ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්

opanayake

Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    මේ 11/04/2012 දින තබන සටහනකි..,

    නිලූෂගෙයි කාන්චනාගෙයි චූටි දෝණි දැන් අපි හැමෝගෙම දෝණි වෙලා. හම්බවෙන හැමෝමයි අන්තර්ජාලයේ දූ ගැන හොයල බලන ඔයාලයි හැමෝම අහන්නේ "දැන් අපේ චූටි දෝණිගේ තත්වෙ කොහොමද?" කියල. කියන්න වෙනසක් නෑ චූටි කෙල්ල හොඳින් ඉන්නවා. එත් ඒa තව සති 2 යි. ඒ කාලය ඇතුලත කෙල්ල ඉන්දියාවට යවාගන්න බැරි වුනොත්... අනේ එදාට අපි මොකද්ද දූගේ තත්වෙ ගැන ඔයාලට කියන්නේ..? දූ බලන්න යනකොට " අනේ පුතේ ඔයාව හොඳ කරන මාමල ඔයාව බලන්න එනවා" කියන ඒ අම්මටයි තාත්තටයි අපි මොකද්ද කියන්නේ...?

    තව දවස් 14 යි තියෙන්නේ. දැනට ලක්ෂ 10 ක් විතර සල්ලි තියනවා. තව ලක්ෂ 25 ක් ලැබුනොත් දෝණිව ඉන්දියාවට යවන්න පුළුවන්. එයාල ප්‍රතිකාර පටන් ගනී. ඉතිරි ලක්ෂ 35 හොයන්න එතකොට අපිට තව සති 2 ක් හම්බවෙනවා. මේක දකින ඔයාල අහක බලන්න එපා.. මතක් කරන්න ඔයාල දැන් ගනුදෙනු කරන්නේ නැති බැංකු Card එකක් ගෙදර තියෙන්න පුළුවන්. එකේ ඉතුරුවෙලා තියන රුපියල් 100 ක් 200 ක් දූ වෙනුවෙන් දූගේ ගිණුමට දාන්න. මේක තමයි හොඳම වෙලාව. ඔයාල අලුත් අවුරුද්දට සුභ පතල යාලුවන්ට SMS කරන්න රුපියල් 100 ක් 200 ක් වැයවෙනවා නේද? මේ අවුරුද්දේ එක දූට දෙන්න. ඔයාල සුභ පැතුවේ නෑ කියල යාලුවෝ තරහ වෙලා නෑ නේද?.

    සමහර විට ඔයාලගේ කාර්ය බහුලත්වය උඩ ඔයාලට චූටි දෝණිට සල්ලි දාන්න අමතක වෙන්න පුළුවන්. චූටි දෝණිගේ ගිණුම් අංකය දැන් චූටි කොල කෑල්ලක ලියල පර්ස් එකේ දාගන්න. එතකොට ඔයාලට බැංකුවට යනකොට කෙල්ලව මතක් වෙයි. Super market තියන බැංකු ශාඛාවේ දූ වෙනුවෙන් රුපියල් 100 ක් දාන්න ඒ ශාඛාව හවස 7 වෙනකල් ඇරල තියනවා. ඔයාලගේ පුංචි දෝණිව අමතක කරන්න එපා. ඔයාලට ගොඩක් පිං...!​