම් කරනු ලැබූ පසුව එය සම්පූර්ණ වශයෙන් සවි වීමට තබයි.
    just_go_with_the_flow____by_kenglye-d6p0jin.jpg

    මෙම නිර්මාණයන් සම්පූර්ණ වශයෙන් අවසන් වූ විට හැඟෙන්නේ වතුර භාජනයක් මත ජීවමාන මාළුවන් සිටින බවයි. එයට හේතුව වන්නේ එම නිර්මාණ තුළට එතරම් ජීවමාන බවක් ලබාදෙන බැවිනි. පසුගිය දිනෙක ඔහු විසින් ලන්ඩනයෙහි ICN Gallery හිදී පවත්වනු ලැබූ මෙවැනි නිර්මාණ එකමුතුවේදී සියලු නිර්මාණ විකිණී අවසන් විය. එයට හේතු වූයේ එම නිර්මාණයන්ට ලැබී තිබුණු ඉල්ලුම ඉතාමත් ඉහළ නිසාය. එක්තරා ව්‍යාපාරිකයෙකු විසින් එම නිර්මාණයන් 10කට අධික සංඛ්‍යාවක් මිලදී ගෙන තිබේ. එයට හේතු විසින් ඔහු සඳහන් කළේ මෙවැනි නිර්මාණයන් හේතුවෙන් හිතට දැනෙන සුවය කියා නිම කළ නොහැකි බවයි.
    i_m_a_lover_not_a_fighter__by_kenglye-d750qs7.jpg

    එම නිර්මාණයන් මිලදී ගත් ඇතැමුන් පවසා සිටියේ මෙම නිර්මාණයන් ත්‍රිමාන තාක්ෂණයෙන් මුද්‍රණය කළාදැයි සැකයක් මතුවූ බවයි. නමුත් Riusuke Fukahori විසින් එම ප්‍රදර්ශනයේදී එක් කලාකෘතියක් නිර්මාණය කර පෙන්වීම නිසා ඔවුන්ගේ සැකය දුරු වූවායැයි ඔවුන් පවසා ඇත.
    Riusuke Fukahori විසින් පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ, ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට නිර්මාණ හැකියාව ඇති බවත්, එම නිර්මාණ හැකියාව විදහා දැක්වීමට තම මනස සැහැල්ලු විය යුතු බවත්ය.
    4_Goldfish-Salvation_Riusuke-Fukahori.jpg
    Riusuke-Fukahori1.jpg

    source : ada.lk
     
    Last edited: