Gayan_BC + Optimus Prime
Machan oyala karanne loku pinak... Kawadawath Ubalata waradinne nee Machooo....
E wagema ape Elakiriye kollo thawa tikak me gena Unandu wenawanam kochchara hodaida...????[/B]

එළකිරි එකේ අය මේක දකින්නෙ නෑ කියන එක බොහොම කළාතුරකින් වෙන්නෙ මචන්.

මොකද මේ එකට මායි ගයානයයි රිප්ලයි දාන හැටියට මේක ගොඩක් වෙලාවට මුල් පිටුවෙත් උඩම තියෙනව.

මම මේකෙ title එක පවා වෙනස් කලා Moderator ට කියලා, අඩු ගානෙ දැන් තියෙන thread title එක දැකලවත් බලයි, reply එකක් දායි කියලා.

රෑ එලි වෙනකම් reply දදා thread එක අළුතෙන්ම පිළිවෙලට හැදුවා, එතකොටවත් කරුණු කාරණා පැහැදිලි නිසා බලලා උදව්වක් කරයි, reply එකක්වත් දායි කියලා.

මම දන්න අය 2, 3 දෙනෙක්ට PM පවා යැව්වා.

ඒ අයගෙන් (Dr.)
srgdr,
dsmaya අයියා උදව් කලා.
SANJEE අයියත් උදව් කරන්නම් කීව එයාටත් දූ පැටියෙක් ඉන්නව, මේක දැක්කාම එයාට එහෙම දෙයක් උනොත් මොන දුකක් දැනෙයිද,

ඒ වගේම මේ දෙමාපියන්ටත් දුක දැනෙනව ඇති නේද කියලා හිතුන නිසා කියලා.

අපිට මේකෙන් එක රුපියලක දෙයක් නෑ මචන් මුදල් විදියට.

ඒ තියා මම මේ අයව දන්නෙවත් නෑ.

ඒත් මට නම් පුදුම සතුටුයි මම මේ thread එකට දිගටම reply දාපු නිසා එක්කනෙක් දෙන්නෙක්.., කීපදෙනෙක් හරි මේ account එකට සල්ලි දැම්ම කියල දැනගත්තාම.
ඒත් මේ thread එක දැකලා, බලලා, කියෝලා reply එකක්වත් නොදා යන අය නම් ඕන තරම් ඇති.

මොනව කරන්නද ඉතින්..

මට පුළුවන් හැම දේම කරනව පරිත්‍යාග කරන අයගෙන් පුළුවන් තරම් මුදලක් එකතු කරලා දෙන්න.