ජීවිතයට මී විතක්...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජීවිතයට මී විතක්...

    ඔබ නරක දේකට හෝ හොද දේකට යොමු කරන්නේ ඔබගේම සිතය.ඒ නිසා ඔබගේ මිතුරා මෙන්ම සතුරාද සිතය.එබැවින් සිත නිසි අයුරින් සකසා ගැනීම ඔබේ ජීවිතය හරි මගට යොමු කරවයි.

    ඔබ දියණුවට කැමති නම් අනුන්ගේ දියුණුවට අකමැති නොවන්න.අනුන්ගේ සැපතට කීර්තියට ඔබ අකමැතිනම් ඒ අකමැත්ත නිසම ඔබ කෙරෙන්ද දියුණුව පලා යයි.ඔබට කරදරයක් පැමිණි විට සෑමදාම කරදර පැමිනෙන්නේ යැයි එම කරදරයද තවත් කරදරයක් කරගන්නේනම් කරදර වලින් ගොඩයා නොහැක.කරදරයද ජීවිතයට ලැබෙන අත්දැකීමක් යැයි සිතා උනන්දුවෙන් කටයුතු කිරීමෙන් ඉන් වැලකීමට පුළුවන.

    නිකරුනේ ඔබට චෝදනා මඩ ගැසීම් සදහා නිහඩව ඉවසන්න.චෝදනාවට චෝදනා කරමින් සතුරා පෙලීමට නොයන්න.එවිට යථා කාලයේ සතුරා දුරුවීම නිරන්තරයෙන් සිදුවන අතර ඔබට ස්ථීර වශයෙන්ම චෝදනා එල්ල නොවනු ඇත.ඒ අවසථාවේ ඔබ නිහඩ නොවී චෝදනාවට චෝදනා එල්ල කලානම් ඔබට සදා කරදර එලබෙනු ඇත.

    කෙනෙකු ඉවසන්නේ ඔහු තුල පවතින අධ්‍යාත්මික දියුණුවක් නිසා මිස බියගුලු කමක් නිසා යැයි නොසිතන්න.කිසිම තරාතිරමක කෙනෙක් පහත් යැයි නොසිතන්න.ඊට හේතු වනුයේ ඕනෑ කෙනෙකු තමාට අවශ්‍ය වීමට ඉඩ ඇති බැවිනි.ඔබගේ අධ්‍යාත්මය සංවර්ධනය නොවුන කල ලොව සංවර්ධනය අතින් කොතරම් දියුණු වූවත් වැඩක් නැත.ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට කැමති නම් පලමුව නිහතමානීත්වයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්විය යුතුය..


    ජිවිතයට දෙයක් ගත්තනම් රෙපකුත් දීලම යන්න.කමෙන්ට් එක ඊටත් වඩා වටිනවා....:):):)

    දළදා සමිදු සරණයි....
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT]::[FONT=&quot]★[/FONT][FONT=&quot]♥[/FONT] [FONT=&quot]මරු පොස්ට් එක නියමයි [/FONT][FONT=&quot]♥[/FONT][FONT=&quot]★[/FONT]::[FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT]


    [FONT=&quot]ස්තූති යාලුවා[/FONT]